Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හිතෝපදේශ 8:22-31හි සඳහන් ප්‍රඥාව ගැන විස්තරය අදාළ වූයේ පොළොවට පැමිණෙන්න කලින් ස්වර්ගයේ සිටි යේසුස්ට බව අප දන්නේ කෙසේද?

ප්‍රඥාව ගැන හිතෝපදේශ පොතේ සඳහන් විස්තරයේ පවසන්නේ මෙසේයි. “යෙහෝවා තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන් ඔහුගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා අයිති කරගත්තේය. . . . කඳු පිහිටුවන්ටත් හෙල් හටගන්වන්ටත් පළමුවෙන්ද . . . මම මවනු ලැබීමි. ඔහු ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. . . . කර්මාන්තයෙහි මුලාදෑනියෙකු මෙන් ඔහු සමඟ සිටියෙමි. ඔහු ඉදිරිපිට නිතර ප්‍රීති වෙමින් දවස්පතා ඔහුගේ සතුටද වීමි. . . . මාගේ සතුට මනුෂ්‍ය පුත්‍රයන් සමඟ විය.”

මෙම ශුද්ධ ලියවිලි පදවල කතා කරන්නේ දෙවි සතු ප්‍රඥාව ගැන නොවේ. එසේ නොවන්නේ ඇයි? මෙම විස්තරයෙහි සඳහන් ප්‍රඥාවට පටන්ගැන්මක් තිබෙනවා. නමුත් යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයට පැවත ඇති අතර ඔහුගේ ප්‍රඥාවට පටන්ගැන්මක් නැහැ. එය ‘මවනු ලැබුවේද’ නැහැ. (ගීතාවලිය 90:1, 2) කොහොමවුණත් හිතෝපදේශ 8:22-31හි හඳුන්වා තිබෙන ප්‍රඥාව, යෙහෝවා දෙවි “අයිති” කරගත් නැතිනම් ඔහු විසින් බිහි කළ යමක්. මෙහිදී ප්‍රඥාව කීමෙන් අදහස් කළේ කතා කිරීමේ සහ ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකුවයි.—හිතෝපදේශ 8:1.

හිතෝපදේශ පොතේ පෙන්වන්නේ බොහෝ කලක් පටන් මෙම ප්‍රඥාව මැවුම්කරු වන යෙහෝවා දෙවි සමඟ “කර්මාන්තයෙහි මුලාදෑනියෙකු” ලෙස සිටි බවයි. මෙම විස්තරය ඇත්තෙන්ම අදාළ වන්නේ යේසුස්ටයි. යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර යෙහෝවා දෙවි සමඟ එකතු වී වැඩ කළ බව දේවවචනය පෙන්වයි. එහි මෙසේ පවසනවා. “ඔහු සියල්ලටම පළමුවෙන් වූයේය. සියල්ල ඔහු මාර්ගයෙන් ඇති විය.”—කොලොස්සි 1:17; එළිදරව් 3:14.

යෙහෝවා දෙවිගේ ප්‍රඥාවන්ත අරමුණු සහ අණ පනත් හෙළි කරන්නේ ඔහුගේ පුත්‍රයා නිසා මෙහි දී ඔහුව ප්‍රඥාව හැටියට දැක්වීම සුදුසුයි. පොළොවට පැමිණීමට පෙර ඔහු දෙවිගේ වචනය හෙවත් දෙවි වෙනුවෙන් කතා කරන්නා ලෙස කටයුතු කළා. (යොහන් 1:1) යේසුස්ව විස්තර කර තිබෙන්නේ “දෙවිගේ බලය සහ දෙවිගේ ප්‍රඥාව” ලෙසටයි. (1 කොරින්ති 1:24, 30) මිනිස් වර්ගයාට ඇති ලෙන්ගතුකම නිසා තම ජීවිතය පූජා කළ දෙවිගේ පුත්‍රයාව කෙතරම් අලංකාර ලෙස විස්තර කර තිබෙනවාද!—යොහන් 3:16.

[31වන පිටුවේ පින්තූරය]

“කඳු පිහිටුවන්ටත් හෙල් හටගන්වන්ටත් පළමුවෙන්ද . . . මම මවනු ලැබීමි”