‘අනර්ඝ රතු පැහැති ගලක් මෙන්’
‘අනර්ඝ රතු පැහැති ගලක් මෙන්’
ප්‍රේරිත යොහන් දර්ශනයකින් ස්වර්ගයේ තිබෙන ඉතා තේජවත් සිංහාසනයක් දැක්කා. එහි අසුන්ගෙන සිටි තැනැත්තා “පෙනුමෙන් ජැස්පර් ගලක්” වගේ. ඒ විතරක් නොවෙයි, ඔහු “අනර්ඝ රතු පැහැති ගලක් මෙන්” දිස් වුණා. (එළිදරව් 4:2, 3) මෙම ගල් මොනවාද?
මේ ගල් දිලිසෙන ගල් වුවත් ඒවා මතුපිටින් පමණක් දිලිසෙන ගල් නොවෙයි. ඉපැරණි කාලවල, “ජැස්පර්” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය යොදාගනු ලැබුවේ විවිධ වර්ණවලින් යුත් ගල් ගැන විස්තර කරන්නයි. ඒ වගේම විනිවිද පෙනෙන වටිනා මැණික්ද ඊට අයත් වුණා. එළිදරව් 4:3හි සඳහන් “ජැස්පර් ගල” “අද කාලයේ තිබෙන බාල ජැස්පර් ගල් නම් නොවෙයි” කියා ඒ. ටී, රොබට්සන් නමැත්තා තම පොතේ සඳහන් කරනවා. (Word Pictures in the New Testament). ඒ විතරක් නොවෙයි, ස්වර්ගික නුවර වන යෙරුසලම ගැන යොහන් විස්තර කරන්නේ මෙසේ කියමිනුයි. “එහි දීප්තිය අනර්ඝ ගලක් මෙන්ද, එනම් ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.” (එළිදරව් 21:10, 11) යොහන් මෙහි සඳහන් කරන ගල්, ආලෝකය විනිවිද යන ගල් බව පෙනෙන්නට තිබෙනවා.
යොහන් දුටු දර්ශනයේ සිංහාසනය මත අසුන්ගෙන සිටින්නේ, මුළු මහත් විශ්වයේ ඉතාමත්ම තේජවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවියි. දෙවි ඉතා නිර්මලයි. ඒ වගේම ශුද්ධකම අතින් ඉතා උසස්ම තැන සිටින්නේ ඔහුයි. ඒ නිසයි ප්‍රේරිත යොහන් මේ විදිහට ලියා තිබෙන්නේ. ‘දෙවි ආලෝකයය. ඔහු තුළ කිසිම අන්ධකාරයක් නැත.’ (1 යොහන් 1:5) මේ නිසා, යොහන් තම සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ ‘යෙහෝවා පවිත්‍රව සිටින්නාක් මෙන් තමුන්වම පවිත්‍ර කරගන්න’ කියායි.—1 යොහන් 3:3.
එසේනම්, දෙවි අපව පවිත්‍ර හෙවත් ශුද්ධ අය ලෙස සලකනු ලැබීම සඳහා අප කුමක් කළ යුතුද? අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා ක්‍රිස්තුස් වැගිරෙවූ ලේ කෙරෙහි ඇදහිල්ල තැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අප ‘ආලෝකයේ ගමන් කළ’ යුතුයි. අප එසේ කරන්නේ බයිබලය පාඩම් කිරීමෙන් සහ එහි ඉගැන්වීම්වලට අනුව ජීවත් වීමෙනුයි.—1 යොහන් 1:7.