Skip to content

පටුනට යන්න

ඇත්තටම යක්ෂයා කියා කෙනෙක් ඉන්නවාද?

ඇත්තටම යක්ෂයා කියා කෙනෙක් ඉන්නවාද?

ඇත්තටම යක්ෂයා කියා කෙනෙක් ඉන්නවාද?

යක්ෂයා ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ සිතන විදිහට යක්ෂයා කියන්නේ මිනිසුන්ව නපුරු දේවලට පොලඹවන කෙනෙක්ද? නැත්නම් මිනිසුන් තුළ තිබෙන නපුරු ගතිලක්ෂණද? යක්ෂයා කියන්නේ බිය විය යුතු කෙනෙක්ද? එසේත් නැත්නම් ප්‍රබන්ධ කථාවල සඳහන් සිතින් මවාගත් පුද්ගලයෙක් ලෙස සලකා ගණන් නොගත යුතු කෙනෙක්ද? “යක්ෂයා” කියන වචනයෙන් අදහස් කරන්නේ ලෝකයේ පවතින විනාශකාරී බලයක්ද? නැත්නම් අද සිටින දේවධර්මාචාරීන් කියා සිටිනවා වගේ යක්ෂයා කියන්නේ මිනිසුන් තුළ පවතින නපුරේ ස්වභාවයටද?

යක්ෂයා කියන්නේ කවුද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මිනිසුන් එකිනෙකට වෙනස් මත දැරීම ගැන පුදුම විය යුතු නැහැ. තමන්ව හඳුනාගත නොහැකි වන ආකාරයට වෙස් වලාගෙන සිටින අතිදක්ෂ පුද්ගලයෙකුව හඳුනාගැනීම කොතරම් අමාරු දෙයක්ද කියා සිතා බලන්න. බයිබලයේ යක්ෂයාව විස්තර කරන්නේ එවැනි පුද්ගලයෙකු ලෙසයි. සාතන් කියාද හඳුන්වනු ලබන යක්ෂයා ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින්නේය.” (2 කොරින්ති 11:14) යක්ෂයා නපුරු කෙනෙක් වුණත් සැමවිටම වෑයම් කරන්නේ හොඳ කෙනෙක් වගේ පෙනී සිටිමින් අන් අයව මුළා කරන්නයි. තමන් ඇත්තටම පවතින්නේ නැහැ කියා මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වුණොත් තමන්ගේ අරමුණ හොඳින් ඉටු කරගත හැකි බව ඔහු දන්නවා.

මේ නිසා අපි මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැන සිටීම වැදගත්. ඇත්තටම යක්ෂයා කියන්නේ කවුද? ඔහු බිහි වුණේ කවදාද? කොහොමද? ඔහු මේ කාලයේ මිනිසුන්ට බලපෑම් කරන්නේ කොහොමද? ඔහුගේ බලපෑම්වලට හසු නොවී සිටීම සඳහා අපිට කළ හැක්කේ මොනවාද? යක්ෂයාගේ ආරම්භයේ සිටම ඔහු ගැන සත්‍යය තොරතුරු බයිබලයේ සඳහන් වන නිසා එම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගත හැක්කේ බයිබලයෙන්.

[3වන පිටුවේ පින්තූරය]

වෙස් වලාගෙන සිටින කෙනෙකුව හඳුනාගැනීම කොයිතරම් අමාරුද!