Skip to content

පටුනට යන්න

රුසියාවේ අලුත් අවුරුදු ගසේ මූලාරම්භය

රුසියාවේ අලුත් අවුරුදු ගසේ මූලාරම්භය

රුසියාවේ අලුත් අවුරුදු ගසේ මූලාරම්භය

අලුත් අවුරුදු කාලයේදී සරසන්න භාවිත කළ ගස 1830 ගණන්වල මුල්භාගය වන විට සැලකුවේ ‘ජර්මනියේ භාවිත කළ ලස්සන සැරසිල්ලක්’ ලෙසයි. එහෙත් එම දශකයේ අවසාන භාගයේදී අවුරුදු කාලයේ එවැනි ගස්වලින් නිවෙස් සැරසුවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ ධනවතුන් හා බලවතුන් පමණයි. . . . දහනවවන සියවසේදී එම සිරිත පූජකයන් හා ගම්වැසියන් පිළිගත්තේ නැහැ. . . .

“මෙවැනි ගස් මරණයට හා භූතයන්ට සම්බන්ධයක් තිබූ යමක් ලෙස සැලකූ නිසා අතීතයේ රුසියානු ජනයා මෙම ගසට වැඩි ප්‍රියතාවක් දැක්වූයේ නැහැ. එමෙන්ම මේවා තැබෑරුමක් පහසුවෙන් හඳුනාගැනීමේ සලකුණක් ලෙස එහි වහලය මත තැබීමේ සිරිතක්ද තිබුණා. කෙසේවෙතත් 19වන සියවසේ මැදභාගයේදී ජනයා මෙයට සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ලබා දුන්නා. . . . අලුත් අවුරුදු කාලයේදී ගෙවල් සැරසීමට මෙවැනි ගස් යොදාගත් අතර රුසියාවේ මෙය සලකන්නේ බටහිර රටවල නත්තල් ගස සලකන ආකාරයටයි. . . .

“රුසියාව තුළ මෙම ගසට ක්‍රිස්තියානි මුහුණවරක් ලබා දීම පහසු වුණේ නැහැ. අලුත් අවුරුද්ද සැමරීමේදී මෙම ගස යොදාගැනීම ගැන ඕතඩොක්ස් සභාව විරුද්ධ වූයේ එය ‘භූත ක්‍රියාවක්’ හා බොරු ආගමෙන් පැවත එන සම්ප්‍රදායක් ලෙස සැලකූ නිසයි. මෙම ගස යේසුස්ගේ උපතට කිසිම සම්බන්ධයක් නැති බවත් එය හුදෙක් බටහිර රටවලින් පැමිණි කිසි වැදගත්කමක් නැති චාරිත්‍රයක් පමණක් බවත් ඔවුන් තේරුම්ගත්තා.”—සාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්ය යෙලේනා වි. ඩුෂෙන්කිනා.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූපය: Nikolai Rakhmanov