හොඳ අදහස් හුවමාරුවකට මඟ
හොඳ අදහස් හුවමාරුවකට මඟ
‘මට ඒක නොකියා ඉන්න තිබුණා.’ ‘මට ඒක පැහැදිලිව කියාගන්න බැරුව ගියා.’ ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ අදහස් හුවමාරු කිරීමට වෑයම් කළ අවස්ථාවලදී ඔබටත් එලෙස හැඟී තිබෙනවාද? හොඳින් අදහස් හුවමාරු කිරීමට හොඳ හැකියාවක් තිබිය යුතුයි. අනිකුත් හැකියාවන් වගේ මෙම හැකියාව සම්බන්ධයෙන්ද සමහර අය ඉතා දක්ෂ වන අතර තවත් සමහර අයට එය එතරම් පහසු කාර්යයක් නෙවෙයි. ඔබ හොඳින් අදහස් හුවමාරු කිරීමට එතරම් දක්ෂ කෙනෙක් නොවූවත් ඔබේ අදහස් ප්‍රසන්න ලෙස ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න ඔබට පුළුවන්.
සමහර සංස්කෘතීන්වල බලපෑම නිසා තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීමට යම් බාධා ඇති වී තිබෙනවා. ‘නියම පිරිමියෙක් නම් අනිත් අයත් එක්ක වැඩිපුර කතා බහේ යෙදෙන්නේ නැහැ’ කියා පවසා තිබෙන්න පුළුවන්. එවැනි සංස්කෘතියක වැඩිපුර කතා බහ කරන පිරිමියෙක්ව පහත් කොට සලකනු ලබන අතර ඔහු අවංක යාකොබ් 1:19) මෙම උපදෙස ස්ත්රීන්ට මෙන්ම පුරුෂයන්ටද අදාළයි. අනික අදහස් හුවමාරු කිරීම කියන්නේ නිකම්ම කතා කරනවාට වඩා වැඩි යමක් බවත් එම බයිබල් වගන්තියෙන් පැහැදිලි වෙනවා. මෙහෙම හිතලා බලන්න. දෙන්නෙක් බොහෝ වේලාවක් කතා කළත් ඔවුන් එකිනෙකාට සවන් දෙන්න අකමැති නම් ඇත්තටම ඔවුන් අතර හොඳ අදහස් හුවමාරුවක් තිබෙනවා කියා පැවසිය නොහැකියි. ඉහත සඳහන් බයිබල් පදයෙන් පෙන්වන ආකාරයට අදහස් හුවමාරු කිරීමේදී සවන් දීම ඉතා වැදගත්.
අදහස් ප්‍රකාශ කරන්නෙක් හැටියට ගණන් ගැනෙන්නේ නැහැ. “සෑම මිනිසෙක්ම ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” කියා බයිබලයේ උපදෙස් දී තිබෙන බව ඇත්තයි. (නිහඬව අදහස් ප්‍රකාශ කරන අයුරු
සමහර සංස්කෘතීන්වල භාර්යාවන්ට තමන්ගේ අදහස් විවෘතව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ස්වාමිපුරුෂයා පවුලේ කටයුතු බලාගැනීම අවශ්‍ය නැහැයි කියා තවත් සංස්කෘතීන්වල අය සිතනවා. මෙවැනි සංස්කෘතියක ස්වාමිපුරුෂයා හෝ භාර්යාව එකිනෙකාට අවශ්‍ය දේ කුමක්ද කියා හරියටම නොදන්න නිසා තමන් අනුමාන කරන දේට අනුව ක්‍රියා කරනවා. සමහර භාර්යාවන්ට තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ අවශ්‍යතාවන් ගැන හොඳින් තේරුම්ගැනීමේ හැකියාවක් තිබෙන නිසා ඉක්මනින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්න හැකියාවක් ඔවුන්ට තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී ස්වාමිපුරුෂයා හා භාර්යාව යම් ආකාරයක අදහස් හුවමාරුවක යෙදී සිටිනවා කියා පැවසිය හැකියි. බොහෝ අවස්ථාවලදී මෙවැනි අදහස් හුවමාරුවක් එක් කෙනෙක්ගේ පැත්තෙන් පමණක් කෙරෙන අදහස් හුවමාරුවක් කියා කියන්න පුළුවන්. ස්වාමිපුරුෂයාට හැඟෙන විදිහ ගැන භාර්යාවක් තේරුම්ගැනීමට උත්සාහ කළ යුතු වුවද භාර්යාවකට හැඟෙන විදිහ ස්වාමිපුරුෂයෙක් තේරුම්ගත යුතුයි කියා කිසිවෙක් බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙය සෑම සංස්කෘතියකම ලක්ෂණයක් නෙවෙයි. ඇත්තයි සමහර සංස්කෘතීන්වල පුරුෂයන් තම භාර්යාවගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කිරීමට උත්සාහ කරනවා. වඩාත් හොඳින් අදහස් හුවමාරු කිරීමට ඉගෙනගැනීමෙන් එවැනි සංස්කෘතීන්වලට අයත් යුවළයන්ටද බොහෝ ප්‍රයෝජන අද්දැකිය හැකියි.
අදහස් හුවමාරුව අත්‍යවශ්‍යයි
අවංකව හා විවෘතව අදහස් ප්‍රකාශ කිරීමෙන් එකිනෙකා අතර ඇති වන වැරදි වටහාගැනීම් වළක්වාගන්න පුළුවන්. මෙය සත්‍යයක් බව ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසයේ මුල් අවධියේදී සිදු වූ දෙයකින් පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙලිතයන්ගේ කාලයේදී යොර්දාන් ගඟේ එගොඩ සිටි රූබෙන් පුත්‍රයෝ, ගාද් පුත්‍රයෝ හා මනස්සේගේ අර්ධ පුත්‍රයෝ යොර්දාන් ගඟ අසබඩ ‘පූජාසනයක් ගොඩනැඟුවා.’ මෙය වරදවා තේරුම්ගත් සෙසු ගෝත්‍රවලට අයත් අය ගඟින් එගොඩ ජීවත් වන තම සහෝදරයන් දෙවි අකමැති දෙයක් කළ බව සිතා ඔවුන් සමඟ යුද්ධයට යෑමට සැරසුණා. කෙසේවෙතත් ඔවුන් යුද්ධ කරන්න කලින් එම ගෝත්‍රවල අය සමඟ කාරණා කතා කරගැනීමට පිරිසක් යැව්වා. මෙය මොන තරම් ඥානවන්ත ක්‍රියාවක්ද! මෙම පූජාසනය ගොඩනඟා තිබුණේ බොරු දෙවිවරුන්ට පූජා ඔප්පු කිරීමට නොවන බව ගිය පිරිසට දැනගන්න ලැබුණා. “යෙහෝවා වෙත ඔබට කොටසක් නැතැයි” කියා අනිත් ගෝත්‍රවල අය තමන්ගේ පුත්‍රයන්ට අනාගතයේදී යම් දවසක පවසයි කියා යොර්දාන් ගඟෙන් එගොඩ විසූ ගෝත්‍රවල අය භය වුණා. (යෝෂුවා 22:10-29) මෙම පූජාසනය ඔවුනුත් යෙහෝවා දෙවිට නමස්කාර කළ සෙනඟක් බවට සාක්ෂියක් සපයනවා. එම පූජාසනය සාක්ෂියක් කියා ඔවුන් හඳුන්වන්න ඇත්තේ යෙහෝවා එකම සැබෑ දෙවි බව ඔවුන් පිළිගන්න බවට එය සාක්ෂියක් වන නිසා විය හැකියි.—යෝෂුවා 22:34, පාද සටහන.
පූජාසනය ගොඩනැඟීමට හේතුව පැහැදිලිවම තේරුම්ගත් පිරිස යොර්දාන් ගඟෙන් එගොඩ විසූ තම සහෝදරයන්ට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. අවංකව හා විවෘතව අදහස් හුවමාරු කිරීම නිසා ලොකු සටනක් ඇතිවීම වළක්වාගන්න හැකි වුණා. පසු කාලයේදී ඊශ්‍රායෙල් ජාතිය තම ස්වාමිපුරුෂයා බඳු යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කළ විට තමන් ‘ඔවුන්ට සැනසෙන ලෙස කතා කරන’ බව දෙවි පැවසුවා. (හොෂෙයා 2:14) මෙය විවාහ යුවළයන්ට අදාළ කරගත හැකි මොන තරම් කදිම ආදර්ශයක්ද! ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ සිතේ තිබෙන දේ දැනගැනීම සඳහා හොඳින් අදහස් හුවමාරු කරන්න. එවිට ඔබේ අදහස්ද අනික් කෙනාට දැනගන්න පහසු වේවි. හැඟීම්බර ඉතා සියුම් කාරණා හැසිරවීමේදී මෙවැනි අදහස් හුවමාරුවක් වඩාත් අවශ්‍ය වනවාට සැකයක් නැහැ. ‘සමහර අය හිතන්නේ වචනවල කිසිම වටිනාකමක් නැහැ කියලයි. නමුත් වචනවල තියෙන වටිනාකම ඇත්තටම මිල කරන්න බැහැ. කෙනෙකුට තම හැඟීම් හරියටම කියාගන්න බැරි නම් එයින් සිදු වන පාඩුව පියවාගන්න බැංකුවක තියෙන සල්ලිත් මදි.’ මෙලෙස අදහස් දැක්වුවේ එක්සත් ජනපදයේ පැටි මිහාලික් නම් වාර්තාකරුවෙක්.
අදහස් හුවමාරු කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම
‘බැඳපු දා ඉඳන් අපේ විවාහ ජීවිතයේ ප්‍රශ්න’ කියා සමහරුන් පවසනවා ඔබ අසා ඇති. තවත් සමහරුන් ‘මේ විවාහය නම් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැයි’
කියා තීරණය කරන්න පුළුවන්. විවාහයෙන් පස්සේ අදහස් හුවමාරු කිරීමේ හැකියාව ප්‍රගුණ කරන්න බැහැයි කියා බොහෝදෙනෙක් සිතනවා. එහෙත් දෙමාපියන්ගේ හෝ නැදෑ හිතුවතුන්ගේ මැදිහත් වීමෙන් විවාහයන් සිදු වන සංස්කෘතීන් ගැන ටිකක් සිතා බලන්න. මෙවැනි සංස්කෘතීන්වල සිටින අය පවා විවාහය තුළ හොඳින් අදහස් හුවමාරු කිරීමේ කලාව වර්ධනය කරගෙන තිබෙනවා.බයිබලයේ සඳහන් මීට අවුරුදු 4,000කට පමණ පෙර ජීවත් වූ ඊසාක්ගේ සහ රෙබෙකාගේ විවාහය සිදු වූයේ ප්‍රේම සම්බන්ධයකින් නොව යෝජනාවක් මගිනුයි. ආබ්‍රහම් ඔහුගේ පුත් ඊසාක්ට භාර්යාවක් සොයා දීමට ඔහුගේ විශ්වාසවන්ත සේවකයෙකුව පිටත් කර ඇරියා. ඊසාක්ගේ සහ රෙබෙකාගේ විවාහය සිදු වූයේ විශ්වාසවන්ත සේවකයාගේ මැදිහත් වීමෙන් වුවද ඔවුන් දෙදෙනා අතර හොඳ අදහස් හුවමාරුවක් තිබුණා. ඊසාක්ට මෙම සේවකයාව හා ඔහුගේ භාර්යාව වීමට සිටින තැනැත්තියව කෙතේදී හමු වුණා. මැදිහත්කරු ලෙස ක්‍රියා කළ මෙම සේවකයා ‘තමා කළ සියල්ල ඊසාක්ට පැවසුවා.’ ඉන්පසු සිදු වූ දෙය ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ඊසාක්ද තමන් මව් වූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඇය පාවාගත්තේය. ඈද ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඇයට ප්‍රේම කළේය.”—උත්පත්ති 24:62-67.
මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණයක් නම් ඊසාක්, රෙබෙකාව විවාහ කරගැනීමට කැමැත්ත පළ කළේ තම මෙහෙකරුවා පැවසූ සියල්ලට සවන් දීමෙන් පසුවයි. මෙම මෙහෙකරුවා විශ්වාසවන්ත පුද්ගලයෙක් මෙන්ම ඊසාක් නමස්කාර කළ යෙහෝවා දෙවිට පක්ෂපාතව සේවය කළ කෙනෙක්. මේ නිසා ඔහුව විශ්වාස කිරීමට ඊසාක්ට හොඳ හේතු තිබුණා.
ඊසාක් තම භාර්යාව කරගත් රෙබෙකාට ‘ප්‍රේම කළ’ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කිරීමේ හැකියාව දියුණු කරගත්තාද? ඔවුන්ගේ පුත් ඒසව් හෙත්ගේ දූවරුන් දෙදෙනෙක්ව විවාහ කරගත් පසු පවුලේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. රෙබෙකා කිහිප වතාවක්ම ඊසාක්ට මෙසේ පැවසුවා. “හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට වෙහෙසක්ව තිබේ. යාකොබ් [ඔවුන්ගේ බාල පුතා] මේ දේශයෙහි දූවරුන් වූ හෙත්ගේ දූවරුන් වන මොවුන්ගෙන් භාර්යාවක පාවාගන්නේ නම් මාගේ ජීවිතයෙන් මට කුමන ප්‍රයෝජනයක්ද?” (උත්පත්ති 26:34; 27:46) ඇය පැහැදිලිවම ඇයට හැඟුණු ආකාරය ගැන පැවසුවා.
කානානිවරුන් කියා හැඳින්වූ ජාතියේ ස්ත්‍රියකව විවාහ කරගන්න එපා කියා ඊසාක් ඔහුගේ බාල පුතා වූ යාකොබ්ට පැවසුවා. (උත්පත්ති 28:1, 2) රෙබෙකා ඇගේ ස්වාමිපුරුෂයාට කරුණු ඒත්තුගැන්වුවා. මේ යුවළ පවුලේ තිබුණු ඉතා බැරෑරුම් මෙන්ම ඉතා සංවේදී විෂයක් හොඳින් නිරාකරණය කරගත්තා. මෙය අපට හොඳ ආදර්ශයක් නෙවෙයිද! නමුත් යම් කාරණයක් ගැන ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකඟ නොවන අවස්ථාවලදී කුමක් කළ හැකිද?
එකඟ නොවීම් ඇති වන විට
ඔබට ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ යම් කාරණයකදී කොහෙත්ම එකඟ වෙන්න බැරි නම් ඒකට විසඳුම අනිත් කෙනා සමඟ අමනාප වී කතා නොකර සිටීම නෙවෙයි. ඔබ එහෙම ක්‍රියා කරනවා නම් එයින් කියාපාන්නේ ඔබ දුකින් සිටින බවයි. එය ඔබේ සහකාරියව හෝ සහකාරයාවත් දුකට පත් කිරීමක් වෙනවා. ඔබේ මෙම ක්‍රියාකලාපය නිසා ඔබේ සහාකාරියට හෝ සහකාරයාට ඔබේ හැඟීම් හා ඔබ කැමති අකමැති දේ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න හැකි වන්නේ නැහැ.
ඔබ දෙදෙනාට කළ හැකි හොඳම දේ නම් කාරණය ගැන සාකච්ඡා කිරීමයි. ඔබ කතා කරන්න යන දේ ඉතා සංවේදී කාරණයක් නම් සන්සුන් මනසකින් සාමකාමී ලෙස එවැනි කාරණයක් කතා බහ කිරීම පහසු දෙයක් නෙවෙයි. ඊසාක්ගේ දෙමව්පියන් වන ආබ්‍රහම් සහ සාරා එක අවස්ථාවකදී දුෂ්කර තත්වයකට මුහුණ දුන්නා. සාරාට දරුවන් සිටියේ නැති නිසා ඇය එදා පැවති චාරිත්‍රයකට අනුව තමන් වෙනුවෙන් දරුවන් බිහි කර දෙන්න කියා හාගර් නම් ඇගේ සේවිකාවට පැවසුවා. ඒ අනුව හාගර් ආබ්‍රහම්ට දාව ඉශ්මායෙල් නම් පුතෙකු බිහි කළා. ඉන් ටික කලකට පසු සාරා ගර්භිණී වූ අතර ආබ්‍රහම්ට දාව ඊසාක් නම් පුත්‍රයෙක් බිහි කළා. ඊසාක් මව් කිරි බීම නතර කළ දවසේදී පැවැත්වූ මංගල්‍යයේදී ඉශ්මායෙල් ඊසාක්ට සරදම් කරනවා සාරා දුටුවා. සාරා තමාගේ පුත්‍රයාට යම් අනතුරක් විය හැකියි කියා සිතූ නිසා හාගර්ව හා ඇගේ දරුවාව ගෙයින් පිටත් කරන ලෙස ආබ්‍රහම්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා. සාරා ඇයට හැඟුණු ආකාරය ගැන කෙළින්ම පැවසුවා. නමුත් ආබ්‍රහම් ඇගේ ඉල්ලීම ඉටු කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.
ඔවුන් දෙදෙනා අතර තිබූ මෙම මතභේදය සමතයකට පත් වුණේ කොහොමද? දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසූ බව බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. “ළමයා නිසාත් ඔබේ දාසිය නිසාත් එය ඔබ ඉදිරියෙහි දුක් සහිත නොවේවා; ඊසාක් කෙරෙන් ඔබේ වංශය වන බැවින් සාරා ඔබට කී සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න.” ආබ්‍රහම් යෙහෝවා දෙවිගේ හඬට කීකරු වූ අතර ඔහුගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කළා.—උත්පත්ති 16:1-4; 21:1-14.
‘ඔව් ඉතිං අපිටත් දෙවි ස්වර්ගයේ ඉඳන් කතා කරමින් මඟ පෙන්වීම් දෙනවා නම් අපිටත් ලේසියෙන්ම 1 තෙසලෝනික 2:13.
මතභේද විසඳාගන්න පුළුවන්’ කියා ඔබ කිව හැකියි. මේ කාලයේදී පවා දෙවි විවාහ ජීවිතයේ ගැටලු විසඳාගැනීම සඳහා ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට කතා කරන මාධ්‍යයක් තිබෙනවා. ඒ මාධ්‍යය කුමක්ද? එය නම් දෙවිගේ වචනය වන බයිබලයයි. බයිබලය එකට කියවීමෙන් හා ඒ මගින් දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමෙන් දෙවිට සවන් දීමට විවාහක යුවළයන්ට හැකියි.—එක් අද්දැකීම් ලත් ක්‍රිස්තියානි භාර්යාවක් මෙසේ අදහස් දැක්වුවා. “විවාහ වූ තරුණ කාන්තාවන් මං ළඟට යම් උපදෙස් ගන්න එනකොට මං එයාලගෙන් අහන්නේ දෙන්නා එකට බයිබලය කියවනවාද කියලයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන බොහෝදෙනෙකුට එවැනි පුරුද්දක් තිබුණේ නැහැ.” (තීතස් 2:3-5) ඇය පැවසූ දෙයින් අපි හැමෝටම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. නිතිපතා ඔබේ සහකාරයා හෝ සහකාරිය සමඟ බයිබලය කියවන්න. මෙසේ කිරීමෙන් නිතිපතා දෙවිගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කළ යුත්තේ කොහොමද කියා දෙවිගෙන් ‘අසා’ ඉගෙනගන්න අපිට පුළුවන්. (යෙසායා 30:21) නමුත් මේක මතක තියාගන්න. ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ අතින් වෙන වැරදි උලුප්පා දක්වමින් බයිබල් පදවලින් පහර දෙන්න එපා. නමුත් ඒ වෙනුවට ඔබ දෙදෙනා කියවන දේ ඔබ දෙදෙනාටම අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හොයා බලන්න.
ඔබ පවුල් ජීවිතයේ ඉතා අසීරු ගැටලුවක් විසඳාගැනීමට උත්සාහ කරමින් සිටින කෙනෙක් නම්, ඔබට හැකියි යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පොත් පත් සඟරාවලින් ඒ ගැටලුවට අදාළ ලිපිවල තොරතුරු සලකා බලන්න. * ඔබ දෙදෙනා අතර ඇති වන ගැටලු ගැන වාද විවාද ඇති කරගන්නේ නැතිව එම ලිපිය එකට එකතු වී සාකච්ඡා කර බලන්න. බයිබලයේ අඩංගු අදහස් එලෙස පරීක්ෂා කර බලනවා නම් ඔබ දෙදෙනා මහත් ප්‍රයෝජන ලබනවාට කිසිම සැකයක් නැහැ. මෙලෙස කිරීමෙන් බොහෝ ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලබා තිබෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පොත් පත් සඟරාවල පළ කර ඇති තොරතුරු සොයා බලා ඒවා එකට කියවීමෙන් ඔබේ ප්රශ්නය විසඳාගත යුතු ආකාරය ගැන ඔබට පැහැදිලි අදහසක් ලබාගන්න පුළුවන්. දෙවි ඒ කාරණය සම්බන්ධයෙන් බලන ආකාරය පිළිබඳව ඒවායේ සඳහන් කර තිබෙන සෑම බයිබල් පදයකින්ම දැනගන්න පුළුවන්. ඒ සෑම බයිබල් පදයක්ම බයිබලයෙන් එකට කියවා බලන්න. එවිට ඔබ මුහුණ පා තිබෙන ප්රශ්නය ගැන යෙහෝවා පවසන දේ ඔබට දැනගන්න පුළුවන්.
හොඳින් අදහස් හුවමාරු කරන්න
ටික කාලයකින් ඇරපු නැති දොරක් අරින්න ඔබ කවදා හෝ උත්සාහ කර තිබෙනවාද? මලකඩ කා තිබෙන සරනේරු නිසා එකපාරටම එය අරින්න පහසු වෙන්නේ නැහැ. නමුත් ඒ දොර නිතර පාවිච්චි කර තිබෙනවා නම් හා එහි සරනේරුවලට හොඳින් තෙල් ආලේප කර තිබෙනවා නම් තත්වය කුමක්ද? එහෙම කළා නම් එය ලේසියෙන්ම අරින්න වහන්න පුළුවන්. අදහස් හුවමාරු කිරීම නමැති දොර සම්බන්ධයෙන්ද එය අදාළයි. අදහස් හුවමාරුව නමැති දොරේ සරනේරුවලට ක්‍රිස්තියානි ප්‍රේමය නමැති තෙල් ඔබ දමනවා නම් ඔබ දෙදෙනා අතර හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගත හැකියි. මෙවැනි තත්වයක් ඔබේ පවුල් ජීවිතය තුළ තිබෙනවා නම් බරපතළ ප්‍රශ්නයක් ඇති වුවත් නිදහසේ අදහස් බෙදාගන්න අපහසු වෙන්නේ නැහැ.
අදහස් හුවමාරුව කියන්නේ ක්‍රමානුකූලව වර්ධනය කරගත යුතු හැකියාවක්. මෙම හැකියාව ප්‍රගුණ කරගැනීම මුලදී ටිකක් අමාරු වුණත් අත් නෑර දිගටම කරන්න. ඔබ එසේ කරනවා නම් ඔබට මහත් ප්‍රීතියක් අද්දකින්න පුළුවන්. එමෙන්ම ඔබ දෙදෙනා අතර හොඳ අවබෝධයක්ද ඇති වෙනවා නිසැකයි.
[පාදසටහන]
^ 22 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මෙම ලිපි ඇතුළත් කරමින් පළ කර තිබෙන Watch Tower Publications Index නමැති ප්රකාශනයද ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි.
[7වන පිටුවේ පින්තූරය]
මතභේද පැනනඟින අවස්ථාවලදී ඔබ දෙවිගේ මඟ පෙන්වීම සොයා බලනවාද?