Skip to content

පටුනට යන්න

ඩාන්යෙල්ගේ සමුළු බැජ් කාඩ් එක

ඩාන්යෙල්ගේ සමුළු බැජ් කාඩ් එක

ඩාන්යෙල්ගේ සමුළු බැජ් කාඩ් එක

දරුවන්, යේසුස්ට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරද්දී තමන් ධර්මිෂ්ඨයයි සිතූ ආගමික නායකයන්ට කේන්ති ගියා. ඒ නිසා යේසුස් ආගමික නායකයන්ට තරවටු කරමින් ඔවුන්ගෙන් ඇසුවේ “‘බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ’ යන පාඨය ඔබ කවදාවත් කියවා නැද්ද?” කියායි.—මතෙව් 21:15, 16.

ජර්මනියේ රුසියානු භාෂාව කතා කරන සභාවක සිටින කුඩා ඩාන්යෙල්ට වයස අවුරුදු හයයි. ඔහුගේ ආදර්ශයෙන් පෙනෙන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන යෞවන දරුවන් අද දිනත් සිටින බවයි. ඔහු තම මව සහ අක්කා සමඟ ඩියුස්බර්ග් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වුණා. ඒ ඔහු මේ වගේ විශාල සමුළුවකට සහභාගි වූ ප්‍රථම අවස්ථාවයි. නවාතැන් ගත් හෝටලය, විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක්, එක දිගට දවස් තුනක් එයට සහභාගි වීම, බව්තීස්මය, එතකොට නාට්‍යය, මේ ඔක්කොම පුංචි ඩාන්යෙල්ට අලුත් දේවල්. ඒ වගේම ඩාන්යෙලුත් දඟ කරන්නේ නැතිව හොඳට හිටියා.

සමුළුවෙන් පස්සේ ගෙදර ආපු ඩාන්යෙල් පසු දින සඳුදා උදේ නැඟිට්ටේ පෙර පාසැලට යන්නයි. නමුත් ඔහු තවමත් අර සමුළුවට සහභාගි වීම සඳහා වූ අර බැජ් කාඩ් එක පැළඳගෙන ඉන්නවා. ඒක දැකපු ඔහුගේ අම්මා කිව්වේ “දැන් සමුළුව ඉවරයිනේ පුතේ. ඇයි ඔයා තාමත් ඕක ගහගෙන ඉන්නේ?” එතකොට ඩාන්යෙල් මෙහෙම කිව්වා. “මම කොහේද ගියේ කියලත් එහේ ගිහිල්ලා මොනවාද ඉගෙනගත්තේ කියලත් මට ඕනේ අනිත් අයට කියන්න.” ඉතින් ඒ දවස පුරාම ඔහු බොහොම ආඩම්බරයෙන් ඒ බැජ් කාඩ් එක පැළඳගෙන හිටියා. ඔහුගේ ගුරුතුමිය ඒ ගැන ඇහුවාම ඩාන්යෙල් සමුළුවේ විස්තර ඇයට කිව්වා.

සියවස් ගණනාවක් පුරා දරු දැරියන් දහස් ගණනක් දෙවිට ප්‍රශංසා කර තිබෙනවා වගේ ඩාන්යෙලුත් එසේ කිරීම තුළින් යෙහෝවා දෙවිට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළා.