Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

අද දින මෙතරම් නපුරුකම් පැවතීමට හේතු මොනවාද?

එක් හේතුවක් වන්නේ මිනිසා තුළ තිබෙන නපුරට ඇදී යෑමේ ස්වභාවයයි. (උත්පත්ති 8:21) තව හේතුවක් වන්නේ බොහෝ අයට දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් නොමැතිකමයි. එමෙන්ම නපුරුකමේ උල්පත වන සාතන් වැඩි වැඩියෙන් මිනිසුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීම තවත් හේතුවක්.—1/1, 4-6 පිටු.

අවස්ථාවට සුදුසු වචන පවසමින් කෙනෙක්ව අගය කරද්දී ඉන් ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද? (හිතෝපදේශ 12:25)

කෙනෙක්ව අගය කරද්දී ඒ කෙනාට තමා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. වඩා හොඳින් දේවල් කරන්න දිරිගැන්වීමක් ඉන් ලැබෙනවා. තමන් වටිනවාය යන හැඟීම ඔහු තුළ ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, අන් අයව අගය කරන්න අපි උත්සාහ කරද්දී ඔවුන් තුළ ඇති හොඳ පැති දකින්න අපිට හැකි වෙනවා.—1/1, 16-17 පිටු.

ගිවිසුම් පෙට්ටිය තුළ තිබුණේ මොනවාද?

නීති අඩංගු ගල්ලෑලි දෙක සහ මන්නා භාජනයක් එහි තිබුණා. කෝරාගේ කැරලිගැසීම සිදු වූ පසු ආරොන්ගේ සැරයටියද එහි තැන්පත් කරනු ලැබුවා. ඒ සෙනඟට ලකුණක් හැටියටයි. (හෙබ්‍රෙව් 9:4) සලමොන් දේවමාලිගාව කැප කිරීමට පෙර සැරයටිය සහ මන්නා ගිවිසුම් පෙට්ටියෙන් ඉවත් කරන්න ඇති.—1/15, 31 පිටුව.

නෙහෙමියා ජීවත් වූ කාලයේ සිටි යුදෙව්වන්ට දේවමාලිගාවට දර අදින්න සිදු වූයේ ඇයි?

පූජාවක් හැටියට දර ඔප්පු කිරීම ගැන ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් නීතියේ සඳහන් වූයේ නැහැ. එසේ කිරීමට සිදු වූයේ ඒ කාලයේදී පූජා දැවීම සඳහා දිගින් දිගටම දර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ නිසයි.—2/1, 11 පිටුව.

මූරාතෝරි ලියවිල්ල යනු කුමක්ද?

මෙය ලතින් භාෂාවෙන් ලියන ලද අත්පිටපතක කොටසක් වෙනවා. මෙය මුලින්ම දෙවන සියවසේ අගභාගයේදී ග්‍රීක් භාෂාවෙන් ලියන ලද්දක්. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලට අයත් පොත් බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයට අයත් බව තහවුරු කිරීමට තිබෙන පැරණිතම ලියවිල්ල මෙයයි. එම පොත් ගැනත් එහි ලේඛකයන් ගැනත් යම් විස්තර එහි ඇතුළත්.—2/15, 13-14 පිටු.

පර්සියාවේ වස්තී බිසව රජ ගාවට එන්න අකමැති වුණේ ඇයි? (එස්තර් 1:10-12)

ඇය එසේ කළේ ඇයි කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඇය එලෙස අකීකරු වුණේ බීමත්ව සිටි රජගේ ආගන්තුකයන් ඉදිරියේ අවමන් වීමට ඇය අකමැති වූ නිසා බව සමහර බයිබල් විශාරදයන් කියනවා. සමහරවිට පෙනුමෙන් ඉතාමත්ම ප්‍රියකරු වූ මේ බිසව සැබෑ නිහතමානීකම ඇති කෙනෙක් නොවන බවත්, පර්සියාවේ සියලුම ප්‍රාන්තවල සිටින භාර්යාවන්ට නරක ආදර්ශයක් වන්නට ඇති බවත් ඔවුන් පවසනවා.—3/1, 9 පිටුව.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ගැලවීම ලැබෙන්නේ කොහොමද?

අපට උරුම වී තිබෙන පාපයෙන් සහ එහි ඵලවිපාකවලින් අපව නිදහස් කරන්න යේසුස්ගේ ජීවිත පූජාවට හැකියි. (රෝම 6:23) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපි ඇදහිල්ල තබනවා නම් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතිව සිටීමටද, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමටද අපට හැකියි. (1 යොහන් 2:1)—3/15, 8 පිටුව.

එළු පැටවෙකු සිය මව්ගේ කිරෙන් නොපිහන්න කියා නීතියේ සඳහන් තහනම් නියෝගයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (නික්මයාම 23:19)

මෙය බොරු ආගම් ඇදහූ අය වර්ෂාව ලබාගැනීම සඳහා කළ චාරිත්‍රයක් විය හැකියි. (ලෙවී කතාව 20:23) යෙහෝවා දෙවි එළු පැටවෙකුට සිය මවගේ කිරි ලබා දී තිබෙන්නේ උගේ වර්ධනය සඳහායි. මෙයින් මව සහ පැටවා අතර ස්නේහවන්ත බැඳීමක් ඇති කිරීම දෙවිගේ සැලැස්මයි. පැටවාව එම කිරිවලින් පිසීමෙන් පෙන්වන්නේ දෙවි පිහිටෙවූ එම සැලැස්මට විරුද්ධව ක්‍රියා කරන බවයි. මෙම ක්‍රියාවට විරුද්ධව පැනවූ නියෝගයෙන් දෙවිගේ මුදු මොළොක් සෙනෙහස මොන තරම්ද කියා පෙන්වා දෙයි.—4/1, 31 පිටුව.