Skip to content

පටුනට යන්න

“ඔහුගේ ආගම නිසා පීඩා වින්දා”

“ඔහුගේ ආගම නිසා පීඩා වින්දා”

“ඔහුගේ ආගම නිසා පීඩා වින්දා”

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි චෙර්නොබියෝ නම් නගරයේ එක් උද්‍යානයක එක්තරා ස්මාරකයක් පිහිටුවනු ලැබුවා. ඒ, මිනිසුන් හැටියට ඔවුන්ට තිබූ මූලික අයිතිවාසිකම් පවා නැති කර මරණයට පත් කළ අයව සිහි කිරීම සඳහායි. එහි විවෘත කරන ලද එක් ස්මාරකයක් වෙන් වී තිබුණේ නාර්සිසෝ රීට් නමැති තැනැත්තා වෙනුවෙනුයි. ඉතාලි ජාතික දෙමාපියන්ට දාව රීට් ඉපදුණේ ජර්මනියේදීයි. රීට් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වුණේ 1930දීයි. හිට්ලර්ගේ පාලන කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දැඩි පීඩාවලට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ, ඔවුන් හිට්ලර්ට වඩා සත්‍ය දෙවි වන යෙහෝවා දෙවිට කීකරු වූ නිසයි.

රීට්ගාල් කඳවුරුවලට මුරටැඹ සඟරා ගෙනෙන බවට ගෙස්ටාපෝ පොලිසියට දැනගන්නට ලැබුණු විට, රීට් චෙර්නොබියෝ නුවරට පලා ගියා. එහිදී මුරටැඹ සඟරාව ඉතාලි භාෂාවට පරිවර්තනය කරන ලෙසත් ළඟපාත සිටින ඔහුගේ ක්‍රිස්තියානි සහෝදරයන්ට ඒවා බෙදා දෙන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබුවා. ඔහු කරමින් සිටි මේ නිර්භීත ක්‍රියාව ගැන වැඩි කල් නොගොස් නාට්සි සොල්දාදුවන්ට ආරංචි වුණා. නාට්සි සොල්දාදුවන් පිරිසක් රීට්ගේ නිවසට කඩා වැදී ඔහුවත් ඔහු කළ “අපරාධයේ” සාක්ෂිත්, එනම් බයිබල් දෙකක් හා ලිපි කිහිපයක් අත්අඩංගුවට ගත්තා. රීට්ව ජර්මනියට පිටුවහල් කර, ඩාකව් නම් වූ ගාල් කඳවුරේ සිර කරනු ලැබ, දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ටික කලකට පෙර ඔහුව ඝාතනය කරනු ලැබුවා. ඔහු “ඔහුගේ ආගම නිසා පීඩා වින්දා” යයි චෙර්නොබියෝ නුවර ස්මාරකයේ පලසයේ සඳහන් කර තිබුණා.

හිට්ලර්ගේ හමුදා විසින් පීඩා කරනු ලැබූ නාර්සිසෝ රීට් සහ තවත් සාක්ෂිකරුවන් සිය ගණනකගේ ඇදහිල්ල අද දින ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක්. මන්ද ඔවුන්ටත් වුවමනා වන්නේ, නමස්කාරය ලැබීමට වටින විශ්වයේ සිටින එකම තැනැත්තා වන යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමටයි. (එළිදරව් 4:11) යේසුස් මෙසේ කීවා. “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය සන්තෝෂවත්ය.” ඔවුන්ගේ එම නිර්භීත ක්‍රියාවල් දෙවිගේ මතකයේ තිබෙන අතර, ඔහු ඒවාට විපාක දෙනවා නොඅනුමානයි.—මතෙව් 5:10; හෙබ්‍රෙව් 6:10.