Skip to content

පටුනට යන්න

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි

ඉහත පින්තූරයේ තිබෙන්නේ “දෙවි සමඟ ගමන් කරන්න” යන තේමාව යටතේ 2004/05 වසර ඇතුළත පවත්වනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුවලදී මුදාහරිනු ලැබූ පොත් පිංචයක්. ඒ පොත් පිංචය නිර්මාණය කිරීමේ අරමුණ වුණේ හැකිතරම් ජනයාට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දැනගැනීමට සැලැස්වීමයි. (මතෙව් 24:14) එහි සිංහල පිටපතට පිටු 32ක් තිබෙන අතර දේවරාජ්‍යය ගැන කෙටි පණිවුඩයක් භාෂා 29කින් සඳහන් වෙනවා. මේ පොත් පිංචයෙන් ලැබී තිබෙන ප්‍රතිඵල ගැන මතු සඳහන් වන අද්දැකීම්වලින් පැහැදිලි වෙයි.

• සමුළුවේදී පොත් පිංචය ලබාගත් එක් සාක්ෂිකාර පවුලක් ජාතික උද්‍යාන තුනකට ගියා. එහිදී ඉන්දියාවෙන්, නෙදර්ලන්තයෙන්, පකිස්ථානයෙන් සහ පිලිපීනයෙන් පැමිණි අයව ඔවුන්ට හමු වුණා. “ඒ හැම කෙනාටම ඉංග්‍රීසි භාෂාව ටිකක් හරි කතා කරන්න පුළුවන් වුණත් අපි ඔවුන්ගේම මව්බසින් ඇති ඒ පණිවුඩය පෙන්නුවාම ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. අපේ වැඩය ලෝක ව්‍යාප්තව කරන එකක් බවත් විවිධ රටවල්වල සිටින අපගේ සාමාජිකයන් අතර සමගියක් තිබෙන බව ඔවුන්ට ඒ තුළින් මනාව පැහැදිලි වුණා” කියා ඒ සාක්ෂිකාර පවුලේ පියා පැවසුවා.

• තවත් සාක්ෂිකාරියක් තමා සමඟ වැඩ කරන ඉන්දියානු ජාතිකයෙකුට ඒ පොත් පිංචය පෙන්නුවා. ඒකේ තිබුණු භාෂා ගණනාව දැකලා ඔහු පුදුමයට පත් වුණා. තම මව් භාෂාවෙන් රාජ්‍ය පණිවුඩය දැක්ක ගමන්ම ඔහු ඒක කියෙව්වා. මෙය බයිබලය ගැන සාකච්ඡා බොහොමයකට මඟ පෑදුවා. ඒ සාක්ෂිකාරිය සමඟ වැඩ කරන පිලිපීන ජාතික කාන්තාවක් ඒ පොත් පිංචයේ තම මව්බසින් පණිවුඩය තිබෙනවා දැකලා ගොඩාක් පුදුම වුණා. ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තවත් විස්තර දැනගන්න කැමති වුණා.

• නේපාලයෙන් කැනඩාවට පැමිණ සිටි කාන්තාවක් සාක්ෂිකාර සහෝදරියක් එක්ක දූරකථනය මාර්ගයෙන් බයිබලය පාඩම් කිරීමට කැමති වුණත් සාක්ෂිකාරියට ඇගේ නිවසට එන්න කියන්න ඇය ටිකක් අදි මදි කළා. කෙසේවෙතත් සාක්ෂිකාරිය ඇයට මේ පොත් පිංචය ගැනත් එහි නේපාල භාෂාවෙන් පවා ඒ පණිවුඩය තිබෙන බවත් විස්තර කළාම සහෝදරියව තම නිවසට ආරාධනා කරන්න ඇය ගොඩාක් සතුටු වුණා. ඇයට ලොකු උවමනාවක් තිබුණා ඒ පණිවුඩය ඇගේම මව්බසින් කියවන්න! එදා පටන් ඒ දෙන්නා බයිබල් පාඩම කරන්නේ ඒ කාන්තාවගේ නිවසේදීයි.