Skip to content

පටුනට යන්න

සෑහීම ගෙන දෙන පිළිතුරු සොයමින්

සෑහීම ගෙන දෙන පිළිතුරු සොයමින්

සෑහීම ගෙන දෙන පිළිතුරු සොයමින්

මට සෞඛ්‍ය සම්පන්නව සිටින්න පුළුවන් කොහොමද?

මගේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

මගේ රැකියාව රැකගන්න පුළුවන් කොහොමද?

ඔබ කවදා හෝ එවැනි ප්‍රශ්න අසා තිබෙනවාද? එමෙන්ම ඊට සෑහීම ගෙන දෙන පිළිතුරක් ඔබට ලැබුණාද? සෑම වර්ෂයකම විවිධාකාරයේ පොත් පත් 2, 000ක් පමණ මුද්‍රණය කරනවා. ඒ ඉහත සඳහන් කළ ප්‍රශ්න සහ ඒ හා සම්බන්ධ වෙනත් කාරණාවලට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහායි. එම පොත් පත් මිල දී ගැනීම සඳහා බ්‍රිතාන්‍ය වැසියන් පමණක් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 150ක් පමණ වියදම් කරනවා. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේද ඒ හා සම්බන්ධ උපදෙස් සපයන පොත් පත් විකිණීමෙන් වසරකට, ඩොලර් මිලියන 600ක් පමණ උපයනවා. ඉන් පෙනෙන්නේ ජීවිතයේ එවන් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දී ඉන් ජයගැනීමට කැමැත්තෙන් සිටින්නේ ඔබ පමණක් නොවන බවයි.

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උපදෙස් සැපයීමට මුද්‍රණය කරන අසීමිත පොත් පත් කන්දරාව ගැන එක් ලේඛකයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ඒ පොත් පත්වලින් සිදු වන්නේ , කලින් සඳහන් කළ දේවල් නැවත නැවත කීම පමණයි.” එය කොතරම් සත්‍යක්ද! නවීන පොත පතේ ඇති උපදෙස්වලින් බොහෝමයක් අලුතින් බිහි වූ ඒවා නොවෙයි. එම ප්‍රඥාවන්ත උපදෙස් ලොව පැරණිතම පොතක සඳහන් වී තිබෙනවා. ලොව මෙතෙක් වැඩියෙන්ම බෙදා හැර තිබෙන පොත වන්නේද එයයි. සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් එය, භාෂා 2,400කට පරිවර්තනය කර තිබෙන අතර එහි පිටපත් බිලියන 4.6කටත් වඩා මුද්‍රණය කර තිබෙනවා. ඒ වෙන කිසිවක් නොව, ශුද්ධ බයිබලයයි.

බයිබලයේ ඇති උපදෙස් ගැන එහිම පවසන්නේ මෙසේයි. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය.” (2 තිමෝති 3:16) අපි අද්දකින ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද කියා එහි සඳහන් කර තිබෙනවා. නමුත් බයිබලය ඒ සඳහා පමණක් සම්පාදනය කළ අත්පොතක් නොවෙයි. මෙය ප්‍රධාන වශයෙන් ලියැවී තිබෙන්නේ මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ දැනුම් දීම සඳහා වුණත් අපි සැමගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් උපදෙස් එහි සපයනවා. එමෙන්ම අපි එම උපදෙස් පිළිපදිනවා නම් ඉන් අපිට ප්‍රයෝජන අත් කරගත හැකි බව බයිබලයේ පොරොන්දු කර තිබෙනවා. (යෙසායා 48:17, 18) පුද්ගලයෙකුගේ ජාතිය, සංස්කෘතිය හෝ අධ්‍යාපන මට්ටම කුමක් වුණත් බයිබලයේ දී ඇති මඟ පෙන්වීම් පිළිපැදීමෙන් ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. එමනිසා සෞඛ්‍යය, පවුල් ජීවිතය සහ රැකියාව ගැන බයිබලයේ සපයා ඇති උපදෙස් ඇත්තටම ප්‍රයෝජනවත්ද කියා ඔබටම සහතික කරගන්න. ඒ සඳහා ඊළඟ ලිපිය කියවා බලන මෙන් අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.