කෙනෙක් ඔබට වරදක් කළොත් . . . ?
කෙනෙක් ඔබට වරදක් කළොත් . . . ?
බයිබලයේ දේශනාකාරයා 7:9හි පවසන්නේ මෙයයි. “තරහ රඳන්නේ අඥානයන්ගේ ළයෙහිය.” මෙම පදයෙන් පැහැදිලි වෙන්නේ කවුරුහරි අපේ සිත රිදෙව්වොත් ඉක්මණින් කේන්ති ගන්න එක සුදුසු නැති බවයි. ඒ වෙනුවට අපි සමාව දීමට කැමැත්තෙන් සිටිය යුතු බවයි.
කෙසේනමුත් දේශනාකාරයා 7:9හි අපට කියන්නේ ඕනෑම කෙනෙක් කියන හෝ කරන ඕනෑම දෙයකට අපි කවදාවත් කේන්ති ගන්න එක සුදුසු නැති බවද? ඒ වෙනුවට අපට විරුද්ධව කරන හැම වරදකටම, ඒ කියන්නේ ඒවා කොතරම් බරපතළ වුණත්, ඒවා නැවත නැවත කළත් අපි ඒවාට සමාව දිය යුතු බවද? එහෙමත් නැත්නම් මම කියපු හෝ කරපු දෙයක් නිසා වෙන කෙනෙකුගේ සිත රිදුණත්, එයා අනිවාර්යයෙන්ම මට සමාව දිය යුතු බව මම දන්න නිසා මම එයාගේ හිත රිදවන එක සුදුසු දෙයක් වෙයිද? නැහැ! ඒ පදයෙන් එවැනි දේවල් අදහස් කරන්නේ නැහැ.
ප්‍රේමය, දයාව, සමාව දීම සහ බොහෝ ඉවසිලිවන්තකම යන ගුණාංග විදහා පෙන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය වන්නේ යෙහෝවා දෙවියි. ඒත් යෙහෝවා දෙවි උදහස් වූ අවස්ථා කිහිපයක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. වරද බරපතළ වූ විට ඔහු වරදකරුවන්ට දඬුවම් කළා. ඒ ගැන උදාහරණ කිහිපයක් සලකා බලමු.
යෙහෝවා දෙවි උදහස් වූ අවස්ථා
“යෙහෝවා උදහස් කිරීමෙන් යෙරොබොවම් විසින් කරන ලද්දාවූ කරන්ට ඊශ්‍රායෙල්ට සැලැස්සුවාවූ පව්” ගැන 1 රාජාවලිය 15:30හි සඳහන් වෙනවා. බයිබලයේ 2 ලේකම් 28:25හි “අන් දෙවිවරුන්ට සුගන්ධ ද්‍රව්‍ය දවන පිණිස උස් තැන් සාදා ඔහුගේ පියවරුන්ගේ දෙවි වූ යෙහෝවා උදහස්” කළ යූදාහි ආහාස් රජ ගැනත් ලියැවී තිබෙනවා. තවත් උදාහරණයක් විනිශ්චයකාරයෝ 2:11-14හි දැකගන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ “ඊශ්‍රායෙල් පුත්‍රයෝ යෙහෝවා ඉදිරියෙහි නපුරුව තිබුණු දේ කොට බාල් දේවතාවුන්ට මෙහෙ කරමින් . . . යෙහෝවා උදහස් කෙරෙව්වෝය. . . . යෙහෝවාගේ උදහස ඊශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ඔහු ඔවුන් කොල්ලගත් කොල්ලකාරයන් අතට පාවා . . . දුන්නේය” කියායි.
ඉහත සඳහන් වූයේ යෙහෝවා දෙවි උදහස් වූ අවස්ථා කිහිපයක්. දෙවි උදහස් වීමට හේතු වූ තවත් කාරණාද තිබෙනවා. ඒවා ගැන ඔහු දැඩි පියවර ගත්තා. නිදසුනක් වශයෙන් නික්මයාම 22:18-20හි සඳහන් වෙන්නේ මෙයයි. “මායාකාරියකට ජීවත් වන්ට ඉඩ නොහරින්න. මෘගයෙකු සමඟ සංවාසය කරන කවරෙක් නමුත් සැබවින් මරනු ලබන්නේය. යෙහෝවාට පමණක් මිස අන් දෙවියෙකුට පූජා කරන්නෙක් සහමුලින් විනාශ කරනු ලබන්නේය.”
පුරාණ ඊශ්‍රායෙල්වරු තමන් කළ බරපතළ වැරදි ගැන පසුතැවිලි නොවී දිගින් දිගටම ඔහුව උදහස් කළ විට යෙහෝවා ඔවුන්ට සැමවිටම සමාව දුන්නේ නැහැ. තමන් කළ වැරදි අත්හැර පසුතැවිලි වූ බවට ඔවුන් තම ක්‍රියා තුළින් පෙන්වීමට අවශ්‍ය වුණා. එසේ නොකළ වැරදිකරුවන්ව දෙවි විනාශ කළා. එවැනි විනාශයකට ජාතියක් හැටියටත් ඊශ්‍රායෙල්වරුන්ට මුහුණ දෙන්න සිදු වුණා. ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් අතින්ද, ක්‍රි.ව. 70දී රෝමවරුන් අතින්ද එසේ සිදුවීමට යෙහෝවා ඉඩ හැරියා.
මෙසේ මිනිසුන් කරන සහ කියන දුෂ්ට දේවල් ගැන යෙහෝවා උදහස් වන අතර බරපතළ වැරදි කර පසුතැවිලි නොවන අයව යෙහෝවා විනාශයට පත් කරන බවත් අපට පැහැදිලියි. නමුත් මේ නිසා දේශනාකාරයා 7:9හි සඳහන් කරන අයගේ ගණයට දෙවි අයත් වන බව මින් අදහස් කරනවාද? එසේ නොවෙයි. බරපතළ වැරදි ගැන දෙවි උදහස් වෙන එක යුක්තිසහගත දෙයක් වන අතර ඔහු නිතරම විනිශ්චය කරන්නේ සාධාරණවයි. බයිබලයේ යෙහෝවා ගැන සඳහන් වෙන්නේ මෙයයි. “දෙවිගේ වැඩ සම්පූර්ණය; මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය; දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි; දෙවි සාධාරණය, ධර්මිෂ්ඨය.”—ද්විතීය කතාව 32:4.
බරපතළ වැරදි
දෙවි පුරාණයේ ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය යටතේ ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව බරපතළ වැරදි කළ අයට දරුණු ප්‍රතිඵල ලැබුණා. නිදසුනකට රාත්‍රියේදී සොරෙක් යම් නිවසකට ඇතුළු වූ අවස්ථාවකදී ගේහිමියාට ඔහුව හසු වී ඔහු අතින් ඒ සොරා මරණයට පත් වුණොත් සිදු වූ ඒ මරණයට ගේහිමියා වගකිව යුතු නික්මයාම 22:2, නව අනුවාදය.
වුණේ නැහැ. මෙහිදී සොරකම නමැති අපරාධයට ලක් වූ තැනැත්තා වූයේ ගේහිමියායි. බයිබලය අපට පවසන්නේ මෙයයි. “ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, [ගේහිමියා] වරදකරුවෙක් නොවේ.”—යෙහෝවා දෙවි ස්ත්‍රී දූෂණය සලකන්නේ බරපතළ වරදක් ලෙසටයි. ස්ත්‍රී දූෂණයට ගොදුරු වූ කාන්තාවකට තමාට සිදු වූ දෙය ගැන කොහොමටවත් සුළුවෙන් සිතන්න බැහැ. මෝසෙස්ගේ නීතිය යටතේ ස්ත්‍රියක්ව දූෂණය කළ පුද්ගලයාව මරණයට පත් කළා. “මනුෂ්‍යයෙකු තමාගේ අසල්වාසියාට විරුද්ධව නැඟිට ඔහු මරන” විට සිදු විය යුතු දෙයට මෙය සමාන වුණා. (ද්විතීය කතාව 22: 25, 26) අපි දැන් මෝසෙස්ගේ නීතිය යටතේ සිටියේ නැතත්, ස්ත්‍රී දූෂණය නමැති පිළිකුල්සහගත වරද දිහා යෙහෝවා දෙවි බලන ආකාරය ගැන අපට එයින් අවබෝධයක් ලැබෙනවා.
මේ කාලයේදීත් ස්ත්‍රී දූෂණය සලකනු ලබන්නේ බරපතළ වරදක් හැටියටයි. ඒ සඳහා තද දඬුවම් නියම කරනු ලබනවා. ඊට ගොදුරු වූ තැනැත්තියට අයිතියක් තිබෙනවා ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න. එසේ කළහොත් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට අයිතිය තිබෙන බලධාරීන්ට ඒ වරදකරුට දඬුවම් කිරීමට හැකි වෙනවා. ස්ත්‍රී දූෂණයට ලක් වූ තැනැත්තිය බාල වයස්කාරියක් නම්, ඒ සඳහා මූලික පියවර ගත යුත්තේ ඇයගේ දෙමාපියන් විසිනුයි.
සුළු සුළු වැරදි
කොහොමනමුත් හැම වරදක්ම බලධාරීන්ට මැදිහත් වීමට තරම් බරපතළ වැරදි නෙවෙයි. අන් අය කරන එවැනි සුළු සුළු වැරදි ගැන අනවශ්‍ය විදිහට කේන්ති ගන්නවා වෙනුවට ඒ අයට සමාව දීමට අපි කැමැත්තෙන් සිටිය යුතුයි. අපි කී වරක් සමාව දිය යුතුද? පේතෘස් යේසුස්ගෙන් මෙහෙම ඇහැව්වා. “ස්වාමිනි, මට විරුද්ධව පව් කරන මාගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද? හත් වරක් දක්වාද?” යේසුස් මතෙව් 18:21, 22.
ඔහුට පිළිතුරු දුන්නේ “මම ඔබට කියමි, හත් වරක් දක්වා නොව, නමුත් හැත්තෑහත් වරක් දක්වාය” කියායි.—අපි කියන හෝ කරන දේවල් තුළින් අන් අයගේ සිත් රිදවන අවස්ථා පුළුවන් තරම් අඩු කිරීමට අපි උත්සාහයක් දැරිය යුතුයි. මෙය ක්‍රිස්තියානීන් හැටියට අපේ ජීවිතය තුළ අපි දියුණු කළ යුතු පැත්තක්. නිදසුනකට අන් අය සමඟ කටයුතු කරද්දී ඔබ ඔවුන්ගේ හැඟීම් ගැන සිතන්නේ නැතුව ඔබගේ සිතට එන ඕනෑම දෙයක් මූණටම කියන්න හදිසි වෙනවාද? ඔබ අන් අයව පහත් කරලා කතා කරන්න පුරුදු වෙලා සිටින කෙනෙක්ද? එවැනි පුරුදු නිසා අන් අයගේ සිත රිදෙන්න පුළුවන්. එසේ සිත රිදුණු කෙනෙකුට දොස් කියනවා වෙනුවට, එහෙමත් නැත්නම් ‘එයාගේ සිත රිදුණා නම් මට කරන්න දෙයක් නැහැ, එයාට යුතුකමක් තියෙනවා මට සමාව දෙන්න’ කියා සිතනවා වෙනුවට, ඒ පුද්ගලයාගේ සිත රිදුණේ තමා කරපු හෝ කියපු දෙයක් නිසා බව සිත රිදවූ කෙනා තේරුම්ගන්න අවශ්‍ය වෙනවා. තමා කතා කරන ආකාරයෙන් හෝ ක්‍රියා කරන ආකාරයෙන් අන් අයගේ සිත රිදවීමෙන් වැළකීම සඳහා එසේ සිත රිදවන කෙනා මුල් පියවර ගත යුතුයි. අපි එලෙස ක්‍රියා කරනවා නම් අපේ අතින් අන් අයගේ සිත රිදවන අවස්ථා අඩු කරගන්න අපිට හැකි වෙනවා. “කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා කරන්නෙක් ඇත; එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ” කියා බයිබලය අපට මතක් කරනවා. (හිතෝපදේශ 12:18) අපි හිතා මතා එසේ නොකළත් අප කියන හෝ කරන දෙයක් නිසා වෙනත් කෙනෙකුගේ සිත රිදුණා නම් ඒ කෙනාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් ඇති විය හැකි ගැටලු රාශියක් නිරාකරණය කරන්න පුළුවන් වෙයි.
“සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද” අපි ලුහුබැඳිය යුතු බව දේවවචනය පවසයි. (රෝම 14:19) අන් අයගේ හැඟීම් කල්පනාවට ගෙන ඔවුන් සමඟ කාරුණිකව කටයුතු කරද්දී අපට මේ හිතෝපදේශය අදාළ වෙනවා. “නිසි කලට කී වචනයක් රිදී පෙට්ටිවල රන් පල මෙනි.” (හිතෝපදේශ 25:11) ඒ විදිහට ක්‍රියා කරනවා නම් අපිත් අනිත් අය ප්‍රිය කරන ප්‍රසන්න පුද්ගලයන් වේවි! ඒ විතරක් නෙවෙයි, අපි අන් අයගේ හැඟීම් සැලකිල්ලට ගෙන මෘදුව කතා කරන විට තමා කියන කරන දේවල් විතරක් හරියි කියා සිතන පුද්ගලයෙක් වුවත් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. ‘මොළොක් දිවෙන් ඇට බිඳෙයි’ යන්න කොතරම් සත්‍යයක්ද!—හිතෝපදේශ 25:15.
දේවවචනය අපට අවවාද කරන්නේ මෙසේ කිරීමටයි. “ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.” (කොලොස්සි 4:6) කතාව “ලුණෙන් රසවත්” කිරීමෙන් අදහස් කරන්නේ, අන් අයට සවන් දීමට ප්‍රිය හිතෙන ප්‍රසන්න ආකාරයට කතා කිරීමයි. එමඟින් අන් අයගේ සිත රිදවීමට තිබෙන ඉඩ කඩ අඩු කරගත හැකියි. බයිබලය අපට කියන්නේ ‘සමාදානය සොයා, එය ලුහුබඳින්නටයි.’ එදිනෙදා ජීවිතයේ අන් අය සමඟ කතා කරද්දී සහ එකට දේවල් කරද්දී ක්‍රිස්තියානීන් එම අවවාදය පිළිපැදීමට උත්සාහ කරනවා.—1 පේතෘස් 3:11.
මේ අනුව අන් අය කරන සුළු සුළු වැරදි ගැන දේශනාකාරයා 7:9 කතා කරනවා කියා සිතිය හැකියි. ඒවා ඔවුන් කරන්නේ තමන් තුළ වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව නිසා හෝ හිතා මතාම හෝ විය හැකියි. එවැනි අවස්ථාවලදී අපි කේන්ති ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ඒ පදය අපට පෙන්වා දෙනවා. නමුත් කළ වැරැද්ද බරපතළ පාපයක් නම් ඊට ගොදුරු වූ පුද්ගලයා කෝපවීම සාධාරණ දෙයක් වන අතර ඒ සඳහා සුදුසු පියවර ගැනීම සඳහා තීරණය කිරීමටත් ඔහුට අයිතියක් තිබෙනවා.—මතෙව් 18:15-17.
[14වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තු වර්ෂ 70දී පසුතැවිලි නොවූ ඊශ්‍රායෙලිතයන්ව විනාශ කිරීමට යෙහෝවා දෙවි රෝමවරුන්ට ඉඩ හැරියා
[15වන පිටුවේ පින්තූරය]
“නිසි කලට කී වචනයක් . . . රන් පල මෙනි”