Skip to content

පටුනට යන්න

සියල්ල තවමත් දෙවිගේ පාලනය යටතේද?

සියල්ල තවමත් දෙවිගේ පාලනය යටතේද?

ආරාධනයයි

සියල්ල තවමත් දෙවිගේ පාලනය යටතේද?

ස්වාභාවික විපත්, මාරාන්තික රෝග, උසස් තනතුරුවල සිටින පුද්ගලයන් සිදු කරන දූෂණ, ත්‍රස්තවාදී ප්‍රහාරයන්, යුද්ධ සහ අපරාධ. හැමදාම වගේ මේ එකක් හරි ගැන අපිට අහන්න ලැබෙනවා. ඔබට මේවා පෞද්ගලිකව බලපෑවත් නැතත්, ‘ලෝකෙට මේ මොනවාද වෙන්න යන්නේ, මේ දේවලට විසඳුමක් නැද්ද’ කියා සිතන්නේ නැතිව සිටීමට නම් බැහැ.

මේ ගැන අපව දැනුවත් කිරීමට, රටවල් 200කට වඩා වැඩි සංඛ්‍යාවක වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා කාලෝචිත ප්‍රසිද්ධ කතාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි තේමාව නම්, “සියල්ල තවමත් දෙවිගේ පාලනය යටතේද?” යන්නයි.

අද ලෝකයේ සිදු වන දේවල් ගැන දෙවි උනන්දුද?

මිනිස් සංහතිය ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?

ඔබේ අනාගතය ගැන දෙවි සැලකිලිමත්ද?

වැනි ප්‍රශ්නවලට දෙවි පොරොන්දු වී ඇති විසදුම් ගැන බයිබලයේ ලියා ඇති දේ මේ කතාවේදී පැහැදිලි කෙරෙනවා.

ප්‍රදේශ බොහොමයක ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල මෙම කතාව දෙනු ඇත්තේ 2006 අප්‍රියෙල් 30වන ඉරිදායි. ඔබේ පළාතේ සිටින සාක්ෂිකරුවන්ගෙන් මෙම කතාව පැවැත්වෙන ස්ථානයේ ලිපිනය සහ වේලාව දැනගන්න.

බයිබලයේ ඇති තොරතුරු අඩංගු, මෙම දිරිගන්වන කතාවට ඇවිත් සවන්දෙන්න කියා අපි ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. එය නොමිලේ පවත්වනු ලබන අතර, සියල්ල තවමත් දෙවිගේ පාලනය යටතේද යන ප්‍රශ්නයට සෑහීම ගෙනදෙන පිළිතුරක් ඔබට ඉන් ලැබේවි!