අන්‍යයන්ට දිරියක් වූ ඇයගේ ඇදහිල්ල
අන්‍යයන්ට දිරියක් වූ ඇයගේ ඇදහිල්ල
සිල්වියා 1992 දෙසැම්බර් මාසයේදී මෙලොව එළිය දුටුවේ නිරෝගී දැරියක් ලෙසයි. නමුත් ඇයට අවුරුදු දෙකක් පමණ වෙද්දී සුව කරන්න බැරි රෝගයක් වැලඳුණා (cystic fibrosis). ඒ රෝගය නිසා ඇයට හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම ආහාර ජීරණ අපහසුතා අද්දකින්න සිදු වෙලා. ඒ නිසා දිනකට බෙහෙත් පෙති 36ක් ගැනීමටත් ඉන්හේලර් එකක් පාවිච්චි කිරීමට සහ සම්භාහනය, ව්‍යායාම් කිරීම වැනි අමතර ප්‍රතිකාර ගැනීමටත් ඇයට සිදු වෙනවා. ඇයගේ පෙණහැල්ල වැඩ කරන්නේ සාමාන්‍යය කෙනෙකු හා සසඳද්දී සියයට 25ක ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ඇය යන යන තැන ඔක්සිජන් පිර වූ ටැංකියක් ගෙන යන්න සිදු වෙනවා.
ඇයගේ මව වන තෙරේසා මෙහෙම කියනවා. “සිල්වියා මේ අසනීපෙත් එක්ක කොහොම ඉන්නවාද කියලා මට නම් හිතාගන්නවත් බැහැ. දේවවචනය ගැන හොඳ දැනුමක් තියෙන නිසා ඇයට ශක්තිමත් ඇදහිල්ලක් තියෙනවා. කලකිරෙන්නේ නැතිව ඇයට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඇදහිල්ල නිසයි. අසනීප නැති පාරාදීස පොළොවක් ගැන යෙහෝවා දෙවි දී ඇති පොරොන්දුව සම්බන්ධයෙන් ඇය නිතරම කල්පනා කරනවා.” (එළිදරව් 21:4) පවුලේ අය මානසිකව වැටුණු වෙලාවට ඇයගේ ඒ සුන්දර සිනහාව ඔවුන්ට දිරියක් වෙනවා. ඇය ඇගේ දෙමාපියන්ටත් ඇගේ සහෝදරයාටත් මෙහෙම කියනවා. “දැන් අපිට තියෙන මේ හැම කරදරයක්ම පාරාදීස පොළොවේදී නැති වෙනවානේ.”
සිල්වියා නිතිපතා ශුභාරංචිය අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. ඇයට සවන් දෙන අය දකිනවා ඇයගේ මුහුණ තියෙන සන්තෝෂය. ඒ වගේම කැනරි දූපත්වල තියෙන ඇගේ සභාවේ රැස්වීම්වලදී අදහස් දක්වද්දී සහ රැස්වීමේ කොටස්වලට සහභාගි වෙද්දී ඒ සභාවේ අය ඒක හුඟක් අගය කරනවා. රැස්වීමෙන් පස්සේ ටිකක් නැවතී සහෝදර සහෝදරියන් එක්ක කතා කරන්නත් ඇය හුඟක් කැමතියි. ඇය සුහදශීලී ප්‍රියමනාප ගතිගුණ ඇති කෙනෙක් වන නිසා සභාවේ හැමෝම ඇයට ආදරේ කරනවා.
ඇගේ පියා වන ආන්ටෝනියෝ කියන්නේ “සිල්වියාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. අපිට මොන විදියේ ප්‍රශ්න තිබුණත් මේ ජීවිතය දෙවිගෙන් අපිට ලැබුණ තෑග්ගක්. අපි ඒක අගය කරන්න ඕනේ.” කුමන වයසක සිටියත් දෙවිගේ සේවකයන් වන අපි සිල්වියා හා සමානව ඉතා ආශාවෙන් බලා සිටින්නේ “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන” කාලය එනතුරුයි.—යෙසායා 33:24, පැරණි අනුවාදය.
[31වන පිටුවේ පින්තූරය]
සිල්වියා බයිබලයෙන් පදයක් පෙන්වද්දී ඇගේ මව ඔක්සිජන් ටැංකිය අල්ලාගෙන සිටියි