යෙහෝවා දෙවි තමන්ගෙන් ඉල්ලන්නන්ට තම බලය දෙයි
යෙහෝවා දෙවි තමන්ගෙන් ඉල්ලන්නන්ට තම බලය දෙයි
“ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය [එනම් තම බලය] දෙනු ඇද්ද!”—ලූක් 11:13.
1. අපිට දෙවිගේ බලය විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ කුමන අවස්ථාවලදීද?
‘යෙහෝවා දෙවිගේ උපකාරය තිබුණේ නැත්නම් මට කවදාවත් ඒ වගේ දෙයක් නම් දරා ගන්න හැකි වෙන්නේ නැහැ.’ වෙනත් බොහෝ ක්‍රිස්තියානීන් මෙන් ඔබටත් එලෙස හැඟී තිබෙනවා ඇති. සමහරවිට ඔබට දරුණු අසනීපයක් වැළඳුණු අවස්ථාවකදී හෝ වසර ගණනාවක් පුරා ආදරයෙන් එකට සිටි ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ වියෝව නිසා ඔබට එලෙස දැනී ඇති. එසේත් නැත්නම් කාලයක් පුරා ඔබ සතුටින් සන්තෝෂයෙන් සිටියත් යම් හේතුවක් නිසා ඒ සතුට අහිමි වී කලකිරී සිටියදී ඔබට එලෙස හැඟෙන්න ඇති. ජීවිතයේ එවැනි දක්මුසු අවස්ථාවලදී ඔබට ඒවාට මුහුණ දෙන්න ශක්තිය ලැබුණේ යෙහෝවා දෙවි ඔබට “සාමාන්‍යය ඉක්මවූ බලය” දුන් නිසයි.—2 කොරින්ති 4:7-9; ගීතාවලිය 40:1, 2.
2. (අ) ක්‍රිස්තියානීන් මුහුණ දෙන දුෂ්කරතා මොනවාද? (ආ) මේ ලිපියේදී අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?
2 සැබෑ ක්‍රිස්තියානීන් වන අපට දිනෙන් දින වැඩි වන ප්‍රශ්න ගැටලුවලට මෙන්ම දුෂ්ට ලෝකයෙන් එල්ල වන විරුද්ධවාදීකම්වලටත් මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. (1 යොහන් 5:19) ඒ විතරක් නෙවෙයි ‘දෙවිගේ ආඥා පිළිපදින යේසුස් ගැන සාක්ෂි දරන’ අයට විරුද්ධව සාතන් කරන යුද්ධයට මුහුණ දෙන්නත් අපට සිදු වෙනවා. (එළිදරව් 12:12, 17) මේ හේතු නිසා දෙවි තම බලය මගින් ලබා දෙන උපකාරය වෙන කවරාදටත් වඩා මේ කාලයේදී අපට අවශ්‍යයි. එම උපකාරය දිගටම ලබා ගන්න නම් අප කුමක් කළ යුතුද? දුෂ්කර කාලවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට දෙවි ඉතා කැමැත්තෙන් සිටින බව අපට නිසැක විය හැක්කේ ඇයි? මේ ප්‍රශ්න දෙකට පිළිතුරු යේසුස් දුන් උපමා දෙකකින් පැහැදිලි කර ගනිමු.
අත් නෑර යාච්ඤා කරන්න
3, 4. යේසුස් පැවසූ උපමාව කුමක්ද? එය ඔහු යාච්ඤාවට අදාළ කළේ කෙසේද?
3 එක් අවස්ථාවකදී යේසුස්ගේ ගෝලයෙක් මෙසේ ඉල්ලා සිටියා. ‘ස්වාමිනි යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න.’ (ලූක් 11:1) යේසුස් මෙයට පිළිතුරු දුන්නේ උපමා දෙකක් යොදාගෙනයි. ඉන් පළමු උපමාවෙන් කියැවෙන්නේ අමුත්තෙකුට සංග්‍රහ කරන මිනිසෙක් ගැනයි. දෙවෙනි උපමාවෙන් කියැවෙන්නේ පුතෙකුට සවන් දෙන පියෙකු ගැනයි. අපි මේ උපමා දෙක වෙන වෙනම සලකා බලමු.
4 පළමුවෙනි උපමාව විස්තර කරමින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබ අතරේ යමෙක් මධ්‍යම රාත්රියේදී මිත්‍රයෙකු වෙතට ගොස්: ‘මිත්‍රය, මට රොටි තුනක් ණයට දෙන්න. මන්ද, ගමනක් යන මාගේ මිතුරෙක් මේ දැන් මා වෙතට ඇවිත් සිටී. ඔහුට දෙන්න මා ළඟ කිසිවක් නැත’ යයි කියන්නේ නම්, ඒ තැනැත්තා ගේ ඇතුළේ සිට උත්තර දෙමින්, ‘මට කරදර කරන්න එපා. දැනටමත් දොරේ අගුලු දමා තිබේ. මගේ කුඩා දරුවෝද මා සමඟ ඇඳේ නිදා සිටිති. නැඟිට ඔබට කිසිවක් දෙන්න මට පුළුවන්කමක් නැත’ යයි කියන්නේය. ඔහු තම මිත්‍රකම සලකා නැඟිට ඔහුට කිසිවක් නොදෙතත්, ඔහුගේ එඩිතර අඛණ්ඩ උත්සාහය නිසා නැඟිට ඔහුට අවශ්‍ය සියල්ල දෙන්නේයයි මම ඔබට කියමි.” ඉන්පසු යේසුස් මෙම උපමාව යාච්ඤාවට අදාළ වන ආකාරය ගැන මෙසේ පැවසුවා. “එබැවින් මම ඔබට කියමි, නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ලූක් 11:5-10.
ඔබට සම්බ වේ. නොකඩවා තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබේ. මන්ද, ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබේ.”—5. යාච්ඤා කිරීමේදී අපට තිබිය යුතු ආකල්පය සම්බන්ධයෙන් අඛණ්ඩ උත්සාහයක් දැරූ මිනිසා ගැන උපමාවෙන් අපට උගන්වන්නේ කුමක්ද?
5 මේ උපමාවේ තම උත්සාහය අත් නොහැරිය මිනිසාගෙන් යේසුස් පෙන්නුම් කළේ යාච්ඤාව සම්බන්ධයෙන් අප තුළ තිබිය ආකල්පයයි. ඒ මිනිසා තමන්ට අවශ්‍ය දේ ලබා ගත්තේ “ඔහුගේ එඩිතර අඛණ්ඩ උත්සාහය” නිසයි. (ලූක් 11:8) “එඩිතර අඛණ්ඩ උත්සාහය” යන මෙම යෙදුම බයිබලයේ සඳහන් වන්නේ එක අවස්ථාවකදී පමණයි. ග්‍රීක භාෂාවට අනුව එම යෙදුමෙන් අදහස් කරන්නේ “ලැජ්ජා නොවීම” යන්නයි. යම් කෙනෙක් ලැජ්ජා නොවී යම් දෙයක් කරනවා කියා පවසන විට ඒ තැනැත්තා කෙරෙහි එතරම් හොඳ හැඟීමක් ඇති වන්නේ නැහැ. කෙසේවෙතත් කෙනෙක් යම් යහපත් දෙයක් වෙනුවෙන් ලැජ්ජා නොවී ක්‍රියා කිරීම සලකන්නේ ප්‍රශංසනීය දෙයක් ලෙසයි. එම උපමාවෙන් පෙන්නුම් කළ මිතුරා තුළ දැකගන්න තිබෙන්නේද එවැනි ගුණාංගයක්. ඔහුට අවශ්‍ය දේ දිගටම ඉල්ලන්න ඔහු ලැජ්ජා වුණේ නැහැ. මේ මිනිසා ක්‍රියා කළ ආකාරය ආදර්ශයට ගනිමින් අප යාච්ඤාවේ නොකඩවා පැවතීමේ අවශ්‍යතාව ගැන යේසුස් පෙන්වා දුන්නා. යෙහෝවා දෙවි කැමති අපි ‘නොකඩවා ඉල්ලමින් නොකඩවා සොයමින් නොකඩවා තට්ටු කරමින්’ සිටිනවා දකින්නයි. අපි එසේ කරනවා නම් දෙවි ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය [එනම් තම බලය] දෙන්නේ නැද්ද?’
6. යේසුස්ගේ කාලයේදී ආගන්තුක සත්කාරය පිරිනැමීම සැලකුවේ කෙසේද?
6 නොකඩවා යාච්ඤා කිරීමේ වැදගත්කම යේසුස් එම උපමාවෙන් අපට පෙන්වා දුන්නා. එමෙන්ම අප එසේ යාච්ඤා කිරීමට හේතුව ගැනත් යමක් එයින් ඉගෙනගන්න පුළුවන්. මේ හේතුව වටහාගැනීමට නම් මේ උපමාවට සවන් දුන් ජනයා ආගන්තුක සත්කාරය පිරිනැමීම සැලකූ ආකාරය තේරුම්ගැනීම අවශ්‍යයි. පුරාණ කාලයේ සිටි අය, විශේෂයෙන්ම දෙවිගේ සේවකයන් ආගන්තුකයන්ට සත්කාර කිරීම සැලකුවේ යුතුකමක් ලෙසයි. (උත්පත්ති 18:2-5; හෙබ්‍රෙව් 13:2) යමෙක් ආගන්තුක සත්කාරය පිරිනමන්න අපොහොසත් වූවා නම් ඔහුට එය ලොකු අගෞරවයක් වුණා. (ලූක් 7:36-38, 44-46) මෙය මනසෙහි තබාගෙන අපි නැවතත් යේසුස් පැවසූ උපමාව සලකා බලමු.
7. මෙම උපමාවේ සඳහන් මිනිසා ඔහුගේ මිතුරාව අවදි කිරීමට ලැජ්ජා නොවුණේ ඇයි?
7 මේ උපමාවේ සඳහන් මිනිසාගේ නිවසට මධ්‍යයම රාත්‍රියේ ආගන්තුකයෙක් පැමිණෙනවා. එම ආගන්තුකයාට සංග්‍රහ කිරීම ඔහුගේ යුතුකම වුවද ‘දෙන්න කිසිවක් ඔහු ළඟ තිබුණේ නැහැ.’ මේ හදිස්සි අවස්ථාවේදී ඔහු තමාගේ ලැජ්ජාව නොතකා තමාගේ මිත්‍රයාගේ නිවසට මැදියම් රෑ ගියේ කෙසේ හෝ ආහාර ටිකක් සොයා ගැනීමේ අදහසිනුයි. තම මිතුරාව අවදි කර “මිත්‍රය, මට රොටි තුනක් ණයට” දෙන්න කියා ඔහු ඉල්ලා සිටියි. ඔහු තමන්ට අවශ්‍ය දේ ලැබෙන තෙක් දිගටම ඉල්ලයි. ඔහුට තම යුතුකම ඉෂ්ට කරන්න හැකි වන්නේ එම ආහාර ලැබුණොත් පමණයි.
අවශ්‍යතාව වැඩි වන විට වැඩියෙන් ඉල්ලන්න
8. දෙවිගේ බලය නොකඩවාම ඉල්ලීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?
8 අප නොකඩවාම යාච්ඤා කළ යුත්තේ ඇයි කියා මේ උපමාවෙන් පැහැදිලි කර දෙනවා. නිවසට යෙසායා 58:5-7) ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන් හැටියට අපේ සේවය සාර්ථකව ඉටු කිරීමට නම් දෙවිගේ උපකාරය අපට අත්‍යවශ්‍ය බව අප දන්නවා. දෙවිගේ බලය අපිට දෙන්න කියා අපි දිගටම යාච්ඤා කරන්නේ ඒ නිසයි. (සෙකරියා 4:6) එය නොමැතිව අපට සාර්ථක වෙන්න බැහැ. (මතෙව් 26:41) මේ උපමාවෙන් අපට පැහැදිලි වන්නේ කුමක්ද? දෙවිගේ බලය අපට අත්‍යවශ්‍යයි කියා හැඟෙනවා නම් අප එය නොකඩවාම ඉල්ලන බවයි.
පැමිණි ආගන්තුකයාට තම වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට නම් තමන් ළඟ අනිවාර්යයෙන්ම ආහාර තිබිය යුතු බව දැන සිටියා. ඒ නිසයි ඔහු තම මිතුරාගෙන් නොකඩවාම ආහාර ඉල්ලා සිටියේ. (9, 10. (අ) දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි කියා උදාහරණයකින් පැහැදිලි කරන්න. (ආ) අප සලකා බැලිය යුතු වැදගත් ප්රශ්නය කුමක්ද? අප එය සලකා බැලිය යුත්තේ ඇයි?
9 යේසුස් ඉගැන්වූ පාඩම අප වර්තමානයේ මුහුණ පෑමට සිදු විය හැකි තත්වයක් මගින් පැහැදිලි කර ගනිමු. ඔබේ පවුලේ කෙනෙක් මැදියම් රැයක අසනීප වුණා කියා සිතන්න. ඔබ උපකාර ඉල්ලා වෛද්‍යවරයෙක්ව අවදි කරනවාද? රෝගය එතරම් බරපතළ නොවෙයි නම් ඔබ එසේ නොකරන්න පුළුවන්. ඒත් රෝගියාට ඇත්තේ පපුවේ අමාරුවක් වැනි බරපතළ අසනීපයක් නම් වෛද්‍යවරයෙක්ගේ උපකාරය ලබා ගැනීමට ඔහුව අවදි කිරීමට ඔබ පසුබට වන්නේ නැහැ. ඔබ එසේ කරන්නේ එය හදිසි අවස්ථාවක් නිසයි. ඔබ දන්නවා ඔබට රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් වෛද්‍යවරයෙකුගේ උපකාරය අත්‍යවශ්‍ය බව. එසේ නොකළොත් රෝගියාගේ ජීවිතය අනතුරේ. සැබෑ ක්‍රිස්තියානීන් මුහුණ දෙමින් සිටින්නේත් එවැනි හදිසි තත්වයකටයි. මන්ද සාතන් සිටින්නේ අපව ගිලගන්න මාන බලන “ගොරවන සිංහයෙකු” හා සමානවයි. (1 පේතෘස් 5:8) ඒ නිසා අපේ ඇදහිල්ල හා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය රැක ගැනීම සඳහා දෙවි තම බලය මගින් සපයන උපකාරය අපට අත්‍යවශ්‍යයි. දෙවිගේ මේ උපකාරය ඉල්ලුවේ නැත්නම් අපේ ඇදහිල්ල බිඳ වැටිය හැකියි. මේ නිසා අප පසු බට නොවී දිගටම දෙවිගේ බලය ඉල්ලිය යුතුයි. (එෆීස 3:14-16) ‘අවසානය දක්වා විඳදරාගැනීමට’ අපට ශක්තිය ලැබෙන්නේ ඒ මගින් පමණයි.—මතෙව් 10:22; 24:13.
10 මේ අනුව නොකඩවා යාච්ඤා කිරීමේ වැදගත්කම අපට පැහැදලියි. මේ නිසා ‘මම නොකඩවා යාච්ඤා කරනවාද?’ කියා මාවම සෝදිසි කර බැලීම කොතරම් වැදගත්ද! අපි ඇත්තටම එසේ යාච්ඤා කරන්න පෙලඹෙන්නේ දෙවිගේ බලයේ උපකාරය අපට අත්‍යවශ්‍යයි කියා අප වටහාගෙන තිබෙනවා නම් පමණයි.
නිසැකකමින් යාච්ඤා කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?
11. පියෙකු හා පුතෙකු පිළිබඳ උපමාව යේසුස් යාච්ඤාවට අදාළ කළේ කෙසේද?
11 යේසුස් කලින් පැවසූ උපමාවේ පැහැදිලි කළේ යාච්ඤා කරන පුද්ගලයෙකු තුළ තිබිය යුතු ආකල්පයයි. ඊළඟ උපමාවෙන් පැහැදිලි කරන්නේ යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙන ආකාරයයි. යේසුස් මෙසේ පැවසුවා. “තමාගේ පුත්‍රයා මාළුවෙකු ඉල්ලුවොත්, මාළුවා වෙනුවට සර්පයෙකු දෙන්නේ ඔබ අතරෙන් කවර පියෙක්ද? නැත්නම්, ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද?” යේසුස් ඉන්පසු එය අදාළ කරමින් මෙසේ පැවසුවා. “එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය [එනම් තම බලය] දෙනු ඇද්ද!”—ලූක් 11:11-13.
12. තම දරුවාගේ ඉල්ලීමට සවන් දෙන පියාගේ උපමාවෙන් අප යෙහෝවා දෙවි ගැන ඉගෙන ගන්නේ කුමක්ද?
12 පුතාගේ ඉල්ලීමට සවන් දුන් පියා ගැන උපමාවෙන් යේසුස් පැහැදිලි කළේ තමන්ට යාච්ඤා කරන ලූක් 10:22) කලින් උපමාවේ සඳහන් කළ උපකාර කිරීමට අදිමදි කළ මිත්‍රයා මෙන් නොව යෙහෝවා දෙවි ක්‍රියා කරන්නේ තම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කර දෙන්න ආශාවෙන් බලා සිටින ප්‍රේමණීය පියෙක් වගෙයි. (ගීතාවලිය 50:15) පාපය උරුම කරගෙන තිබෙන නිසා පියෙක් “දුෂ්ට” විය හැකි වුණත් ඔහු තම දරුවන්ට යහපත් දේවල් ලබා දෙනවා. එසේ නම් අපේ ස්වර්ගික පියා ඊටත් වඩා කොපමණ වැඩියෙන් ඔහුගෙන් බලය ඉල්ලන, ඔහුගේ නමස්කාර කරන්නන්ට එය ලබා දෙයිද කියා යේසුස් පැහැදිලි කර දුන්නා.—යාකොබ් 1:17.
අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය ගැනයි. (13. යෙහෝවා දෙවි අපේ යාච්ඤා සලකන්නේ කෙසේද?
13 මෙයින් අපට ගත හැකි පාඩම වන්නේ අපේ ස්වර්ගික පියාගෙන් අප උපකාර ඉල්ලන විට එය ලබා දීමට ඔහු ආශාවෙන් සිටින බව අපට නිසැක විය හැකි බවයි. (1 යොහන් 5:14) අපි නැවත නැවතත් දෙවිට යාච්ඤා කරන විට දෙවි අපිට කවදාවත් “මට කරදර කරන්න එපා. දැනටමත් දොරේ අගුලු දමා තිබේ” කියා කියන්නේ නැහැ. (ලූක් 11:7) යේසුස් අපට උනන්දු කරන්නේ “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ඔබට සම්බ වේ. නොකඩවා තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබේ” කියායි. (ලූක් 11:9,10) “අප අඬගසන විට” නියත වශයෙන්ම යෙහෝවා දෙවි ‘අපට උත්තර දෙනවාමයි.’—ගීතාවලිය 20:9; 145:18.
14. (අ) ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අපට කුමක් හැඟී යා හැකිද? (ආ) දෙවිට විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න අපිට හැක්කේ කෙසේද?
14 යේසුස් ඉහත සඳහන් කළ උපමාවෙන් අවධාරණය කරන්නේ අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිගේ යහපත්කම පියෙකුගේ යහපත්කමට වඩා බොහෝ සේ උතුම් බවයි. මේ නිසා අප ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට දෙවි අපිව අත් හැර දමා තිබෙනවා කියා කිසි විටකත් නොසිතිය යුතුයි. අපි එසේ සිතනවා දකින්න කැමති වන්නේ අපේ ප්‍රධානතම විරුද්ධකාරයා වන සාතන්. (යෝබ් 4:1, 7,8; යොහන් 8:44) අප ගැනම එවැනි අධෛර්ය කරවන සිතුවිලි ඇති කරගැනීම සඳහා කිසිම පදනමක් බයිබලයේ නැහැ. එහි පවසන්නේ යෙහෝවා දෙවි අපිව ‘නපුරු’ දේවලින් පරීක්ෂා කරන්නේ නැහැ කියායි. (යාකොබ් 1:13) දරුවෙක් යමක් ඉල්ලූ විට පියෙක් සර්පයෙක් හෝ ගෝනුස්සෙක් දෙන්නේ නැහැ. ඒ වගේ යෙහෝවා දෙවිත් අපිට සර්පයන් හා ගෝනුස්සන් වැනි පීඩා හා පරීක්ෂා ඇති කරන්නේ නැහැ. මන්ද ඔහු “තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ” ලබා දෙන ප්‍රේමණීය පියෙක් නිසයි. (මතෙව් 7:11; ලූක් 11:13) යෙහෝවා දෙවිගේ යහපත්කමත් අපිට උපකාර කිරීමට ඔහු කැමැත්තෙන් සිටින බවත් අපි වැඩි වැඩියෙන් අවබෝධ කරගන්න විට විශ්වාසයෙන් යුතුව ඔහුට යාච්ඤා කරන්න අපි තව තවත් පෙලඹෙනවා. මෙසේ කරන විට ගීතිකාකරුට ඇති වූ මෙවැනි හැඟීම්වලට සමාන හැඟීම් අපි තුළත් ඇති වෙයි. ‘සැබවින්ම දෙවි ඇසුවේය. මාගේ යාච්ඤාවට කන් දුන්නේය.’—ගීතාවලිය 10:17; 66:19.
දෙවි අපට උපකාර කරන අයුරු
15. (අ) යේසුස් දුන් පොරොන්දුව කුමක්ද? (ආ) දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උපකාර කරන එක් ආකාරයක් කුමක්ද?
15 යෙහෝවා දෙවි ඔහුගේ බලය ඉල්ලන අයට එය ලබා දීමට කැමැත්තෙන් සිටින බව අපි සලකා බැලූ උපමා දෙකෙන් යේසුස් පෙන්වා දුන්නා. දෙවිගේ උපකාරය තම අනුගාමිකයන්ට ලැබෙන බව ඔහු මිය යන්න කලින් යළිත් තහවුරු කරමින් යේසුස් මෙසේ පොරොන්දු වුණා. “මම පියාණන්ගෙන් යොහන් 14:16) මේ වදන්වල සත්‍යතාව පළමුවන සියවසේ මෙන්ම මේ කාලයේ සිටින යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ද අද්දැක තිබෙනවා. දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් සපයන උපකාරය අපට ලැබෙන බවට එක් සුවිශේෂි සාක්ෂියක් වන්නේ විවිධ පීඩා හා දුෂ්කරතා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය අපිට ලැබී තිබීමයි. මේ බව පාවුල්ගේ අද්දැකීමෙන් පෙනී යනවා. දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් තමන්ට උපකාර කළ ආකාරය පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියකදී පැහැදිලි කළා. දැන් අපි ඒ ගැන කෙටියෙන් සලකා බලමු.
ඉල්ලන්නෙමි. එවිට ඔබ සමඟ සදහටම සිටින වෙනත් උපකාරකයෙකුව ඔහු ඔබට දෙන්නේය.” (16. අපි මුහුණ දෙන තත්වය පාවුල් මුහුණ දුන් තත්වයට සමාන විය හැක්කේ කෙසේද?
16 මුලින්ම පාවුල් තමන් අත් විඳිමින් සිටි “මාංසයේ කටුවක්” හෙවත් යම් ආකාරයක පීඩාවක් ගැන සඳහන් කිරීමෙන් පසු මෙසේ පැවසුවා. “මා කෙරෙන් ඉවත් වන ලෙස තුන් වතාවක් මම ඒ ගැන ස්වාමීන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවෙමි.” (2 කොරින්ති 12:7, 8) නමුත් ඒ පීඩාව ඉවත් වුණේ නැහැ. සමහරවිට ඔබත් ඒ හා සමාන තත්වයකට මුහුණ දෙනවා ඇති. ඔබ අත් විඳින පීඩාව ගැන පාවුල් වගේ ඔබත් අත්නෑර විශ්වාසයෙන් යුතුව යෙහෝවා දෙවිට යාච්ඤා කරනවාට සැකයක් නැහැ. ඔබ කොතරම් යාච්ඤා කළත් තවමත් ඔබ ඒ පීඩාවෙන් දුක් විඳිනවා වෙන්න පුළුවන්. මෙයින් පෙනී යන්නේ දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැති බවද? ඔහු ඔබට උපකාර කරන්නේ නැති බවද? එවැනි දෙයක් කොහෙත්ම අදහස් වන්නේ නැහැ. (ගීතාවලිය 10:1, 17) පාවුල් ඊළඟට පැවසූ දෙය සලකා බලන්න.
17. යෙහෝවා දෙවි පාවුල්ගේ යාච්ඤාවට පිළිතුරු දුන්නේ කෙසේද?
17 පාවුල්ගේ යාච්ඤාවට පිළිතුරු දෙමින් දෙවි ඔහුට මෙසේ පැවසුවා. “මගේ මහත් කරුණාව ඔබට ප්රමාණවත්ය. මන්ද, දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය.” ඉන්පසු පාවුල් පැවසුවේ මෙසේයි. “ක්‍රිස්තුස්ගේ බලය කූඩාරමක් මෙන් මා කෙරෙහි පිහිටන පිණිස, මගේ දුර්වලකම් ගැන ඉතා සතුටින් ආඩම්බරයෙන් කියමි.” (2 කොරින්ති 12:9; ගීතාවලිය 147:5) මෙසේ පාවුල්ට ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිගේ බලය ලැබුණා. එම බලය ක්‍රියා කළේ හරියටම ඔහුව ආරක්ෂා කරන කූඩාරමක් වගෙයි. මේ කාලයේදීත් යෙහෝවා දෙවි ඒ හා සමානව අපේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා. දෙවි ඔහුගේ සේවකයන්ට සපයන ආරක්ෂාව කූඩාරමකින් ලැබෙන ආරක්ෂාවට සමාන කළ හැකියි.
18. අපිට පීඩා විඳදරාගන්න පුළුවන් ඇයි?
18 කූඩාරමකට වැස්සවත් සුළඟවත් නවත්වන්න බැහැ. නමුත් වැස්සෙන් හා සුළඟෙන් යම් ආරක්ෂාවක් ලබා දෙන්න එයට පුළුවන්. ඒ හා සමානව අපිට එන පීඩා හා ප්‍රශ්න “ක්‍රිස්තුස්ගේ බලය” මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ නැහැ. එහෙත් මේ බලයේ උපකාරය අපට ලැබෙන නිසා මේ ලෝකයෙන් එල්ල වන පීඩාවලින් හා එහි පාලකයා වන සාතන්ගේ ප්‍රහාරවලින් අපේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. (එළිදරව් 7:9, 15, 16) ඔබ විඳින පීඩාවක් ඔබෙන් ‘ඉවත් වන්නේ’ නැති වුණත්, ඔබ එය දරාගැනීමට දරන මහත් වෑයම යෙහෝවා දෙවි දන්න නිසා ඒ ගැන ඔබ ‘මොරගසන’ විට ඔහු සවන් දෙන බවට නිසැක වෙන්න ඔබට පුළුවන්. (යෙසායා 30:19; 2 කොරින්ති 1:3, 4) දෙවි සපයන උපකාරය ගැන පාවුල් මෙසේ පැවසුවා. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.”—1 කොරින්ති 10:13; ෆිලිප්පි 4:6, 7.
19. ඔබ අදිටන් කරගෙන සිටින්නේ කුමක් කරන්නද? එයට හේතුව කුමක්ද?
19 අපි ජීවත් වන්නේ ‘අන්තිම දවස්වල’ නිසා මේ කාලය ‘අන්තරාදායක කාලයක්’ බව ඇත්තයි. (2 තිමෝති 3:1) ඒ වුණත් දෙවිගේ සෙනඟට මේ කාලයට මුහුණ දීම එතරම්ම අසීරු නැහැ. මන්ද දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඔවුන්ට උපකාරය හා ආරක්ෂාව සපයන නිසයි. ඔහු තමන්ගෙන් උපකාරය අත්නෑර විශ්වාසයෙන් යුතුව ඉල්ලන අයට එය බහුල ලෙස සපයනවා. මේ නිසා සෑම දවසකම දෙවිගේ බලය ඉල්ලා අත් නෑර යාච්ඤා කිරීමට අදිටන් කරගනිමු.—ගීතාවලිය 34:6; 1 යොහන් 5:14, 15.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• දෙවිගේ බලය ලබාගැනීමට අපි කුමක් කළ යුතුද?
• අපි කරන යාච්ඤාවලට දෙවි සවන් දෙන බවට නිසැක විය හැක්කේ ඇයි?
• පීඩා විඳදරාගැනීමට දෙවිගේ බලය අපිට උපකාරවත් වන්නේ කෙසේද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[21වන පිටුවේ පින්තූරය]
අඛණ්ඩ උත්සාහයක් දැරූ මිනිසාගේ උපමාවෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?
[22වන පිටුවේ පින්තූරය]
දෙවිගේ උපකාපය ඉල්ලා ඔබ නොකඩවා යාච්ඤා කරනවාද?
[23වන පිටුවේ පින්තූරය]
ප්‍රේමණීය පියා ගැන උපමාවෙන් අපි යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද?