අසල්වැසියා කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
අසල්වැසියා කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”—මතෙව් 22:39.
1. දෙවිට ඇති අපගේ ප්‍රේමය අපි පෙන්වන්නේ කෙසේද?
යෙහෝවා දෙවි තමාට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යේසුස් ඊට පිළිතුරු දුන්නේ උතුම්ම ආඥාව නම් යෙහෝවා දෙවිට මුළු හදවතින්, ජීවිතයෙන්, මනසින් සහ ශක්තියෙන් ප්‍රේම කිරීම කියායි. මෙම වචන ස්වල්පය තුළ මොන තරම් ගැඹුරු අදහසක් ගැබ්ව තිබෙනවාද! (මතෙව් 22:37; මාක් 12:30) අපි කලින් පාඩම් ලිපියේ දුටුවාක් මෙන් යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමේදී ඔහුගේ ආඥා පැවැත්වීම වැදගත්. ඉන් ඔප්පු වන්නේ අපි යෙහෝවා දෙවිට ප්‍රේම කරන බවයි. යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය ඔහුගේ ආඥා පැවැත්වීම සලකන්නේ බරක් හැටියට නොව නමුත් ප්‍රීතියක් හැටියටයි.—ගීතාවලිය 40:8; 1 යොහන් 5:2, 3.
2, 3. අසල්වැසියාට ප්‍රේම කරන්න යන ආඥාවට අප කීකරු විය යුත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න මොනවාද?
2 දෙවිගේ නීතියේ ඊළඟ උතුම් ආඥාව සඳහන් කරමින් යේසුස් කිව්වේ මෙසේයි. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) අප ජීවත් වන්නේ ආත්මාර්ථකාමී, ප්‍රේමය ගැන විකෘති අදහස් දරන කාලයකයි. මේ “අන්තිම දවස්වලදී” ජීවත් වන මනුෂ්‍යයන් ගැන පාවුල් ලිව්වේ ඔවුන් අන් අයට නොව, නමුත් තමාට පමණක් ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, තමන්වම සන්තෝෂ කරගන්නා අය වන බවයි. බොහෝදෙනෙකුට “ජන්ම ස්නේහය නැති” බවත් ඔහු සඳහන් කරනවා. තවත් බයිබල් පරිවර්තනයක එය සඳහන් වන්නේ “පවුල තුළ තිබිය යුතු සෙනෙහස හීන වෙනවා” කියායි. (2 තිමෝති 3:1-4) යේසුස් ඒ ගැන කලින්ම කිව්වේ මෙහෙමයි. “බොහෝදෙනෙක් . . . එකිනෙකාව පාවා දී එකිනෙකාට වෛර කරන්නෝය. . . . වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.” ඒ නිසා අසල්වැසියාට ප්‍රේම කරන්න කියා දී ඇති ආඥාවට අවධානය දීම ඉතාමත් වැදගත්.—මතෙව් 24:10, 12.
3 නමුත් සියලුදෙනාගේම ප්‍රේමය හීන වන බව යේසුස් සඳහන් නොකිරීම අපගේ උනන්දුවට හේතුවක්. ඒ කියන්නේ එදත් අදත් ඉදිරියටත් යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් ඔහු බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රේමයක් ඔහුට පෙන්වන අය සිටින බවයි. යෙහෝවා දෙවි සලකන ආකාරයටම අන් අයට සලකන්න,
දෙවිට සැබවින්ම ප්‍රේම කරන අය වෑයම් කරනවා. නමුත් අප ප්‍රේම කළ යුතු අපගේ අසල්වැසියා කවුද? ඔවුන්ට ඒ ප්‍රේමය අපි පෙන්වන්නේ කෙසේද? මේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ තිබෙනවා.මගේ අසල්වැසියා කවුද?
4. ලෙවී කතාව 19වන පරිච්ඡේදයට අනුව යුදෙව්වන් ප්‍රේම කළ යුතුව තිබුණේ කාටද?
4 තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කළ යුතු බව යේසුස් පරිසිවරයාට පවසද්දී ඔහු සඳහන් කරමින් සිටියේ ලෙවී කතාව 19:18හි ඇති ආඥාව ගැනයි. එම පරිච්ජේදයේම සඳහන් වන්නේ යුදෙව්වන්, ඊශ්‍රායෙලිතයන්ව පමණක් නොව අන් අයවත් තමාගේම අසල්වැසියා ලෙස සැලකිය යුතු බවයි. එහි 34වන පදයෙහි පවසන්නේ “ඔබ ඊජිප්තු දේශයෙහි විදේශිකයන්ව විසූ නිසා ඔබ සමඟ වසන අන් රටක වැසියා ඔබ අතරෙහි උපන්නෙකු මෙන් වන්නේය. ඔබට මෙන් ඔහුට ප්‍රේම කරන්න” කියායි. එමනිසා යුදෙව් නොවන අයටත් විශේෂයෙන්ම යුදෙව් ආගමට හැරුණු විදේශිකයන්ටත් ප්‍රේම කළ යුතු වුණා.
5. අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන යුදෙව්වන්ට තිබූ ආකල්පය කුමක්ද?
5 කොහොමනමුත් යේසුස්ගේ කාලයේ සිටි යුදෙව් නායකයන්ට නම් අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන තිබුණේ වෙන අදහසක්. ඔවුන්ගෙන් සමහරෙක් හිතුවේ “මිත්‍රයා” සහ “අසල්වැසියා” යන වචන අදාළ වුණේ තමාගේම ජාතියේ අයට පමණක් බවයි. ඒ නිසා ඔවුන් යුදෙව් නොවන අයට වෛර කළා. එවැනි ආගමික ගුරුවරු තවදුරටත් කිව්වේ දෙවිට නමස්කාර කරන අය එසේ නොකරන අයට වෛර කළ යුතු බවයි. එක් පොතක ඒ ගැන සඳහන් කරන්නේ “එවැනි තත්වයක් යටතේ වෛරය හොඳින් පෝෂණය වුණා” කියායි.
6. අසල්වැසියාට ප්‍රේමය දැක්වීම ගැන සඳහන් කරද්දී යේසුස් අවධාරණය කළ කරුණු දෙක කුමක්ද?
6 ප්‍රේම කළ යුත්තේ කාටද කියන කාරණය ගැන කන්ද උඩ දේශනාවේදී යේසුස් කතා කළා. ඔහු කිව්වේ “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.” (මතෙව් 5:43-45) එහිදී යේසුස් කරුණු දෙකක් අවධාරණය කළා. පළමු එක නම්, යෙහෝවා දෙවි දුෂ්ටයන්ටත් යහපතුන්ටත් කරුණාවන්තව සලකන බවයි. දෙවැන්න නම්, අපි එම ආදර්ශය අනුකරණය කළ යුතු බවයි.
7. කාරුණික අසල්වැසියෙක් වූ සමරිතානුවරයාගේ උපමාවෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද?
7 තවත් අවස්ථාවක නීතිය ගැන මනා දැනුමක් තිබූ යුදෙව්වෙක් “ඇත්තටම මාගේ අසල්වැසියා කවුද?” කියා යේසුස්ගෙන් විමසුවා. ඊට පිළිතුරු දෙන්න යේසුස් උපමාවක් යොදාගත්තා. එනම් සොරුන්ට අසු වී පහර කා මඟ වැටී සිටි යුදෙව්වෙක් සහ ඔහුට උපකාර කළ සමරිතානු ජාතිකයෙක් ගැන උපමාවයි. සාමාන්‍යයෙන් යුදෙව්වන් සමාරිය ජාතිකයන්ව සැලකුවේ පහත් අය ලෙසයි. නමුත් පහර කා සිටි යුදෙව්වාගේ තුවාලවලට බෙහෙත් දමා, පසුව සුවය ලබන තෙක් ඔහුව තානායමක නතර කළේත් මේ සමාරිවරයා විසින්මයි. ඉන් ගත හැකි පාඩම කුමක්ද? එනම් අසල්වැසියාට ප්‍රේම කිරීම කියන්නේ අපේම ජාතියේ, වර්ගයේ හෝ ආගමේ ලූක් 10:25, 29, 30, 33-37.
සිටින අයට පමණක් සීමා වූ යමක් නොවිය යුතු බවයි.—අසල්වැසි ප්‍රේමය යනු කුමක්ද?
8. ලෙවී කතාව 19වන පරිච්ඡේදයට අනුව ප්‍රේමය පෙන්විය යුත්තේ කෙසේද?
8 දෙවිට ඇති අපගේ ප්‍රේමය හැඟීමක් පමණක් නොවන්නා සේම අසල්වැසියාට අප දක්වන ප්‍රේමයද, හැඟීමකට පමණක් සීමා වූ දෙයක් නොවේ. එම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. එය තේරුම්ගැනීමට, ඊශ්‍රායෙල්වරු තම අසල්වැසියාට ප්‍රේම කළ යුතු ආකාරය ගැන අපි ලෙවී කතාව 19වන පරිච්ඡේදයෙන් සලකා බලමු. ඔවුන් සමඟ සිටි දිලිඳුන් සහ විදේශිකයන්ට තම පලදාවෙන් යම් කොටසක් ඉතිරි කිරීමට ඊශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණා. සොරකම, වංචාව සහ බොරුවෙන් වැළකී සිටීමෙන්ද අසල්වැසියාට ප්‍රේමය පෙන්වූවා. යම් විනිශ්චයක් කරද්දී පැති නොගැනීමත් එයට ඇතුළත් වුණා. සමහරවිට තම සහෝදරයන්ට අවවාද කරන්න ඔවුන්ට හේතු තිබුණත් “ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න” කියා විශේෂයෙන්ම ඔවුන්ට අණ කර තිබුණා. ඒ අනුව අසල්වැසියා සම්බන්ධයෙන් දී ඇති සියලුම ආඥාවල සාරය නම් මෙයයි. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”—ලෙවී කතාව 19:9-11, 15, 17, 18.
9. අවට සිටි ජාතීන්ගෙන් වෙන් වී සිටින්න කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඇයි?
9 තම අසල්වැසියාට ප්‍රේම කළ යුතු වුණත් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ අයගෙන් වෙන් වී සිටින්න ඊශ්‍රායෙල්වරුන්ට සිදු වුණා. එයින් සිදු විය හැකි භයානක ප්‍රතිඵල ගැනත් යෙහෝවා දෙවි අනතුරු අඟවලයි තිබුණේ. උදාහරණයකට ඔවුන් විසින් විනාශ කිරීමට නියමිතව සිටි ජාතීන් ගැන යෙහෝවා දෙවි පැවසුවේ මෙසේයි. “ඔවුන් සමඟ සරණ ගනුදෙනු නොකරන්න. ඔබේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න. ඔහුගේ දුව ඔබේ පුත්‍රයාට පාවා නොගන්න. මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට මෙහෙ කරන පිණිස ඔබේ පුත්‍රයා මා අනුව යාමෙන් හරවාගන්නේය. මෙසේ යෙහෝවාගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ ඔහු වහාම ඔබ විනාශ කරන්නේය.”—ද්විතීය කතාව 7:3, 4.
10. අප පරෙස්සම් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?
10 අද සිටින ක්‍රිස්තියානීන්ද දෙවි සමඟ ඇති මිත්‍රත්වයට බාධා ඇති කරන ඕනෑම ආකාරයක බැඳීම්වලින් වැළකී සිටිය යුතුයි. (1 කොරින්ති 15:33) අපට උපදෙස් දී තිබෙන්නේ “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න” කියායි. (2 කොරින්ති 6:14) කෙනෙකුට විවාහ වීමට මඟ පෙන්වා ඇත්තේද “ස්වාමීන් තුළ පමණි.” (1 කොරින්ති 7:39) එසේ වුණත් අපි දෙවිට නමස්කාර නොකරන අයට කවදාවත් අවමන් නොකළ යුතුයි. හේතුව, යේසුස් තම ජීවිතය පූජා කළේ පව්කාරයන් වෙනුවෙනුයි. ඒ වගේම වරක් පව්කාර ජීවිතයක් ගත කළ අය තම ජීවිත වෙනස් කරගැනීමෙන් දෙවිට පිළිගත හැකි අය බවට පත් වී තිබෙනවා.—රෝම 5:8; 1 කොරින්ති 6:9-11.
11. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අයට අපගේ ප්‍රේමය පෙන්විය හැකි හොඳම ක්‍රමය කුමක්ද? ඒ ඇයි?
11 තමන්ට නමස්කාර නොකරන අයට ප්‍රේමය පෙන්වීමේදී යෙහෝවා දෙවි තරම් හොඳ ආදර්ශයක් තවත් නැහැ. ඔහු දුෂ්ටකමට ද්වේෂ කළත් තමන්ගේ නපුරු මාර්ගවලින් හැරී සදාකාල ජීවනය ලබාගැනීමට අවස්ථාව සැමටම දීමෙන් ප්‍රේමණීය කරුණාව පෙන්වා තිබෙනවා. (එසකියෙල් 18:23) යෙහෝවා දෙවි කැමති වන්නේ “සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාටයි.” (2 පේතෘස් 3:9) එමෙන්ම ඔහුගේ ආශාව වන්නෙත් “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:4) යේසුස් තම අනුගාමිකයන්ට “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා පැවරුමක් ලබා දුන්නෙත් ඒ නිසයි. (මතෙව් 28:19, 20) එහි ක්‍රියාශීලීව හවුල් වීම තුළින් දෙවිට සහ අසල්වැසියාට වගේම අපගේ සතුරන්ටත් අපි ප්‍රේම කරන බව පෙන්වමු!
ක්‍රිස්තියානි සහෝදරයන්ට ප්‍රේමය පෙන්වීම
12. අපගේ සහෝදරයාට ප්‍රේම කිරීම ගැන යොහන් ලියුවේ කුමක්ද?
12 පාවුල් මෙහෙම ලිව්වා. “අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” (ගලාති 6:10) අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමට අපි බැඳී සිටිනවා. එය සුළු පටු කාරණයක් නොවෙයි. ඒ බව යොහන් ලියූ දෙයින් පැහැදිලියි. “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි. . . . යමෙක් ‘මම දෙවිට ප්‍රේම කරමි’යි කියමින් තමාගේ සහෝදරයාට වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද, තමන් දුටු සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, තමන් නුදුටු දෙවිට ප්‍රේම කළ නොහැක.” (1 යොහන් 3:15; 4:20) ඒවා මොන තරම් ප්‍රබල වචනද! ‘මිනී මරන්නා’ සහ ‘බොරුකාරයා’ යන වචන යේසුස් අදාළ කළේ සාතන් නමැති යක්ෂයාටයි. (යොහන් 8:44) එම වචන කෙදිනකවත් අපි සම්බන්ධයෙන් සැබෑවීමට ඉඩ නොදෙමු.
13. අපගේ සෙසු නමස්කාරකයන්ට ප්‍රේමය පෙන්විය හැකි මාර්ග මොනවාද?
13 ‘එකිනෙකාට ප්‍රේම කරන්න’ කියා සැබෑ ක්‍රිස්තියානීන්ට ‘දෙවිම උගන්වා ඇත.’ (1 තෙසලෝනික 4:9) අපි එකිනෙකාට “වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත්” ප්‍රේම කරමු. (1 යොහන් 3:18) එම ප්‍රේමය “කුහකකමින් තොරව” තිබිය යුතුයි. (රෝම 12:9) කරුණාවන්ත වීමට, දයානුකම්පාව දැක්වීමට, සමාව දීමට, බොහෝ ඉවසිලිවන්ත වීමට සහ ඊර්ෂ්‍යා නොවීමට, පුරසාරම් දෙඩීමෙන් වැළකීමට, අහංකාර නොවීමට හෝ ආත්මාර්ථකාමී නොවීමට අපව පොලඹවන්නේ එම ප්‍රේමයයි. (1 කොරින්ති 13:4, 5; එෆීස 4:32) “එකිනෙකාට සේවය කරන්න” අපි කැමති වන්නෙත් එම ප්‍රේමය නිසාමයි. (ගලාති 5:13) යේසුස් තම ගෝලයන්ට කිව්වේ තමා ඔවුන්ට ප්‍රේම කළ ලෙසම ඔවුනුත් අන්‍යයන්ට ප්‍රේම කිරීම අවශ්‍ය බවයි. (යොහන් 13:34) එමනිසා ක්‍රිස්තියානියෙක් තම සෙසු නමස්කාරකයන් වෙනුවෙන් අවශ්‍ය විටකදී තම ජීවිතය වුවත් දීමට කැමැත්තෙන් සිටිය යුතුයි.
14. පවුල තුළ ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?
14 එම ප්‍රේමය විශේෂයෙන්ම තිබිය යුතු තැනක් වන්නේ ක්‍රිස්තියානි පවුල් කවය තුළයි. එයිනුත් ප්‍රධාන කොට එය තිබිය යුත්තේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතරයි. එය කොතරම් සමීප බැඳීමක්ද කියා පාවුල් පැවසුවේ මෙසේයි. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරන්නේය.” (එෆීස 5:28) ඒ අදහසම නැවතත් බයිබල් පද පහකට පසුව සඳහන් වෙනවා. තම භාර්යාවට ප්‍රේම කරන ස්වාමිපුරුෂයෙක්, මලාකිගේ කාලයේ සිටි ස්වාමිපුරුෂයන් මෙන් ඇයට ද්‍රෝහි වන්නේ නැහැ. (මලාකි 2:14) ඒ වෙනුවට ඔහු තම බිරිඳව ආදරයෙන් රැකබලා ගනියි. යේසුස් ක්‍රිස්තියානි සභාවට ප්‍රේම කළාක් මෙන් ඇයට ප්‍රේම කරයි. අනෙක් අතට තම ස්වාමිපුරුෂයාට ගරු කිරීමට භාර්යාවක්ව පොලඹවන්නෙත් ඒ ප්‍රේමයයි.—එෆීස 5:25, 29-33.
15. සහෝදර ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීම දුටු සමහරුන් කළේ කුමක්ද?
15 එවැනි ප්‍රේමයක් සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණයි. ඒ ගැන යේසුස් කිව්වේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියායි. (යොහන් 13:35) අපි එකිනෙකාට ප්‍රේම කරද්දී, අපි ප්‍රේම කරන දෙවි වෙතට ඔවුන් ඇදී එනවා. මොසැම්බික් රටේ සිටින සාක්ෂිකාර පවුලක් වාර්තා කළ මේ දේ ඊට කදිම උදාහරණයක්. “එදා හැන්දෑවේ තද හුළඟකුත් එක්ක මහා හයියෙන් වහින්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි ගල් කැට වගේ අයිස් කැටත් වැටුණා. හුළඟ කොච්චර සැරද කිව්වොත් ටකරංවලින් හදපු අපේ වහල ගලවාගෙන ගිහිල්ලා ගේත් කඩාගෙන වැටුණා. අහල පහළ තිබුණ සභාවල හිටිය සහෝදරයෝ ඇවිල්ලා අපේ ගේ හදාගන්න උදව් කෙරුවා. ඒ දිහා අසල්වාසීන් පුදුමයෙන් වගේ බලං හිටියා. එතකොට අපි ඒ අයට යොහන් 13:34, 35 පෙන්නුවා. දැන් අපේ අසල්වාසීන්ගෙන් හුඟදෙනෙක් බයිබලය පාඩම් කරනවා.”
පෞද්ගලිකව ප්‍රේමය පෙන්වීම
16. පොදුවේ හැමෝටම ප්‍රේම කිරීමත් එක් එක්කෙනාට ප්‍රේම කිරීමත් අතර ඇති වෙනස කුමක්ද?
16 පොදුවේ හැමෝටම ප්‍රේම කරන එක නම් පහසු දෙයක්. නමුත් එක් එක් පුද්ගලයා කෙරෙහි ප්‍රේමයක් දැක්වීම නම් එතරම් ලෙහෙසි දෙයක් නොවේ. සමහරුන් තම අසල්වැසි ප්‍රේමය පෙන්වන්නේ සරණ සේවා ආයතනවලට යම් පරිත්‍යාග කිරීමෙන් පමණයි. නමුත් රැකියා ස්ථානයේ සිටින අපට අකමැති සෙසු සේවකයෙකුට, කරදරකාරී අසල්වැසියෙකුට හෝ අපගේ සිත රිදවන මිතුරෙකුට ප්‍රේම කිරීම, ප්‍රේම කරනවා කියා කීමට වඩා අමාරු දෙයක්.
17, 18. යේසුස් එක් එක්කෙනාට ප්‍රේමය පෙන්නුවේ කෙසේද? කුමන චේතනාවක් ඇතිවද?
17 එක් එක් පුද්ගලයාට ප්‍රේම කිරීම ගැන අපට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඊට හේතුව දෙවිගේ ගති ගුණ හොඳින්ම විදහා පෑවේ ඔහුයි. යේසුස් පැමිණියේ මුළු ලෝකයාවම පව්කාර තත්වයෙන් ගලවාගන්නයි. ඒ වුණත් ඔහු රෝගී ස්ත්‍රියක්, ලාදුරු මතෙව් 9:20-22; මාක් 1:40-42; 7:26, 29, 30; යොහන් 1:29) ඒ හා සමානව අපිත් දිනපතා හමුවන අය සමඟ කටයුතු කරන ආකාරයෙන් අපේ අසල්වැසි ප්‍රේමය පෙන්වනවා.
රෝගියෙක් සහ දැරියක්ව සුව කිරීමෙන් එක්කෙනාට පෞද්ගලිකවත් ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වුවා. (18 අසල්වැසියාට දක්වන ප්‍රේමය යෙහෝවා දෙවිට දක්වන ප්‍රේමය සමඟ කිට්ටුවෙන් බැඳී තිබෙන බව කිසිදාක අමතක නොකරන්න. යේසුස් දුප්පතුන්ට උපකාර කළෙත් රෝගීන් සුව කළෙත් කුසගිනි වුවන්ට ආහාර ලබා දුන්නෙත් ජනයාට ඉගැන්නුවෙත් ඔවුන්ව යෙහෝවා දෙවි හා සමඟි කිරීමටයි. (2 කොරින්ති 5:19) තමන් දෙවිව නියෝජනය කරන බව යේසුස් කිසිදාක අමතක නොකළ නිසා, ඔහු සියල්ල කළේ දෙවිගේ මහිමය උදෙසායි. (1 කොරින්ති 10:31) අපි යේසුස්ගේ ආදර්ශය හොඳින් අනුගමනය කරනවා නම් අසල්වැසියාට සැබෑ ප්‍රේමය පෙන්වන අතරම මේ දුෂ්ට ලෝකයේ කොටසක් නොවී සිටීමටද අපට පුළුවන්.
අපට මෙන් අසල්වැසියාට ප්‍රේම කිරීම
19, 20. අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
19 යේසුස් මෙසේ කිව්වා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” අපි අපි ගැනම සැලකිලිමත් වීමේත් ආත්ම ගෞරවයක් ඇතිව සිටීමේත් වරදක් නැහැ. එවැනි සැලකිල්ලක් අප කෙරෙහි අප නොදැක්වුවහොත් යේසුස් ඉහත සඳහන් කළ ආඥාවේ හරය අපට වැටහෙන්නේ නැහැ. අප, අප කෙරෙහි දැක්වන සැලකිල්ල, 2 තිමෝති 3:2හි පාවුල් සඳහන් කළ ‘තමුන්ටම ප්‍රේම කිරීම’ සමඟ පටලවා නොගත යුතුයි. එක් බයිබල් විශාරදයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “තමන් ගැනම සැලකිල්ල දැක්වීම කියන්නේ හරිම සමබර දෙයක්. ඒ නිසා යමෙක් ‘මං තරම් කෙනෙක් තවත් නැහැ’ කියා සිතීමෙන් හෝ ‘මං කිසිම කමකට නැති කෙනෙක්’ කියා සිතීමෙන් හෝ වළකිනවා.” ඒ වෙනුවට එය අපි ගැනම අපි කරන සාධාරණ තක්සේරුවක්.
20 අපට මෙන් අන් අයට ප්‍රේම කිරීම කියන්නේ, අන් අය අප ගැන සිතනවාට අපි කැමති කොහොමද සහ අන් අය අපට සලකනවාට අපි කැමති කොහොමද, එයාකාරයටම අපිත් අන් අයට කිරීමයි. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) මිනිසුන් අපට අතීතයේදී සැලකූ විදිහ ගැන කල්පනා කර ඔවුන්ටත් ඒ විදිහටම සලකන්න කියා යේසුස් අදහස් කළාද? නැහැ. මෙයින් යේසුස් අදහස් කළේ මිනිසුන් අපව සලකනවාට කැමති ආකාරය ගැන සිතා ඒ විදිහටම ඔවුන්ට සලකන්න කියයි. ඉහත සඳහන් ප්‍රතිපත්තිය යේසුස් දුන්නේ මිතුරන්ට සහ අපගේ සභාවේ අයට පමණක් අදාළ කරගන්න කියා නොවෙයි. යේසුස් එහිදී “අනුන්” යන වචනය භාවිත කිරීමෙන් පෙන්නුවේ අපට හමුවන සියලුදෙනා සමඟ අපි එලෙස ක්‍රියා කළ යුතු බවයි.
21. අන් අයට ප්‍රේම කිරීමෙන් අපි පෙන්වන්නේ කුමක්ද?
21 අසල්වැසියාට ප්‍රේම කිරීම වැරදි දේ කිරීමෙන් අපව වළක්වයි. පාවුල් ඒ ගැන මේ විදිහට ලිව්වා. “මේ නීති මාලාව, එනම්, ‘පරදාර සේවනයේ නොයෙදෙන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, තණ්හා නොකරන්න’ යන ආඥාද තවත් අමතර ආඥා ඇත්නම් ඒවාද, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන මේ වදනෙහි අන්තර්ගත වේ. ප්‍රේමය, යමෙකුගේ අසල්වැසියාට නපුරක් කරන්නේ නැත.” (රෝම 13:9, 10) අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි. සෙසු මිනිසුන්ට ප්‍රේම කිරීමෙන් අපි පෙන්වන්නේ තම ස්වරූපයෙන් මිනිසා මැවූ දෙවිට අපි ප්‍රේම කරන බවයි.—උත්පත්ති 1:26.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• අපි ප්‍රේමය පෙන්විය යුත්තේ කාටද? ඒ ඇයි?
• යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අයට ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?
• අපගේ සෙසු සහෝදරයන්ට පෙන්විය යුතු ප්‍රේමය ගැන බයිබලයේ විස්තර කරන්නේ කෙසේද?
• තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[26වන පිටුවේ පින්තූරය]
“ඇත්තටම මාගේ අසල්වැසියා කවුද?”
[29වන පිටුවේ පින්තූරය]
යේසුස් එක් එක් පුද්ගලයාට ප්‍රේමය පෙන්නුවා