දෙවි පිළිබඳව දැනුම ලබාගත හැක්කේ කෙසේද?
දෙවි පිළිබඳව දැනුම ලබාගත හැක්කේ කෙසේද?
දෙවි ඔහුව දැනහඳුනා ගැනීම සඳහා මිනිසුන්ට උපකාර කරනවාද කියා ඇතමුන් සිතනවා. ඇත්තටම ඔහු එසේ මිනිසුන්ට උපකාර කරනවා නම් ඔහු එය කරන්නේ කෙසේද?
මිනිසාට දෙවි ගැන දැනුම ලබාගත හැක්කේ දෙවි ඒ සඳහා මිනිසුන්ට උපකාර කරනවා නම් පමණයි කියා 16වන සියවසේ විසූ රෙපරමාදු ආගමේ ප්‍රතිසංස්කරණවලට හවුල් වූ ජොන් කැල්වින් නිවැරදිව පැවසුවා. කෙසේවෙතත්, දෙවි තමන් ගැන දැනගැනීමට මිනිසුන්ට ඇත්තටම උපකාර කරනවාද කියා ඇතමුන් කල්පනා කරනවා. දෙවි එසේ උපකාර කරනවා නම් ඔහු එය කරන්නේ කෙසේද?
උදාර “මැවුම්කාරයාණන්” වන යෙහෝවා දෙවි කරන සෑම දෙයක්ම කරන්නේ හේතුවක් ඇතිවයි. එමෙන්ම තමන් අරමුණු කරන ඕනෑම දෙයක් ඉටු කරන්න “සර්වපරාක්‍රම දෙවි” හැටියට ඔහුට අසීමිත බලයක් තිබෙනවා. (දේශනාකාරයා 12:2; නික්මයාම 6:3) දෙවි ඔහුගේ අරමුණු ගැන මිනිසුන්ට දැනගැනීමට සලස්වන්න කැමැත්තෙන් සිටින බව ආමොස් නමැති අනාගතවක්තෘවරයා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “සැබවින් ස්වාමි වූ යෙහෝවා තමන් රහස තමන් මෙහෙකරුවූ අනාගතවක්තෲන්ට ප්‍රකාශ නොකොට කිසිවක් නොකරන්නේය.” දෙවි ඔහුගේ අරමුණු ගැන දැනගන්න සලස්වන්නේ ඔහුට අවංකවම ප්‍රේම කරන ඔහුගේ සේවකයන්ට පමණයි. ඇත්තෙන්ම විය යුත්තේ එය නොවේද? ඔබේ යම් රහසක් ඕනෑම කෙනෙකුට පවසනවාද? නැහැ, ඔබ රහසක් පවසන්නේ ඔබේ කිට්ටුම මිතුරන්ට පමණයි.—ආමොස් 3:7; යෙසායා 40:13, 25, 26.
දෙවි සතු ප්‍රඥාව හා දැනුම යටහත් පහත් අය තුළ ඔහු ගැන මහත් ගරුබියක් ඇති කරනවා. කෙසේවෙතත් දෙවි සපයන ප්‍රඥාවෙන් හා දැනුමෙන් අපි ප්‍රයෝජන ගැනීමට නම් දෙවි කෙරෙහි එවැනි ගෞරවනීය බියක් ඇතිවීම පමණක් මදියි. දෙවි ගැන දැනගැනීමට නම් අප තුළ යටහත් පහත් ආකල්පයක්ද තිබිය යුතුයි කියා බයිබලයේ මෙසේ අවධාරණය කර තිබෙනවා. ‘ඔබේ කන ප්‍රඥාවට යොමු කරන්න. ඔබේ සිතද තේරුම්ගැනීමට පමුණුවන්න. ඔබ දැනගැනීම සොයා මොර ගසමින් තේරුම්ගැනීමට ඔබේ ශබ්දය නඟන්න. ඔබ එය රිදී මෙන් සොයන්න.’—හිතෝපදේශ 2:1-4.
ඉහත විස්තර කර තිබෙන ආකාරයේ වෑයමක් දරන යටහත් පහත් කෙනෙකුට නිසැකවම දෙවිව දැන හඳුනාගන්න පුළුවන්. ඉහත වගන්ති රැගෙන තිබෙන බයිබලයේ හිතෝපදේශ පොතේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා ප්‍රඥාව දෙන්නේය. ඔහුගේ මුඛයෙන් දැනගැන්මද තේරුම්ගැන්මද නික්මේ.” ඇත්තෙන්ම අවංකව සත්‍යය සොයන අයට “ධර්මිෂ්ඨකමද විනිශ්චයද යුක්තියද එසේය, සියලු යහපත් මාවත්ද දැනගන්න” ලැබෙනවා.—හිතෝපදේශ 2:6-9.
සත්‍යය සෙවීම
එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “මිනිසාගේ මූලික ලක්ෂණයක් වන්නේ අව්‍යාජ හා ව්‍යාජ, බලවත් හා දුබල, සැබෑව සහ බොරුව, පවිත්‍ර හා අපවිත්‍ර, පැහැදිලි හා අපැහැදිලි දේවල් අතර තිබෙන වෙනස හඳුනාගැනීමට තිබෙන වුවමනාවයි.” (The Encyclopedia of Religion) මේ වුවමනාව ඉටු කරගැනීමේ අරමුණින් මිනිසුන් බොහෝ කාලයක සිට සත්‍යය සොයමින් සිටිනවා. මේ සඳහා දරන වෑයමේදී, යම් කෙනෙක් “සැබෑකමෙහි දෙවි” කියා බයිබලයේ හඳුන්වා තිබෙන යෙහෝවා දෙවිව සොයනවා නම් ඔහුට සත්‍යය සොයාගත හැකියි.—ගීතාවලිය 31:5.
බයිබලය මුලින්ම ලියූ හෙබ්‍රෙව් භාෂාවට අනුව යෙහෝවා යන නාමයේ පදගතාර්ථය වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. මේ අනුව බලන කළ දෙවිගේ නාමයේ අර්ථය, ඔහු සතු නිර්මාණය කිරීමේ හැකියාව හා ඔහුගේ අරමුණු ඉටු කිරීම හා යොහන් 17:26.
සම්බන්ධයි. යෙහෝවා යන දෙවිගේ නාමය දැනගෙන සිටීම හා එය පාවිච්චි කිරීම සැබෑ ආගම හඳුනාගැනීමේ ලක්ෂණයක්. මෙය යේසුස් දැනසිටියා. තම අනුගාමිකයන් ගැන සඳහන් කරමින් ඔහු දෙවිට මෙසේ යාච්ඤා කළා. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබෙන පිණිසත්, මා ඔවුන් සමඟ එක්සත්ව සිටින පිණිසත් මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.”—පුරාණයේ විසූ හෙබ්‍රෙව් ජාතිකයෙකු වූ යෝසෙප් නම් තැනැත්තා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටියා. ඔහු සමහර පුද්ගලයන් දුටු සිහිනවල අර්ථය පහදා දුන් අවස්ථාවලදී ස්ථිර විශ්වාසයකින් මෙසේ පැවසුවා. “අර්ථය කීම දෙවිට අයිති නොවේද?”—උත්පත්ති 40:8; 41:15, 16.
යෝසෙප්ගේ කාලයෙන් සියවස් කිහිපයකට පසුව බැබිලෝනියේ නෙබුකද්නෙශර් නම් රජ සිහිනයක් දුටුවා. එහි අර්ථය කියා දීමට ඔහුගේ බුද්ධිමත් මිනිසුන්ට නොහැකි වුණා. මේ රජුගේ කාලයේ සිටි අනාගතවක්තෘවරයෙකු වූ දානියෙල් රජුට මෙසේ පැවසුවා. “රහස් දේ එළිදරව් කරන දෙවිකෙනෙක් ස්වර්ගයේ සිටින්නේය. ඔහු අන්තිම දවස්වලදී පැමිණෙන දේ නෙබුකද්නෙශර් රජුට දැන්වුවේය.”—දානියෙල් 2:28.
යෝසෙප්ගේ හා දානියෙල්ගේ අද්දැකීම්වලින් පෙනී යන්නේ දෙවි පිළිබඳ ප්‍රඥාව හා දැනුම ලබාගත හැක්කේ යෙහෝවා දෙවිට සේවය කරන අයට පමණක් බවයි. අප දෙවිගේ කරුණාව ලබාගැනීමට නම් අපි කලින් දැරූ මත අත්හැර දැමීමට සිදු විය හැකියි. ක්‍රිස්තියානීන් බවට පත් වූ පළමුවන සියවසේ විසූ යුදෙව්වන් එසේ කළා. යුදෙව් ජන සමාජය තුළ ස්ථාපිත වී තිබූ නීතිවලට ගරු කිරීමට හා කීකරු වීමට කුඩා කල පටන්ම නැඹුරු වී සිටි ඔවුන් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගත්තේ කාලයක් ගත වූ පසුවයි. ඔහු පැමිණියේ “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක්” වූ මෝසෙස් මගින් දෙන ලද නීතිය සම්පූර්ණ කරන්නයි. (හෙබ්‍රෙව් 10:1; මතෙව් 5:17; ලූක් 24:44, 45) මෝසෙස්ට දෙන ලද නීතියට හිමි වී තිබූ තැන, ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ “ක්‍රිස්තුස්ගේ නීතිය” කියා හඳුන්වන නීතියට හිමි වුණා.—ගලාති 6:2; රෝම 13:10; යාකොබ් 2:8.
අප ඉපදී සිටින්නේ දෙවිගෙන් ඈත් වූ මිනිසුන් පිරි ලෝකයකයි. මුල් මිනිස් යුවළගෙන් උරුම වී තිබෙන පාපය නිසා අපි ඉපදී සිටින්නේ ඔහුගේ අරමුණු ගැන නිවැරදි දැනුමක් ඇතිව නොවෙයි. මේ නිසා අපි උපතින්ම දෙවිගේ මිතුරන් වන්නේ නැහැ. එමෙන්ම අපිට උරුම වී තිබෙන්නෙත් රැවටිලිකාර සිතක්. (යෙරෙමියා 17:9; එෆීස 2:12; 4:18; කොලොස්සි 1:21) දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් දෙවිගේ කැමැත්තට එකඟව අපේ සිතුවිලි හැඩගස්වාගත යුතුයි. මෙසේ කිරීම පහසු දෙයක් නොවෙයි.
බොරු ආගමික ඉගැන්වීම් හා ඒවා හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර අත්හැර දැමීම අමාරු විය හැකියි. විශේෂයෙන්ම කුඩා කල පටන් දෙමාපියන් ඒවා සිත්වලට කාවද්දවා තිබෙනවා නම් ඒවා අත්හැරීම හුඟාක් අමාරුයි. එහෙත් හරි මාර්ගය දැනගෙනත් වැරදි මාර්ගයේ දිගටම ගමන් කිරීම නැණවත් දෙයක්ද? කොහෙත්ම නැහැ. ඇත්තෙන්ම නැණවත් දෙය වන්නේ දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා තමන්ගේ සිතුවිලි වෙනස් කරගැනීමයි.
දෙවි අපට උගන්වන මාධ්‍යය
සත්‍යයේ වචනය තේරුම්ගෙන ඒ අනුව ජීවත් වීම සඳහා අපට උපකාර ලබාගන්න පුළුවන් කොහෙන්ද? පුරාණයේ විසූ ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්වීම සඳහා දෙවි විශ්වාසවන්ත හා පක්ෂපාත පුද්ගලයන්ව පත් කළා. ඒ හා සමානව වර්තමානයේද දෙවි අවංකවම සත්‍යය සොයන අයට මඟ පෙන්වීම සඳහා යේසුස්ව පත් කර තිබෙනවා. ක්‍රිස්තියානි සභාවේ නායකයා වන්නේ ඔහුයි. ඔහු තමන්ගේ විශ්වාසවන්ත හා පක්ෂපාත අනුගාමිකයන් මාර්ගයෙන් ක්‍රිස්තියානි සභාවට නායකත්වය සපයනවා. අවංකව සත්‍යය සොයන අයට මඟ පෙන්වීමේ හා ඔවුන්ව රැකබලා ගැනීමේ වගකීම යේසුස් පවරා තිබෙන්නේ ඔවුන්ගෙන් සමන්විත කණ්ඩායමටයි. (මතෙව් 24:45-47; කොලොස්සි 1:18) අපට මේ අයව හඳුනාගත හැක්කේ කෙසේද?
යේසුස් මිනිසෙක් හැටියට ජීවත් වූ කාලයේදී විදහා පෙන්වූ ගුණාංග විදහා පෙන්වීමට ඔහුගේ සැබෑ අනුගාමිකයන්ද මහත් වෑයමක් දරනවා. වඩ වඩා දුෂ්ට වන මේ ලෝකය තුළ යේසුස්ගේ ඒ සැබෑ අනුගාමිකයන්ගේ ගතිලක්ෂණ පැහැදිලිව දැකගත හැකියි. (6වන පිටුවේ තිබෙන කොටුව බලන්න.) ඔබ හෝ ඔබේ අසල්වැසියන් අයත්ව සිටින ආගමේ අය තුළ එම ගතිලක්ෂණ දකින්න තිබෙනවාද? බයිබලය යොදාගනිමින් ඒ ගතිලක්ෂණ සොයාබැලීම ඇත්තෙන්ම වටිනවා.
බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන සොයා බලන්න කියා ඔබට ආරාධනා කරන්න අපි කැමතියි. පසුගිය වසරේදී ලොව පුරා රටවල් 235ක 60,00,000කට වැඩිදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කර තිබෙනවා. දෙවි පිළිබඳ ප්‍රඥාව හා දැනුම ලබාගැනීම දිගටම කළ යුතු දෙයක්. එයින් මහත් තෘප්තියක් වගේම ප්‍රයෝජනද අත්වෙනවාට සැකයක් නැහැ. දෙවි පිළිබඳ ප්‍රඥාව හා දැනුම ලබාගැනීමේ මාර්ගයේ ගමන් කරන්න ඔබත් කැමතිද? මේ මාර්ගයේ ගමන් කිරීම ගැන ඔබ කවදාවත් කනගාටු වෙන්නේ නැති බව නම් ස්ථීරයි. ඔව්, ඇත්තෙන්ම අපිට පුළුවන් දෙවිව දැන හඳුනාගන්න.
[6වන පිටුවේ කොටුව]
දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වන අයගේ ගතිලක්ෂණ සමහරක්
දේශපාලනික කාරණාවලදී පැති ගන්නේ නැත.—යෙසායා 2:4.
දෙවිගේ කැමැත්ත කරමින් හොඳ පල නිපදවයි.—මතෙව් 7:13-23.
ඔවුන් අතර අව්‍යාජ ප්‍රේමයක් දැකිය හැකියි.—යොහන් 13:35; 1 යොහන් 4:20.
ලෝකයේ කොතැන සිටියත් ඔවුන් කතා කරන දේවල එකඟතාවක් දැකිය හැකියි.—මීකා 2:12.
ඔවුන් අවට ජීවත් වන මිනිසුන්ගේ නරක ආකල්ප හා සිතුවිලිවල බලපෑමට හසුනොවන්න ඔවුන් වෑයම් කරනවා.—යොහන් 17:16.
සත්‍යය ගැන සාක්ෂි දරමින් යේසුස්ගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කරයි.—මතෙව් 24:14; 28:19, 20.
එකිනෙකාව දිරිගන්වන රැස්වීම්වලට නිතිපතා සහභාගි වෙයි.—හෙබ්‍රෙව් 10:25.
ලොවපුරා සිටින එක්සත් සෙනඟක් හැටියට දෙවිට ප්‍රශංසා කරයි.—එළිදරව් 7:9, 10.
[7වන පිටුවේ පින්තූර]
තනි තනිව, පවුල් වශයෙන් සහ සභාවක් හැටියට දෙවි ගැන දැනුම ලබාගත හැකියි