Skip to content

පටුනට යන්න

යූදා දේශය කාලයක් පාළුව තිබුණාද?

යූදා දේශය කාලයක් පාළුව තිබුණාද?

යූදා දේශය කාලයක් පාළුව තිබුණාද?

යූදා දේශය බැබිලෝනිවරුන් විසින් විනාශ කර දමනු ලබන බවත් ඔවුන් වහල්කමට ගෙන ගිය යුදෙව්වන් ආපසු තම මව් බිමට පැමිණෙන තෙක් ඒ දේශය පාළුව තිබෙන බවත් බයිබලයේ පුරෝකථනය කර තිබුණා. (යෙරෙමියා 25:8-11) එම පුරෝකථනය සත්‍යයක් වූ බව විශ්වාස කිරීමට තිබෙන ප්‍රබලතම හේතුව දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද වාර්තාවක් සෝදිසි කර බැලීමෙන් දැනගත හැකියි. එම වාර්තාව ලියනු ලැබුවේ බැබිලෝනියේ වහල්කමට ගෙන ගිය යුදෙව්වන් අතරින් මුල්ම කණ්ඩායම යළි තම මව් බිමට පැමිණ අවුරුදු 75ක පමණ කාලයක් ගත වීමෙන් වීමෙන් පසුවයි. එම වාර්තාවට අනුව බැබිලෝනියේ රජ ‘කඩුවෙන් ගැලවුණු අය බබිලෝනියට ගෙන ගියා. පර්සියානුවන් ඒ රාජ්‍යයේ රජකමට පැමිණෙන තෙක් ඔවුන් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් මෙහෙකරුවන්ව සිටියා.’ යූදා දේශය ‘එහි සබත් භුක්ති විඳින තෙක් පාළුව’ තිබුණා. (2 ලේකම් 36:20, 21) මෙය තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවාද?

පලස්තීනයේ පිහිටි හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන එප්‍රායිම් ස්ට’න් එක් සඟරාවක මෙසේ පවසා තිබුණා. “ඇසිරියානුවන් මෙන්ම බැබිලෝනිවරුන්ද පුරාණ යූදා දේශයට අයත් විශාල ප්‍රදේශයක් විනාශ කර දැමුවා. එහෙත් එම ජාතීන් දෙක ලැබූ ජයග්‍රහණවලින් අනතුරුව යූදා දේශයේ පැවති තත්වය ගැන කියාපාන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළි වන්නේ එකිනෙකට වෙනස් කාරණා දෙකක්.” (Biblical Archaeology Review) මේ ගැන ඔහු මෙසේ පැහැදිලි කරනවා. ‘ඇසිරියානුවන් යූදා දේශයේ ජනාවාස ඇති කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ වුණත් බැබිලෝනිවරුන් ඒ දේශය අත් පත් කරගත් පසු ජනයා එහි වාසය කළ බවට පැහැදිලි සාක්ෂි නැහැ. සාමාන්‍යයෙන් බැබිලෝනිවරුන් විනාශ කළ නගරවල ජනයාව යළි පදිංචි කළ බවක් පෙනෙන්න නැහැ. ජනයා යූදා දේශයේ යළිත් වාසය කිරීමට පටන් ගත්තේ පසු කලෙක පර්සියානුවන් ඒ දේශය යටත් කරගැනීමෙන් පසුවයි.”

මෙය සත්‍යයක් බවට හාව’ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ලෝරන්ස් ඊ. ස්ටෙජර් එකඟ වෙනවා. ‘බැබිලෝනිවරුන් යූදා දේශය සම්පූර්ණයෙන් ගිනි බත් කර විනාශ කර දැමුවා. ජනයා යළිත් යෙරුසලමේ හා යූදාහි පදිංචි වුණේ මහ සයිරස් රජුගේ නායකත්වය යටතේ පර්සියානුවන් බැබිලෝනිවරුන්ව පරාජය කිරීමෙන් පසුවයි.’

යූදා දේශය පාළු වන බවට යෙහෝවා දෙවි පැවසූ දෙය සත්‍යයක් වුණා. ඔහු පුරෝකථනය කරන දේවල් සැම විටම ඉටු වෙනවා. (යෙසායා 55:10, 11) මේ නිසා දෙවි කෙරෙහි අපිට සීයට සීයක් විශ්වාසය තබන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බයිබලයේ සඳහන් පොරොන්දු නිසැකව ඉටුවන බවත් අපිට විශ්වාස කරන්න පුළුවන්.—2 තිමෝති 3:16.