Skip to content

පටුනට යන්න

“ඇයි දෙවියනි, ඔබ නිහඬව සිටියේ?”

“ඇයි දෙවියනි, ඔබ නිහඬව සිටියේ?”

“ඇයි දෙවියනි, ඔබ නිහඬව සිටියේ?”

ඉහත වදන් පැවසුවේ XVI බෙනඩික්ට් පාප් 2006, මැයි 28වනදා පෝලන්තයේ ඔස්චිවිට්ස්හි පිහිටා තිබූ ගාල් කඳවුර බලන්න ගිය අවස්ථාවේදීයි. නාට්සිවරුන් යුදෙව්වන් හා වෙනත් අය සිය දහස්ගණනක් මරා දැමුවේ මේ ගාල් කඳවුරේදීයි. එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “මෙතැනට ආ විට මොන තරම් ප්‍රශ්න මතු වෙනවාද! ඒ කාලයේ දෙවියන් සිටියේ කොහේද? ඇයි දෙවියන් නිහඬව සිටියේ? මේ වගේ සමූලඝාතන වෙන්න ඉඩ හැරියේ ඇයි? . . . මේ ගැන පියවරක් ගන්න කියා අපි දෙවිට බල කර සිටිය යුතුයි. දෙවියනි, මිනිසුන් ඔබේ මැවිලි කියා අමතක කරන්න එපා.”

පාප්ගේ මේ කතාව බොහෝ මතභේදවලට තුඩු දුන්නා. ඔස්චිවිට්ස්හි ගාල් කඳවුරේදී යුදෙව්වන්ට කළ තාඩන පීඩන හා ඝාතනය කිරීම් ගැන එම කතාවේදී පාප් සඳහන් නොකිරීම ලොකු අඩුවක් බවයි ඇතමුන්ගේ අදහස. තවත් අයගේ අදහසට අනුව ඔහුගේ ඒ කතාව මගින් කතෝලික සභාව කළ පාප ගැන කලින් සිටි දෙවන පාවුලු ජුවාම් පාප් කළ සමාව ඉල්ලීම සැහැල්ලුවට ලක් වෙනවා. කතෝලික පුවත් පතක වාර්තාකරුවෙක් වන ෆිලිපො ජෙන්ටිලෝනි මෙසේ වාර්තා කළා. “එදා දෙවියන් කොහෙද හිටියේ කියන උත්තරයක් නැති ප්‍රශ්නය ගැන හිතනවාට වඩා ‘එදා XII වන පයස් පාප් කොහේද හිටියේ’ යන ප්‍රශ්නය නඟන එක වඩා තර්කානුකූලයි.” මෙහිදී බොහෝ විචාරකයන් අදහස් දක්වමින් සිටියේ නාට්සි සමූලඝාතනය සිදු වූ සමයේදී XII වන පයස් පාප්ගේ නිහැඬියාව ගැනයි.

මිනිස් ඉතිහාසය පුරා සිදු කර ඇති මෙවැනි සමූල ඝාතනවලින් තහවුරු වන්නේ “මනුෂ්‍යයෙකු විසින් අනිකෙකුට අන්තරාය සිදු කරන පිණිස බලය පවත්වන” බවයි. (දේශනාකාරයා 8:9) මෙවැනි දරුණු සිදුවීම් හමුවේ දෙවි නිහඬව සිට නැහැ. ඒවාට ඉඩ හැර තිබීමට හේතුව ගැන බයිබලයේ පවසා තිබෙනවා. එමෙන්ම මැවුම්කරු මනුෂ්‍යයන්ව අමතක කර නැති බවටද සහතික කර තිබෙනවා. මනුෂ්‍යයන් විසින් මනුෂ්‍යයන්ව පාලනය කිරීමට දෙවි ඉඩ හැර තිබෙන කාලය ඉතා ඉක්මනින්ම නිමා වෙනවා ඇති. (යෙරෙමියා 10:23) අප වෙනුවෙන් දෙවි අරමුණු කර ඇති දේවල් ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? දහසයවෙනි බෙනඩික්ට් පාප්ට ප්‍රහේලිකාවක් වූ එම ප්‍රශ්නයට බයිබලයෙන් පිළිතුරු දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා කැමැත්තෙන් සිටිනවා.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Oświęcim Museum