Skip to content

පටුනට යන්න

පිළිතුරු දෙන්න ඔබේ දරුවන්ව පුහුණු කරන්න!

පිළිතුරු දෙන්න ඔබේ දරුවන්ව පුහුණු කරන්න!

පිළිතුරු දෙන්න ඔබේ දරුවන්ව පුහුණු කරන්න!

මෙක්සිකෝවේ ජීවත්වන පෙර්ලා අවුරුදු පහක් වයසැති දරුවකුගේ මවක්. කුඩා කාලයේදී තමාගේ අම්මා මුරටැඹ පාඩමේදී කෙටි උත්තර දෙන්න ඇයට ඉගැන්වූ ආකාරය ඇයට තාමත් මතකයි. දැන් ඇයත් තම පුතාට මුරටැඹ පාඩමේදී උත්තර දෙන්න පුහුණු කරනවා. ඒ කොහොමද? ඇය කියන දේ බලන්න. “මුලින්ම මම ඊට හොඳින් සූදානම් වෙනවා. ඒ අතර මම බලනවා පුතාට එයාගෙම වචනවලින් උත්තර දෙන්න පුළුවන් විදිහට එයාට ලෙහෙසියෙන් තේරෙන ඡේදයක් තියෙනවාද කියලා. පස්සේ මම එයත් එක්ක සූදානම් වෙද්දී අහනවා ඒ ඡේදයේ තියෙන දේවලින් අපට ඉගෙන ගන්න පුළුවන් මොනවාද කියලා. ඉතින් පුතා උත්තරයක් දෙනවා. ඊට පස්සේ ඒ ඡේදයට අදාළ ප්‍රශ්නෙ මම ආයෙත් අහන කොට පුතා උත්තර දෙනවා. ඒක පෙරහුරුවක් විදිහටයි කරන්නේ. සභාවේ උත්තර දෙද්දී මයික්‍රෆෝනයක් භාවිතා කරන නිසා ඒ වගේ ඒකක් අතේ තබාගෙන තමයි පුතා පෙරහුරු කරන්නේ. හුඟාක් වෙලාවට රැස්වීම පටන් ගන්න ඉස්සරවෙලා, එයා පාඩම මෙහෙයවන සහෝදරයා ගාවට ගිහිල්ලා, සූදානම් වුණු ඡේදය එයාට කලින්ම කියනවා. මේ විදිහ හුඟක් සාර්ථක වුණා. දැන් පුතා හැම රැස්වීමකදීම වගේ උත්තර දෙනවා. එහෙම බැරි වුනොත් අඩුම ගානේ උත්තර දෙන්න අත හරි උස්සනවා.”

හින්දි භාෂාව කතා කරන සභාවක වැඩිමහල්ලෙක් වන යෙන්ස්ට වයස අවුරුදු දෙකක හා හතරක පුතුන් දෙදෙනෙක් සිටිනවා. පුතුන් හා බිරිඳ සමඟ එකතු වී යෙන්ස් රැස්වීම්වලට සූදානම් වෙන්නේ තම දෙමාපියන්ගෙන් ඉගෙනගත් ක්‍රමයක් භාවිතා කරමිනුයි. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “පාඩමේ කොයි කොටසද අපේ දරුවන්ට ලෙහෙසියෙන්ම තේරෙන්නේ කියලා අපි බලනවා. පස්සේ පුතාලාට තේරෙන විදිහට, ඒ ලිපියේ මූලික අදහස් ගැන කෙටියෙන් කියලා දෙනවා. රැස්වීමේදී ඔවුන්ට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතන ප්‍රශ්න ඒ දෙන්නගෙන් අපි අහනවා. එයාලගේම වචනවලින් උත්තර දෙන හැටි දැක්කම සමහර වෙලාවට පුදුමත් හිතෙනවා. ඔවුන්ගේ උත්තරවලින් යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ලැබෙනවා වගේම දෙවි කෙරෙහි දරුවන්ට කොතරම් ඇදහිල්ලක් තියෙනවද කියලත් ඒකෙන් ඔප්පු වෙනවා.”