Skip to content

පටුනට යන්න

විනිශ්චයකරුවෙකුට ගුරුකම් දිය හැකිද?

විනිශ්චයකරුවෙකුට ගුරුකම් දිය හැකිද?

විනිශ්චයකරුවෙකුට ගුරුකම් දිය හැකිද?

ක්‍රොඒෂියාවේ ස්ලාඩ්යානා නම් සාක්ෂිකාර සහෝදරියට දිනක් මුල්‍යමය කාරණයක් සම්බන්ධ නඩුවක් සඳහා උසාවිය ඉදිරියේ පෙනී සිටින්න සිදු වුණා. විනිශ්චකරු ඉදිරියට ඈ නියමිත වේලාවට ගියත් නඩුවට සම්බන්ධ අනෙක් පාර්ශ්වය ප්‍රමාද වුණා. ස්ලාඩ්යානාට වුවමනා වුණා මේ අවස්ථාවේදී දේවරාජ්‍ය ගැන කතා කරන්න. ඉතින් සෑමදෙනාම ඉඳගෙන ඉන්න අතරතුර ඇය විනිශ්චයකරුට කතා කිරීමට ධෛර්යය උපදවාගත්තා.

ඇය ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමිනි, ඔබ දැනගෙන හිටියාද ළඟදීම මේ පොළොවේ උසාවිවත් විනිශ්චකරුවන්වත් නැති කාලයක් එන්න යනවා කියලා?” ඇය කතා කරමින් සිටියේ ඔබත් මමත් අද දන්නවා හා සමාන නඩු අහන විනිශ්චයකරුවන් ගැනයි.

කිසිවක් නොකියා පුදුමයෙන් වගේ විනිශ්චයකරු ඇය දෙස බලා සිටියා. ඉන් ටික වේලාවකට පසු උසාවියේ කටයුතු ආරම්භ කළා. නඩුව අවසන් වූ පසු යම් ලියකියවිලි වගයකට අත්සන් කිරීමට ස්ලාඩ්යානා නැගිට්ටා. එතකොට විනිශ්චකරු ඉදිරියට නැමී ස්ලාඩ්යානාගෙන් හෙමිහිට මෙහෙම ඇසුවා. “ඔයා මට කිව්වා වගේ උසාවිවත් විනිශ්චකරුවන්වත් නැති කාලයක් එනවා කියන එක ගැන ඔයාට විශ්වාසද?”

“ඔව් ස්වාමිනි මට හොඳටම විශ්වාසයි” කියලා ස්ලාඩ්යානා පිළිතුරු දුන්නා.

“එහෙම දෙයක් වෙයි කියලා විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු මොනවාද?” කියා විනිශ්චයකරු ඇගෙන් ඇසුවා.

“ඒකට උත්තරේ බයිබලයේ තියෙනවා” කියලා ඇය කිව්වා.

එතකොට විනිශ්චයකරු කිව්වේ මේ ගැන බයිබලයෙන්ම දැනගන්න කැමතියි කියලයි. හැබැයි ඔහු ළඟ බයිබලයක් තිබුණේ නැහැ. ඒ නිසා ස්ලාඩ්යානා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මාර්ගයෙන් ඔහුට බයිබලයක් ලැබෙන්න සැලැස්වුවා. ඔවුන් විනිශ්චයකරුට බයිබලය ලබා දී ඔහුට දිරිගැන්නුවේ සතිපතා බයිබල් පාඩමක් කරන්න කියලයි. ඔහු ඒකට කැමති වුණා. වැඩිකල් නොගොස් ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා.

මෙවැනි නිහතමානි අය යෙහෝවාගේ මඟ පෙන්වීම් පිළිගන්නවා දැකීම මොන තරම් සතුටක්ද! ගීතාවලිය 2:10හි මෙවැනි අනාවැකියක් පළ කළා. “එබැවින් රජ්ජුරුවෙනි, දැන් ඥානවන්තව සිටින්න. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගන්න.”

[32වන පිටුවේ පින්තූරය]

ස්ලාඩ්යානා විනිශ්චයකරු සමඟ