ඔබට මතකද?
ඔබට මතකද?
මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම්, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.
• ඔබේ පවුලේ කෙනෙක් යෙහෝවා දෙවිව අත් හැර ගොස් තිබෙනවා නම් එය දරාගැනීමට ඔබට උපකාරවත් වන්නේ මොනවාද?
ඔබගේත් පවුලේ අනිත් සාමාජිකයන්ගේත් ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න. ඇදහිල්ල ශක්තිමත් කරවන ක්‍රියාවල නිරත වන්න. අන් අයට උපකාර කිරීමට ඉදිරිපත් වන්න. දෙවිව අත් හැර ගිය කෙනා කවදාත් ආපසු සත්‍යයට එන්නේ නැහැ කියා සිතමින් බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඔබටම දොස් පවරාගන්නත් එපා. දෙවි දෙන හික්මවීමට ගරු කරන්න. ඔබට හැඟෙන දේ විශ්වාසවන්ත කෙනෙකුට පවසන්න.—9/1, 18-21 පිටු.
• අපි ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව විශ්වාස කිරීමට බයිබලයේ දෙයාකාරයක සාක්ෂි සපයා තිබෙනවා. ඒ මොනවාද?
‘සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේ’ සිදු වන යම් සිදුවීම් ගැන බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා. (මතෙව් 24:3, 7, 8; ලූක් 21:11) එමෙන්ම “අන්තිම දවස්වල” ජීවත් වන මිනිසුන්ගේ ආකල්ප හා ක්‍රියාවල දැකිය හැකි වෙනස්කම් ගැනද බයිබලය විස්තර කරනවා. (2 තිමෝති 3:1-5) අන්තිම දවස්වල සිදු වන තවත් වැදගත් දෙයක් නම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන දේශනා කිරීමයි.—9/15, 4-6 පිටු.
• යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් රිය පැදවීමේදී ඔහු අතින් යම් අනතුරක් සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට යම් කෙනෙක් මිය ගියොත් ඒ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සභාවට තිබෙන වගකීම කුමක්ද?
මේ රියදුරුට ඒ අවස්ථාවේදී එම මරණය සිදුවීම වැළැක්වීමට කිසිම හැකියාවක් නොතිබුණු නිසා ඔහු ඒ මරණයට වග කිව යුතු නැති බව මේ කාරණය සම්බන්ධයෙන් සොයා බලන වැඩිමහල්ලන් තීරණය කරන්න පුළුවන්. එහෙත් ඔහු මරණයට වග කිව යුතු නම් හා ඔහු අවංකව පසුතැවිලි වන්නේ නම් ඔහුට ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් අවවාද කරනු ලබනවා. ඔහුට සභාවේ ඉසිලිය හැකි වගකීම් සම්බන්ධයෙන් සීමා දමනු ලබනවා.—9/15, 30 පිටුව.
• සදාකල් ජීවත් වීම විද්‍යාවේ දියුණුව මත රඳා නොපවතින්නේ ඇයි?
ශරීරයේ සෛල අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ කිරීමෙන් හෝ ක්ලෝන චිකිත්සාව කියා හඳුන්වන ක්‍රමය මගින් රෝගියාගේ අවයවයවලට හරියටම ගැළපෙන අලුත්ම අවයව බද්ධ කිරීමෙන් මිනිසාගේ අයුකාලය දීර්ඝ කිරීමට විද්‍යාඥයන් වෑයම් කරනවා. එහෙත් බයිබලයේ පෙන්වා දෙන ආකාරයට මිනිසාට සදාකල් ජීවත් වීමට මඟ සලසා දෙන්නේ යේසුස්ගේ ජීවිත පූජව මගින් පමණයි.—10/1, 3-5 පිටු.
• යුදෙව්වන් සිදු කළ චාරිත්‍රානුකූල ස්නානය බව්තීස්මයට පූර්වාදර්ශයක් වූවාද?
නැත. පවිත්‍ර වීම හා සම්බන්ධ චාරිත්‍ර ඉටු කළේ යුදෙව්වන් විසින්මයි. එහෙත් යොහන් කළ බව්තීස්මය යුදෙව්වන් කළ චාරිත්‍රානුකූල ස්නානයට වඩා වෙනස් වුණා. මෝසෙස් මගින් දෙන ලද නීතියට අනුව කෙනෙක් අපවිත්‍ර වන සෑමවිටම පවිත්‍ර වීම හා සම්බන්ධ නියමයන් පිළිපැඳිය යුතු වුණා. කෙසේවෙතත් ක්‍රිස්තියානීන්ව බව්තීස්ම කරන්නේ එක් වතාවක් පමණයි.—10/15, 12-13 පිටු.
• දේවසේවා පුහුණු පාසැල කියන්නේ කුමකටද?
මය අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කළ හැකි තනිකඩ වැඩිමහල්ලන් හා සභා සේවකයන් සඳහා පිළියෙළ කර තිබෙන සති අටක පාඨමාලාවක්. පාසැලෙන් පසුව ඔවුන්ට කලින් සිටි සභාවේ හෝ තමන්ගේ රටේ වෙනත් සභාවක හෝ වෙනත් රටක සේවය කිරීම සඳහා පැවරුම් ලබා දෙයි.—11/15, 10-11පිටු.
• පළමුවන යොහන් 2:18හි සහ 4:3හි සඳහන් ක්‍රිස්තු විරෝධියා කවුද?
පුළුල් අර්ථයකින් ගත් කල ක්‍රිස්තු-විරෝධියාට, තමා යේසුස් කියා කියන සියලුදෙනාත් යේසුස්ව නියෝජනය කරනවායයි කියා බොරුවට කියා සිටින අයත් ඇතුළත් වෙනවා. ඊට පුද්ගලයන් හුඟදෙනෙක් ඇතුළත් වන බව යේසුස් සහ යොහන් පැවසූ වදන්වලින් පෙනී යනවා. මොවුන් බොරු ඉගැන්වීම්වලින් මිනිසුන් රවටන අතර දේවරාජ්‍යය පිළිගන්නේද නැහැ.—12/1, 4-6 පිටු.