යහපත පරදවන තරමට වැඩි වූ නපුරුකම
යහපත පරදවන තරමට වැඩි වූ නපුරුකම
තමා ගැන නොසිතා අනුන් වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන අය අද කාලයේ නැති තරම්. නමුත් “වෙනසක් කරන්න” කැමති සමහර අය තවමත් සිටිනවා. තමන්ට පුළුවන් ආකාරයකින් අන් අයට යහපතක් කරන්න ඔවුන් කැමතියි. සෑම අවුරුද්දකම අසරණ අයගේ යහපත වෙනුවෙන් වැඩ කරන ආයතනවලට අසංඛ්‍යාත ගණන් මිනිස්සු විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරනවා. උදාහරණයක් හැටියට බ්‍රිතාන්‍යයේ 2002 වසර තුළ ආධාර සැපයීමේ කටයුතු සඳහා මෙතෙක් ලැබී තිබෙන උපරිම පරිත්‍යාග මුදල් ප්‍රමාණයක් වන අමෙරිකානු ඩොලර් බිලියන 13ක් ලැබුණා. අගහිඟකම් ඇති අයට උපකාර කිරීම සඳහා 1999 සිට ත්‍යාගශීලී දානපතීන් දහදෙනෙක් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 38කට වැඩියෙන් දීමට කැමති වී තිබෙනවා.
මෙසේ ආධාර කරන අය ඉටු කරන යහපත් ක්‍රියාවන්ට අඩු ආදායමක් ඇති පවුල්වලට වෛද්‍ය පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ලබා දීම, තනි මාපිය පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සැලසුම් කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට මුදල් ආධාර සැපයීම, දරුවන්ට පාසැල් පොත් ලබා දීම, දිලිඳු රටවල්වල සිටින සත්ව ගොවීන්ට බෝ කිරීම සඳහා සතුන් ලබා දීම වැනි දේවල් ඇතුළත් වෙනවා.
ඉහත සඳහන් දේවලින් පැහැදිලි වෙන්නේ අන් අය වෙනුවෙන් යහපත් ක්‍රියා කිරීමට මිනිසුන්ට කැමැත්තක් හා හැකියාවක් තිබෙන බවයි. ඒත් කනගාටුවට කරුණක් වෙන්නේ අදහගන්න බැරි තරම් කුරිරු දේවල් කරන අය සිටිනවා කියන කාරණයයි.
නපුරුකම දසත පැතිර යයි
දෙවන ලෝක මහා යුද්ධය අවසාන වීමෙන් පසුව සමූලඝාතන සිද්ධීන් 50කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. “මේ සමූලඝාතන නිසා අඩුම තරමින් සටන්වලට සහභාගි වූ මිලියන 12කගේ ජීවිතද සාමාන්‍ය වැසියන් මිලියන 22කගේ ජීවිතද අහිමි වී තිබෙනවා. මේ සංඛ්‍යාව 1945 සිට විවිධ රටවල සිදු වී තිබෙන අභ්‍යන්තර ගැටුම් සහ වෙනත් රටවල් සමඟ ඇති වී තිබෙන යුද්ධ සියල්ලකදී මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩියි” කියා එක්තරා සඟරාවක සඳහන් වුණා.—American Political Science Review.
විසිවන ශතවර්ෂයේ අවසාන භාගයේදී කාම්බෝජයේ දේශපාලනමය හේතු නිසා මිනිසුන් මිලියන 2.2ක් ඝාතනය කරනු ලැබුවා. රුවන්ඩාවේ ඇති වූ ජනවාර්ගික ගැටුම් නිසා පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් 800,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. බොස්නියාවේ ආගමික හා දේශපාලනික හේතු නිසා 200,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා.
මෑතක සිදු වී තිබෙන කුරිරු ක්‍රියා ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් 2004දී මෙහෙම පැවසුවා. “ඉරාකයේ සාමාන්‍ය මිනිසුන්ව හිතක් පපුවක් නැතිව මරා දමා තිබෙනවා. ඒ වගේම සහනාධාර සේවකයන්, වාර්තාකරුවන් වැනි සටනට සහභාගි නොවූ වෙනත් වැඩ කටයුතු සඳහා පැමිණි අයව ප්‍රාණ ඇපකරුවන් හැටියට ගෙන ගොස් ඉතාමත්ම කුරිරු ආකාරයෙන් මරලා තියෙනවා. ඒ වගේම ඉරාක ජාතික සිරකරුවන්ට සලකලා තියෙන්නේ ඉතාමත් ම්ලේච්ඡ විදිහටයි. ඩාෆූර්වල යුධ උපායක් හැටියට ස්ත්‍රී දූෂණය යොදාගනිමින් ගම්වැසියන්ව බිය ගන්වනවා. මේ නිසා බිය වී ගමින් පලා යන
ගම්වැසියන්ගේ ගෙවල් විනාශ කරනවා. උතුරු උගන්ඩාවේ ළමයින්ව හඳුනාගන්න බැරි විදිහට විරූපි කර ඊට පස්සේ සඳහන් කරන්නවත් බැරි තරම් නපුරු ක්‍රියාවලට ඔවුන්ව බලෙන් යොදාගන්නවා. බෙස්ලාන්වල පාසැල් යන දරුවන්ව ප්‍රාණ ඇපකරුවන් හැටියට රඳවාගෙන පසුව ඔවුන්ව ඉතාමත්ම කුරිරු ආකාරයෙන් මරා දමා තිබෙනවා.”සංවර්ධිත රටවල් කියා හඳුන්වන රටවල්වල වුණත් වෛරය නිසා සිදු කරන අපරාධ එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණයකට බ්‍රිතාන්‍යයේ “පසුගිය දශකය තුළ ජාතිවාදී හේතු මත සිදු කරනු ලැබූ ප්‍රහාරයන් හෝ හිරිහැර කිරීම්වලට ගොදුරු වූ අයගේ සංඛ්‍යාව එකොළොස් ගුණයකින් වැඩි” වී තිබෙන බව 2004දී වාර්තා වුණා.—Independent News.
බොහෝ යහපත් දේවල් කිරීමට හැකියාව තිබෙන මිනිසුන් මෙතරම් දුෂ්ට නපුරු දේවල් කරන්නේ ඇයි? මේ නපුරුකම්වලට කෙළවරක් නැද්ද? පිළිතුරක් නැහැ කියා සිතිය හැකි මෙවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙනදෙන පිළිතුරු බයිබලයේ තිබෙන බව ඊළඟ ලිපිය කියවීමෙන් ඔබට වැටහේවි.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Mark Edwards/Still Pictures/Peter Arnold, Inc.