Skip to content

පටුනට යන්න

හොඳ හැසිරීම ‘දෙවිගේ ඉගැන්වීම අලංකාර කරයි’

හොඳ හැසිරීම ‘දෙවිගේ ඉගැන්වීම අලංකාර කරයි’

හොඳ හැසිරීම ‘දෙවිගේ ඉගැන්වීම අලංකාර කරයි’

රුසියාවේ ක්‍රාස්නයාස්ක් නගරයේ වෙසෙන දැරියක් වන මරීයාට ලස්සන කටහඬක් තිබෙනවා. මේ නිසා ඇගේ ගුරුවරිය ඇයව පාසැලේ සමූහ ගායන කණ්ඩායමට ඇතුළත් කළා. ටික කලකින් මරීයාට තේරුම් ගියා සමහර ගීතිකා ගායනා කරන්න ඇගේ සිත ඇයට ඉඩ දුන්නේ නැති බව. ඊට හේතුව ඇයට තිබූ බයිබලය මත පදනම් විශ්වාසයන්ට පටහැනි අදහස් සමහර ගීතිකාවල තිබීමයි. ඉතින් මරීයා ගෞරවාන්විතව ඇගේ ගුරුවරියකට මෙය පැහැදිලි කළා. එම ගුරුවරිය පුදුමයට පත් වුණා. ‘දෙවියන්ට ප්‍රශංසා කරන ගීතිකාවක් ගායනා කිරීමේ ඇති වරද මොකක්ද?’ කියා ඇය කල්පනා කළා.

ත්‍රිත්වයට අයත් දෙවි කෙනෙකු ගැන ගීතිකාවක් ගායනා කිරීමට තමා අකමැති වුණේ ඇයි කියා ඇගේ ගුරුවරියට පැහැදිලි කරන්න මරීයා ඇගේ බයිබලය පාවිච්චි කළා. දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් එක් දෙවි කෙනෙකු නොවන බවත් ශුද්ධාත්මය පුද්ගලයෙකු නොව දෙවිගේ බලය බවත් ඇය බයිබලයෙන් ඇගේ ගුරුවරියට පැහැදිලි කළා. (මතෙව් 26:39; යොහන් 14:28; ක්‍රියා 4:31) ඉන් පසු සිදු වූ දෙය මරීයා මෙසේ විස්තර කරනවා. “මට මගේ ගුරුවරිය සමඟ තිබූ සම්බන්ධයට මෙයින් බාධාවක් වුණේ නැහැ. ඇත්තටම අපේ පාසැලේ ඉන්න ගුරුවරුන් සියලුදෙනාම වගේ හරිම හොඳයි. අපි අපේ අදහස් විවෘතව ඉදිරිපත් කරනවාට ඒගොල්ලෝ හරි කැමතියි.”

මරීයාගේ ස්ථාවරය නිසා ඒ වසර පුරාම ගුරුවරුන්ගේ සහ ඇගේ යාළුවන්ගේ ගෞරවය ඇයට හිමි වුණා. “බයිබල් ප්‍රතිපත්ති මගේ ජීවිතයට හුඟාක් උපකාරවත් වෙලා තිබෙනවා. මගේ අවංකකම සහ මම පිළිවෙළකට වැඩ කළ නිසා ඒ පාසැල් වසරේ අවසානයේදී මට පාසැලෙන් සහතිකයකුත්, මගේ දෙමාපියන් මාව හොඳින් ඇති දැඩි කළ නිසා ඔවුන්ට ස්තුති කරමින් නිල ලිපියකුත් ලැබුණා” කියා මරීයා පවසනවා.

මරීයා 2001 අගෝස්තු 18වන දා බව්තීස්ම වුණා. ඇය පවසන්නේ මෙයයි. “මෙතරම් උතුම් දෙවි කෙනෙක් වන යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා!” ලොව පුරා වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවන අය තීතස් 2:10හි සඳහන් වචනවලට එකඟව ජීවත් වෙනවා. එහි පවසන්නේ මෙයයි. ‘සියල්ලෙහිදී අපේ ගැලවුම්කරු වන දෙවිගේ ඉගැන්වීම අලංකාර කරන්න.’

[32වන පිටුවේ පින්තූරය]

බව්තීස්මයෙන් පසුව මරීයා ඇගේ දෙමාපියන් සමඟ

[32වන පිටුවේ පින්තූරය]

අගය ප්‍රකාශ කරමින් ලැබූ ලිපිය සහ සහතිකය