සත්ව ලොම් කමිසයේ සුල මුල සොයමු
සත්ව ලොම් කමිසයේ සුල මුල සොයමු
මෙම ලොම් කමිසය ඇන්දේ තමන්ගේ ශරීරයට නින්දාවන් සහ වධ හිංසාවන් පමුණුවාගැනීමටයි. ප්‍රංශයේ නවවන ලුවී රජ පවා එවැනි සත්ව ලොම් කමිසයක් ඇඳ සිටියා. ශ්‍රීමත් ටොමස් මෝර් තරුණයෙක් ලෙස නීතිය හදාරමින් සිටිද්දී එවැනි කමිසයක් ඇඳ සිටියා. මෙමගින් දිනකට පැය 19ක් හෝ 20ක් අවදිව සිටීමටත් ඔහුට හැකි වුණා. මාස කිහිපයක් පුරා එය ඇඳ සිටි නිසා ජීවිතයෙන් වැඩි කාලයක් එම ඇඳුම ඇඳ සිටි පුද්ගලයා ලෙස සැලකෙන්නේද ටොමස් මෝර් මහතායි. කැන්ටබරිහි අගරදගුරු වන ටොමස් බැකෙට්ව කැන්ටබරි පල්ලියේදී ඝාතනය කළ විට ඔහුද එවැනි ඇඳුමක් ඇඳ සිටී බව දැනගත්තේ එවිටයි. එම ඓතිහාසික පුද්ගලයන් මෙම සත්ව ලොම් කමිසය ඇන්දේ තමන්ගේ ශරීරය නින්දාවට ලක් කරගැනීමටයි.
එම කමිසය සාදා තිබුණේ එළුවන්ගේ ලොම්වලිනුයි. ඒක රළු ගොරෝසු එකක්. අනිත් ඇඳුම් අඳින්නට පෙර ඔවුන් මුලින්ම ඇඳගත්තේ ඒ ඇඳුමයි. එය ඇඟේ ඇතිල්ලෙන විට සම කසන ගතියක් මෙන්ම සීරෙන ස්වභාවයක්ද ඇති කළේ මහත් අපහසුතාවක් ගෙනදෙමිනුයි. ඒ වගේම එය උකුණන්ගේ තෝතැන්නක්ද වුණා. ටොමස් බැකෙට් සත්ව ලොම් කමිසයක් මෙන්ම එයින් සකස් කළ යට ඇඳුම්ද ඇඳ සිටියා. “උකුණන් බෝවී පැතිර යන තෙක්” එය ඇඳ සිටී බව කියැවෙනවා. දහසයවන ශත වර්ෂයෙන් පසු එළු ලොම් වෙනුවට සියුම් තුඩු සහිත කම්බි වැනි දේ යොදාගෙන එම ඇඳුම සකස් කළ අතර ඒවා සමට ඇනෙන සේ ඇඳගත්තා. එලෙස නිමවූ කමිසයක් ඇඳ සිටින්නාට ගෙන දුන්නේ ඉමහත් අපහසුතාවක්.
එක් ශබ්ද කෝෂයකට අනුව සත්ව ලොම් කමිසය ඇඳ සිටීමේ සහ ශරීරයට වධ හිංසා කිරීමේ වෙනත් එවැනි ක්‍රමවල අරමුණ වුණේ “පව්කාර ආශාවන් පාලනය කිරීම සහ දෙවිට ගරු බිය ඇති ජීවිතයක් ගත කිරීමට උනන්දු කිරීමයි.” එය ඇඳ සිටියේ තාපසයන් පමණක් නෙවෙයි. උසස් නිලතල දැරූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනයාද එය ඇඳ සිටී බවට සඳහන් වෙනවා. අද දිනත් සමහර ආගමික නිකායන්වල අය එම ඇඳුම ඇඳ සිටිනවා.
එවැනි ලොම් කමිසයක් ඇඳ සිටීමෙන් හෝ තමන්ගේ ශරීරයට වධ හිංසා පමුණුවාගැනීමෙන් කෙනෙක් දේවභක්තික පුද්ගලයෙක් වෙනවාද? නැහැ. දේවභක්තිය ඇති වෙන්නේ එවැනි ක්‍රියා තුළින් නෙවෙයි. “ශරීරයට බොහෝ සෙයින් වධ දීම” වැනි ක්‍රියාවලට විරුද්ධව බයිබල් ලේඛක පාවුල් කතා කළා. (කොලොස්සි 2:23) * ඊට වෙනස්ව සැබෑ දේවභක්තිය ඇති වෙන්නේ දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කර දැනුම ලබාගැනීමෙන් සහ ඒ දැනුම තමන්ගේ ජීවිතයට අදාළ කරගැනීමෙනුයි.
[පාදසටහන]
^ 5 ඡේ. මේ විෂය ගැන තවත් තොරතුරු දැනගැනීමට 1997 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපයේ “බයිබලයේ දෘෂ්ටිකෝණය: තපස් රැකීම ප්‍රඥාව සඳහා යතුරද?” යන ලිපිය බලන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
King Louis IX, top: From the book Great Men and Famous Women; Thomas Becket, center: From the book Ridpath’s History of the World (Vol. IV); Thomas More, bottom: From the book Heroes of the Reformation, 1904