Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

ගීතාවලිය 72:12හි පවසා ඇති පරිදි යේසුස් ‘දුප්පතාව ගලවන්නේ’ කොහොමද?

යේසුස් පොළොව පාලනය කරන කාලයේදී කිසිම දූෂිත ක්‍රියාවක් සිදු නොවන නිසා සියලුදෙනාටම යුක්තිය ඉටු වෙනවා. මිනිසුන් දුප්පත්කමට ඇද වැටීමට බොහෝවිට හේතු වන්නේ යුද්ධයයි. නමුත් යේසුස් පොළොව පුරා ස්ථිරසාර සාමයක් ඇති කරනවා. ඔහු මිනිසුන් කෙරෙහි අනුකම්පා කරන අතර සියල්ලන්වම එක්සත් කරනවා. එමෙන්ම සැමටම ආහාර ඇති තරම් තිබෙන බවට ඔහු වගබලා ගන්නවා. (ගීතාවලිය 72:4-16)—5/1, 7වන පිටුව.

• ක්‍රිස්තියානීන් හැටියට අපට ‘කතා කිරීමේ නිදහස’ තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද? (1 තිමෝති 3:13; ෆිලෙමොන් 8; හෙබ්‍රෙව් 4:16)

නිර්භීතව අන් අයට දේශනා කිරීමෙන්, අන් අයට ඉගැන්වීමෙන්, නිසි වෙලාවට සිතට කාවදින සේ අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් සහ අපේ යාච්ඤාවලට උත්තර දෙයි කියා ස්ථිර විශ්වාසයකින් යුක්තව අපේ සිතේ තිබෙන සෑම දෙයක්ම දෙවිට පැවසීමෙන් ‘කතා කිරීමේ නිදහස’ අපට තිබෙන බව පෙන්විය හැකියි.—5/15, 14-16 පිටු.

• දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ ඇතැම් ලිංගික ක්‍රියාකාරකම් “අපවිත්‍රයි” කියා හඳුන්වා තිබෙන්නේ ඇයි?

ශුක්‍ර මෝචනය, ඔසප් වීම සහ දරු උප්පත්තිය හේතුවෙන් කෙනෙක් අපවිත්‍ර වන බව නීතියේ සඳහන් කර තිබෙනවා. එවැනි නීති පැවැත්වීම මගින් පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්න හැකි වුණා. ඒ වගේම රුධිරය පරිශුද්ධ දෙයක් බවත් මිනිසුන්ට පව් සමාව සඳහා මඟක් අවශ්‍ය බවත් ඔවුන්ට මතක් කර දුන්නා.—6/1, 31වන පිටුව.

• කෙනෙක් සන්තෝෂයෙන් සිටින්න කැමති නම් ගීතාවලිය පොත කියවා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

සැබෑ සන්තෝෂය භුක්ති විඳින්න නම් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගත යුතු බව මෙම ගීතිකා ලියූ අය දැන සිටියා. (ගීතාවලිය 112:1) ‘යෙහෝවාව තමුන්ගේ දෙවි කොට ගත් සෙනඟ’ අද්දකින සන්තෝෂය මිනිසුන් සමඟ ඇති කරගන්න මිත්‍ර සබඳතාවලින්වත්, සැප සම්පත්වලින්වත්, කෙනෙක් අත් කරගන්නා නිලතලවලින්වත් ලබන්න බැහැ කියා ඔවුන් කාවද්දා තිබෙනවා. (ගීතාවලිය 144:15)—6/15, 12වන පිටුව.

• පුරාණයේ විසූ ඊශ්‍රායෙලිතයන්ට දෙවි සමඟ තිබුණේ කුමන විශේෂ සබඳතාවක්ද?

ක්‍රිස්තු පූර්ව 1513දී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් මගින් අලුත් සබඳතාවක් ඇති කරගත්තා. (නික්මයාම 19:5, 6; 24:7) එතැන් පටන්, සෑම ඊශ්‍රායෙල්වරයෙකුම ඉපදුණේ දෙවිට කැප වූ ජාතියක සාමාජිකයෙකු හැටියටයි. නමුත් දෙවිට සේවය කරනවාද නැද්ද යන්න ගැන පෞද්ගලිකව තීරණය කරන්න ඔවුන්ට සිදු වුණා.—7/1, 21-22 පිටු.

• අපි කරන ඕනෑම දෙයක් ‘මැසිවිලි කීමක් නැතිව’ කළ යුත්තේ ඇයි? (ෆිලිප්පි 2:14)

බයිබලයේ සඳහන් බොහෝ ආදර්ශවලින් පෙනී යන්නේ මැසිවිලි නැඟීම නිසා දෙවිගේ සෙනඟට මහත් හානියක් අත් විඳීමට සිදු වූ බවයි. මේ නිසා අද දින සිටින දෙවිගේ සේවකයන් වන අප මේ කාරණය සැහැල්ලුවට නොගත යුතුයි. ඇතැම් වානේ වර්ග මල බැඳීමට ප්‍රවණතාවක් තිබෙනවා වගේ පව්කාර මිනිසුන් තුළ මැසිවිලි නැඟීමේ නැඹුරුවාවක් තිබෙනවා. මේ නිසා අප තුළ මැසිවිලි නැඟීමේ ස්වභාවයක් ඉස්මතු වී තිබෙනවාද කියා අපි නිතර සෝදිසි කර බැලිය යුතුයි.—7/15, 16-17 පිටු.

හිතෝපදේශ 8:22-31හි විස්තර කර තිබෙන්නේ දෙවි සතු ප්‍රඥාව ගැන නොවෙයි කියා අප පවසන්නේ කෙසේද?

මෙම විස්තරයෙහි සඳහන් ප්‍රඥාවට පටන්ගැන්මක් තිබෙනවා. නමුත් යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයට පැවත ඇති අතර ඔහුගේ ප්‍රඥාවට පටන්ගැන්මක් නැහැ. එය මවනු ලැබුවේද නැහැ. කොහොමවුණත් හිතෝපදේශ 8:22-31හි හඳුන්වා තිබෙන ප්‍රඥාව, බොහෝ කලක් පටන් දෙවි සමඟ “කර්මාන්තයෙහි මුලාදෑනියෙකු” ලෙස සිටියා. මෙම විස්තරය ඇත්තෙන්ම අදාළ වන්නේ යේසුස්ටයි. යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර යෙහෝවා දෙවි සමඟ එකතු වී වැඩ කළ බව දේවවචනය පෙන්වයි. (කොලොස්සි 1:17; එළිදරව් 3:14)—8/1, 31වන පිටුව.