Skip to content

පටුනට යන්න

“ඔවුන් තම ආගම පාවා දුන්නේ නැහැ”

“ඔවුන් තම ආගම පාවා දුන්නේ නැහැ”

“ඔවුන් තම ආගම පාවා දුන්නේ නැහැ”

“මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය” කියා යේසුස් ක්‍රිස්තුස් සිය ගෝලයන්ට පැවසුවා. (මතෙව් 5:11) මේ අනුව ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් හා ආදර්ශය අනුගමනය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ලෝකයේ කොටසක් නොවන නිසා” දේශපාලනමය වශයෙන් කිසිම පක්ෂයක පැත්ත ගන්නේ නැහැ. ඒවගේම කුමන තත්වයක් යටතේ වුවත් දෙවිට පක්ෂපාතව සිටිනවා. මේ නිසා ඔවුන් අද දින සන්තෝෂයෙන් සිටින සෙනඟක්.—යොහන් 17:14; මතෙව් 4:8-10.

එස්ටෝනියාවේ සහ මීට කලින් පැවති සෝවියට් පාලනය සමයේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය ගැන ලුතරන් දේවධර්මාචාර්යවරයෙක් හා බයිබල් පරිවර්තකයෙකු වන ටාමස් පෝල් ලියූ පොතක මෙසේ සඳහන් වෙනවා. “වර්ෂ 1951 අප්‍රියෙල් 1දා හිමිදිරියේ සිදු වූ දේ ගැන දන්නේ ටික දෙනයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හා ඔවුන්ට සහය දක්වන සියල්ලන්වම රටින් පිටුවහල් කිරීමට දැඩි සැලැස්මක් ක්‍රියාත්මක වුණා. මේ අයගෙන් පුද්ගලයන් 279ක් අල්ලාගෙන සයිබීරියාවට පිටුවහල් කරනු ලැබුවා. . . . රටින් පිටුවහල් කිරීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් වැළකීමට නම් ඔවුන් තම ආගම අත්හරින බවට යම් ලියවිල්ලකට අත්සන් කිරීම සඳහා ඔවුන්ට අවස්ථාවක් දුන්නා. . . . මීට කලින් අත් අඩංගුවට ගනු ලැබූ අය ඇතුළුව 353දෙනෙක්ද ඔවුන්ගේ සභාවන් සමඟ සුළු වශයෙන් හෝ සම්බන්ධයක් තිබූ පුද්ගලයන් 171ක්ද ඒ සමඟ සිටියා. ඔවුන් තම ආගම පාවා දුන්නේ නැහැ. සයිබීරියාවේදීවත් එසේ කළේ නැහැ. . . . නමුත් [එස්ටෝනියානු ලුතරන්] පල්ලියේ බොහෝදෙනෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තිබූ ඇදහිල්ල නම් තිබුණේ නැති බව කිව යුතුයි.” —Kirik keset küla (ගම මැද පල්ලිය).

ලොව වටා වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් අඛණ්ඩව විශ්වාස කරන්නේ කොතරම් පීඩා තිබුණත් දෙවිට විශ්වාසවන්තව කීකරුව සිටීමට දෙවි ඔවුන්ට උපකාර කරන බවයි. ඒ වගේම තමන්ගේ විශ්වාසවන්තභාවයට ලැබෙන විපාකය මහත් බවද දන්නා ඔවුන් ඒ ගැන ඉතා සතුටු වෙනවා.—මතෙව් 5:12.