ජනවාර්ගික භේදවලට විසඳුම කුමක්ද?
ජනවාර්ගික භේදවලට විසඳුම කුමක්ද?
ස්පාඤ්ඤයේ පැවති පාපන්දු තරඟයකදී විනිසුරුවරයා හදිසියේම තරඟය නතර කිරීමට තීරණය කළා. ඊට හේතුව කුමක්ද? නරඹන්නන් විසින් එක් පිලක සිටි කලු ජාතික ක්‍රීඩකයෙකුට තරඟයෙන් ඉවත් වෙන්න කියා අපහාසාත්මක ලෙස බැණවැදීමයි. රුසියාවේ ජීවත් වන ආසියානුවන්ට, අප්‍රිකානුවන්ට සහ ලතින් අමෙරිකානුවන්ට විරුද්ධව කරන පහරදීම් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. වර්ෂ 2005දී එවැනි සිදුවීම් 394ක් වාර්තා වූ අතර එය 2004ට වඩා සියයට 55ක වැඩි වීමක්. බ්‍රිතාන්‍යයේ ජීවත් වන කලු ජාතිකයන් සහ ආසියානුවන්ගෙන් තුනෙන් එකක්ම පැවසුවේ ඔවුන්ට තම රැකියාව අහිමි වුණේ තමන් වෙනත් ජාතියකට අයිති වූ නිසා කියායි. එම උදාහරණවලින් කියා පාන්නේ මුළු ලෝකයේම වර්ධනය වෙමින් පවතින අර්බුදයක් ගැනයි.
එක් ජාතියක් තවත් ජාතියක්ව පහත් කොට සැලකීම විවිධාකාරවලින් සිදු වෙනවා. සමහරවිට එය වාචිකව කරන අපහාසාත්මක ප්‍රහාරවල සිට සමූල ඝාතන දක්වා වර්ධනය වෙයි. ජනවාර්ගික ගැටුම්වලට මූලිකම හේතුව කුමක්ද? තවත් ජාතියකට අයත් කෙනෙකුව හෙළාදැකීමෙන් වැළකී සිටීමට අපිට හැක්කේ කෙසේද? සියලුම වර්ගයන්ට අයත් ජන කොටස් කවදා හෝ එක පවුලක් ලෙස සාමයෙන් ජීවත් වෙයිද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ අපිට ඉතාමත් දීප්තිමත් බලාපොරොත්තුවක් ලබා දෙනවා.
හිංසාව සහ වෛරය
මිනිසුන් සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ ‘බාල කාලයේ පටන් ඔහුගේ හෘදයෙහි කල්පනා නපුරුව තිබේ’ කියායි. (උත්පත්ති 8:21) අන් අයට හිංසා කිරීම සමහරුන්ට සතුටක්. බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “බලව, පීඩා කරනු ලැබූවන්ගේ කඳුළු දුටිමි. ඔවුන් සනසන්නෙක් නොවීය. ඔවුන්ගේ පීඩාකාරයින්ගේ පැත්තට බලය තිබුණේය.”—දේශනාකාරයා 4:1.
මීට අවුරුදු 3700කට පමණ පෙරත් එක් ජාතියක් තවත් ජාතියක් කෙරෙහි වෛරය පෙන්වූ අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. හෙබ්‍රෙව් ජාතික යාකොබ් කියන තැනැත්තාට තම පවුලේ අයත් සමඟ ඊජිප්තුවේ පදිංචියට පැමිණෙන්න කියා එවකට සිටි පාරාවෝ රජ පැවසුවා. නමුත් පසු කාලයකදී පාලනය කළ තවත් පාරාවෝ කෙනෙකුට හැඟුණේ එම විශාල පවුල තමන්ට තර්ජනයක් කියායි. එහි ප්‍රතිඵලයක් හැටියට සිදු වූ දේ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘ඔහු තමන් සෙනඟට කතා කොට: බලන්න, ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෙනඟ අපට වඩා බොහෝය, බලවත්ය. එන්න, ඔවුන් බෝ නොවන පිණිස ඔවුන් කෙරෙහි නුවණින් ක්‍රියා කරමුයයි කීය. එබැවින් ඔවුහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ට බර වැඩ පැමිණවීමෙන් පීඩා කරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත් කළෝය.’ (නික්මයාම 1:9-11) ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායෙල් ජාතිකයන්ට ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම මරා දමන්න කියාද පාරාවෝ අණ කළා.—නික්මයාම 1:15, 16.
මූලිකම හේතුව කුමක්ද?
වාර්ගික ගැටුම් නැවැත්වීම සඳහා ආගම් විසින් කර ඇති දෙයක් නැති තරම්. සමහර පුද්ගලයන් නිර්භීතව එවැනි හිංසාවන්ට විරුද්ධව නැඟී සිටියත් සමස්තයක් හැටියට ගතහොත් බොහෝවිට ආගම් රැගෙන තිබෙන්නේ එවැනි ගැටුම් ඇති කරන්නන්ගේ පැත්තයි. උදාහරණයකට, එක්සත් ජනපදයේ සිදු වූ දෙය සලකා බලන්න. එහි සුදු ජාතිකයන් විසින් කලු ජාතිකයන්ව වහලුන් ලෙස තබාගත් අතර කිසිම පදනමක් නැතිව ඔවුන්ව මරා දැමුවා. ඒ විතරක් නෙවෙයි වර්ෂ 1967 දක්වා කලු සහ සුදු ජාතිකයන් අතර විවාහයන් පවා නීතියෙන්ම තහනම් කර තිබුණා. දකුණු අප්‍රිකාවේද විවාහයන් සම්බන්ධයෙන් එවැනි නීතියක් පනවා තිබූ අතර සුදු ජාතිකයන් විසින් කලු ජාතිකයන්ව තමන්ගෙන් වෙන් කර තැබීම නීත්‍යානුකූල කරනු ලැබුවා. ඒ හැම අවස්ථාවකදීම ඊට අනුබල දුන්නේ ආගම දහමට ලැදි පුද්ගලයන් විසිනුයි.
කොහොමවුණත් එක් ජාතියක් තවත් ජාතියක්ව හෙළාදකින්න මූලිකම හේතුව කුමක්ද කියා බයිබලයේ පැහැදිලි කරනවා. “ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයය. යමෙක් ‘මම දෙවිට ප්‍රේම කරමි’ යි කියමින් තමාගේ සහෝදරයාට 1 යොහන් 4:8, 20) ජනවාර්ගික ගැටුම්වලට මූලිකම හේතුව එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. එනම් මිනිසුන් සැබෑ දෙවිව හරි හැටි හඳුනාගෙන නොසිටීම හෝ ඔහුට ප්‍රේම නොකිරීමයි.
වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද, තමන් දුටු සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, තමන් නුදුටු දෙවිට ප්‍රේම කළ නොහැක.” (සියලුම ජන කොටස් අතර සමඟියට එකම මඟ
දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමෙන් සහ ඔහුට ප්‍රේම කිරීමෙන් මෙම සමඟිය අත් කරගන්නේ කොහොමද? වෙනත් ජාතියකට අයත් කෙනෙකුට වෛර කිරීමෙන් පුද්ගලයෙකුව වළක්වන්න බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට පුළුවන් කොහොමද? එහි පවසන්නේ යෙහෝවා නමැති මෙම දෙවි සියලු මිනිසුන්ගේ පියා බවයි. තවදුරටත් එහි මෙසේද සඳහන් වෙනවා. “ඇත්තෙන්ම අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය. එනම් පියාණන්ය. සියල්ල පැමිණියේ ඔහුගෙන්ය.” (1 කොරින්ති 8:6) බයිබලයේ සඳහන් වෙන ආකාරයට ‘ඔහු එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවා.’ (ක්‍රියා 17:26) ඒ අනුව බලද්දී පොළොව මත සිටින සියලුම මිනිසුන් එක පවුලක සාමාජිකයන් කියා පවසන්න පුළුවන්.
දෙවිගෙන් ලැබී තිබෙන ජීවිතය නමැති අනර්ඝ ත්‍යාගය ගැන සියලුම ජන කොටස්වලට අයිති මිනිසුන්ට සන්තෝෂ විය හැකියි. නමුත් කනගාටු වීමටද හේතුවක් තිබෙනවා. ඒ ගැන එක් බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ ‘එක් මිනිසෙකුගෙන් ලොවට පාපය ඇතුල්’ වුණු බවත් එහි ප්‍රතිඵලයක් හැටියට “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” කියායි. (රෝම 3:23; 5:12) යෙහෝවා දෙවි විවිධත්වයට ප්‍රිය කරන දෙවි කෙනෙක් නිසා සෑම මිනිසෙක්වම නිර්මාණය කර ඇත්තේ එකිනෙකාට වෙනස් ආකාරයටයි. ඒ වුණත් එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියා සිතීමට දෙවි කිසිම පදනමක් දී නැහැ. නමුත් යම් ජාතියක් එසේ සිතනවා නම් එය බයිබලයේ ඇති ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. බයිබලය මගින් දෙවි දී ඇති මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් සියලු ජන කොටස් අතර එකමුතුකම දකින්න පුළුවන්.
සියලුම ජාතීන් කෙරෙහි දෙවිගේ සැලකිල්ල
යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියව තෝරාගැනීමෙන් හා වෙනත් ජාතීන්ගෙන් වෙන් වී සිටින්න කියා ඔවුන්ට අණ කිරීමෙන් දෙවි වාර්ගික භේදවලට අනුග්‍රහය දුන්නාද කියා සමහරුන් හිතනවා. (නික්මයාම 34:12) එම ජාතියව තෝරාගැනීමට දෙවිට හේතු කිහිපයක් තිබුණා. ඉන් එකක් නම් පුරාණයේ සිටි ආබ්‍රහම් නමැති තැනැත්තාගේ විශ්වාසවන්ත භාවයයි. එමෙන්ම දෙවි එම ජාතියට නීති දුන් අතර ඔවුන් කෙරෙහි පාලකයන්වද පත් කළා. එසේ කිරීමෙන් දෙවි ඊශ්‍රායෙල් ජාතියව පාලනය කළ අතර දෙවිගේ පාලනයේ ඇති සාර්ථකත්වය අවට සිටි ජාතීන්ට දකින්න සැලැස්සුවා. මනුෂ්‍යයන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවද එම ජාතිය මගින් කාවැද්දුවා. එම ජාතිය සමඟ දෙවි කටයුතු කළ ආකාරයෙන් පොළොවේ සිටින සියලුම ජාතීන් ආශීර්වාද ලැබුවා. එය දෙවි ආබ්‍රහම්ට කලින් පැවසූ දෙයට එකඟයි. “මාගේ ශබ්දයට [හඬට] ඔබ කීකරු වූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවෙහි සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.”—උත්පත්ති 22:18.
තවදුරටත් දෙවිගේ අරමුණ සම්බන්ධ විශේෂ ප්‍රකාශයන්ද එම ජාතියට දෙනු ලැබූ අතර ගැලවුම්කරුවෙකු පිළිබඳව දුන් පොරොන්දුවද ඊට ඇතුළත් වුණා. ඒ තුළින් පොළොවේ සියලුම ජාතීන්ට ප්‍රයෝජන ලබන්න පුළුවන්. පොළොව මත සිටින සියලුම මිනිසුන් ආශීර්වාද ලබන්න නියමිත ප්‍රීතිමත් කාලයක් ගැන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මේ ආකාරයට පැවසුවා. “බොහෝ ජාතීහු ගොස් කතා කොට එන්න, අපි යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු. ඔහු තමන් මාර්ගයන් ගැන අපට උගන්වන්නේය. . . . ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව නොඔසවන්නේය. ඔවුහු තවත් යුද්ධය ඉගෙන නොගන්නෝය. එහෙත් ඔවුහු එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය. කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය.”—මීකා 4:2-4.
යේසුස් ශුභාරංචිය දේශනා කළේ යුදෙව් ජාතිකයන්ට වුණත් ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය.” (මතෙව් 24:14) සෑම ජාතියකටම අයත් මිනිසුන්ට ශුභාරංචිය ඇසීමට යෙහෝවා දෙවි සලස්වා තිබෙනවා. ඒ තුළින් තමන් තරාතිරම් නොබලන දෙවි කෙනෙක් බව ඔහු ඔප්පු කර තිබෙනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකයි. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’—ක්‍රියා 10:34, 35.
සෑම ජාතියක් කෙරෙහිම දෙවි දක්වන සැලකිල්ල ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතියෙන්ද දැකගත හැකියි. වෙනත් ජාතියකට අයත් කෙනෙකුට සැලකිය යුතු ආකාරය ගැන එහි මෙසේ සඳහන් වෙනවා. “ඔබ ඊජිප්තු දේශයෙහි විදේශිකයන්ව විසූ නිසා ඔබ සමඟ වසන අන් රටක වැසියා ඔබ අතරෙහි උපන්නෙකු මෙන් වන්නේය. ඔබට මෙන් ඔහුට ප්‍රේම කරන්න.” (ලෙවී කතාව 19:34) වෙනත් රටකින් පැමිණ තම රටේ පදිංචි වී සිටින්නන්ට කරුණාවන්තව සැලකිය යුතු බව එවැනි බොහෝ නීති මගින් දෙවි ඉගැන්වූවා. ඒ අනුව කටයුතු කළ පුද්ගලයෙක් වන්නේ යේසුස්ගේ මුතුන්මිත්තෙකු වූ බෝවස් නම් තැනැත්තායි. වෙනත් ජාතියකට අයත් දිලිඳු වැන්දඹු ස්ත්‍රියක් තමාගේ කෙතේ කරල් ඇහිඳිමින් සිටිනවා බෝවස් දුටුවා. ඇයට ඇති තරම් ඇහිඳින්න ඉඩහරින්න කියා ඔහු තම සේවකයන්ට පැවසුවා.—රූත් 2:1, 10, 16.
යේසුස් කරුණාවන්තකම පෙන්වූවා
යේසුස් තරම් යෙහෝවා දෙවිව හොඳින් අනුකරණය කළ කෙනෙක් තවත් නැහැ. තම ජාතියට, ආගමට, භාෂාවට සහ සංස්කෘතියට වඩා වෙනස් අයට කරුණාවන්තව සලකන ආකාරය යේසුස් ක්‍රියාවෙන් පෙන්වූවා. ඔහුගේ කාලයේ සිටි යුදෙව්වන් සමරිතානු ජාතිකයන්ව සැලකුවේ පහත් අය හැටියටයි. නමුත් දිනක් යුදෙව් ජාතිකයෙක් වූ යේසුස්, සමරිතානු ස්ත්‍රියක් සමඟ කතා කළ විට ඇය ඒ ගැන පුදුම වුණා. සදාකාල ජීවනය ලබාගන්න නම් ඇය කරන්න අවශ්‍ය කුමක්ද කියාත් ඒ අවස්ථාවේදී යේසුස් ඇයට පැහැදිලි කළා.—යොහන් 4:7-14.
වෙනත් ජාතියකට අයත් අයට සැලකිය යුතු ආකාරය පැහැදිලි කිරීමට යේසුස්, යහපත් සමරිතානුවරයාගේ උපමා කතාව යොදාගත්තා. එහි එන සමරිතානුවරයා දිනක් මංකොල්ලකාරයන් විසින් පහර කා බිම වැටී සිටින යුදෙව්වෙකුව දකිනවා. ඔහුට අවශ්‍ය නම් මෙසේ සිතන්න තිබුණා. ‘මම මොකටද මෙයාට උදව් කරන්නේ? මෙයා මගේ ජාතියේ අයව කොන් කරනවානේ!’ නමුත් මේ මිනිසා හිතන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. වැටී සිටි එම ලූක් 10:30-37.
යුදෙව්වාව දැක දැකත් තවත් අය ගණන් නොගෙන ගියත් මේ සමරිතානුවරයා “අනුකම්පාවෙන් පෙලඹී” අවශ්‍ය උපකාර ලබා දුන්නා. කෙනෙකුට දෙවිගේ අනුමැතිය ලබන්න අවශ්‍ය නම් ඔහුත් එසේම කටයුතු කළ යුතු බව පවසමින් යේසුස් එම උපමා කතාව අවසන් කළා.—දෙවිව සතුටු කිරීමට කැමති අය තම පෞද්ගලිකත්වය වෙනස් කරගනිමින්, දෙවි මිනිසුන්ට සලකන ආකාරයටම සලකන්න ඉගෙනගන්න අවශ්‍යයි. ඒ ගැන බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය. එවිට ග්‍රීක හෝ යුදෙව් කියාවත්, චර්මච්ඡේදිත හෝ අචර්මච්ඡේදිත කියාවත්, විදේශික හෝ ස්කිතිය කියාවත් නැත. . . . නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:9-14.
මිනිසුන්ව වෙනස් කිරීමට දෙවි පිළිබඳ දැනුමට හැකිද?
යෙහෝවා දෙවි ගැන දැනුම ලබාගැනීමෙන් වෙනත් ජාතීන් කෙරෙහි කෙනෙකුට තිබෙන ආකල්පය වෙනස් කරගත හැකිද? කැනඩාවේ පදිංචියට පැමිණි ආසියානු ස්ත්‍රියකගේ අද්දැකීම සලකා බලන්න. ඒ රටේ බහුතරයක් ඇයට සැලකූ ආකාරය නිසා ඇය කලකිරීමට පත් වුණා. නමුත් ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු විට ඇය ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. පසුව ඇය ඔවුන්ව අගය කරමින් ලිපියක් ලිව්වා. එහි සඳහන් වෙන්නේ මෙසේයි. ‘ඔයාලා නම් හරිම කරුණාවන්තයි. මම කල්පනා කෙරුවා ඔයාල අනිත් අයට වඩා ගොඩක් වෙනස් ඇයි කියලා. පස්සේ මට තේරුණා ඒකට හේතුව ඔයාලා දෙවිට සේවය කරමින් බයිබලයේ තියෙන විදිහටම ජීවත් වෙන්න උත්සාහ කරන නිසා කියලා. මම දැක්කා ඔයාලාගේ රැස්වීම්වල කලු, සුදු, දුඹුරු වගේ එක එක පාට සහ ජාතිවලට අයත් අය ඉන්නවා. ඒත් ඒ හැම කෙනාගෙම හදවත් නම් එක පාටයි. ඒ අය හරියට සහෝදර සහෝදරියන් වගෙයි. දැන් මට තේරෙනවා ඔයාලා අනිත් අයට කරුණාවන්තව සලකන්නේ ඇයි කියලා. ඒ ඔයාලගේ දෙවි නිසයි.’
‘යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්න’ නියමිත කාලයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 11:9) බයිබලයේ පැහැදිලි කරන ආකාරයට දැන් පවා “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද” සමන්විත මිලියන ගණනින් යුත් සෙනඟක් දෙවිට එක්සත්ව නමස්කාර කරනවා. (එළිදරව් 7:9) ඔවුන් ඉතා ඕනෑකමින් බලා සිටින්නේ වෛරය වෙනුවට ප්‍රේමය රජයන නව සමාජය බිහි වෙන තුරුයි. එදාට, දෙවි ආබ්‍රහම්ට දුන් මේ පොරොන්දුව ඉටු වෙනවාමයි. “පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබන්නෝය.”—ක්‍රියා 3:25.
[4, 5වන පිටුවේ පින්තූරය]
අන් අයට ප්‍රේම කරන ආකාරය ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතිය මගින් ඉගැන්වූවා
[5වන පිටුවේ පින්තූරය]
සමරිතානුවරයාගේ උපමා කතාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
[6වන පිටුවේ පින්තූරය]
තමන් අන් අයට වඩා උසස් කියා සිතන්න හේතුවක් දෙවි කිසිම ජාතියකට දී නැහැ