Skip to content

පටුනට යන්න

එකිනෙකාට විශ්වාසවන්තව සිටීම ඇත්තටම වටිනවාද?

එකිනෙකාට විශ්වාසවන්තව සිටීම ඇත්තටම වටිනවාද?

එකිනෙකාට විශ්වාසවන්තව සිටීම ඇත්තටම වටිනවාද?

කාල් රක්ෂණ සමාගමක නියෝජිතයෙක්. යෙන්ස් නම් පුද්ගලයාට ඔහු මෙහෙම කිව්වා. * “ඔයාගේ සෞඛ්‍ය රක්ෂණයට ඔයා ලොකු මුදලක් ගෙවනවානේ. හැබැයි ඔයා අපේ සමාගමෙන් රක්ෂණයක් ගත්තොත්, ඔයාට රුපියල් 2000ක පමණ මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඒක කොච්චර ලොකු මුදලක්ද!”

“ඔව්, ඒක ඇත්ත වෙන්න පුළුවන්, හැබැයි මේ සමාගම එක්ක මම අවුරුදු ගාණක් තිස්සේ ගනු දෙනු කරනවා. ඒ වගේම ඒ අය මට ඉස්සර හරියට උදව් කරලත් තියෙනවා. ඒ අය මට හරි විශ්වාසයි. අනික ඒ අය මං ගැන තියලා තියෙන ඒ විශ්වාසය කඩ කරන්න මට බැහැ” කියා යෙන්ස් ඔහුට කිව්වා.

“විශ්වාසය රකින එක හොඳ දෙයක් තමයි, හැබැයි ඒ විශ්වාසය රකින්න ගිහිල්ලා ඔයාට සෑහෙන මුදලක් වියදම් කරන්න වෙනවා නේද?”

කාල් කී දේ ඇත්තක්. කෙනෙක්ගේ විශ්වාසය රකින්න යෑමෙන් අපිට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒකට කාලය, ශක්තිය හා බැඳීමක් ඇති කරගැනීමටත් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න තරම් විශ්වාසවන්තකම කියන දේ එච්චරටම වටිනවාද?

විශ්වාසවන්තකමට කවුරුත් කැමතියි, නමුත් රකින්නේ ටිකදෙනයි

ජර්මානු ආයතනයක් මඟින් පැවැත්වූ සමීක්ෂණයකට සහභාගි වූ අයගෙන් සියයට 96දෙනෙක් විශ්වාසවන්තකමට කැමති වූ බව හෙළි වුණා. දෙවෙනි සමීක්ෂණය පැවැත්වුණේ වයස අවුරුදු 18ත් 24ත් අතර සිටි අය අතරයි. ඔවුන්ගෙන් 3දෙනෙකුගෙන් 2දෙනෙක්ම විශ්වාසවන්තකමට කැමැත්තක් දැක්වූවා.

ඇත්තයි, හුඟදෙනෙක් විශ්වාසවන්තකමට කැමතියි, ඒ වුණත් ඇත්තටම විශ්වාසවන්තව සිටිනවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එහෙම සිටින්නේ ටිකදෙනයි. උදාහරණයක් හැටියට යුරෝපීය රටවල් බොහොමයක සිටින විවාහකයන් හෝ පවුලේ අය අතර එකිනෙකාට විශ්වාසවන්තව සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. එකට ඉන්න යාළුවෝ පවා එකිනෙකාගේ විශ්වාසය කඩ කරනවා. මීට පෙර කාලවලදී ස්වාමියා හා සේවකයා අතර තිබූ විශ්වාසයද ව්‍යාපාරිකයා හා ගනු දෙනුකරුවා අතර තිබූ විශ්වාසයද පිරිහිලා ගිහින්. මෙහෙම වෙලා තියෙන්නේ ඇයි?

අද දින බොහෝදෙනෙකුගේ ජීවිතවල තියෙන කලබලකාරී බව නිසා තව කෙනෙකුට කන් දෙන්න, කතා කරන්න, තමන්ගේ හැඟීම් බෙදාගන්න ඔවුන්ට වෙලාවක් නැහැ. ඒත් එකිනෙකා අතර ශක්තිමත් විශ්වාසයක් ඇති වීමට මේ දේවල් අත්‍යවශ්‍යයි. සමහරු තමන් දැඩි ලෙස විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසය කඩ කළොත් වෙනත් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. තවත් අය හිතන්නේ ඒ මොහොතට ලැබෙන වාසිය ගැන විතරයි. ඒ නිසාත් කෙනෙක්ගේ විශ්වාසය දිනාගන්න ඔවුන් අසමත් වෙනවා.

මොනවාවුණත්, බොහෝදෙනෙක් විශ්වාසවන්තකමට ප්‍රිය කළත්, එය රකින්නේ සුළු පිරිසක් පමණයි. එසේනම් අපටම මෙසේ අසාගන්න පුළුවන්. එකිනෙකාට විශ්වාසවන්තව සිටීම ඇත්තටම වටිනවාද? එසේම අප විශ්වාසවන්ත විය යුත්තේ කාටද? කුමන ආකාරවලින්ද? විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[පාදසටහන්වල]

^ 2 ඡේ. මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් ඇති සමහර නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බොහෝදෙනෙක් විශ්වාසවන්තකමට ප්‍රිය කළත්, එය රකින්නේ සුළු පිරිසක් පමණයි