ඔවුන් තම දෙමාපියන්ගේ සිත් සතුටු කළා
ඔවුන් තම දෙමාපියන්ගේ සිත් සතුටු කළා
“මාගේ පුත්‍රය, ඔබේ සිත ඥානවන්ත වී නම් මාගේ සිත ප්‍රීති වන්නේය.” (හිතෝපදේශ 23:15) තම දරුවන්ට දිව්‍ය ප්‍රඥාව ලැබෙද්දී ක්‍රිස්තියානි දෙමාපියන්ට හැඟෙන්නෙත් ඒ ආකාරයටමයි. වර්ෂ 2005 සැප්තැම්බර් 10වන සෙනසුරාදා පැවති, 119වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ ශිෂ්‍යයන්ට පැවරුම් පිරිනැමීමේ වැඩසටහනට විවිධ රටවල්වලින් 6,859දෙනක් පැමිණ සිටියා. ඒ හැමෝටම, විශේෂයෙන් ඒ ශිෂ්‍යයන් 56දෙනාගේ දෙමාපියන්ට එදා දවස ඉතාමත්ම ප්‍රීතිමත් දවසක් වුණා.
කාලයක් පුරා එක්සත් ජනපදයේ බෙතෙල්හි සේවය කරන ඩේවිඩ් වෝක ඉදිරිපත් කළ හෘදයාංගම යාච්ඤාවකින් වැඩසටහන ආරම්භ වුණා. ඒ වැඩසටහනේ සභාපති ලෙස සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන්, පැමිණ සිටි මව්වරුන්ටත් පියවරුන්ටත් මෙහෙම පැවසුවා. “ඕගොල්ලෝ ප්‍රශංසාව ලබන්න වටිනවා. විදේශ රටක සේවය කිරීමට පෙලඹෙන තරමට හොඳ ගුණාංග ඕගොල්ලන්ගේ දුවලා පුතාලා තුළ ඇති වුණේ ඔයාලා නිසයි.” තම දුවලා පුතාලා ඉක්මනින්ම ඈත රටවල්වල සේවය කිරීමට පිටත් වී යන නිසා, ඒ දෙමාපියෝ ටිකක් දුකින් ඉන්නත් ඇති. ඒත් සහෝදර ස්ප්ලේන් ඔවුන්ව සනසමින් පැවසුවේ “ඕගොල්ලන්ගේ දරුවන් ගැන හිතලා දුක් වෙන්න එපා. ඕගොල්ලන්ටත් වඩා හොඳට යෙහෝවා ඒගොල්ලන්ව බලාගනියි” කියලයි. ඔහු මෙහෙමත් පැවසුවා. “දුක්විඳින මිනිසුන්ට ඕගොල්ලන්ගේ දුවලා පුතාලා අතින් සිදු වෙන්න යන යහපත ගැන හිතන්න. මුල් වතාවට ඒ මිනිසුන් සැබෑ සැනසුම අද්දකින්න යනවා.”
අන් අයට දිගටම ප්‍රීතිය ලබා දෙන ආකාරය
සභාපති කථිකයන් හතරදෙනෙක්ව හඳුන්වා දුන්නා. මුලින් කතා කළේ එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන රැල්ෆ් වොල්ස්. ඔහුගේ කතාවේ තේමාව වුණේ “ඔබේ පෙනීම බොඳ කරගන්න එපා” යන්නයි. ඔහු පැවසුවේ සත්‍යය ගැන අපිට ඇති අවබෝධය නමැති පෙනීම බොඳ වුණොත් එය කෙනෙක්ගේ ඇස් දෙක අන්ධ වෙනවාටත් වඩා අනතුරුදායක දෙයක් කියායි. ලවොදිසීයේ තිබූ සභාවේ සිටි අයට වුණේ එවැනි දෙයක්. නමුත් ඔවුන්ට උපකාර ලැබුණා. සත්‍යය ගැන අපිට ඇති අවබෝධය නමැති අපේ පෙනීම බොඳ නොවීමට ඉඩ නොදීම ඊට වඩා වැදගත්. (එළිදරව් 3:14-18) “වගකීම් දරන පුරුෂයන් දිහා යෙහෝවා බලන විදිහට බැලීමෙන් ඔබේ පෙනීම බොඳ නොවී තබාගන්න හැකියි” කියා ඒ කථිකයා පැවසුවා. සභාවේ යම් ප්‍රශ්න ඇති වුණොත් ඕනෑවට වඩා කලබල වීම සුදුසු නැහැ. සභාවල වෙන දේවල් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් දකිනවා. සුදුසු කාලයේදී ඔහු ඒ ප්‍රශ්න විසඳයි.
ඊළඟට පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සැමුවෙල් හර්ඩ්, “ඔබ සූදානම්ද?” යන තේමාවෙන් යුත් කතාවක් ඉදිරිපත් කළා. සංචාරකයෙක් තමාට අවශ්‍ය ඇඳුම් නිතරම තමා ළඟ තබාගන්නවා වගේ, මේ ශිෂ්‍යයනුත් නිතරම අලුත් පෞද්ගලිකත්වයේ ගුණාංග ඇතිව සිටිය යුතුයි. “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්” කියා එක්තරා ලාදුරු රෝගියෙක් පැවසූ විට, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසූ යේසුස් මෙන් ඔවුනුත් දයානුකම්පාවෙන් දේවල් කළ යුතුයි. (මාක් 1:40-42) ඊට පස්සේ කථිකයා පැවසුවේ “අන් අයට උදව් කරන්න ඔබට ඇත්තටම උවමනාවක් තියෙනවා නම්, ඔබ කොහොම හරි ඒක කරයි” කියායි. තමාට වඩා “අන් අය උතුම්” කියා සිතීමට ෆිලිප්පි 2:3 ක්‍රිස්තියානීන්ට කියනවා. “ලොකු දැනුමක් ඇතිව සිටිනවාට වඩා නිහතමානි වීම වැදගත්” බව සහෝදර හර්ඩ් පැවසුවා. “ඔබ යන ප්‍රදේශවල සිටින අයටත් සභාවේ සහෝදර සහෝදරියන්ටත් ඔබේ දැනුමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ ඔබ නිහතමානි වුණොත් විතරයි.” මේ ශිෂ්‍යයනුත් දිගටම ක්‍රිස්තියානි ප්‍රේමය පැළඳගෙන සිටියොත්, ඔවුන්ගේ පැවරුම් සාර්ථකව ඉටු කරන්න ඔවුන්ට හැකි වන බව පවසමින් ඔහු කතාව අවසන් කළා.—කොලොස්සි 3:14.
ඊළඟට ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මාක් නූමෙයා, “ඔබ නිතරම ස්තුතිවන්ත වෙනවාද?” යන මාතෘකාවෙන් කතාවක් ඉදිරිපත් කළා. ඔහු කතා කළේ යෙහෝවා දෙවිගේ යහපත්කමට ස්තුතිවන්ත වීම ගැනයි. “මාගේ ආත්මය, යෙහෝවාට ආශීර්වාද කරන්න; ඔහුගේ උපකාර සියල්ල මතක නැති නොකරන්න” කියා ගීතාවලිය 103:2හි සඳහන් වෙනවා. ඊශ්‍රායෙලිතයන්ව පෝෂණය කිරීමට දෙවි සැපයූ මන්නා සඳහා ඔවුන් ස්තුතිවන්ත වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් “සැහැල්ලු රොටිවලට අප්‍රිය වේයයි කීවෝය.” (ගණන් කතාව 21:5) ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ ජීවිත පවත්වගන්න මන්නා ගොඩක් වටින දෙයක් වුණා. කාලයක් ගත වුණත් ඒක වෙනස් වුණේ නැහැ. නමුත් කාලයක් යද්දී ඒ ගැන ඔවුන්ට තිබූ අගය නැති වුණා. “යෙහෝවා කර තිබෙන දේවල් අමතක කරලා, විදේශ රටක ඔබ ලබා තිබෙන පැවරුම සාමාන්‍ය දෙයක් හැටියට සැලකුවොත්, ඔබේ සේවයට ඒක බලපානවා” කියා ඒ උපදේශකයා පැවසුවා. යෙහෝවා “කරුණාව . . . නමැති ඔටුන්න ඔබට පළඳවන්නේය” කියා ගීතාවලිය 103:4හි සඳහන් වෙනවා. ඔවුන් යන අලුත් සභාවලදී දෙවිගේ ඒ කරුණාව අද්දකින්න ලැබෙනවා.
“යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරයිද?” යන තේමාවෙන් යුත් කතාවක් පාසැලේ තවත් උපදේශකයෙක් වූ ලෝරන්ස් බොවන් ඉදිරිපත් කළා. ඔවුන්ගේ සේවයේදී හොඳ ප්‍රතිඵල ලබාගැනීමට පුහුණු වීම සඳහා 119වන ගිලියද් පන්තියේ ශිෂ්‍යයන් ලොකු මහන්සියක් දරා තිබෙනවා. නමුත් දැන්, යෙහෝවා මත සම්පූර්ණයෙන් රඳා සිටීමටත් ඔහු ඔවුන්ට පවරා තිබෙන වැඩයේ දිගටම නිරත වීමටත් ඔවුන්ට සිදු වෙනවා. එළිදරව් 14:1-4හි 1,44,000දෙනාව විස්තර කර තිබෙන්නේ “බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස යන්නෝ” හැටියටයි. ඒ සියලුදෙනාම කුමනාකාර පීඩාවලට මුහුණ දුන්නත් යෙහෝවාටත් ඔහුගේ පුත්‍රයාටත් පක්ෂපාත වන නිසා ඔවුන්ට ස්වර්ගික ජීවිතය ලැබෙනවා. “අපිත් ඒ වගේ යෙහෝවාට පක්ෂපාතව ඇලී සිටින අතර ඔහු අපට පවරා තිබෙන කාර්යය දිගටම කරගෙන යනවා” කියා කථිකයා කිව්වා. එසේ කිරීමෙන් ශිෂ්‍යයන්ටත් යෙහෝවාගේ “ආශීර්වාද” අද්දකින්න හැකි වේවි.—ද්විතීය කතාව 28:2.
සේවයේදී හොඳ ප්‍රතිඵල ලබන්න
ඒ කාලය තුළ සෑම සති අන්තයකම දේශනා සේවයේ හවුල් වීමෙන් ඒ ශිෂ්‍යයන් හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබූ බව පාසැලේ රෙජිස්ට්‍රාර් වොලස් ලිවරන්ස් ඔවුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් පැහැදිලි වුණා. ඔවුන් අඩු තරමින් භාෂා දහයකින්වත් ශුභාරංචිය දේශනා කරලා තිබූ අතර බයිබල් පාඩම් කිහිපයක්ම ආරම්භ කර තිබුණා. චීන ජාතිකයෙක් සමඟ බයිබලය පාඩම් කළ යුවළක් නැවත බැලීම් දෙකක් කළාට පස්සේ යෙහෝවා දෙවිව දැනගන්න ලැබීම ගැන ඔබට මොනවාද හිතෙන්නේ කියලා ඔහුගෙන් අසා තිබුණා. එවිට තම බයිබලය අතට ගත් ඔහු යොහන් 17:3ට පෙරළා එය කියවන්න කියා ඔවුන්ට කිව්වා. ඉන් පැහැදිලි වුණේ සදාකාල ජීවනයට යන මාර්ගයේ තමා සිටින බව ඔහුට තේරුම් ගොස් තිබුණු බවයි.
ඊළඟට පාලක මණ්ඩලයේ ඇන්තනි මොරිස්, ඩොමිනිකානු සමූහාණ්ඩුව, ඉක්වදෝරය සහ අයිවරි කෝස්ට් යන රටවල ශාඛා කමිටුවල සේවය කරන සහෝදරයන් තුන්දෙනෙක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. ඔවුන් ඒ ශිෂ්‍යයන් පැමිණෙන තුරු ආශාවෙන් බලාගෙන සිටින බවත් ඒ පැවරුම්වලට හැඩගැහෙන්න ඔවුන්ට උපකාර කරන්න සූදානම් බවත් ඒ ශිෂ්‍යයන්ට පොරොන්දු වුණා.
ඊළඟට එක්සත් ජනපදයේ බෙතෙල් සාමාජිකයෙක් වන ලෙනාඩ් ප්යාසන් කොංගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුව, පැපුවා නිව් ගිනියාව සහ උගන්ඩාවේ ශාඛා කමිටුවල සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූවා. දේශනා සේවයේ හැම අංගයකම උනන්දුවෙන් සහභාගි වෙන්න කියා මේ සහෝදරයන් ශිෂ්‍යයන්ව දිරිගැන්වුවා. කොංගෝවලට වෙනත් රටකින් පැමිණ එහි වසර 21කට වඩා වැඩි කාලයක් සේවය කර තිබෙන එක් යුවළක් 60දෙනෙකුට කැපවී බව්තීස්ම වීමට උපකාර කරලා තියෙනවා. ඒ යුවළ දැන් බයිබල් පාඩම් 30ක් කරමින් සිටින අතර ඔවුන්ගේ ශිෂ්‍යයන්ගෙන් 22දෙනෙක් සභා රැස්වීම්වලට යනවා. මෙතරම් හොඳ ප්‍රතිඵල ලැබෙද්දී විදේශ රටක සේවය කිරීමට හොඳම කාලය මෙයයි.
අන්තිමය ළඟයි කියන හැඟීම ඇතිව සාක්ෂි දැරීම
අන්තිම කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයට අයත් ගෙරට් ලෝෂ්. “ස්වාමීන්ගේ දවස තුළ දෙවි ගැන කතා කිරීම හා යේසුස් ගැන සාක්ෂි දැරීම” යන්න ඔහුගේ තේමාවයි. “සාක්ෂිය,” “සාක්ෂිකරු” සහ “සාක්ෂිදැරීම” වැනි වචන එළිදරව් පොතේ 19 වතාවක් දක්නට ලැබෙනවා. තම සේවකයන්ට කරන්න තියෙන පැවරුම ගැන යෙහෝවා කිසිම සැකයකින් තොරව හෙළි කර තිබෙන බව ඉන් අපට ඉතා පැහැදිලියි. එළිදරව් 1:9, 10) ඒ දවස 1914දී පටන්ගත් අතර අපේ දවස දක්වාත් අනාගතයටත් දිව යනවා. දෙවි ගැන කතා කිරීමේ වැඩයට දේවදූතයන්ගේ උපකාරය තිබෙන බව එළිදරව් 14:6, 7න් පැහැදිලි වෙනවා. යේසුස් ගැන සාක්ෂි දැරීමේ වැඩය අධීක්ෂණය කිරීමේ වගකීම තිබෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් දැනට පොළොවේ ඉතිරි වී සිටින අයට බව එළිදරව් 22:17න් පැහැදිලි වෙනවා. නමුත් අපි සියලුදෙනාම ඒ විශේෂ වැඩයට දැන් සහභාගි වීමට අපගේ උපරිමය කළ යුතුයි. “මම ඉක්මනින් එමි” කියා යේසුස් පැවසූ වදන් 20වන පදයේ වාර්තා වී තිබෙනවා. “එන්න, ජීවන වතුර නොමිලේ ගන්න කියා ජනයාට කියන්න” කියා පැමිණ සිටි සියලුදෙනාටම සහෝදර ලෝෂ් උනන්දු කළා. තවදුරටත් ඔහු මෙහෙම ඇසුවා. “යේසුස් ළඟදීම දෙවිගේ විනිශ්චය ඉටු කිරීමට එනවා. අපි ඒකට සූදානම්ද?”
ඒ සාක්ෂිදැරීම අප කළ යුත්තේ කවදාද? ඒ “ස්වාමීන්ගේ දවස” තුළයි. (ගිලියද් පාසැලේ උපදේශකයෙක් ලෙස වසර 11ක් පුරා සේවය කරපු ෆ්‍රෙඩ් රස්ක් පැමිණ සිටි සියලුදෙනාගේම සිත්ගත්, හෘදයාංගම යාච්ඤාවක් ඉදිරිපත් කරමින් වැඩසටහන අවසන් කළා. ඉමහත් ප්‍රීතියක් ගෙන දුන් දවසකට එය ගැළපෙන අවසානයක් වුණා.
[13වන පිටුවේ කොටුව]
සහභාගි වූවන්ගේ විස්තර
නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 10
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 25
ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 56
වයසේ සාමාන්‍යය: 32.5
සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 16.4
පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 12.1
[15වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 119වන පන්තිය
පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.
(1) එස්. හෙල්ගසන්; එච්. ඩෞගෝ; ඒ. පයලූඊසී; අයි. ජෝසෆ්; සී. රැකනෙලී. (2) ටී. බාජ්; ඩී. බට්ල; ජේ. ෆ්රීඩ්ලන්; කේ. නූන්යස්; සී. පාවාසෝ; ටී. ඩූමන්. (3) ඕ. කාමාචෝ; එල්. ලින්ඩ්ක්විස්ට්; ඒ. බෲම; ඊ. වෙසල්ස්; ජේ. බර්ට්‍රන්; ඕ. වුඩ්හවුස්; ඒ. ඩූමන්. (4) ඒ. ටිරිඕන්; එල්. කොනලි; සී. ෆූන්යේ; ඒ. ගිල්; කේ. යූන්සෝන්; එල්. හැමිල්ටන්. (5) ඩී. බර්ඩ්; අයි. ස්ක්රිබ්නර්; බී. කාමාචෝ; එච්. ලාෂින්ස්කී; එම්. හැල්ලහැන්; ඕ. ලිබූඩා. (6) ඒ. ජෝසෆ්; එම්. ලින්ඩ්ක්විස්ට්; සී. හෙල්ගසන්; ඩී. නූන්යස්; එස්. ස්ක්රිබ්නර්; ජේ. ෆූන්යේ. (7) එෆ්. පයලූඊසී; ටී. පාවාසෝ; සී. බෲම; පී. රැකනෙලී; ටී. බට්ල; එම්. වුඩ්හවුස්; ජේ. ලිබූඩා. (8) එම්. ලාෂින්ස්කී; එස්. ෆ්රීඩ්ලන්; අයි. බර්ට්‍රන්; එම්. ටිරිඕන්; එම්. බර්ඩ්; ජේ. බාජ්. (9) ටී. වෙසල්ස්; ඩී. හැල්ලහැන්; එස්. කොනලි; ඩී. ගිල්; පී. ඩෞගෝ; එස්. හැමිල්ටන්; ටී. යූන්සෝන්.