Skip to content

පටුනට යන්න

එය කාලගුණයටත් වඩා වැදගත්

එය කාලගුණයටත් වඩා වැදගත්

එය කාලගුණයටත් වඩා වැදගත්

හවසට අහස රතු නම් නාවිකයන් සතුටු වෙනවා. ඒත් උදේට අහස රතු නම් නාවිකයන් භය වෙනවා. සෑම රටකම වගේ කාලගුණය ගැන කියාපාන එවැනි කියමන් තිබෙනවා. කාලගුණ විද්‍යාඥයන් සොයාගෙන තිබෙන්නේ හවසට අහසේ දිස්වෙන වර්ණය මගින් ඊළඟ දවසේ කාලගුණය මොන වගේ වෙයිද කියා අනුමාන කරන්න පුළුවන් බවයි.

යේසුස්ගේ කාලයේ සිටි මිනිසුන්ද අහසේ වර්ණය බලා කාලගුණය ගැන කියන්න පුරුදු වෙලා හිටියා. එක් අවස්ථාවකදී යේසුස් යුදෙව්වන්ට මෙහෙම කිව්වා. “ඔබ සාමාන්‍යයෙන් පුරුදු වී සිටින්නේ සවස් වූ විට ‘අහස ගින්දර මෙන් රතු පාට නිසා කාලගුණය හොඳ වේ’ කියාද, උදේට ‘අහස ගින්දර මෙන් රතු පාට වී අඳුරුව තිබුණොත්, අද ශීත, වැසි සහිත කාලගුණයක් වේ’ කියාද කීමටය. අහසේ ස්වභාවය තෝරා දෙන්න ඔබ දන්නහුය.” ඉන්පසු යේසුස් ඔවුන්ට පවසන්නේ මෙවැනි දෙයක්. “නමුත් නියම කරන ලද කාලවල ලකුණු තෝරා දෙන්න ඔබට නුපුළුවන.”—මතෙව් 16:2, 3.

ඉහත සඳහන් “නියම කරන ලද කාලවල ලකුණු” යනු කුමක්ද? ඒවා නම් යේසුස් ක්‍රිස්තුස් නම් තැනැත්තා, දෙවි විසින්ම එවන ලද ඔහුගේ පුත්‍රයා බවට තිබෙන ලකුණුයි. තමන් ක්‍රිස්තුස් බව යේසුස් තම ක්‍රියාවලින් ඔප්පු කර පෙන්වුවා. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ සාක්ෂි හරියට ගින්දර මෙන් රතු පාට වූ අහසක් සේ හැමෝටම පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. කොහොමවුණත් එදා සිටි බොහෝ යුදෙව්වන් මේ ලකුණු පිළිගත්තේ නැහැ. ඇත්තටම එය කාලගුණය ගැන දැන සිටීමට වඩා වැදගත් දෙයක් වුණා.

මේ කාලයේදීද අපි අවධානය දිය යුතු ඉතා වැදගත් ලකුණක් ඉටු වෙනවා. එය අහසේ වර්ණය දෙස බලා කාලගුණය ගැන කියනවාටත් වඩා වැදගත් දෙයක්. යේසුස් පොරොන්දු වූයේ අද තිබෙන මෙම දුෂ්ට සමාජ ක්‍රමය අවසන් වීමෙන් පසුව යහපත් තත්වයක් මේ පොළොවට පැමිණෙන බවයි. එය සිදු වන්නේ හරියටම කොයි කාලයේද කියා තේරුම්ගැනීමට ඔහු යම් යම් සිද්ධීන් ගැන සඳහන් කළා. ඒවා අතර ලොව පුරාම දැකිය හැකි යුද්ධ සහ සාගත සඳහන් කරන්න පුළුවන්. යේසුස් පෙන්වූ ආකාරයට ඒ ලකුණුවලින් පැහැදිලි වෙන්නේ, මේ දුෂ්ට සමාජ ක්‍රමය පහ කර දමන්න දෙවි මැදිහත් වන දවස ඉතා ආසන්න බවයි.—මතෙව් 24:3-21.

එම “නියම කරන ලද කාලවල ලකුණු” ඔබ හඳුනාගෙන තිබෙනවාද?