Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම්, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

යේසුස්ගේ උපත සැමරීමට දෙසැම්බර් 25වන දා තෝරාගනු ලැබුවේ මන්ද?

යේසුස් ඉපදුණු දිනය දේවවචනයේ සඳහන් කර නැත. එක්තරා විශ්වකෝෂයක (Enciclopedia Hispánica) මෙසේ සඳහන් වේ. “නත්තල සැමරීමට දෙසැම්බර් 25වන දා තෝරාගැනීමට හේතුව එය යේසුස්ගේ උපත සිදු වූ නිවැරදි දිනය නිසා නොවේ. එය රෝමයේ ශීත ඍතුවේදී පැවැත්වූ මංගල්‍යයක් ක්‍රිස්තියානි උත්සවයක් බවට හැරවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව පිළිගත යුතුයි.” ශීත ඍතුවේ හිරු උදාව එදා රෝමවරුන් විසින් පවත්වන ලද්දේ කමින් බොමින්, නටමින් ගයමින් මංගල්‍ය පවත්වමින් හා තෑගි බෝග හුවමාරු කරගනිමිනි.—12/15, 4-5 පිටු.

ක්‍රියා 7:59 සඳහන් පරිදි ස්තේපන් යේසුස්ට යාච්ඤා කළාද?

නැත. යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණක් බව බයිබලයේ පවසයි. යේසුස්ව දර්ශනයකින් දුටු ස්තේපන්, “ස්වාමීන් වන යේසුස්, මාගේ ආත්මය පිළිගන්න” යනුවෙන් ඍජුවම ඔහුගෙන් අයැද සිටි බවක් පෙනී යයි. මළවුන්ව නැවත නැඟිටුවීමට යේසුස්ට බලය දී තිබෙන බව ස්තේපන් දැනගෙන සිටියේය. (යොහන් 5:27-29) එම නිසා ස්තේපන් යේසුස්ගෙන් ඉල්ලා සිටියේ නැවත නැඟිටුවීමේදී තමාව සිහි කරන ලෙසයි.—1/1, 31 පිටුව.

• පුද්ගලයෙකුගේ අනාගත ජීවිතය කලින් නියම කර නැති බව අප දන්නේ කෙසේද?

දෙවි අපට ස්වාධීනව යම් තේරීම් කිරීමට නිදහස දී තිබේ. ඒ නිසා දෙවි මිනිසෙකුගේ ඉරණම “කලින් තීරණය කර තිබෙනවා” යන අදහස පිළිගත නොහැක. දෙවි ප්‍රේමණීය හා යුක්තිසහගත බැවින්, අප ගන්නා ක්‍රියාමාර්ගයන් ඔහු විසින් කලින් නියම කර තිබේ නම්, එම ක්‍රියාවලට අපට දඬුවම් කිරීම දෙවිගේ පැත්තෙන් අසාධාරණ ක්‍රියාවක් වෙයි. ඒ නිසා දෙවි අප ගන්නා ක්‍රියාමාර්ගයන් කලින් නියම කර තිබෙනවායයි කීම වැරදිය. (ද්විතීය කතාව 32:4; 1 යොහන් 4:8)—1/15, 4-5 පිටු.

• ප්‍රාතිහාර්ය සිදු වෙන්නේ නැතැයි කීම අහංකාර කතාවක් වන්නේ මන්ද?

දෙවිගේ මැවිල්ලේ අරුමයන් පිළිබඳව තමාට සීමිත අවබෝධයක් ඇති බව තේරුම්ගන්නා ඇතැම් විද්‍යාඥයෝ යම් දේවල් සිදු විය නොහැකියයි තරයේ කියා සිටීමට නොහැකි බව පිළිගනිති. එනමුත් ඔවුන්ගේ අහංකාරකම නිසා දෙවි කෙනෙකු සිටින බව පිළිගන්නේ නැත..—2/15, 5-6 පිටු.

• තමාට පිලිස්තීය ජාතික භාර්යාවක් පාවා දෙන ලෙස විනිශ්චයකාරයෙකු වූ සම්සොන් තම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ මන්ද? (විනිශ්චයකාරයෝ 4:12)

මිථ්‍යා දෙවියන්ට නමස්කාර කරන්නෙකුව විවාහ කරගැනීම දෙවිගේ නීතියට අනුව තහනම් වී තිබුණි. (නික්මයාම 34:11-16) එහෙත් එම පිලිස්තීය කාන්තාව සම්සොන්ට “ප්‍රිය” තැනැත්තියක් වූවාය. සම්සොන් “පිලිස්තියයන්ට විරුද්ධව කාරණයක් [හෙවත්, ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට අවස්ථාවක්]” සොයමිනුයි සිටියේ. එම අරමුණ ඉටු කරගැනීමට එම කාන්තාවගේ හමුවීම ප්‍රයෝජනවත් විය. තවද ඔහුට දෙවිගේ අනුග්‍රහයද ලැබුණි. (විනිශ්චයකාරයෝ 13:25; 14:3, 4, 6)—3/15, 26 පිටුව.

• ක්‍රිස්තියානියෙකු රජයේ සේවකයෙකුට ඔවුන් කරන සේවය වෙනුවෙන් මුදල් හෝ තෑගි බෝග දීම හරිද?

යම් නිලධාරියෙකුට අල්ලසක් දීම වරදකි. අල්ලසක් යනු යම් කිසි නීති විරෝධී දෙයක් කිරීම සඳහා යුක්තිය පෙරළීමට හෝ අනික් අයට ඉහළින් තමාට සැලකීමට පෙලඹෙන පරිදි නිලධාරියෙකුට යම් වටිනා දෙයක් දීමයි. එහෙත්, යම් නිලධාරියෙක් තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම නිසා හෝ අසාධාරණ ලෙස ක්‍රියා කිරීමෙන් වැළකී සිටීම නිසා හෝ ඔහුට යම් දීමනාවක් දීම වරදක් නොවේ.—4/1, 29 පිටුව.