Skip to content

පටුනට යන්න

අරුත්බර ජීවිතයක් සමඟින් සියවසක් පසු කරයි

අරුත්බර ජීවිතයක් සමඟින් සියවසක් පසු කරයි

අරුත්බර ජීවිතයක් සමඟින් සියවසක් පසු කරයි

ස්වීඩනයේ ජීවත්වන වයස අවුරුදු 105ක් හෝ ඊට වැඩි හැටදෙනා අතරට එලින්ද අයත් වෙනවා. එකසිය පස් හැවිරිදි එලින් වැඩිහිටි නිවසක එක්තැන් වී ජීවත් වුණත් මීට අවුරුදු 60කටත් වඩා වැඩි කාලයකට පෙර පටන්ගත් යෙහෝවා දෙවිට සේවය කිරීම ඇය තවමත් අත් හැර නැහැ.

නිවාස අඩස්සියේ සිටි පාවුල් ඔහුව බැලීමට පැමිණි අයට දේශනා කළාක් මෙන් ඇයත් හැකි සෑම කෙනෙකුට බයිබලයේ සඳහන් ශුභාරංචි ගැන පවසනවා. (ක්‍රියා 28:16, 30, 31) වැඩිහිටි නිවසට පැමිණෙන පිරිසිදු කරන්නන්ට, වෛද්‍යවරුන්ට, කොණ්ඩේ කපන්න එන අයට, හෙදියන්ට වගේම ඇයට හමුවන වෙනත් අයටද ඇය දේශනා කරනවා. ඇය අයත් සභාවේ සිටින අය ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන අයට දිරිගන්වන්නේ කලින් කලට ගොස් ඇයව බලන්න කියායි. ඒ ඇගේ දැනුමෙන් හා අද්දැකීම්වලින් ඒ අයට බොහෝ ප්‍රයෝජන ගත හැකි නිසයි.

දිරිගන්වනසුලු දේවල් ගැන දැනගැනීමට ඇය දක්වන උනන්දුව හා ඇගේ ප්‍රීතිමත් ස්වභාවය ඇගේ සභාවේ අය අගය කරනවා. ඇය ගැන සහෝදරයෙක් මෙසේ පවසනවා. “සභාවේ සිදු වන දේවල් ගැන ඇය දක්වන්නේ ලොකු උනන්දුවක්. සභාවේ ඉන්න හැම දරුවෙකුගේ වගේම අලුතින් සභාවට පැමිණි අයගේ නම් පවා ඇයට මතකයි.” ඇය ආගන්තුක සත්කාරයට ලැදි, විහිළු තහළු කරන ජීවිතය දෙස ශුභාවාදීව බලන තැනැත්තියක් බව කවුරුත් දන්නවා.

ජීවිතය ගැන අරමුණක් ඇතිව ප්‍රීතියෙන් කල්ගෙවන්න ඇයට හැකි වී තිබෙන්නේ කොහොමද? ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන දිනපතා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම නමැති කුඩා පොතේ සෑම දිනක් සඳහාම තිබෙන බයිබල් පදය කියවනවා. අකුරු ලොකු කර බලන කණ්ණාඩියක් යොදාගෙන ඇය සෑම දවසකම බයිබලයෙන් කොටසක්ද කියවනවා. ඒ විතරක් නෙමෙයි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතිපතා පවත්වන රැස්වීම්වලටත් ඇය සූදානම් වෙනවා. ඒ රැස්වීම්වලට යෑමට ඇයට නොහැකි වුණත් කැසට් පටි මාර්ගයෙන් ඒවාට සවන් දෙනවා. නිතිපතා බයිබලය සහ එය මත පදනම් පොත් පත් සඟරා කියවනවා නම්, ක්‍රිස්තියානි රැස්වීම්වලට නොකඩවා සහභාගි වෙනවා නම් කුමන වයස් මට්ටමක ජීවත් වුණත් අරමුණක් සහිත ජීවිතයක් භුක්ති විඳින්න අපිටත් පුළුවන්.—ගීතාවලිය 1:2; හෙබ්‍රෙව් 10:24, 25.