Skip to content

පටුනට යන්න

ගමන වෙහෙසකරයි, ප්‍රතිඵල සිත පිනවයි!

ගමන වෙහෙසකරයි, ප්‍රතිඵල සිත පිනවයි!

ගමන වෙහෙසකරයි, ප්‍රතිඵල සිත පිනවයි!

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ වෙසෙන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ගැන අපට මෙවැනි වාර්තාවක් ලැබුණා. යුද්ධයේ බලපෑමට හසු වූ ප්‍රදේශයක ජීවත් වන ඔවුන්, ඉතා ඈතින් පිහිටි ලිසාලා නම් නගරයේ පවත්වනු ලැබූ “දෙවිට ප්‍රශංසා කරන්න” යන තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙන්න තීරණය කළා. ඒ සමුළුවේදී තම ජීවිතවලට ප්‍රයෝජනවත් වන බයිබල් උපදෙස් ලබාගන්න අතරතුර තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟද හොඳ ඇසුරක් භුක්ති විඳින්න ඔවුන් බලාපොරොත්තු වුණා. ඊට අමතරව ඔවුන් ආශාවෙන් බලා සිටියේ කින්සාසවල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් පැමිණෙන සහෝදරයන්ව හමුවෙන්නයි. ඒ රටේ පැවති සිවිල් යුද්ධය නිසා ශාඛා කාර්යාලයේ කිසිම කෙනෙක්ව ඔවුන්ට වසර ගණනාවක් පුරා මුණගැහිලා තිබුණේ නැහැ.

මේ සහෝදරියන් දෙදෙනා ඔවුන්ගේ ගම වන බාසේකූසූ සිට ලිසාලාවලට ගංගා දෙකක් දිගේ ගමන් කළේ ඔරුවකින්. මේ ගමනේදී ඔවුන්ට කැලෑ ප්‍රදේශත් පහු කරන්න සිදු වුණා. මේ ආකාරයෙන් ඔවුන් කිලෝමීටර් 300ක දුරක් සති තුනක කාලයක් පුරා ගමන් කළා. පූර්ණ කාලීන දේවසේවකයන් ලෙස මේ දෙදෙනා, එක්කෙනෙක් වසර 3කුත් අනික් කෙනා වසර 19කුත් සේවය කර තිබෙනවා. ඉතින් ඔවුන් මේ ගමනේදී දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන මිනිසුන් සමඟ කතා කිරීමටත් කාලය වැය කළා. ඔවුන්ට හමු වූ අයට දේශනා කිරීම සඳහා ඔවුන් පැය 110ක් වැය කළ අතර, පත්‍රිකා 200කුත් සඟරා 30කුත් බෙදාදීමට ඔවුන්ට හැකි වුණා.

ඔවුන් ගමන් කළ ගංගාවල හිපපොටේමස් සහ කිඹුල්ලු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා පරෙස්සමින් ඔරුව හසුරුවන්න ඔවුන්ට සිදු වුණා. අඳුර වැටුණාට පස්සේ කොහොමටවත් ගමන් කරන්න බැහැ. තැන් කිහිපයකදීම හමුදාව විසින් කරන ලද පරීක්ෂණවලටත් ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණා.

මෙය දිගු වෙහෙසකාරී ගමනක් වුවත්, මේ සහෝදරියන් දෙදෙනා ඒ ගමන ගියේ ගොඩාක් සතුටින්. ලිසාලාහි පැවති සමුළුවට පැමිණීමට හැකිවීම ගැන ඔවුන් දෙදෙනාම ගොඩාක් සතුටු වුණා වගේම ඒ ගැන ඔවුන් දෙවිටත් ස්තුතිවන්ත වුණා. සත්‍යය සඳහා ඔවුන්ගේ සිත්වල තිබුණේ මහත් උද්‍යෝගයක්. ඒ වගේම පැමිණ සිටි සහෝදර සහෝදරියන් 7000දෙනාව දැකගැනීමට ලැබීමෙනුත් ඔවුන් ලැබුවේ මහත් දිරිගැන්වීමක්. සමුළුවට එද්දී ඔවුන්ට මුහුණ දීමට තිබූ එම අභියෝගවලටම සමුළුවෙන් පසුව ගෙදර යද්දීත් ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන් නැවත පැමිණි විට යුධ වාතාවරණයක් මැද වුවද ඔවුන්ගේ පවුලේ අය සුරක්ෂිතව සිටිනවා දැකීමෙන් ඔවුන් ලොකු සහනයක් ලැබුවා.