“ඔබව මිල දී ගනු ලැබීය”
“ඔබව මිල දී ගනු ලැබීය”
“ඔබව මිල දී ගනු ලැබීය. එබැවින් ඔබ සැම, . . . දෙවිව මහිමයට පමුණුවන්න.”—1 කොරින්ති 6:20.
1, 2. (අ) මෝසෙස්ගේ නීතියේ පවසන පරිදි, ඊශ්‍රායෙල් වැඩකරුවෙකුට සලකනු ලැබුවේ කෙසේද? (ආ) තම ස්වාමියාට ආදරේ කළාවූ වැඩකරුවෙකුට කිනම් තීරණයක් ගත හැකිව තිබුණාද?
“වහල් සේවය ඉපැරණි ලෝකයේ පිළිගත් සාමාන්‍ය දෙයක් විය. ඊජිප්තුවේ, ග්‍රීසියේ සහ රෝමයේ ආර්ථිකය රැඳී තිබුණේ වහල් සේවය මතය. පළමු සියවසේ ඉතාලියේ විසූ වැසියන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක්ද වෙනත් රටවල පස්දෙනෙකුගෙන් එක් කෙනෙක්ද වහලෙකු විය” යයි එක්තරා බයිබල් ශබ්දකෝෂයක පැවසේ.—Holman Illustrated Bible Dictionary.
2 මෙවන් තත්වයක් ඉපැරණි ඊශ්‍රායෙලයේද පැවතුණි. එනමුත් හෙබ්‍රෙව් වහලුන්ව වහලුන් ලෙස නොසලකා ඔවුන්ව වැඩකරුවන්, දාසයන් මෙහෙකරුවන් ලෙසට සලකනු ලැබීය. ඔවුන්ට මෝසෙස්ගේ නීතිය මගින් ආරක්ෂාවක් සලසා තිබුණි. නිදසුනක් වශයෙන් ඊශ්‍රායෙල් ජාතිකයෙකුට අවුරුදු හයකට වඩා දාසයෙකු හෝ වැඩකරුවෙකු ලෙස සේවය කිරීම නීතියට අනුව තහනම් විය. හත්වෙනි අවුරුද්දේදී ඔහු “මිල නොදී නිදහස්ව යන්නේය.” දාසයෙකුට සැලකීම සම්බන්ධයෙන් මෝසෙස්ගේ නීතියේ ඉතා සාධාරණ හා කාරුණික නීති හා රෙගුලාසි පනවා තිබුණි. ඒ බව පහත සඳහන් නීතියෙන් මොනවට පැහැදිලි වෙයි. “ඒ වැඩකාරයා: මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇත්තෙමි; නිදහස්ව නොයන්නෙමියි පැහැදිලි ලෙස කීවොත්, ඔහුගේ ස්වාමියා ඔහු දෙවි ඉදිරියට කැඳවා, දොර නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් කටුවකින් ඔහුගේ කන විදින්නේය; ඔහු සෑම කල්හිම ඔහුට වැඩ කරන්නේය.”—නික්මයාම 21:2-6; ලෙවී කතාව 25:42, 43; ද්විතීය කතාව 15:12-18.
3. (අ) මුල් සියවසේ ක්‍රිස්තියානීන් කැමති වූයේ කාගේ දාසයන් වීමටද? (ආ) දෙවිට සේවය කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?
තීතස් 1:1; යාකොබ් 1:1; 2 පේතෘස් 1:1; යූද් 1) තෙසලෝනික සභාවේ ක්‍රිස්තියානීන් ‘දේවතා රූප කෙරෙන් දෙවි වෙතට හැරී ජීවමාන වූ සැබෑ වූ දෙවි කෙනෙකුට වෙහෙස මහන්සි වී සේවය කිරීම’ ගැන පාවුල් ඔවුන්ට මතක් කළේය. (1 තෙසලෝනික 1:9) දෙවිට කැමැත්තෙන්ම දාසයන් වීමට මෙම ක්‍රිස්තියානීන් පෙලඹුණේ මන්ද? නිදහස් පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට තමන්ට තිබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කරමින් තම ස්වාමියාට දිගටම සේවය කිරීමට ඊශ්‍රායෙල් වැඩකරුවාව පෙලඹුණේ කුමක් නිසාදැයි සලකා බලන්න. ඒ තම ස්වාමියා කෙරෙහි ඔහුට තිබූ ආදරය නිසා නොවේද? එසේම ක්‍රිස්තියානියෙක් දාසයෙකු වන්නේ ඔහු දෙවිට ප්‍රේම කරන නිසයි. අප සැබෑ ජීවමාන දෙවි ගැන දැනගෙන ඔහුට ප්‍රේම කරන විට, “[අපේ] මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද” ඔහුට සේවය කිරීමට අපි පෙලඹෙන්නෙමු. (ද්විතීය කතාව 10:12, 13) එහෙත් දෙවිගේ හා ක්‍රිස්තුස්ගේ දාසයෙකු වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය අපේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කෙසේද?
3 පුරාණ ඊශ්‍රායෙලයේ යම් වැඩකරුවෙකුට හෝ දාසයෙකුට සිය කැමැත්තෙන්ම වෙනත් ස්වාමියෙකුට සේවය කිරීමේ විධිවිධානයක් තිබුණා හා සමානව අද දිනත් සැබෑ ක්‍රිස්තියානියෙකුට දෙවිගේ සේවකයෙකු හෙවත් දාසයෙකු ලෙස සේවය කිරීමට ප්‍රස්තාවක් තිබේ. නිදසුනක් වශයෙන්, බයිබලයේ ලේඛකයන් වූ පාවුල්, යාකොබ්, පේතෘස් සහ යූද් තමන්වම හඳුන්වා දුන්නේ දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ දාසයන් හැටියටයි. (“දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න”
4. අප දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ දාසයන් වන්නේ කෙසේද?
4 “දාසයා” යනු “අනුන්ට මෙහෙකාරකම් කරන්නා, වාල්වැඩ කරන්නා, වහලා” යනුවෙන් විග්‍රහ කර තිබේ. “වහලා” යනු “ස්වාමියා ළඟ නතර වී කිසිදු වැටුපක් නොලබා, අවම අයිතිවාසිකම් සහිතව සේවය කරන තැනැත්තා” යනුවෙන් සිංහල ශබ්දකෝෂයක විස්තර කර තිබේ. මෙම විග්‍රහයන් දෙකම ක්‍රිස්තියානි සේවයට අදාළ වේ. අප යෙහෝවාට කැපවී බව්තීස්ම වන විට අපි ඔහුගේ දාසයෝ බවට පත්වන්නෙමු. “ඔබ ඔබටම අයිති නැත. මන්දයත් ඔබව මිලදී ගනු ලැබීය” යනුවෙන් ප්‍රේරිත පාවුල් පැහැදිලි කරයි. (1 කොරින්ති 6:19, 20) අපව මිලට ගනු ලැබූ මෙම මිලය යේසුස්ගේ ජීවිත පූජාවයි. අප අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වේවා නැතහොත් අප පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුව ඇති අය වේවා, දෙවි අපව සිය සේවකයන් ලෙසට පිළිගන්නේ මේ පදනම මතයි. (එෆීස 1:7; 2:13; එළිදරව් 5:9) අප බව්තීස්ම වන විට අප යෙහෝවාට අයිති වේ. එනම්, “අප යෙහෝවාගේය.” (රෝම 14:8) අපව යේසුස් ක්‍රිස්තුස්ගේ වටිනා ලේවලින් මිලට ගෙන ඇති නිසා, අප ඔහුගේ දාසයන්ද වන අතර, ඔහුගේ ආඥා පිළිපැදීමට අපි බැඳී සිටින්නෙමු.—1 පේතෘස් 1:18, 19.
5. යෙහෝවාගේ දාසයන් වශයෙන් අපට මූලිකව ඇති වගකීම කුමක්ද? අපට එය ඉෂ්ට කළ හැක්කේ කෙසේද?
1 යොහන් 5:3හි පවසයි. එසේනම්, අප ඔහුට කීකරු වෙන්නෙත් යටත් වෙන්නෙත් අප ඔහුට ප්‍රේම කරන නිසයි. අප කරන සැම දෙයින්ම එය පෙනේ. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” යයි පාවුල් පැවසීය. (1 කොරින්ති 10:31) අපගේ එදිනෙදා ජීවිතයේ සුළු දේවලදී පවා, අපි දාසයන් හැටියට ‘යෙහෝවාට වෙහෙස මහන්සි වී සේවය කරමු.’—රෝම 12:11.
5 දාසයන් තම ස්වාමිවරුන්ට කීකරු විය යුතුයි. නමුත් අප දාසයන් හැටියට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වී අපේ ස්වාමියාට සේවය කරන්නේ ඔහුට ඇති ප්‍රේමය නිසාය. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ” යයි6. දෙවිගේ දාසයන් වීම නිසා අප ගන්නා යම් යම් තීරණවලට එය බලපාන්නේ කෙසේද? මේ පිළිබඳව එක් උදාහරණයක් විස්තර කරන්න.
6 නිදසුනක් වශයෙන්, යම් යම් තීරණ ගැනීමේදී අපගේ ස්වර්ගික ස්වාමීන් වන යෙහෝවා දෙවි කැමති දේ ගැන අපේ සැලකිල්ල යොමු විය යුතුයි. (මලාකි 1:6) අපට අමාරු තීරණ ගැනීමට සිදු වන විට දී දෙවිට අප කීකරු වෙනවාද නැද්ද යන්න පරීක්ෂණයට භාජන විය හැකියි. එවන් අවස්ථාවලදී ‘කපටි, හැම අතින්ම දූෂණය’ වූ අපේ සිත්වලට හැඟෙන දේ කරනවාට වඩා දෙවිගේ උපදෙස්වලට අප අවනත වෙනවාද? (යෙරෙමියා 17:9, නව අනුවාදය) මෙලිසා නම් තනිකඩ ක්‍රිස්තියානි සහෝදරිය ගැන සලකා බලන්න. ඇය බව්තීස්ම වී වැඩි කලක් ගත වී තිබුණේ නැත. එක්තරා තරුණයෙක් ඇය කෙරෙහි පෙමින් බැඳෙන්නට පටන්ගත්තේය. ඔහු හොඳ ගති පැවතුම් ඇති තරුණයෙක් බව පෙනෙන්නට තිබුණි. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින්ද සිටියේය. එහෙත් එක් වැඩිමහල්ලෙක් මෙලිසාට කතා කරමින් ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට යෙහෝවා දී ඇති ආඥාවට කීකරු වීමේ ඥානවන්තකම ගැන ඇයට පහදා දුන්නේය. (1 කොරින්ති 7:39; 2 කොරින්ති 6:14) “ඒ අවවාදය පිළිපදින එක ලෙහෙසි වුණේ නැහැ. නමුත් මම දෙවි කැමැති දේ කිරීමට ඔහුට කැපවී සිටින නිසා, මම හිතා ගත්තා දෙවිගේ මෙම පැහැදිලි උපදෙස්වලට කීකරු වෙන්න ඕනෑ කියලා” යයි මෙලිසා පැවසුවාය. “වෙච්ච දේවල් ගැන බලද්දී, ඒ අවවාදය පිළිපැදපු එක ගැන මට හරි සතුටුයි. ඒ තරුණයා බයිබලය පාඩම් කිරීම නැවැත්තුවා. මම දිගටම ඔහු සමඟ සම්බන්ධයක් පැවැත්වුවා නම්, අද මම විවාහ වී සිටින්නේ සත්‍යය තුළ නැති කෙනෙක් එක්කයි.”
7, 8. (අ) නිතරම මිනිසුන්ව සතුටු කිරීමට අප උත්සාහ නොකළ යුත්තේ මන්ද? (ආ) මිනිසුන්ට ඇති භයෙන් වැළකෙන ආකාරය එක්තරා අද්දැකීමකින් විස්තර කරන්න.
7 දෙවිගේ දාසයන් හැටියට අපට අභියෝගයක් තිබේ. එනම්, අපට මිනිසුන්ගේ දාසයන් වීමට නැතහොත් ඔවුන්ව සතුටු කරන්නන් වීමට බැරිය. (1 කොරින්ති 7:23) අපගේ ප්‍රමිති ලෝකයාගේ ප්‍රමිතිවලට වඩා වෙනස්ය. එමනිසා සෑම කෙනෙකුවම සතුටු කිරීමට නොහැකි බව අප මතක තබාගත යුතුයි. “මා මිනිසුන්ව සතුටු කරන්න සොයනවාද?” යයි පාවුල් තමාගෙන්ම ඇසීය. ඔහු දුන් පිළිතුර මෙයයි. “මා තවමත් කරන්නේ මිනිසුන්ව සතුටු කිරීම නම්, මම ක්‍රිස්තුස්ගේ දාසයෙක් නොවෙමි.” (ගලාති 1:10) මේ අනුව අප අවට සිටින්නන්ගේ පීඩනයට හසු වී මිනිසුන්ව සතුටු කිරීමට අපට කොහෙත්ම බැරිය. එසේනම් අප වෙනත් අයගේ බලපෑම්වලට හසු වන විට අපට කුමක් කිරීමට හැකිද?
8 ස්පාඤ්ඤයේ එක්තරා තරුණ සහෝදරියක් වන එලේනාගේ ආදර්ශය ගැන සලකා බලන්න. ඇගේ පංතියේ සිසුන් කිහිපදෙනෙක් ලේ පරිත්‍යාග කරන්නෝ වූහ. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වශයෙන් එලේනා ලේ පරිත්‍යාග කරන්නේවත් ලේ ගන්නේවත් නැති බව ඔවුහු දැන සිටියහ. තමා මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ගැන මුළු පංතියටම පැහැදිලි කිරීමට අවස්ථාව උදා වූ විට එලේනා ඒ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණාය. “අවංකව කියනවා නම්, මුලින් මට හරි බයක් දැනුණා. නමුත් මම හොඳින් සූදානම් වුණා. මගේ ඉදිරිපත් කිරීම හරිම සාර්ථකයි. මගේ පංතියේ බොහෝ ළමුන් ඒ ගැන අගය කළා. ඒ වගේම මගේ ගුරුවරයා මම කරන සේවය ගැන ප්‍රශංසා කළා. මේ සේරටම වඩා, මම සන්තෝෂ වෙන්නේ යෙහෝවා වෙනුවෙන් කතා කරන්නටත් මා විශ්වාස කරන දේවල් ගැන පැහැදිලි හේතු දක්වන්නටත් මට හැකි වුණ එක ගැනයි.” (උත්පත්ති 9:3, 4; ක්‍රියා 15:28, 29) අපි දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ දාසයන් වශයෙන් වෙනස් අය වෙමු. එහෙත් අප අපේ විශ්වාසයන් ගැන ගෞරවයෙන් කතා කිරීමට නිතරම සූදානමින් සිටිනවා නම්, අප වෙනත් අයගේද ගෞරවයට පාත්‍ර වෙනවා ඇත.—1 පේතෘස් 3:15.
9. ප්‍රේරිත යොහන්ට දර්ශනය වූ දේවදූතයාගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
9 තවත් වැදගත් පැත්තක් තිබේ. එනම් අප දෙවිගේ දාසයන් බව මතක තබාගැනීම යටහත් පහත්ව සිටීමට හේතුවක් වේ. එක් අවස්ථාවකදී ප්‍රේරිත යොහන්ට ස්වර්ගීය යෙරුසලමේ තේජශ්‍රීය දර්ශනයකින් දැකගත හැකි විය. එය ඔහුට කොතරම් බලපෑවාද යත්, දෙවි වෙනුවෙන් කතා කිරීමට පැමිණි දේවදූතයාගේ පාමුල ඔහු වැඳ වැටුණේය. නමුත් දේවදූතයා ඔහුට කීවේ කුමක්ද? “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබේද, අනාගතවක්තෘවරුන් වන ඔබේ සහෝදරයන්ගේද, මේ අකුළන ලියවිල්ලෙහි වචන පවත්වන අයගේද සෙසු දාසයෙකු පමණි. දෙවිට නමස්කාර කරන්න.” (එළිදරව් 22:8, 9) එම දේවදූතයා දෙවිට සේවය කරන සියල්ලන්ටම තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! අප අතර සිටින සමහර සහෝදරයන් සභාවේ විශේෂ වගකීම් දරනවා විය හැකියි! කෙසේවෙතත් යේසුස් දුන් මේ උපදෙස බලන්න. “ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ දාසයා විය යුතුය.” (මතෙව් 20:26, 27) යේසුස්ගේ අනුගාමිකයන් වශයෙන් අපි සියල්ලෝම දාසයෝ වෙමු.
“අප කර තිබෙන්නේ අප විසින් කළ යුතුව තිබුණු දේ”
10. දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ට දෙවි කැමති දේ කිරීම සැමවිටම පහසු දෙයක් නොවන බව පෙන්වීමට ශුද්ධ ලියවිල්ලෙන් උදාහරණ දෙන්න.
10 අසම්පූර්ණ මිනිසුන්ට දෙවි කැමති දේ කිරීම සැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඊශ්‍රායෙල් පුත්‍රයන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගෙන එන ලෙසට යෙහෝවා මෝසෙස්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෝසෙස් ඊට කීකරු වීමට අදිමදි කළේය. (නික්මයාම 3:10, 11; 4:1, 10) නිනිවයේ වැසියන්ට දෙවිගෙන් විනිශ්චයක් ලැබෙන බවට ප්‍රකාශ කරන මෙන් යෝනාහට පැවරුමක් ලැබුණු විට, ‘යෝනා යෙහෝවා ඉදිරියෙන් තර්ෂීෂ්ට පලායන පිණිස නැඟිට යොප්පාවට ගියේය.’ (යෝනා 1:2, 3) අනාගතවක්තෘ යෙරෙමියාගේ ලේකම් ලෙස ක්‍රියා කළ බාරුක් තමන් වෙහෙසට පත් වී ඇතැයි කෙඳිරි ගෑවේය. (යෙරෙමියා 45:2, 3) දෙවි කැමති දේ සහ අප කැමති දේ අතර ගැටුමක් ඇති වන විට අප කුමක් කළ යුතුද? යේසුස් දුන් එක්තරා උපමාවක අපට මීට පිළිතුරු සොයාගත හැකියි.
11, 12. (අ) ලූක් 17:7-10හි වාර්තා කර ඇති යේසුස් කී උපමාව ඔබේ වචනවලින් විස්තර කරන්න. (ආ) යේසුස්ගේ උපමාවෙන් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද?
11 යේසුස් මේ උපමාවේ සඳහන් කළේ මුළු දවස පුරාම තම ස්වාමියාගේ බැටළු රැළ බලාගත් දාසයෙකු ගැනයි. පැය 12ක් පමණ වෙහෙස මහන්සි වී වැඩ කර නැවත ගෙදර ආ පසු ඔහුගේ ස්වාමියා තමා සමඟ පැමිණ කෑම ගන්නා ලෙසට එම දාසයාට ඇරයුම් කළේ නැත. ඒ වෙනුවට, ස්වාමියා කීවේ මෙසේයි. “මාගේ සන්ධ්‍යා භෝජනයට යමක් සූදානම් කර, පිළිවැස්මක් ඇඳ මා කා බී අවසන් වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබට කන්නත් බොන්නත් පුළුවන්.” මෙම දාසයාට තමන්ගේ සුව පහසුව හා ඕනෑ එපාකම් ගැන බලන්නට හැකි වුණේ ස්වාමියාට උපස්ථාන කළායින් පසුව පමණි. යේසුස් මෙම උපමාව අවසන් කළේ මෙසේ කියමිනි. “එබැවින් ඔබත්, ඔබට පවරා තිබෙන සියල්ල කළ පසු, ‘අපි කිසි කමකට නැති දාසයෝය. අප කර තිබෙන්නේ අප විසින් කළ යුතුව තිබුණු දේ’ යයි කියන්න.”—12 යේසුස් මේ උපමාවෙන් කියන්නට උත්සාහ කළේ යෙහෝවා දෙවි අප කරන දේවල් ගැන අගය නොකරනවා යන්න නොවේ. මන්ද බයිබලය පැහැදිලිව මෙසේ කියයි. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10) ඒ වෙනුවට ඔහු කී උපමාවේ මූලික කරුණ වුණේ යම් දාසයෙකුට තමාවම සතුටු කරන්නට බැරි බවයි. නැතහොත් ඔහු තමාගේම සුව පහසුව බලන්නට නුපුළුවන් බවයි. මේ අනුව අප දෙවිට කැපවී, ඔහුගේ දාසයන් වීමට තීරණය කළ විට, අපි අප කැමති දේට වඩා දෙවි කැමති දේට මුල් තැන දීමට එකඟ වූයෙමු. එසේනම්, අප අපේම ආශාවන් නොතකා දෙවි කැමති දේට මුල් තැන දිය යුතුයි.
13, 14. (අ) අප තුළ සහජයෙන් ආශාවක් නැති වුවත් අප කළ යුතු දේවල් මොනවාද? (ආ) අප දේවකැමැත්තට මුල් තැන දිය යුත්තේ මන්ද?
13 නිදසුනක් වශයෙන් අප දෙවිගේ වචනය සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් පළ කරනු ලබන ප්‍රකාශන අධ්‍යයනය කිරීමට දැඩි උත්සාහයක් දැරිය යුතුයි. (මතෙව් 24:45) විශේෂයෙන්ම කියවීමට අප තුළ එතරම් රුචිකත්වයක් නැත්නම් හෝ “දෙවිගේ ගැඹුරු දේ” ගැන සාකච්ඡා කර ඇති ප්‍රකාශනයක් කියවා තේරුම්ගැනීමට අමාරු නම් හෝ අප උත්සාහය අත්නෑරිය යුතුයි. (1 කොරින්ති 2:10) අප පෞද්ගලිකව අධ්‍යයනය කිරීම සඳහා කාලය වෙන් කළ යුතුය. යම් තැනක වාඩි වී අධ්‍යයනය කළ යුතු දේ අධ්‍යයනය කිරීමට අපවම හික්මවා ගත යුතුය. මන්ද එසේ නොකර, ‘මේරූ අය සඳහා වූ ගන ආහාරවලට’ රුචියක් ඇති කරගැනීමට අපට නොහැකි වේ.—හෙබ්‍රෙව් 5:14.
14 දවස පුරා වැඩ කර මහන්සි වී නිවසට පැමිණි පසු සභාවේ රැස්වීම්වලට යෑමට අපට දැඩි උත්සාහයක් දැරීමට සිදු විය හැකියි. නැතහොත් අප නාඳුනන අයට දේශනා කිරීමට අප තුළ සහජ පුරුද්දක් නැතුවා විය හැකියි. නමුත් පාවුල් පිළිගත්තේ ඇතැම් අවස්ථාවලදී අප “අකමැත්තෙන්” වුවත් ශුභාරංචිය දේශනා කළ යුතු බවයි. (1 කොරින්ති 9:17) එහෙත් අප මේ දේවල් කරන්නේ අපගේ ස්වර්ගික ස්වාමීන් වන යෙහෝවා අප එසේ කළ යුතු බව අපට කියන නිසයි. අපි ඔහුට ප්‍රේම කරන බැවින් එසේ කරමු. අප උත්සහයක් දරා පෞද්ගලික පාඩම කිරීමෙන්, රැස්වීම්වලට සහභාගි වීමෙන් හා දේශනා සේවයේ යෑමෙන් පසු අපට ප්‍රබෝධයක් හා තෘප්තියක් දැනෙන්නේ නැද්ද?—ගීතාවලිය 1:1, 2; 122:1; 145:10-13.
‘අත්හැර දැමූ දේවල් දෙස ආපසු හැරී බලන්න එපා!’
15. දෙවිට යටත් වෙමින් යේසුස් අපට කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?
15 තමාගේ කැමැත්තට වඩා සිය පියාණන්ගේ කැමැත්ත කිරීමට යටත් වීම සම්බන්ධයෙන් අතිවිශිෂ්ට ආදර්ශය අපට සැපයුවේ යේසුස් ක්‍රිස්තුස්ය. “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත කිරීමට නොව, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටය” කියා යේසුස් සිය ගෝලයන්ට පැවසීය. (යොහන් 6:38) ගෙත්සෙමන උයනේදී දැඩි සිත්තැවුලෙන් සිටි අවස්ථාවේදී ඔහු යාච්ඤා කළේ මෙසේයි. “මාගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය මා කෙරෙන් පහවීමට ඉඩහරින්න. නමුත් මාගේ කැමැත්ත නොව, ඔබේ කැමැත්ත ලෙස වේවා.”—මතෙව් 26:39.
16, 17. (අ) අප අත්හැර දැමූ දේවල් අප සැලකිය යුත්තේ කෙසේද? (ආ) ලෞකික අපේක්ෂාවන් “කුණු ගොඩක්යයි” පාවුල් විසින් සැලකීම ඥානවන්ත දෙයක් වූ අයුරු පෙන්වන්න.
16 එසේනම්, යේසුස් ක්‍රිස්තුස්ගේ කැමැත්ත වන්නේ අප දෙවිගේ දාසයන් ලෙස දිගටම සේවය කිරීමයි. “නඟුලකට අත තැබූ පසු, තමා අත්හැර ගිය දේවල් දෙස ආපසු හැරී බලන කිසිවෙකු දෙවිගේ රාජ්‍යයට සුදුසු නැත” කියා ඔහු පැවසීය. (ලූක් 9:62) අප අත්හැර දැමූ දේවල් දෙස ආපසු හැරී බැලීම, අප දෙවිට සේවය කරන විට කිසිසේත් නොකළ යුත්තකි. ඒ වෙනුවට අප දෙවිගේ දාසයන් වීමට තීරණය කළ නිසා අපට මිල කළ නොහැකි වරප්‍රසාදයක් ලැබී තිබෙන බව පිළිගත යුතුය. ෆිලිප්පිවරුන්ට පාවුල් ලීවේ මෙසේයි. “මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි. ඔහු නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු ගොඩක්යයි සලකමි. එසේ කරන්නේ මා ක්‍රිස්තුස් ලබාගන්නා” පිණිසය.—ෆිලිප්පි 3:8.
17 දෙවිගේ අනුමැතිය දිනාගැනීම පිණිස දාසයෙකු වශයෙන් පාවුල් විසින් අත්හරිනු ලැබුවාවූද ඔහු විසින් කුණු ගොඩක් ලෙස සලකනු ලැබුවාවූද දේවල් ගැන සිතා බලන්න. ලෝකයේ සුවපහසු ජීවිතයක් පමණක් නොව යුදෙව් ආගමේ නායකයෙකු වීමේ ප්‍රස්තාවද ඔහු අත්හැරියේය. පාවුල් දිගටම යුදෙව් ආගම පිළිපැද්දා නම්, ඔහුගේ ගුරුවරයා වූ ගමාලියෙල්ගේ පුත් සිමියොන් ලැබූ තනතුරට සමාන තනතුරක් ඔහුට ලැබීමට ඉඩ තිබුණි. (ක්‍රියා 22:3; ගලාති 1:14) සිමියොන් පරිසිවරුන්ගේ නායකයෙකු ලෙස උසස් තනතුරක් හෙබවීය. නමුත් ක්‍රි.ව. 66-70 දක්වා කාලය තුළ රෝමයට එරෙහිව යුදෙව්වන් ඇති කළ කැරැල්ලේදී ඔහු යම් දුරකට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් දැරුවත් යුදෙව් අන්තවාදීන් විසින් හෝ රෝම හමුදාව විසින් සිමියොන්ව ඝාතනය කරන ලදි.
18. යෙහෝවාට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද ගැන එක් ආදර්ශයකින් විස්තර කරන්න.
18 යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු පාවුල්ගේ ආදර්ශය අනුගමනය කර තිබේ. “පාසැලෙන් පිට වී අවුරුදු කිහිපයක් ඇතුළත මම ලන්ඩන් නුවර ප්‍රධාන පෙළේ නීතිඥයෙකුගේ විධායක ලේකම්වරිය ලෙස රැකියාවක් කළා. මම මගේ රැකියාව ආශාවෙන් කළා වගේම සෑහෙන මුදලකුත් හම්බ කළා. නමුත් මගේ යටි හිත මට නිතරම කිව්වා, යෙහෝවාට සේවය කරන්නට මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් බව. අන්තිමේදී මම රැකියාවෙන් අස් වෙලා පුරෝගාමි සේවය ආරම්භ කළා. ඉතින් මීට අවුරුදු 20කට විතර කලින් මම ඒ පියවර ගත් එක ගැන මම හුඟක් සතුටු වෙනවා. ලේකම්වරියක් ලෙස කරපු රැකියාව වගේ නොවෙයි මගේ පූර්ණ කාලීන සේවය නිසා මම විශාල තෘප්තියක් අද්දකිනවා. බයිබලය තුළින් කෙනෙකුගේ ජීවිතයේ වෙනසක් ඇති වෙනවා දකින එක තරම් සතුටක් තවත් නැහැ. ඒ වගේ දේකට සුළු විදිහකින් හරි දායක වෙන්න ලැබීම මොන තරම් සතුටක්ද! අපි යෙහෝවාගෙන් ලබන දේවල් දිහා බලද්දී අපි ඔහුට දෙන දේවල් බොහොම පොඩ්ඩයි.”
19. අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද? ඒ මන්ද?
19 කල් යත්ම අපේ ජීවිතවල යම් යම් වෙනස්කම් ඇති විය හැකියි. එහෙත් දෙවිට අප කළ කැපවීම කිසිදා වෙනස් නොවේ. අපි තවමත් යෙහෝවාගේ දාසයෝ වන්නෙමු. අපගේ කාලය, ශක්තිය, හැකියාවන් ඇතුළු අප සතු දේවල් උපරිමයෙන් පාවිච්චි කරන අයුරු තීරණය කිරීම දෙවි අපටම භාර කර තිබේ. මේ නිසා අප ගන්නා තීරණවලින් හෙළි වන්නේ අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද යන්නයි. එලෙසම අප කොතරම් පරිත්‍යාගයන් කරන්නට කැමතිද යන්න ගැනත් එයින් කියා පායි. (මතෙව් 6:33) අපගේ තත්වයන් කුමක් වුවද, අපේ උපරිමය යෙහෝවාට දීමට අප අදිටන් කරගත යුතු නොවේද? පාවුල් ලීවේ මෙසේය. “පළමුකොට කැමැත්ත තිබුණත් එය විශේෂයෙන්ම පිළිගනු ලබන්නේ යමෙකුට නැති දේට අනුව නොව, යමෙකුට ඇති දේට අනුවය.”—2 කොරින්ති 8:12.
“ඔබට ලැබෙන පලය”
20, 21. (අ) දෙවිගේ දාසයන් නිපදවන පල මොනවාද? (ආ) තම උපරිමය යෙහෝවාට දෙන අයට ඔහු දානය කරන ආශීර්වාද මොනවාද?
20 දෙවිගේ දාසයෙකු වීම පීඩාකාරී අද්දැකීමක් නොවේ. ඒ වෙනුවට අපේ සැබෑ සන්තෝෂය නැති කර දමන ලෝකයේ සියලු ආකාර වහල්කම්වලින් එය අපව නිදහස් කරයි. “ඔබ පාපයෙන් නිදහස ලබා, දෙවිගේ දාසයන් බවට පත්ව සිටින නිසා, ඔබට ලැබෙන පලය නම් ශුද්ධකමය. අවසානයේදී සදාකාල ජීවනය ලැබෙන්නේය” කියා පාවුල් ලීවේය. (රෝම 6:22) අප දෙවිට දාසකම් කරන විට අපට ශුද්ධකමේ මාර්ගයේ පල දැරිය හැකිය යන්නෙන් අදහස් කරන්නේ අපට දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට අනුව හැසිරීමට හැකි වන බවය. එය අනාගතයේදී සදාකාල ජීවනයටද මඟ පෙන්වයි.
21 යෙහෝවා ත්‍යාගශීලී ස්වාමියෙකි. අප ඔහුට අපේ උපරිමයෙන් සේවය කරන විට, ඔහු “ස්වර්ගයේ කවුළු හැර ඉඩම් මදිවන තරම් ආශීර්වාද” අපට වගුරුවයි. (මලාකි 3:10) සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාගේ දාසයන් ලෙස සේවය කිරීම මොන තරම් ප්‍රීතිමත් වරප්‍රසාදයක් වනු ඇද්ද!
ඔබට මතකද?
• අප දෙවිගේ දාසයන් වන්නේ කෙසේද?
• අප දේවකැමැත්තට යටත් බව පෙන්වන්නේ කෙසේද?
• අප කැමති දේට වඩා යෙහෝවා කැමති දේට මුල් තැන දීමට සූදානම් විය යුත්තේ මන්ද?
• ‘අප අත්හැරිය දේවල්’ දෙස ආපහු හැරී නොබැලිය යුත්තේ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[16, 17වන පිටුවේ පින්තූරය]
ඊශ්‍රායෙලයේ දාසයන් ලෙස සේවය කිරීම හා ක්‍රිස්තියානීන් දෙවිට දාසයන් ලෙස සේවය කිරීම අතර සමාන්තරයක් තිබේ
[17වන පිටුවේ පින්තූරය]
අප දෙවිගේ දාසයන් වන්නේ බව්තීස්ම වන විටය
[17වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානීහු දෙවිගේ කැමැත්තට මුල් තැන දෙති
[18වන පිටුවේ පින්තූරය]
දෙවි දුන් පැවරුම භාරගැනීමට මෝසෙස් අදිමදි කළේය