Skip to content

පටුනට යන්න

සතුරුකම මිතුරුකමට පෙරළෙයි!

සතුරුකම මිතුරුකමට පෙරළෙයි!

සතුරුකම මිතුරුකමට පෙරළෙයි!

වසර කිහිපයකට පෙර සාන්ටියාගෝ සහ ඔහුගේ බිරිඳ ලුවඩ්ස්, පේරුවල තිබෙන වෙල්කාපටා කියන ලස්සන ගමට පදිංචියට ගියේ ප්‍රීතිමත් අනාගතයක් ගැන බයිබලයේ තිබෙන තොරතුරු ගැන එහි සිටින අයට කියන්නයි. නමුත් වැඩි කාලයක් යන්න පෙර කුස්කෝ නගරයෙන් පැමිණි කතෝලික පූජකයෙක් මේ ගමේ වැසියන්ව භය කරන්න උත්සාහ කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් එහි සිටියොත් මාරාන්තික වසංගතයක් පැතිර යන බවත් දරුණු හිම වරුසා නිසා ගවයන් මිය ගොස් වගාවන් පාළු වන බවත් ඔහු පැවසුවා.

මෙවැනි “බොරු අනාවැකියක්” ප්‍රකාශ කළ මේ පූජකයාට බොහෝදෙනෙක් රැවටුණා. එහි ප්‍රතිඵලයක් හැටියට සාන්ටියාගෝ සහ ලුවඩ්ස් සමඟ බයිබලය පාඩම් කරන්න කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. එක දවසක් උසස් නිලධාරියෙක් වන මීගල් සාන්ටියාගෝ සහ ලුවඩ්ස්ට ගල් ගසමින් පාර දිගේ ඔවුන්ව එළවගෙන ගියා. නමුත් සාන්ටියාගෝ සහ ලුවඩ්ස් නියම ක්‍රිස්තියානීන් ලෙස හැසිරුණා.

ටික කලකින් ඒ නගරයේ සිටි කිහිපදෙනෙක් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. සාන්ටියාගෝ සහ ලුවඩ්ස්ව පාර දිගේ එළවගෙන ගිය මීගල් පවා බීමත්කමේ පුරුද්ද අත්හැර තැන්පත් පුද්ගලයෙක් වුණා. මීගල් නම් වූ මේ තැනැත්තා, ඔහුගේ බිරිඳ සහ දූවරුන් දෙදෙනෙක් බයිබල් සත්‍යතා ඉතා කැමැත්තෙන් පිළිගත්තා.

දැන් ඒ නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් තිබෙනවා. තමා ගහපු ගල්වලින් වැඩිහරියක් සාන්ටියාගෝ සහ ලුවඩ්ස්ට වැදුණේ නැති එක ගැන මීගල් දැන් සතුටු වෙනවා! ඒවගේම සාමකාමීව කටයුතු කරමින් හොඳ ආදර්ශයක් තැබූ නිසා ඔහු ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

[32වන පිටුවේ පින්තූර]

සාන්ටියාගෝ සහ ලූවඩ්ස් (ඉහළ) සාමකාමීව කටයුතු කළ නිසා මීගල්ගේ (දකුණු පැත්තේ) ආකල්පය වෙනස් වුණා