Skip to content

පටුනට යන්න

“අවුරුදු නවයක් වයස දරුවෙකු නිසයි”

“අවුරුදු නවයක් වයස දරුවෙකු නිසයි”

“අවුරුදු නවයක් වයස දරුවෙකු නිසයි”

වියිස්වාවා නම් ස්ත්‍රිය ජීවත් වෙන්නේ දකුණු පෝලන්තයේයි. ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවන ඕනෑම අවස්ථාවකදී ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුති කළත් ඇහුම්කන් දීමට නම් කාලය දුන්නේ නැහැ. නමුත් මෙදා ඇගේ නිවසට ආවේ වයස අවුරුදු නවයක් වයසැති සැමුවෙල් සහ ඔහුගේ මවයි. නමුත් මේ අවස්ථාවේදී ඇය ශුභාරංචියට සවන් දී පාරාදීස පොළොව ගැන සඳහන් සඟරාවකුත් ලබාගත්තා.

එම වර්ෂයේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීමේ දිනය ළඟා වෙමින් තිබූ නිසා සැමුවෙල්ට වුවමනා වුණා නැවත ගොස් වියිස්වාවාව ඒ වැදගත් අවස්ථාවට ආරාධනා කරන්න. ඉතින් සැමුවෙල් තම මව සමඟ ඇයව බලන්න ගියේ සිහිකිරීමේ ආරාධනා පත්‍රයක්ද අතැතිවයි. පිළිවෙළට ඇඳ පැළඳ සිටි සැමුවෙල්ව දැක්ක වියිස්වාවා ගේ ඇතුළට ගොස් ඉක්මනින්ම තමා ඇඳ සිටි ඇඳුම් මාරු කරගෙන ආවා. ඉන්පසුව සැමුවෙල්ගේ ආරාධනය පිළිගත් ඇය මෙහෙම ඇහුව්වා. “මං විතරක්ද එන්න ඕනේ? මගේ මහත්තයාත් ආවාට කමක් නැද්ද?” ඒත් එක්කම ඇය මෙහෙමත් කිව්වා. “මගේ මහත්තයා නාවත් මම හරි එනවා. ඔයා ගත්තු මේ මහන්සිය නිසාම මං එනවා පුතේ.” ඇය පොරොන්දු වූ විදියටම ගිය නිසා සැමුවෙල් ඒ ගැන ගොඩක් සතුටු වුණා.

සිහිකිරීමේ කතාව අතරතුර සැමුවෙල්, වියිස්වාවා අසලින් අසුන්ගෙන කථිකයා සඳහන් කළ බයිබල් පද ඇයට පෙන්නුවා. සැමුවෙල්ගේ උත්සාහය ඇගේ සිතට ගොඩක් කාවැදුණා. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා කළ සමහර අමාරු විෂයන් සරලව පැහැදිලි කළ නිසා ඇය ඒ කතාව හුඟක් අගය කළා. සභාවේ අය ඇයව සතුටින් පිළිගත් ආකාරය නිසාත් ඔවුන්ගේ කාරුණික සැලකිල්ල නිසාත් ඇය සතුටු වුණා. එදා පටන් සැබෑ දෙවිට නමස්කාරය කිරීමට වූ ඇයගේ උන්නදුව එන්න එන්නම වැඩි වී තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ නිතිපතා ඇසුරු කරන්නටත් ඇය පටන්ගෙන තිබෙනවා. ඇය මෑතකදී මෙහෙම පැවසුවා. “කලින් වතාවන්වල අපේ ගෙදරට ඔයාලා ආපුවාම මම ඔයාලාට ඇහුම්කන් නුදුන් එක ගැන දැන් මං කනගාටු වෙනවා. ඇත්තටම කියනවා නම් මේ ශුභාරංචියට සවන් දෙන්න මං පෙලඹුණේ අවුරුදු නවයක් වයස දරුවෙකු නිසයි. ඒ තමයි සැමුවෙල්.”

පෝලන්තයේ සැමුවෙල් වගේ යෙහෝවා දෙවිගේ සේවකයන් අතර සිටින යෞවනයන් තම හැසිරීමෙන් සහ කතාබහෙන් දෙවිව මහිමවත් කරනවා. ඔබත් යෞවන දරුවෙක් නම් ඔබටත් හැකියි අවංක හදවත් ඇති මිනිසුන්ට සැබෑ දෙවිගේ නමස්කාරකයෙකු බවට පත්වීමට උපකාර කරන්න.