Skip to content

පටුනට යන්න

බයිබලය කෙරෙහි දැක්වූ උනන්දුවට පැසසුම්

බයිබලය කෙරෙහි දැක්වූ උනන්දුවට පැසසුම්

බයිබලය කෙරෙහි දැක්වූ උනන්දුවට පැසසුම්

මාරිආනා, ඉතාලියේ දකුණු ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඇගේ වයස අවුරුදු 18යි. ඇය ඉගෙනගන්නේ උසස් පෙළ අවසාන වසරේ. ඇගේ පාසැලේ තවත් සාක්ෂිකාර ළමුන් කිහිපදෙනෙක්ද සිටිනවා.

මාරිආනා මෙසේ ලියනවා. “දැන් අපි අවුරුදු කිහිපයක් තිස්සේම පාසැලේ විවේක කාලයේදී දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොතෙන් දිනපදය සාකච්ඡා කරනවා. අපට එසේ කරන්න තිබුණු එකම තැන වුණේ ගුරුවරුන්ගේ විවේකාගාරය අසල කොරිඩෝරයේ විතරයි. එතන හුඟාක් නිස්කලංක තැනක් නොවෙයි. එතැනින් එහාට මෙහාට ගිය ගුරුවරුන්ගෙන් වැඩිදෙනෙක් දැක්කා අපි කරන දේ. සමහර ගුරුවරු නැවතිලා අපි කරන දේ බලං හිටියා. මේ වගේ අවස්ථාවල ඔවුන් අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අපට බොහෝවිට හැකි වුණා. හැමදාම වගේ අඩුම තරමින් එක ගුරුවරයෙක්වත් එතන නැවතිලා අපිත් එක්ක කතා කරලා යනවා. කිහිපදෙනෙක්ම අපි කරන බයිබල් සාකච්ඡාව අහගෙන හිටියා විතරක් නෙවෙයි, අපි බයිබලයේ තිබෙන දේවල් ගැන උනන්දුවක් දක්වන එක ගැන අපව පැසසුමට පවා ලක් කළා. එක දවසක් අපේ උපවිදුහල්පති තුමා අපට ආරාධනා කළා ගුරුවරුන්ගේ විවේකාගාරයේ අපේ සාකච්ඡාව පවත්වන්න කියලා.

“අපි දිනපදය සාකච්ඡා කරන තැන දැක්කට පස්සේ අපේ පන්තියේ ගුරුතුමා විදුහල්පති තුමාගෙන් ඉල්ලීමක් කළා අපට අපේ සාකච්ඡාව පන්ති කාමරයක පවත්වන්න පුළුවන්ද කියලා. මොකද එවැනි තැනක් වඩාත් නිස්කලංක තැනක් නිසා. විදුහල්පති තුමා මේ ඉල්ලීමට කැමති වුණා. අපි අනිත් අයට දෙන හොඳ ආදර්ශය ගැන අපේ පන්තියේ ගුරුතුමා මුළු පන්තියම ඉදිරිපිටදී අපට ප්‍රශංසා කළා. යෙහෝවා අපිට දීලා තිබෙන මේ උතුම් වරප්‍රසාදය ගැන අපි හැමෝම හුඟාක් සතුටු වෙනවා.”