පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකන්න” කියා ද්විතීය කතාව 14:21හි සඳහන් වෙනවා. මෙම අදහස ලෙවි කතාව 11:40හි සඳහන් අදහසට පටහැනිද? එහි සඳහන් වෙන්නේ මෙයයි. “ඒ මළකුණෙන් කන තැනැත්තා වස්ත්‍ර සෝදාගන්නේය; ඔහු සවස දක්වා අපවිත්‍ර වන්නේය.”
මෙම පද දෙක එකිනෙකට පටහැනි නැහැ. පළවෙනි පදයේ සඳහන් වෙන්නේ මළ සතෙකු කෑමෙන් වැළකීමට මුලින්ම දී තිබූ ආඥාවයි. සමහර විට මෙවැනි සතෙක් වන මෘගයන් විසින් මරනු ලැබූ සතෙකු විය හැකියි. (නික්මයාම 22:31; ලෙවී කතාව 22:8) දෙවනි පදයෙන් පැහැදිලි කරන්නේ හදිස්සියේ වත් ඊශ්‍රායෙලිතයෙක් නොදැනුවත්ව ඒ තහංචිය කඩ කළා නම් ඔහු සාමාන්‍යයෙන් කරන දෙයයි.
මෝසෙස්ගේ නීතියෙන් යම් දෙයක් තහනම් කර තිබුණත් පසු කාලයක දී ඒ තහංචිය නොසලකාහැරිය හැකි බව මෙයින් අදහස් කළේ නැහැ. උදාහරණයක් හැටියට සොරකම් කිරීම, මිනී මැරීම, බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම වැනි දේවල් තහනම් කරන නීති තිබූ නමුත් එම දේවනීති කඩ කරන කෙනෙකුට ලැබිය යුතු දඬුවම් ගැනද ඒ නීතිවල සඳහන් වෙලා තිබුණා. දඬුවම් නියම කර තිබීම නිසා ඒ නීතිවල ඇති බැරෑරුම්කම වටහාගැනීමට ජනයාට හැකි වුණා.
මළ සතෙකුගේ මාංසය අනුභව කිරීමෙන් වැළකෙන ලෙසට තිබූ නීතිය උල්ලංගනය කළ කෙනෙක්ව යෙහෝවා දෙවි සැලකුවේ අපවිත්‍ර කෙනෙකු හැටියටයි. පවිත්‍ර වීමේ වත් පිළිවෙත් අනුගමනය කරන්න ඔහුට සිදු වුණා. ඒ වත් පිළිවෙත් නිසි ලෙස පිළිපැද්දේ නැත්නම් ඔහුට “තමාගේ වරද ගැන වග කිව යුතු” වුණා.—ලෙවී. 17:15, 16, නව අනුවාදය.