Skip to content

පටුනට යන්න

බෙරල්බර්ක් බයිබලය

බෙරල්බර්ක් බයිබලය

බෙරල්බර්ක් බයිබලය

ජර්මනියේ 17වන සහ 18වන සියවස්වල අධිරාජ්‍යවාදය සහ ලෞකික චින්තනය පැතිරීම හේතුවෙන් ලූතරන් සභාව තුළම ආගම දහමට සහයෝගයක් දක්වන ව්‍යාපාරයක් බිහි විය. මෙම ව්‍යාපාරයේ ඇතැම් සාමාජිකයෝ ඔවුන්ගේ ආගමික ස්ථාවරය නිසා බහුතරයකගේ සරදමට ලක් වූහ. නින්දා පීඩාද අද්දුටූහ. එම ව්‍යාපාරයේ විශාරදයන් කිහිපදෙනෙකු මයින් ගඟ අසබඩ පිහිටි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයෙන් කිලෝමීටර් 160ක් පමණ උතුරින් පිහිටි බෙරල්බර්ක් ප්‍රාන්තයට පලා ගියේ ආරක්ෂාව පතාය. ඔවුන්ට පිහිට වූයේ එම ප්‍රාන්තයේ විසූ කාසිමීර් ෆොන් විට්ගන්ෂ්ටයින් බෙරල්බර්ක් නම් වංශවත් පුද්ගලයෙකුය. ඔහු ආගමට ගරු කළ තැනැත්තෙක් විය. බෙරල්බර්ක් ප්‍රාන්තයේ මෙසේ එකතු වූ විශාරද පිරිස බයිබලය පරිවර්තනය කිරීමට තීරණය කළෝය. එසේ පරිවර්තනය කළ බයිබලය අද දින හඳුන්වන්නේ බෙරල්බර්ක් බයිබලය ලෙසයි. මෙහි පරිවර්තන කටයුතු සිදු වූයේ කෙසේද?

බෙරල්බර්ක් ප්‍රාන්තයට පැමිණි අයගෙන් එක් අයෙකි යොහාන් හෝග්. ඔහුට සිය ගම වූ ස්ට්‍රාස්බෝග් හැර යන්නට සිදු වූයේ ප්‍රාදේශීය පූජකයන්ගේ අසාධාරණකම් නිසාය. හෝග් විශාරදයෙක් මෙන්ම දක්ෂ භාෂාවේදියෙක් විය. ඔහුගේ ආශාව වූයේ “ඉතා නිවැරදි බයිබල් පරිවර්තනයක්” බිහි කිරීමයි. “ලූතර්ගේ පරිවර්තනයේ යම් වැරදි තිබූ නිසා, දේවවචනය වචනානුසාරයෙන්ම නිවැරදි අදහස ඇතුව පරිවර්තනය කිරීම” අවශ්‍ය බව ඔහු අනිකුත් විශාරදයන්ට කියා සිටියේය. (බෙරල්බර්ක් බයිබලයේ ඉතිහාසය) ඔවුන්ගේ ඉලක්කය වූයේ පොදු ජනයාගේ තේරුම්ගැනීමේ පහසුවට අමතර සටහන් ඇතුව බයිබලයක් සම්පාදනය කිරීමය. වෙනත් යුරෝපීය රටවල සිටි විශාරදයන්ගේ උපකාරය ඇතුව හෝග් 20 වසරක් පුරා එම පරිවර්තන කටයුත්තේ නිරත විය. ප්‍රතිඵලයක් ලෙස බෙරල්බර්ක් බයිබලය නිකුත් වූයේ 1726දීය. බොහෝ අමතර සටහන් එයට ඇතුළත් වී තිබුණු නිසා එය වෙළුම් අටකින් සමන්විත විය.

බෙරල්බර්ක් බයිබලයේ සිත්ගන්නා තොරතුරු අඩංගුය. නිදසුනකට නික්මයාම 6:2, 3හි මෙසේ සඳහන් වේ. “දෙවියන් මෝසෙස්ට කතාකොට කියනුයේ: මම ස්වාමීන් වෙමි. මම ආබ්‍රහම්ටද ඊසාක්ට සහ යාකොබ්ටද සර්වබලධාරී දෙවියන් මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් යෙහෝවා යන මාගේ නාමයෙන් ඔවුනට ප්‍රකාශ නොවුණෙමි.” මෙම පදය විස්තර කරමින් අමතර සටහනක මෙසේ සඳහන් වේ. “යෙහෝවා යන නාමය . . . සුවිශේෂ වූද දෙවියන් විසින්ම ප්‍රකාශ කරන ලද්දාවූද නාමයකි.” දෙවිගේ මෙම නාමය නික්මයාම 3:15 සහ නික්මයාම 34:6 යන පද විස්තර කරන අමතර සටහන්වලද දක්නට ලැබේ.

ජර්මන් බයිබල් රාශියක යෙහෝවාගේ නාමය ප්‍රධාන පිටපතේ හෝ පාදසටහන්වල හෝ අමතර සටහන්වල හෝ දක්නට ලැබේ. බෙරල්බර්ක් බයිබලයද මින් එකකි. නවීන බයිබල් පරිවර්තන අතර දෙවිගේ නාමයට නිසි ගෞරවය දෙන්නාවූ බයිබල් පරිවර්තනයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරනු ලැබේ. ඒ, ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයයි.