බයිබලය ගැන අනුමාන අදහස් පළ කළ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ
බයිබලය ගැන අනුමාන අදහස් පළ කළ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ
ක්‍රිස්තු පූර්ව 332දී මහා ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව අල්ලා ගැනීමේ අරමුණින් තම හමුදා මෙහෙයවූවා. මුළු ලෝකයම සියතට ගැනීමට තම හමුදා පෙරදිග දෙසට යොමු කිරීමට පෙර ඔහු නගරයක් ඉදි කළා. එය හැඳින්වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාව යන නමින්. එය ග්‍රීක සංස්කෘතියේ මධ්‍යස්ථානය බවට පත් වුණා. ක්‍රිස්තු පූර්ව 20දී පමණ තවත් අධිරාජ්‍යයෙක් ඉපදුණා. ඔහු බලවතෙක් වුණේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොවේ. නමුත් ඔහුගේ දාර්ශනික මතිමතාන්තරවලින්. ඔහුව ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ යන නමිනුයි. ෆිලෝ යුදෙව් කෙනෙක් වූ නිසා ෆිලෝ ජුඩියස් යන නමින්ද ඔහුව හඳුන්වනු ලැබුවා.
ක්‍රිස්තු පූර්ව 607 යෙරුසලම් නගරය විනාශ වුණායින් පසුව බොහෝ යුදෙව්වන් යූදා දේශයෙන් පිට ප්‍රදේශවල ජීවත් වීමට පුරුදු වුණා. එමනිසා බොහෝදෙනෙක් ඊජිප්තුවේ ජීවත් වෙන්න පටන්ගත්තා. යුදෙව්වන් දහස් ගණනක් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වාසය කළා. ඒ වුණත් ඔවුන් කැමති වුණේ නැහැ ග්‍රීක් දෙවිවරුන්ට වන්දනා කරන්න. අනෙක් අතට, ග්‍රීක් ජාතිකයන් යුදෙව්වන්ගේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට නිග්‍රහ කළා. මේ නිසා යුදෙව්වන් සහ ඔවුන්ගේ අසල්වාසී ග්‍රීක් ජාතිකයන් අතර ගැටලු පැවතුණා. යුදෙව් සමාජයක හැදී වැඩුණත් ග්‍රීක අධ්‍යාපනය හැදෑරූ ෆිලෝට මෙම මතභේදයන් ගැන තිබුණේ හොඳ අවබෝධයක්. යුදෙව් ආගම සැබෑ ආගම බවට ඔහු විශ්වාස කළා. ඔහුට වුවමනා වූයේ යුදෙව් ආගම ග්‍රීක ජාතිකයන්ට මෙන්ම ලෝකයේ සෙස්සන්ට පිළිගත හැකි ආගමක් බවට පත් කිරීමටයි.
පැරණි ලියවිලිවලට නව අරුතක් දීමට ගත් උත්සාහය
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වූ වෙනත් යුදෙව්වන් බොහෝ දෙනෙක් මෙන් ෆිලෝගේ මුල් භාෂාව වූයේ ග්‍රීක් භාෂාවයි. මේ අනුව ඔහු ශුද්ධ ලියවිලි අධ්‍යයනය කළේ ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදය අනුසාරයෙනුයි. සෙප්ටූඅජින්ට් අනුවාදය පරීක්ෂා කරද්දී එහි යම් දර්ශනවාදී අදහස් තිබෙන බවත් මෝසෙස්ට “දර්ශනවාදියෙකුගේ ගති ලක්ෂණ” තිබූ බවත් ඔහු තරයේ විශ්වාස කරන්න පටන්ගත්තා.
මීට සියවස් ගණනාවකට පෙර දෙවිවරුන් හා දේවතාවියන්, එනම් ඉපැරණි ග්‍රීක් මිථ්‍යා ආගම්වල යෝධයන් හා භූතයන් සම්බන්ධ කතන්දර විශ්වාස කිරීමට අමාරු බව ග්‍රීක් බුද්ධිමතුන් තේරුම් ගත්තා. මේ නිසා ඔවුන් කළේ මේ ඉපැරණි කතන්දර වෙනත් අන්දමකින් විග්‍රහ කිරීමට පටන් ගැනීමයි. ඉපැරණි ග්‍රීක හා රෝම සාහිත්‍ය හා කලා කෘති පිළිබඳ විශාරද ජේම්ස් ඩ්‍රමන්ඩ් එම දාර්ශනිකයන් එම කතා විග්‍රහ කළ අන්දම පිළිබඳව පැවසුවේ මෙසේයි. “දර්ශනවාදියා, මිථ්‍යා දේව කතාවල මතුපිටින් නොපෙනෙන යට සැඟවී තිබෙන සියුම් අරුත් මොනවාදැයි සොයා බලයි. ඉන්පසු ඒවායේ ඇති අද්භූත පිළිකුල් සහගත විශ්වාස කිරීමට අමාරු දේවල් හරහා එම කතන්දර ගෙතූ අය කීමට අදහස් කළ ගැඹුරු සත්‍යයන් මොනවාදැයි අර්ථ කථනය කරයි.” මේ ක්‍රමය හැඳින්වෙන්නේ සංකේතාත්මක අර්ථ කථනය යන නමිනුයි. ෆිලෝ උත්සාහ කළේ,ශුද්ධ බයිබලයද මෙලෙස විග්‍රහ කරන්නටයි.
නිදසුනක් වශයෙන්, උත්පත්ති 3:21 3:22හි සඳහන් දේ ගැන කල්පනා කර බලන්න. බැග්ස්ටර් නමැත්තා සම්පාදනය කළ සෙප්ටූඅජින්ට් අනුවාදයේ මෙසේ පවසනවා. “ස්වාමිවූ දෙවි ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූයේය.” ග්‍රීක්වරුන් සිතුවේ මිනිසුන්ට ඇඳුම් ඇන්දවීම දෙවිට නොහොබිනා පහත් වැඩක් බවයි. එමනිසා, ෆිලෝ එම පාඨයට සංකේතාත්මක අර්ථයක් දුන්නේ මෙලෙසයි. “සම්වලින් සාදන ලද ඇඳුම් යනු සාමාන්‍ය සමට එනම් අපේ ශරීරයට යොදන සංකේතාත්මක යෙදුමකි. මන්ද දෙවි පළමුවෙන්ම බුද්ධිය මවා එයට ආදම්යයි නම් කළේය. ඉන් පසු එය පණ දී ජීවයයයි ඊට නම් කළේය. අන්තිමේදී ජීවයට ශරීරයක අවශ්‍යතාව දුටු ඔහු ශරීරයද සාදා, එයට සම්වලින් සාදන ලද ඇඳුම් යන සංකේතාත්මක නාමය යෙදීය.” මෙසේ, ෆිලෝ උත්සාහ කළේ දෙවි විසින් ආදම්ට හා ඒවට ඇඳුම් ඇන්දවීමේ ක්‍රියාව දාර්ශනිකයෙකුගේ ඇසකින් විග්‍රහ කිරීමටයි.
උත්පත්ති 2:10-14හි සඳහන් දේද සලකා බලන්න. ඒදන් උයනේ දිය උල්පතක් තිබූ බවත් එයින් ගංගා හතරක් ගලා ගිය බවත් එහි විස්තර කරනවා. නමුත් ෆිලෝ උත්සාහ කළේ ඒදන් උයනේ භූ පිහිටීම ගැන විස්තර කර ඇති ඒ සරල වචනවල සැඟවී තිබෙනවා යයි ඔහු සිතූ වෙනත් අරුතක් විස්තර කිරීමටයි. භූමිය ගැන කතා කිරීමෙන් පසුව ඔහු මෙසේ පැවසුවා. “සමහරවිට මේ කතාවටත් සංකේත අර්ථයක් තිබෙන්නට පුළුවනි. මින් ගලා යන ගංගා හතර ගුණාංග හතරක සංකේත ලෙස ගත හැකියි.” පීෂොන් ගඟ නුවණ සංකේතවත් කරන බවද, ගීහොන් ගඟ සන්සුන්කමේ සංකේතයක් බවද, ටයිග්‍රීස් ගඟ ශක්තියේ සහ යුප්‍රටීස් හෙවත් ප්‍රාත් ගඟ යුක්තියේ සංකේතයන් බවද ඔහු අනුමාන කළා. බයිබලයේ පැහැදිලිව සඳහන් කර ඇති උයනේ භූගෝලීය ලක්ෂණවලට අමුතු සංකේතාර්ථයක් බලෙන්ම වාගේ පට බඳිනු ලැබුවේ මේ විදිහටයි.
මැවීම පිළිබඳ විස්තරය, කායින් ආබෙල්ව මරා දැමූ සිද්ධිය, නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්ම, බාබෙල් කොත අසලදී භාෂාවන් අවුල් කිරීම සහ මෝසෙස්ගේ නීතියේ නොයෙක් අංග සංකේතාත්මකව විස්තර කිරීමටයි ෆිලෝ උත්සාහ කළේ. ඉහත සඳහන් ඡේදයේ උදාහරණයෙන් පෙන්නුවාක් මෙන්, ඔහු බයිබලයේ පාඨවල පදගතාර්ථය මුලින් පිළිගෙන පසුව ඔහුගේම අදහස්වලට අනුව ඊට සංකේතාත්මක අරුතක්ද හඳුන්වා දුන්නා. ඔහු එසේ කළේ මෙවැනි වචනවලින්. “සමහරවිට අපි මෙම වචනවලට යටින් සැඟවී ඇති සංකේතාත්මක
අරුතද සැලකිය යුතුයි.” ෆිලෝගේ ලියවිලිවල බොහෝසෙයින් සංකේතාත්මක අරුතක් තිබීම නිසා ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව පෙනෙන සැබෑ අර්ථය ඔහු විසින් බොඳ කර තිබීම ඉතා කනගාටුදායකයි.දෙවි කවුද?
දෙවිගේ පැවැත්ම ගැන ෆිලෝ තර්ක කළේ ප්‍රබල උපහැරණයක් යොදා ගෙනයි. භූමිය, ගංගා, ග්‍රහ ලෝක සහ තාරකා ගැන විස්තර කළායින් පසුව ඔහු නිගමනය කළේ මෙසේයි. “මේ ලෝකය ඉතා දක්ෂ ලෙස කළ නිර්මාණයක්. ඔව්, දැනුමෙන් අනූන ඉතා දක්ෂ පුද්ගලයෙකුගේ වැඩක්. දෙවිගේ පැවැත්ම පිළිබඳ අදහසක් අපේ සිත්වලට පහළ වෙන්නේ මේ ඔස්සෙයි.” ඔහුගේ මේ තර්කය නිවැරදියි. —රෝම 1:20.
නමුත් සර්වබලධාරී දෙවිගේ ස්වභාවය ගැන පැහැදිලි කරද්දී ඔහු සත්‍යයෙන් දුරස් වුණා. ෆිලෝ කියා සිටියේ දෙවිට “සුවිශේෂී ගුණාංග නැති” බව සහ දෙවි “සම්පූර්ණයෙන්ම මිනිස් මනසින් තේරුම් ගත නොහැකි” කෙනෙකු බවයි. දෙවිව දැන හඳුනා ගැනීම කළ නොහැක්කක් යයි කියමින් ෆිලෝ තම පාඨකයන්ව අධෛර්යය කළා. ඔහු කීවේ, “දෙවි ගැන තව දුරටත් සොයන්නට යෑම, හෙවත් තොරතුරු ගවේෂණය කර දෙවිගේ ස්වභාවය හෝ ගුණාංග ගැන දැනගැනීමට යෑම, සහමුලින්ම නිෂ්ඵල මෝඩ ක්‍රියාවක්” බවයි. මේ අදහස පැමිණියේ බයිබලයෙන් නොව මිථ්‍යා දෘෂ්ටික දාර්ශනිකයෙකු වූ ප්ලේටෝගෙනුයි.
දෙවිව සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි නිසා ඔහුව පෞද්ගලික නමකින් ඇමතීමට නොහැකි බවද ෆිලෝ දැරූ මතයක්. “සැබෑ ජීවමාන දෙවිට නමකින් නිවැරදි ලෙස ආමන්ත්‍රණය කිරීම උචිත දෙයක් නොවන බව නිගමනය කිරීම සාධාරණය” යන්න ඔහුගේ මතය වුණා. ඇත්තෙන්ම එය සත්‍යයට කොතරම් පටහැනිද!
දෙවිගේ නම කුමක්ද කියා බයිබලය පැහැදිලිව අපට කියනවා. ගීතාවලිය 83:17හි පවසන්නේ, “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස්” බවයි. තවද යෙසායා 42:8හි දෙවිම මෙසේ පවසා තිබෙනවා. “යෙහෝවා මමය; ඒක මාගේ නාමය වේ.” බයිබල් පාඨ ගැන දැනුමක් ඇති යුදෙව්වෙකු වූ ෆිලෝ දෙවිට නාමයක් නැහැ කියා ඉගැන්වූයේ ඇයි? මන්ද ඔහු මෙහිදී විස්තර කළේ බයිබලයේ සඳහන් නමක් සහිත ජීවමාන දෙවිව නොව, ග්‍රීක් දර්ශනවාදයේ විස්තර කර ඇති නමක්ද නැති ළඟා වෙන්නට හා දැනගන්නට බැරි දෙවි කෙනෙකුවය.
මිනිසා මරණයෙන් පසු නොනැසී ජීවත් වෙනවාද?
මිනිස් ශරීරය තුළ “ආත්මයක්” එනම් මරණයේදී ශරීරයෙන් බැහැර වන අදෘශ්‍යමාන වූ අමරණීය දෙයක් තිබෙන බව ෆිලෝ ඉගැන්නුවා. ඔහු කියා සිටියේ මිනිසා යනු ‘අමරණීය වූ ආත්මයක හා මැරෙනසුලු ශරීරයක එකතුවක්’ බවයි. ෆිලෝ ඒ ගැන සපයන විස්තර සලකා බලන්න. “අප ජීවත්ව සිටින විට, අපගේ ශරීරය ජීවත් වන නමුත් අපේ ආත්මය ශරීරය තුළ සිර කර තිබෙන්නේ හරියට එය මිනී වළක් ඇතුළත තිබෙන්නාක් මෙනි. නමුත් ශරීරය මිය ගියොත්, අපගේ ආත්මය දුෂ්ට වූ මිය ගිය ශරීරයෙන් මිදී ජීවය ලබයි.” මෙසේ ෆිලෝගේ මතයට අනුව, පුද්ගලයෙකු මියගිය විට ඔහු ඇත්තටම මිය යන්නේ නැත. එනම් ඔහුගේ “ආත්මය” මිය ගොස් නැත. එය කවදාවත් මිය යන්නේද නැත. එය අමරණීයයි. ඔහු දැරූ මතය එයයි.
එහෙත් මියගිය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් ගීතිකාකරුවෙක් කියා සිටියේ බලවත් මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාස කිරීම නිෂ්ඵල දෙයක් බවයි. එයට හේතුව කුමක්ද? “ඔහුගේ හුස්ම නික්ම යයි; ඔහු ස්වකීය භූමියට හැරී යයි එදාම ඔහුගේ කල්පනා නැති වේ.” (ගීතාවලිය 146:3, 4) කල්පනාව නැති වන විට හොඳ හෝ නරක ගැන කිසිම හැඟීමක් දැනීමක් නැති බව පැහැදිලියි.
දෙවිගේ මඟ පෙන්වීමෙන් බයිබල් ලේඛක සලමොන්ද මරණයේදී සිදු වන දේ ඉතා පැහැදිලිව විස්තර කළා. ඔහු පැවසුවේ “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති; එහෙත් මළාහු කිසිවක් නොදනිති; ඔවුන්ට විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම මතක නැති විය” කියායි. එනිසා ඔහු මෙසේ උනන්දු කළා. “ඔබේ අතින් කරන්ට ලැබෙන කොයි දෙයක් නමුත් ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.” (දේශනාකාරයා 9:5, 10) මින් පැහැදිලි වන්නේ මිය ගිය අය සිහිසන් නැති තත්වයක සිටින බවයි. ජීවත්ව සිටින අය කරන දේ ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. *
ෆිලෝගේ මරණින් පසුව, යුදෙව්වන් ඔහුගේ අදහස් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. නමුත් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි ඔහුගේ අදහස් ඉතා කැමැත්තෙන් වැලඳගත්තා. යූසීබියස් සහ වෙනත් පල්ලි නායකයන් විශ්වාස කළේ ෆිලෝ ක්‍රිස්තියානි ඇදහිල්ලට හැරී සිටි බවයි. ජෙරොම් ඔහුව ‘සභා පියෙක්’ ලෙස නම් කළා. ෆිලෝගේ ලියවිලි ඉතා සුරක්ෂිතව තබාගත්තේ යුදෙව්වන් නොව ක්‍රිස්තියානි ඇදහිල්ලට විරුද්ධව කැරලි ගැසූ පුද්ගලයන් විසිනුයි.
ෆිලෝගේ ලියවිලි ආගමික විප්ලවයකට මඟ පෑදුවා. ඔහුගේ බලපෑම නිසා ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය “අමරණීය ආත්මය” නමැති බයිබලයට පටහැනි මූලධර්මය වැලඳගත්තා. බයිබලයේ සඳහන් “වචනය” හෙවත් “ලෝගොස්” යන යෙදුම ගැන ෆිලෝගේ ඉගැන්වීම් “ත්‍රිත්වය” නමැති මූලධර්මය වැඩි දියුණු කිරීමට හේතු වුණා. “ත්‍රිත්වය” යනු ක්‍රිස්තියානි ඇදහිල්ලට විරුද්ධව කැරලි ගැසූ අය විශ්වාස කරන බයිබලයට පටහැනි මූලධර්මයක්.
නොරැවටෙන්න!
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරද්දී, ෆිලෝ “එහි සරල භාෂාව යට සමහරවිට සැඟවී තිබිය හැකි සංකේතාත්මක අර්ථය” පසෙක නොදමන්නට වග බලාගත් පුද්ගලයෙක්. එහෙත්, ද්විතීය කතාව 4:2හි මෝසෙස් දෙවිගේ නීතිය ගැන කීවේ මෙහෙමයි. “මා ඔබට අණ කරන ඔබගේ දෙවි වූ යෙහෝවාගේ ආඥා රක්ෂා කරන පිණිස මා ඔබට අණ කරන වචනයට යමක් එකතු නොකරන්න. එයින් යමක් අඩු නොකරන්න.” මෙසේ කොතරම් හොඳ චේතනා තිබුණත් ෆිලෝ කළේ දේවවචනයේ සඳහන් පැහැදිලි උපදෙස් අඳුරු කරමින් අනුමාන අදහස් ඊට ඇතුල් කිරීමයි.
‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැනත් ඔහුගේ පැමිණ සිටීම ගැනත් අප ඔබට පැවසුවේ සූක්ෂ්ම ලෙස ගෙතූ අසත්‍ය කතාවලින් නොවේ’ යයි පේතෘස් පැවසුවා. (2 පේතෘස් 1:16) ෆිලෝගේ ලියවිලි මෙන් නොව, පේතෘස් මුල් ක්‍රිස්තියානි සභාවට දුන් උපදෙස් පදනම් වී තිබුණේ සැබෑ සත්‍යයන් මත හා දෙවිගේ බලයෙන් ලැබූ මඟ පෙන්වීම මතයි. එම බලය “සත්‍යතාවේ ආත්මය” වන අතර ඔවුන්ව සියලු සත්‍යයන් කරා මඟ පෙන්නුවා.—යොහන් 16:13.
බයිබලයේ සඳහන් කෙරෙන සැබෑ දෙවිට නමස්කාර කරන්නට ඔබ උනන්දුවක් දක්වනවා නම්, ඔබට අවශ්‍ය වන්නේ සැබෑ මඟ පෙන්වීම මිස මිනිසුන්ගේ දර්ශනවාදී අදහස් මත පදනම් වූ අර්ථකථනයන් නොවෙයි. ඔබට යෙහෝවා සහ ඔහුගේ කැමැත්ත ගැන නිවැරදි දැනුම අවශ්‍යයි. ඒ වගේම අවංක ලෙස බයිබලය ඉගෙන ගැනීමට ඔබට යටහත් පහත්කම අවශ්‍යයි. මෙවැනි නිසි ආකල්පයක් ඇතිව ඔබ බයිබලය ඉගෙන ගන්නවා නම්, “මේ ශුද්ධ ලියවිල්ලට ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ වූ ඇදහිල්ල මාර්ගයෙන්, ගැලවීම ලබාගැනීම සඳහා ඔබව නැණවත් කළ හැක.” දෙවිගේ වචනය ඔබව ‘සමර්ථ කර, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණ’ කරනු ඇති බව ඔබ තේරුම් ගනීවි.—2 තිමෝති 3:15-17.
[පාදසටහන]
^ 18 ඡේ. මරණයෙන් පසු ජීවිතයක් ඇති බවට වූ විශ්වාසය සම්බන්ධයෙන් 1910 පළ කරන ලද යුදෙව් විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙනවා. “පුද්ගලයෙකුගේ මරණින් පසුව ඔහුගේ ආත්මය ශරීරයෙන් පිටවෙනවා යන අදහස බයිබල් ඉගැන්වීමක් නොව දාර්ශනිකයන්ගේ හෝ දේව ධර්මාචාර්යවරුන්ගේ අනුමාන අදහසකි. එවන් අදහසක් ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් සඳහන් කර නැත.”
[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ෆිලෝ ජීවත් වූ නගරය
ෆිලෝ ජීවත් වූයේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේයි. සියවස් ගණනාවක් පුරා, ලොවේ ප්‍රධාන පොත් පත් ගබඩා කළේත්, විශාරදයන්ගේ සාකච්ඡා පැවතුණේත් එම නගරයේයි.
එම නගරයේ පාසැල්වල ඉගැන්වූයේ ලොවේ සුප්‍රකට විශාරදයන්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය ලෝක ප්‍රකට පුස්තකාලයක් බවට පත් වුණා. එහි පුස්තකාලාධිපතින් සෑම ලේඛනයකම පිටපත් එම පුස්තකාලයට ලබා ගැනීමට උත්සාහ කළ නිසා එය සිය දහස් ගණනක ලිපි ලේඛන අඩංගුව අති සුවිසල් පුස්තකාලයක් බවට පත් වුණා.
පසුව, ඇලෙක්සැන්ඩ්‍රියාව සතුව තිබූ කීර්තිය සහ එහි පොත් ගබඩාවේ අඩංගු දැනුම් සම්භාරය සඳහා ගෞරවය කෙමෙන් කෙමෙන් මැකී යන්නට පටන්ගත්තා. රෝමයේ විසූ අධිරාජ්‍යයන් තමන්ගේම නගරය වන රෝමය උසස් තත්වයකට ගෙන ඒමට උත්සාහ කළ අතර, ඉන්පසුව ලොවේ සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ යුරෝපයයි. ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී වෙනත් ආක්‍රමණිකයන් ඇලෙක්සැන්ඩ්‍රියාව අත් පත් කරගැනීමත් සමඟම එය අන්තයටම පිරිහුණා. අදටත් ඉතිහාසඥයන් එම පුස්තකාලය විනාශ වීම ගැන දුක් වෙන අතර ඔවුන්ගෙන් සමහරක් කියා සිටින්නේ ශිෂ්ටාචාරය වසර 1,000ක් ආපස්සට ගිය බවයි.
[හිමිකම් විස්තර]
L. Chapons/Illustrirte Familien-Bibel nach der deutschen Uebersetzung Dr. Martin Luthers
[12වන පිටුවේ කොටුව]
බයිබලයට සංකේතමය අරුත් දෙන අය අදත් සිටිනවා
යම් යම් කතාවලට සංකේතමය අරුත් පට බැඳීම ලේඛකයන්ගේ පුරුද්දක්. සංකේතමය අරුත් තිබෙන කතා සැලකීමට වටින වැදගත් කතා බවට සලකන්නේ ඒවා තුළ වඩාත් හරවත් දේවල් සැඟවී තිබෙන නිසයි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ මෙන් අදදින සිටින ආගමික නායකයන්ද බයිබලය විස්තර කිරීමට උත්සාහ කරන්නේ සංකේතාර්ථ එයට පටබඳිමිනුයි.
උත්පත්ති 1-11 දක්වා පරිච්ඡේද සලකා බලන්න. මිනිසාගේ මැවීමේ පටන් බාබෙල් කොත අසලදී ජනතාව විසිර යෑම දක්වා ඉතිහාසය ගැන එහි සඳහන් වෙනවා. බයිබලයේ එම කොටස සම්බන්ධයෙන් කතෝලික පරිවර්තනයක් වන ද නිව් අමෙරිකන් බයිබල් පවසන්නේ මෙසේයි. “මෙම පරිච්ඡේදවල අඩංගු සත්‍යයන් ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරුණේ ඊශ්‍රායෙල් ජාතියටයි. එම නිසා එම සත්‍යයන් බුද්ධිමත් ලෙස තේරුම් ගැනීම පිණිස ඒවා ලිවිය යුත්තේ ඒ කාලයේ විසූ ජනයා හොඳින් දැන සිටි දේවල් යොදා ගනිමිනුයි. මේ නිසා, අද අපි එම සත්‍යයන් තේරුම් ගැනීමේදී ඒවායේ මතුපිට අර්ථයෙන්ගෙන් ඒවා ඉවත් කරගත යුතුයි.” මේ අනුව, උත්පත්ති 1-11 දක්වා පරිච්ඡේද තේරුම් ගත යුත්තේ පදගතාර්ථයෙන් නොවෙයි. මෙවන් අදහසකින් කියාපාන්නේ යම් ඇඳුමකින් මිනිස් ශරීරයක් ආවරණය වන්නා සේ, වචන තුළ ගැඹුරු සැඟවුණු අරුත් ඇති බවයි.
එහෙත් යේසුස් ඉගැන්වූයේ එය නොවේ. උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද පදගථාර්ථයෙන්ම සත්‍යය බව යේසුස් ඉගැන්නුවා. (මතෙව් 19:4-6; 24:37-39) පාවුල් සහ පේතෘස්ද ඉගැන්නුවේ එසේමයි. (ක්‍රියා 17:24-26; 2 පේතෘස් 2:5; 3:6, 7) මේ අනුව අවංක ලෙස බයිබලය අධ්‍යයනය කරන අය, දෙවිගේ සම්පූර්ණ වචනයට විරුද්ධ අර්ථකථනයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
[9වන පිටුවේ පින්තූරය]
ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා ප්‍රදීපාගාරය
[හිමිකම් විස්තර]
Archives Charmet/Bridgeman Art Library