හරි තීරණ ගත් නිසා ජීවිත කාලය පුරා සන්තෝෂයෙන්
ජීවිත කතාව
හරි තීරණ ගත් නිසා ජීවිත කාලය පුරා සන්තෝෂයෙන්
පෝල් කුෂ්නිර්
මගේ ආච්චියි සීයයි ඔවුන්ගේ පුතුන් තුන්දෙනා සහ දුව එක්ක යුක්‍රේනයේ සිට කැනඩාවේ සස්කැචුවාන්හි පිහිටි යෝර්ක්ටන් නගරයේ පදිංචියට ආවේ 1897දීයි. ඒ දුවගේ නම මාරින්කා. මගේ ආදරණීය මව වුණේ ඇයයි. මම පවුලේ හත්වෙනියා වූ අතර ඉපදුණේ 1923දීයි. ඒ කාලේ ගත කරපු ජීවිතේ හරිම සරලයි. ඒ වගේම අපි සාමයෙන් සමගියෙන් හිටියා. අපිට කන්න අඳින්න අතින් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් අවශ්‍ය අනිත් සෑම මූලික පහසුකම්ද සැපයුවා. මොනවා හරි ලොකු වැඩක් කරන්න තියෙද්දී අහල පහළ අය ඇවිත් උදව් පදව් කළේ කැමැත්තෙන්මයි. ශීත ඍතුවේ 1925දී බයිබල් ශිෂ්‍යයෙක් (යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්) අපිව හමුවෙන්න ආවා. ඒ හමුවීමෙන් පස්සේ අපි ගත් තීරණ ගැන අපි අදටත් සතුටු වෙනවා.
අපිට සත්‍යය ලැබුණා
අම්මා බයිබල් ශිෂ්‍යයන්ගෙන් පොත්පිංච කිහිපයක් ලබාගත්තා. සත්‍යය කියන්නේ මොකද්ද කියලා වටහාගන්න ඇයට වැඩි කලක් ගියේ නැහැ. අම්මා සත්‍යය තුළ ඉක්මනින් වර්ධනය වුණ නිසා 1926දී බව්තීස්ම වුණා. ඇය බයිබල් ශිෂ්‍යයෙක් බවට පත් වුණාම අපි ජීවිතේ දිහා බලපු විදිහ වෙනස් වෙන්න පටන්ගත්තා. අපේ ගෙදර හැමදෙනාටම විවෘත වෙලයි තිබුණේ. ඒ නිසා සංචාරක අවේක්ෂකයන් සහ අනිත් බයිබල් ශිෂ්‍යයන් හුඟක් වෙලාවට අපේ ගෙදර නතර වුණා. වර්ෂ 1928දී එක සංචාරක අවේක්ෂකයෙක් අපිට මැවීම පිළිබඳව ඡායාරූප දර්ශන පෙලක් පෙන්නුවා. ඒ සහෝදරයා අපේ ගෙදර තිබ්බ සෙල්ලම් ගෙම්බව ඉල්ලගත්තා. ඒ ගෙම්බව හදලා තිබුණේ එබුවාම පොඩි සද්දයක් එන විදිහටයි. ඒ සද්දේ පිට වෙද්දී අපි දන්නවා චිත්‍රපටයේ ඊළඟ දර්ශනය පෙන්වන්න යන්නේ කියලා. ඒ වැඩේට අපේ සෙල්ලම් ගෙම්බව ඉල්ලගත්ත එක ගැන අපි ගොඩක් සතුටු වුණා.
එමිල් සාරයිස්කි සංචාරක අවේක්ෂකයෙක්. ඔහු නිතරම අපේ ගෙදර ආව ගිය කෙනෙක්. සමහර දවස්වල එයා ආවේ එයාගේ පුතා එක්ක. එයා අපිට නිතර උනන්දු කළේ පූර්ණ කාලීන සේවකයන් නැතහොත් පුරෝගාමීන් ලෙස සේවය කිරීම ගැන හිතන්න කියලයි. හුඟක් පුරෝගාමීනුත් අපේ ගෙදර නැවතුණා. දවසක් අපේ ගෙදර නැවතුණ පුරෝගාමියෙක් එයාගේ කමිසය මහලා දෙන්න කියාලා අම්මාට දුන්නා. මහනකං අඳින්න කියලා අම්මා එයාට වෙන කමිසයක් දුන්නා. හැබැයි අමතක වීමක් නිසා ඒ කමිසයත් අරගෙන 1 පේතෘස් 4:8, 9.
පුරෝගාමියා එයාගේ ගෙදර ගිහින්. හුඟ කාලයකට පස්සේ ඒ ගැන සමාව ඉල්ලලා කමිසය තැපෑලෙන් අපේ ගෙදරට එවලා තිබුණා. එයා මෙහෙම ලියලත් තිබුණා. “කමිසය තැපෑලෙන් එවන්න තරම් මා ළඟ සල්ලි තිබුණේ නැති නිසයි මෙච්චර කල් ගියේ. ඒ ගැන මට කනගාටුයි.” අපරාදෙ! ඒ කමිසය එයාට තියාගන්න තිබුණානේ කියලා අපිට හිතුණා! මට හිතුණේ කවදා හරි මාත් ඒ වගේ අවංක පුරෝගාමියෙක් වෙන්න ඕනේ කියලයි. අපේ ජීවිත මෙච්චර හොඳ වෙන්නත් සහෝදර සහෝදරියන් කෙරෙහි ප්‍රේමයක් ඇති වෙන්නත් හේතු වුණේ අපේ අම්මා අනිත් අයට අපේ ගෙදරට එන්න ඉඩහැරිය එකයි. ඒ ගැන මම අම්මාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.—අපේ තාත්තා බයිබලය පාඩම් කළේ නැති වුණාට එයා කවදාවත් අපිට බාධා කළෙත් නැහැ. මට මතකයි 1930 එක දවසක් තාත්තා විශේෂ එක්රැස්වීමක් පැවැත්වීමට අපේ ගරාජ් එක සහෝදරයන්ට දුන්නා. ඒ දවස්වල මට අවුරුදු හතක් වුණත් එදා එතැන තිබුණ සතුට සහ භක්තිය මගේ හිතට ගොඩක් කාවැදුණා. තාත්තා 1933දී අපෙන් සමුගත්තා. එදා ඉඳන් අම්මා ළමයි අටදෙනෙක් එක්ක තනි වුණත් අපිව සැබෑ නමස්කාරයට යොමු කිරීමට තිබූ ඇගේ අධිෂ්ඨානය කිසි ලෙසකින්වත් වෙනස් වුණේ නැහැ. හැම රැස්වීමකටම අම්මා මාව එක්කගෙන ගියා. ඒ දවස්වල රැස්වීමට ගියාම වෙලාව යන්නේ හරි හෙමින් කියලා මට හිතුණා. රැස්වීමේදී දරුවන්ව දෙමාපියන් ගාවම තියාගන්න එක ගැන එතරම් අවධානයක් දුන්නේ නැහැ. ඒ නිසා එළියේ සෙල්ලම් කරන ළමයි එක්ක ගිහිං මටත් සෙල්ලම් කරන්න ඇත්නම් කියලා හිතුණ අවස්ථාත් තිබුණා. හැබැයි අම්මාට කීකරු වුණ නිසා මම අම්මාත් එක්කම හිටියා. උයන පිහින වෙලාවටත් අම්මා බයිබල් වගන්තියක් මතක් කරලා ඒ මොන බයිබල් පදයද කියලා මගෙන් ඇහුවා. වර්ෂ 1933දී අපේ අස්වැන්නෙන් නොහිතපු විදිහේ ආදායමක් අපිට ලැබුණා. ඒකෙන් ලැබුණ සල්ලිවලින් අම්මා කාර් එකක් ගත්තා. හැබැයි අපේ අසල්වාසීන් නම් කිව්වේ අපි සල්ලි නාස්ති කරනවා කියලයි. නමුත් අම්මා බලාපොරොත්තු වුණේ ඒ කාර් එක දෙවිගේ සේවය සඳහා පාවිච්චි කරන්නයි. ඒක ඒ විදිහටම වුණා.
හරි තීරණයක් ගන්න අනිත් අයගෙන් ලැබුණ සහයෝගය
සෑම තරුණයෙක්ටම එයාගේ අනාගතය ගැන තීරණයක් ගන්න කාලය උදා වෙනවා. මගේ අක්කලා දෙන්නා වන හෙලන්ට සහ කෙයිට ඒ අවස්ථාව උදා වෙද්දී ඒ දෙන්නා තෝරගත්තේ පුරෝගාමී සේවයයි. අපේ ගෙදරට ආව ගිය එක හොඳ තරුණ පුරෝගාමියෙක් තමයි ජෝන් ජැසව්ස්කි. අපේ ගොවිපොළේ වැඩ කරන්න ටික දවසක් නවතින්න කියලා අම්මා ජෝන්ට කිව්වා. ඔහොම ටික කාලයක් ගියාට පස්සේ ජෝන් මගේ අක්කා කෙයිව විවාහ කරගත්තා. පසුව ඒ දෙන්නා අපේ ගමට කිට්ටුවෙන් තිබුණ පළාතක පුරෝගාමීන් ලෙස සේවය කළා. ඉස්කෝලේ නිවාඩුවට එහෙ ඇවිල්ලා එයාලාත් එක්ක දේවසේවයේ හවුල් වෙන්න කියලා මට කිව්වා. එතකොට මට අවුරුදු 12යි. ඔන්න ඔය කාලෙදී තමයි මට පුරෝගාමි සේවයේ රහ දැනෙන්න පටන්ගත්තේ.
අයියයි මමයි යම් දුරකට ගොවිපොළේ වැඩ කරගෙන ගියා. ඒ නිසා අපේ අම්මට පුළුවන් වුණා ජූලි සහ අගෝස්තු මාසවල උපකාරික පුරෝගාමි සේවය කරන්න. අපිට තිබුණා අශ්ව කරත්තයක්, හැබැයි අශ්වයා නම් ගොඩාක් වයසයි. ඌ ටිකක් දඩබ්බර නිසා තාත්තා ඌට කිව්වේ සාවුල් කියලයි. ඒත් අම්මට නම් අශ්වයා කීකරුයි. ඇය බොහෝදුරට සේවයේ ගියේ ඒ කරත්තෙයි. සේවයේ ගිහිල්ලා ගෙදර ආපු අම්මා, ඇය ලබපු අද්දැකීම් ගැන අපිට නිතරම කිව්වා. ඒවා කොතරම් රසවත්ද කියනවා නම් ගොවිපොළ ගැන අපිට තිබූ ආශාව පුරෝගාමී සේවය වෙත හැරුණේ අපිට නොදැනුවත්වමයි. එහි ප්‍රතිඵලයක් හැටියට 1938 ඉඳලා මම වැඩිපුර දේවසේවයේ හවුල්වන්න පටන්ගත්තා. පස්සේ මම 1940 පෙබරවාරි 9වෙනිදා බව්තීස්ම වුණා.
ඊට ටික කලකට පසුව මම සභවේ වගකීම් දරන කෙනෙක් ලෙස සේවය කරන්නත් පටන්ගත්තා. සභාවේ වාර්තා භාරව කටයුතු කළ මම සභාව යම් පැතිවලින් වර්ධනය වී තිබෙන බව දැක්කාම ගොඩක් සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි අපේ ගෙදර ඉඳලා හැතැක්ම දහයක් විතර දුරින් මට පෞද්ගලික බල ප්‍රදේශයකුත් තිබුණා. ශීත ඍතුව ආවම හැම සතියෙම එහෙට පයින්ම ගිහිල්ලා, දවසක් දෙකක් නතර වෙලා සේවය කළා. ඒ දවස් කීපයේ මම හිටියේ බයිබලය පාඩම් කරන්න කැමැත්තක් දක්වපු පවුලක් එක්කයි. එක දවසක් ලූතරන් පල්ලියේ පූජකයෙක් එක්ක මම සාකච්ඡා කළා. හැබැයි මම හිතන්නේ එදා ඒ වෙලාවෙ මම කතා කරපු විදිහ ඒ තරම්ම ඥානවන්ත නැහැ කියලයි. කේන්ති ගිය පූජකයා මට තර්ජනය කරලා
කිව්වා මගේ සෙනඟට පාඩුවේ ඉන්න දීල මෙහෙන් ගියේ නැත්නම් පොලීසියට කියනවා කියලා. ඒ තර්ජනයෙන් මාව තවත් ශක්තිමත් වුණා.වර්ෂ 1942 මගේ අක්කා කෙයි, එයාගේ මහත්තයත් එක්ක එක්සත් ජනපදයේ, ඔහියෝ ප්‍රාන්තයේ පිහිටි ක්ලීව්ලන්ඩ් නුවරේ පැවති දිස්ත්‍රික් සමුළුවට යන්න හිතාගෙන හිටියා. ඒගොල්ලොත් එක්ක යන්න මටත් එන්න කිව්වාම, මගේ ඉහේ මලක් පිපුණා වගේ මට දැණුනා. ඒ සමුළුව මගේ ජීවිතයේ අමතක නොවන අද්දැකීමක්. මට ඉස්සරහට ගන්න තියෙන තීරණවලට ඒකෙන් හොඳ මඟ පෙන්වීමක් ලැබුණා. ඒ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කළ සහෝදර නේතන් නෝර්, පුරෝගාමීන් 10,000ක් අවශ්‍යයි කියා ඉතාමත් දිරිගන්වන ආරාධනයක් ඉදිරිපත් කළා. ඒ ගැන මම දෙපාරක් හිතුවෙනැහැ. එතැනදිම මම තීරණය කළා ඉන් එක්කෙනෙක් වෙනවා කියලා.
සහෝදර හෙන්රි 1943 සංචාරක අවේක්ෂකයෙක් හැටියට අපේ සභාවට ආවා. එදා ඔහු දුන් ඒ මනස් අවධි කරවන කතාවෙන් අපි සියලුදෙනා තුළම ඇති කළේ මහත් උනන්දුවක්. එදා දවසේ තිබුණේ දරාගන්න බැරි සීතලක්. (සෙල්සියස් අංශක ඍණ 40.) ඒ විතරක් නෙවෙයි හුළං නිසා සීතල තවත් වැඩියෙන් දැනුණා. ඒ වගේ දවස්වල අපි එළියටවත් බහින්නේ නැහැ. ඒ වුණත් සහෝදර හෙන්රිට දේවසේවයේ යන්න ලොකු උනන්දුවක් තිබුණා. අශ්වයන් ඇදගෙන යන හිම උඩ ලිස්සා යන කරත්තයකට සහෝදර හෙන්රිත් තවත් කිහිපදෙනෙකුත් ගොඩ වුණා. ඒ කරත්තය ඇතුළේ ගිනි තපින්න පුළුවන් කුඩා ලිපකුත් තිබුණා. ඊට පස්සේ ඔවුන් හැතැක්ම හතක් ඈතින් තිබුණු ගමකට ගියා. පිරිමි ළමයිම පස්දෙනෙක් හිටිය පවුලක් බැහැදකින්න මමත් වෙනමම එහෙ ගියා. බයිබලය පාඩම් කරන්න ඔවුන් කැමති වුණා වගේම පසු කාලෙදී ඔවුන් දෙවිගේ නමස්කාරකයන්ද වුණා.
තහනම යටතේ
දෙවන මහා ලෝක යුද්ධ කාලයේදී, කැනඩාවේ අපගේ සේවය තහනම් කරලයි තිබුණේ. ඒ නිසා බයිබල් පොත් පත් තියාගත්තෙත් රහසිගතවයි. අපේ ගොවිපොළ ඒවා හංගන්න කියාපු තැන. පොලීසිය නිතරම අපේ ගෙදර ආවත් අපි හංගපු පොත් හොයාගන්න එයාලට බැරි වුණා. දේවසේවයේ යද්දී අපි අරගෙන ගිය එකම දේ වුණේ බයිබලයයි. අපි රැස් වුණෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් හැටියටයි. පොත් පත් රහසින් බෙදාහරින්න පැවරුණේ අයියටයි මටයි.
යුද සමයේ සභාවක් හැටියට අපි නාට්සිවාදයේ අවසානය ගැන පළ වූ විශේෂ පොත්පිංචයක් බෙදාහැරියා. අපි ඒක කළේ රෑ දෙගොඩහරියෙ නිසා මොනවා වෙයිද කියලා ටිකක් දෙගිඩියාවෙන් තමයි හිටියේ. අපි හිමින් සීරුවේ ගිහිල්ලා ගෙවල්වල දොරකඩ ගාව ඒ පොත්පිංචය තියලා එන්න ආවා. ඒක කරන්න මම ගොඩක් භය වුණා. අන්තිම පොත්පිංචය තියලා ආවාට පස්සේ අපිට දැනුණේ ලොකු සහනයක්. යන්න ඉස්සර වෙලා, හැමදෙනාම වාහනය ළඟට ආවද කියලා ගණන් කරලා බලනවා. ඊට පස්සේ කට්ට කරුවලේම අපි යන්න යනවා.
පුරෝගාමි සේවය, සිරගෙවල් සහ එක්රැස්වීම්
මම 1943 මැයි 1වෙනිදා මගේ පුරෝගාමී පැවරුම සඳහා ගෙදරින් පිට වුණා. අම්මාට සුබ පතලා මගේ පොඩි ඇඳුම් පෙට්ටියත් අරගෙන යද්දී මගේ සාක්කුවේ තිබුණේ ඩොලර් 20ක් විතරයි. සස්කැචුවාන් ක්විල් නගරයේ හිටිය සහෝදර ටොම් ටෲප් සහ එයාගේ පවුලේ අය මාව ආදරයෙන් පිළිගත්තා. ඊළඟ අවුරුද්දේ මම සස්කැචුවාන්හි පිහිටි හුදෙකලා ගමක් වන වේබර්න්වල සේවය කරන්න ගියා. එහිදී විථි සේවය කරමින් ඉද්දී මාව අත්අඩංගුවට ගත්තා. ඒ 1944 දෙසැම්බර් 24වෙනිදායි. හිරගෙයි ටික කාලයක් හිටියාට පස්සේ මාව ඇල්බර්ටා ප්‍රාන්තයේ තිබෙන ජැස්පර් නම් කඳවුරට මාරු කළා. එහෙදී මට තවත් සාක්ෂිකරුවන්ව හමු වුණා. අපි හිටපු තැන වට වෙලා තිබුණේ යෙහෝවා දෙවිගේ පුදුමාකාර මැවිල්ලක් වන කැනඩාවේ පිහිටි අලංකාර රොකී කඳුවැටියෙනුයි. වර්ෂ 1945 මුල් මාසවලදී ඇල්බර්ටාවල තිබුණු එඩ්මොන්ටන් නම් නුවරේ පැවති රැස්වීමකට සහභාගි වෙන්න අපිට නිලධාරීන් අවසර දුන්නා. සහෝදර නෝර් ලෝකේ පුරා සිදු වන වර්ධනය ගැන දිරිගැන්වෙනසුලු වාර්තාවක් ඉදිරිපත් කළා. නැවත වරක් අපිට අපේ පූර්ණ කාලීන සේවය ආරම්භ කළ හැකි දවස එනතුරු අපි බලාගෙන හිටියේ නොඉවසිල්ලෙනුයි.
මම හිරෙන් නිදහස් වුණාට පස්සේ නැවතත් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒත් එක්කම වගේ “සියලු ජාතීන්ගෙන් සිදු වන වර්ධනය” නමැති එක්රැස්වීම කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්වල පැවැත්වෙන බව නිවේදනය කළා. මාත් එක්ක පුරෝගාමි සේවය කරපු අනිත් සහෝදරයාට වාහනයක් තිබුණා. එයා ඒකෙ 20දෙනෙකුට යන්න පුළුවන් වන විදිහට ආසන සවි කළා. අපි 1947 අගෝස්තු 1වෙනිදා ඒ වාහනෙන් අමතක නොවන ගමනක් ගියා. කිලෝමීටර් 7,200 දුර ඒ ගමන යන්න දවස් 27ක් ගත වුණා. විශාල තණ පිට්ටනි, කාන්තාර, රක්ෂිත වනාන්තර වගේම දැකුම්කලු සිත්ගන්නා සුන්දර පරිසරය නරඹමින් අපි ඒ ගමන ගියේ පුදුමාකාර සතුටකින්!
ඒ සමුළුවට යන්න ලැබීම නම් මං හිතන්නේ මට යෙසායා 6:8.
ලැබුණ ආශීර්වාදයක්. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ සමුළුවෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතපු නිසා මම දිවා කාලයේදී පරිවාරකයෙක් හැටියටත් රාත්‍රී කාලයේදී මුර සේවයේත් යෙදුණා. වෙනත් රටක සේවය කරන්න කැමති අයට පැවැත්වූ රැස්වීමට ගිහිල්ලා අයදුම්පතක් පිරෙව්වත් ඒ සඳහා අවස්ථාවක් මට ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඒ අතරතුර 1948දී කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තා.—ගිලියද් පාසල සහ ඉන්පසු
වර්ෂ 1949දී 14වන ගිලියද් පාසැලට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණාම මට පුදුම හිතුණා. ඒ පුහුණුව මගේ ඇදහිල්ල ශක්තිමත් කළ අතර තව තවත් මාව යෙහෝවා දෙවිට ළං කළා. ඒ වෙනකොටත් මගේ අක්කා කෙයි සහ මස්සිනා ජෝන් 11වන ගිලියද් පාසැලට සහභාගි වීසැම්බියාවේ සේවය කරමිනුයි සිටියේ. මගේ අයියා ජෝන් 1956දී ගිලියද් පාසැලට ගියා. ඔහුගේ බිරිඳ ෆ්‍රීඩා එක්ක අයියාගේ මරණය දක්වා බ්‍රසීලයේ අවුරුදු 32ක් සේවය කළා.
පාසලෙන් පසු පැවරුම් ලැබූ දවසේ ඒ කියන්නේ 1950 පෙබරවාරි මාසයේදී මට ලැබුණ විදුලි පණිවුඩ දෙකක් නිසා මම තවත් දිරිගැන්වුණා. එකක් අම්මාගෙන්. අනික ක්විල් නගරයේ හිටිය ටෲප් පවුලේ අයගෙන්. ටෲප් පවුලේ අය මට මෙහෙම ලියලා එවලා තිබුණා. “ඔබට අපෙන් ඔවදනක්” ඊට පස්සේ ඒකෙ මෙහෙමත් ලියලා තිබුණා. “මේ සොඳුරු දින ඔබේ මතකයේ සදා රැඳෙනු ඇත. මතුවටත් ඔබේ දිවි මඟ සාර්ථකත්වයෙන් සහ සතුටින් පිරිපුන් එකක්ම වේවා!”
කියුබෙක් නගරයේ සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. නමුත් ටික කාලයකට මම ගිලියද් පාසැල තිබූ නිව් යෝර්ක් නගරයේ වොච්ටවර් ගොවිපොළේ නැවතිලා හිටියා. එක දවසක් සහෝදර නෝර් මගෙන් ඇහුව්වා බෙල්ජියමට ගිහින් සේවය කරන්න කැමතිද කියලා. හැබැයි පස්සේ මගෙන් ඇහුවා නෙදර්ලන්තයට ගිහිං වැඩ කරන්න කැමතිද කියලා. නමුත් මගේ පැවරුම් ලිපිය ලැබුණාම එකේ ලියලා තිබුණේ “ශාඛා කාර්යාලය භාරව සිටින සේවකයා” ලෙස සේවය කිරීමටයි. ඒ පැවරුම ගැන මට හිතාගන්නවත් බැරි වුණා.
මම නෙදර්ලන්තයට යන්න 1950 අගෝස්තු 24වෙනිදා නැව් නැග්ගා. ඒකට දවස් 11ක් ගත වුණ නිසා අලුතෙන් මුදාහැරියා ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය කියවන්න ඇති තරම් කාලය මට තිබුණා. මම 1950 සැප්තැම්බර් පස්වනදා රොටඩෑම් නගරයට ළඟා වෙද්දී එහි බෙතෙල් ගෘහයේ සේවය කළ සහෝදරයන් මාව ඉතා ප්‍රේමණීය ලෙස පිළිගත්තා. දෙවන මහා ලෝක යුද්ධයෙන් බොහෝ දේ සුනුවිසුනු වී තිබුණත් දේවසේවය නැවතත් පෙර පරිදි කරගෙන ගියා. එම සහෝදරයන් දරුණු පීඩා යටතේ විඳදරාගත් ආකාරය ඇහුවාම මට හිතුණා මං වගේ අද්දැකීම් අඩු කෙනෙක් එක්ක වැඩ කරන එක එම සහෝදරයන්ට එතරම් ලෙහෙසි වෙන එකක් නැහැයි කියලා. නමුත් භය වෙන්න දෙයක් නැහැ කියලා මට ඉක්මනින්ම වැටහුණා.
අවධානය දිය යුතු සමහර දේවල් තිබුණා. මම ආවෙ සමුළුව අත ලඟ තියලයි. ඒ වන විටත් පැමිණ සිටි අය සමුළු භූමියේ නවාතැන් ගෙන හිටිය විදිය දැක්කාම මට පුදුම හිතුණා. ඒ නිසා ඊළඟ සමුළුවට පැමිණෙන අයට සහෝදරයන්ගේ ගෙවල්වලම නවාතැන් ලබා දීමට මම යෝජනා කළා. එතකොට සහෝදරයන් කිව්වේ, ‘ඒක නම් හොඳ අදහසක් තමයි. නමුත් අපේ රටට ඒක ගැළපෙන්නේ නැහැ’ කියලයි. නමුත් අපි ඒ ගැන කතා කරලා තීරණයකට ආවා. ඒ කියන්නේ පැමිණෙන අයගෙන් බාගයක් සමුළු භූමියෙත් ඉතිරි අය එම නගරයේ සාක්ෂිකරුවන් නොවන අයගේ නිවෙස්වලත් නතර කිරීමටයි. එහෙම කරන්න පුළුවන් වුණ එක ගැන මම හිටියේ ටිකක් සන්තෝෂයෙන්. ඒ නිසා
මම සහෝදර නෝර්ටත් ඒ ගැන කිව්වා. හැබැයි අපේ සමුළුව ගැන වාර්තා වුණ මුරටැඹ සඟරාව කියෙව්වායින් පස්සේ මට තේරුණා තව කොච්චර වෙනසක් කරන්න තියෙනවද කියලා. ඒ සඟරාවේ තිබුණේ මෙහෙමයි. “ඊළඟ සමුළුවට පැමිණෙන අයට සාක්ෂි දරන්න පුළුවන් වන විදිහට ඔවුන්ව නිවෙස්වල නතර කිරීමට ඔබ කටයුතු කරයි කියලා අපිට විශ්වාසයි.” ඇත්තටම අපි එය කළා.ශාඛා කාර්යාල නියෝජිතයන් සඳහා ලන්ඩන්වල පැවති රැස්වීමකට සහභාගි වීමට 1961 ජූලි මාසයේදී, අපගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන් දෙදෙනෙකුටත් ආරාධනයක් ලැබුණා. එහිදී සහෝදර නෝර් නිවේදනය කළේ ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ඕලන්ද භාෂාව ඇතුළු තවත් බොහෝ භාෂා ගණනකින් පරිවර්තන කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ ආරංචියෙන් අපි කොච්චර සතුටු වුණාද! ඒක කොච්චර ලොකු වැඩක්ද කියන එක ගැන අපි දැනගෙන හිටියේ නැහැ. ඉන් වසර දෙකකට පසු ඒ කියන්නේ 1963දී නිව් යෝර්ක් නගරයේ පැවති සමුළුවේදී ඕලන්ද භාෂාවෙන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය මුදාහැරීමේ වරප්‍රසාදය මට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
අලුත් පැවරුම් සහ තීරණ
වර්ෂ 1961 අගෝස්තු මාසයේ මම ලීඩා වමලින්ක් සමඟ විවාහ වුණා. ඇගේ පවුලේ සියලුදෙනාම වගේ සත්‍යය ඉගෙනගෙන තිබුණේ 1942 නාට්සිවරු පීඩා කළ කාලෙදීයි. ලීඩා 1950 සිට පුරෝගාමී සේවය කළ අතර බෙතෙල් සේවය පටන්ගත්තේ 1953 සිටයි. ඇය බෙතෙල් ගෘහයේත් සභාවේත් වැඩ කළ විදිහ දැකපු මට හිතුණේ මගේ සේවයට ඇය නම් හොඳ සහකාරියක් වේවි කියායි.
අපි දෙන්නා විවාහ වෙලා අවුරුද්දකට විතර පස්සේ මාස දහයක අමතර පුහුණුවකට, බෘක්ලින්වලට යන්න මට ආරාධනයක් ලැබුණා. නමුත් තම භාර්යාවන්ව රැගෙන යන්න පුරුෂයන්ට අවස්ථාවක් තිබුණේ නැහැ. ලීඩා ටිකක් අසනීපයෙන් සිටියත් එයා ඉතාමත් ප්‍රේමණීයව ඊට උදව් කළා. ටික කලකට පසුව ඇගේ තත්වය එන්න එන්න නරක අතට හැරුණා. බෙතෙල් ගෘහයේ දිගටම සේවය කරන්න අපිට ඕන වුණත්, අපි ඉන්න තත්වයට අනුව පුරෝගාමී සේවය කරන එක හොඳයි කියා අපි හිතුවා. එමනිසා අපි සංචාරක සේවයේ හවුල් වුණා. ඉන් ටික කාලයකට පසුව මගේ භාර්යාවට බරපතළ ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. නමුත් අපේ සහෝදර සහෝදරියන්ගේ උපකාරය නිසා අපි ඒ තත්වයට සාර්ථකව මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි ඊට අවුරුද්දකට පසුව අපි දිස්ත්‍රික් සේවයෙත් හවුල් වුණා.
අපිට මහත් ප්‍රීතියක් ගෙන දුන් එම සේවයේ අවුරුදු හතක් පුරා අපි හවුල් වුණා. නමුත් අපිට තවත් ලොකු තීරණයක් ගන්න තිබුණා. ඒ තමයි වැඩිමහල්ලන්ව පුහුණු කිරීමේ පාසැලේ උපදේශකයෙක් හැටියට සේවය කිරීමට ලැබුණු ආරාධනාව. අපි ඊට එකඟ වුණත් සංචාරක සේවය කළේ ගොඩක් ආශාවෙන් නිසා ඒක නතර කරන එක ලේසි වුණේ නැහැ. පන්ති 47ක් තිබූ එම පාසැලේ සෑම පන්තියක්ම සති දෙකක කාලයක් පුරා තිබුණා. පැමිණ සිටි වැඩිමහල්ලන් සමඟ ඇදහිල්ල ගොඩනංවන දේවල් බෙදාගන්න එයින් මට ලැබුණේ කදිම අවස්ථාවක්.
මම 1978දී මගේ අම්මව බලන්න යන්නයි හිටියේ. හැබැයි ඊට ඉස්සර වෙලා, ඒ කියන්නේ 1977 අප්‍රියෙල් 29වෙනිදා මට ටෙලිග්‍රෑම් එකක් ලැබුණා. ඒකෙ තිබුණේ මගේ අම්මා නැති වුණා කියලයි. ඒක අහපු මට දැනුණේ ලොකු වේදනාවක්. ඒ විතරක් නෙවෙයි, ඇගේ ඒ ආදරණීය කටහඬ අහන්න ලැබෙන්නේවත්, ඇය මං වෙනුවෙන් කරලා තියෙන දේවල් මම ගොඩාක් අගය කරනවා කියලා ඇයට කියන්න ලැබෙන්නේවත් නැති එක ගැන හිතත්දීත් මට ඇති වුණේ වාවගන්න බැරි දුකක්.
වැඩිමහල්ලන්ගේ පුහුණු පාසැල අවසන් වුණාම අපිට බෙතෙල් එකේ සේවය කරන්න කියලා ආරාධනා කළා. ඉතින් ඊළඟ අවුරුද්දේ ඉඳලා අවුරුදු දහයක් ශාඛා කාර්යාලයේ කමිටු සංවිධායක හැටියට මම සේවය කළා. ඊට ටික කාලයකට පස්සේ වඩාත් හොඳින් වගකීම් දරන්න පුළුවන් සහෝදරයෙක්ව ඒ සඳහා පාලක මණ්ඩලයෙන් පත් කළා. ඒ ගැන මම ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා.
වයසේ හැටියට සේවය කිරීම
දැන් අපි දෙන්නටම අවුරුදු 83යි. මම දෙවිට පූර්ණ කාලීනව සේවය කළ අවුරුදු 60ම ගත කළේ හරිම ප්‍රීතියෙන්. ඒකෙන් අවසන් අවුරුදු 45ක් තුළ මගේ ආදරණීය භාර්යාව වන ලීඩාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඇය මා සමඟ සේවයේ හවුල් වීම සැලකුවේ යෙහෝවා දෙවිට ඇය කළ කැපවීමේ කොටසක් හැටියටයි. දැන් අපි බෙතෙල් ගෘහයෙත් සභාවෙත් අපිට පුළුවන් උපරිමයෙන් සේවය කරමින් ඉන්නවා.—යෙසායා 46:4.
විටින් විට අපි අපේ ජීවිතයේ අමතක නොවන දේවල් ගැන කතා කරලා සන්තෝෂ වෙනවා. අපි යෙහෝවා දෙවිට කළ සේවය ගැන පසුතැවෙන්නේවත් කනගාටු වෙන්නේවත් නැහැ. ඒ වගේම අපේ ජීවිතයේ මුල් අවදියේ හරි තීරණ ගත්ත නිසා අපි අදටත් සන්තෝෂ වෙනවා. අපගේ අධිෂ්ඨානය නම් දිගටම අපේ මුළු ශක්තියෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමයි.
[13වන පිටුවේ පින්තූරය]
බිල්, මගේ ලොකු අයියා සහ අපේ දඩබ්බරයා සාවුල්
[15වන පිටුවේ පින්තූරය]
අපි අලුත් යුග දිවිය පටන්ගත්දා, 1961 අගෝස්තු
[15වන පිටුවේ පින්තූරය]
ලීඩා සමඟ