Skip to content

පටුනට යන්න

මොළොක් ගුණ ඇත්තන් පොළොව උරුම කරගනියි

මොළොක් ගුණ ඇත්තන් පොළොව උරුම කරගනියි

මොළොක් ගුණ ඇත්තන් පොළොව උරුම කරගනියි

‘අප අවට පරිසරය මුලින් තිබූ තත්වයට පත් වෙයි කියා මා සිතනවා. නමුත් මේ වෙනස සිදු වන්නේ අද හෙට නොව බයිබලයේ සඳහන් අලුත් අහසක් සහ අලුත් පොළොවක් ඇති වන අනාගතයේ යම් දවසකයි’ කියා එක් ප්‍රංශ ජාතික පරිසරවේදියෙක් පැවසුවා.—ජේ. පෙල්ට්.

අද පරිසරයට හා මිනිස් සමාජයට අත් වී තිබෙන ඛේදජනක තත්වය ගැන බොහෝදෙනෙක් දුක් වෙනවා. මේ පොළොව පාරාදීසයක් වෙනවා දකින්න ඔවුන් කැමතියි. නමුත් මෙය හුදෙක් 21වන සියවසේ සිහිනයක් නොවෙයි. මුලින්ම තිබුණා වගේ මේ පොළොව යළිත් පාරාදීසයක් වෙනවා කියා බයිබලයේ බොහෝ කාලයකට පෙර පොරොන්දු කර තිබෙනවා. “මොළොක් ගුණ ඇත්තෝ . . . පොළොව උරුම කරගන්නෝය” කියාද “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියාද යේසුස් පැවසූ වදන් බොහෝදෙනෙක් අසා තිබෙනවා. (මතෙව් 5:5; 6:10, පැරණි අනුවාදය) කෙසේවෙතත් මොළොක් ගුණ ඇත්තන් උරුම කරගන්නා පාරාදීස පොළොවක් ගැන බොහෝ අය විශ්වාස කරන්නේ නැහැ. තමන් ක්‍රිස්තියානීන් කියා පවසන බොහෝදෙනෙක් පවා පාරාදීසය සලකන්නේ නිකම්ම සංකල්පයක් හැටියට පමණයි.

පොළොවේ හෝ ස්වර්ගයේ පාරාදීසයක් ඇතිවීම පිළිබඳ විශ්වාසය කතෝලික පල්ලිය පවා අත්හැර තිබීමට හේතුව ගැන සතිපතා පළ වන එක් ප්‍රංශ සඟරාවක මෙසේ පැහැදිලි කර තිබුණා. “කතෝලික සභාවේ ඉගැන්වීම්වල ආධිපත්‍යය පැතිරී තිබූ පසුගිය සියවස් 19 පුරා පාරාදීසය [පිළිබඳ අදහස] ඔවුන්ගේ ආගමික දේශනවල, උපදේශන පන්තිවල හා ආගමික මෙහෙයන්වල සඳහන් කර නැහැ.” (La Vie) පාරාදීසය පිළිබඳ අදහස ඔවුන් සලකන්නේ “අභිරහසක්” හැටියටයි. පාරාදීසය නමැති වචනයෙන් “බොහෝ පැතිවලින් සන්තෝෂය ලැබෙන ආකාරය ගැන විස්තර කරන” නිසා ආගමික දේශකයන් එවැනි දෙයක් සිදු විය නොහැකියි කියා සලකමින් ඒ වචනය හිතාමතාම ඉවත් කර තිබෙනවා.

ආගම් පිළිබඳ හදාරන සමාජ විද්‍යාඥයෙකු වන ෆ්‍රේදේරික් ලෙන්වා නමැත්තා පාරාදීසය සලකන්නේ ‘මිනිසුන්ගේ සිත්වල තිබෙන සංකල්පයක්’ හැටියටයි. ඒ හා සමානව, පාරාදීසය ගැන පොත් ලියා තිබෙන ඉතිහාසඥයෙක් වන ජේ. දෙලියූමෝ සිතන්නේ බයිබලයේ සඳහන් පොරොන්දු වචනානුසාරයෙන්ම ඉටු නොවන බවයි. ඔහු මෙසේ පවසයි. “‘පාරාදීසය කියන්නේ මොකක්ද?’ ක්‍රිස්තියානි විශ්වාසයට අනුව එයට දිය හැකි පිළිතුර මෙයයි. අපේ ගැලවුම්කරුවාණන්ගේ නැවත නැඟිටීමට ස්තුතිවන්ත වන්න යම් දවසක අපි සැම අත්වැල් බැඳගෙන අපේ බලාපොරොත්තුව ඉටු වන කාලය එන තෙක් ප්‍රීතියෙන් බලා සිටින්නෙමු.”

පාරාදීසය ගැන කතා කිරීම අදටත් ගැළපෙනවාද? අනාගතයේදී පොළොවේ තත්වය කෙබඳු එකක් වේවිද? අනාගතය අඳුරුද? නැත්නම් අපිට එය පැහැදිලිව දකින්න පුළුවන්ද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේදී සලකා බලමු.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Emma Lee/​Life File/​Getty Images