Skip to content

පටුනට යන්න

දරුවන්ට ප්‍රයෝජනවත් පාඩම්

දරුවන්ට ප්‍රයෝජනවත් පාඩම්

දරුවන්ට ප්‍රයෝජනවත් පාඩම්

ග්ලැඩීස් නමැති තැනැත්තිය සේවය කරන්නේ ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසා කියන ප්‍රදේශයේ පාසැලකයි. දිනක් ඇය පන්ති කාමරයක් අසලින් යන විට එහි ගුරුවරිය, හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට මගේ බයිබල් කතන්දර පොත * කියවමින් සිටියා. පසුව ග්ලැඩීස් ඒ ගුරුවරිය ළඟට ගොස්, තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් බව පැවසුවා. ඒ විතරක් නෙවෙයි මේ පොත ප්‍රයෝජනවත් විදිහට යොදාගන්න පුළුවන් කොහොමද කියලා පෙන්වා දෙන්නත් ඇය තම කැමැත්ත පළ කළා. ඒ ගැන සතුටු වූ ගුරුවරිය, මේ පොතේ තිබෙන තොරතුරු පාසැල් විෂයක් හැටියට උගන්වන්න කැමති වුණත් ඒ සඳහා අවසර ගන්න සිදු වුණා. අවසානයේදී පාසැල් බලධාරීන් ඊට එකඟ වුණාම ඇය ගොඩක් සතුටු වුණා.

කියවීම සඳහා වෙන් කර තිබූ විශේෂ දිනය තුළදී පාසැලේ අනිත් ළමයින්ට ඇසෙන පරිදි ඒ පොතෙන් පරිච්ඡේදයක් කියවන්න කියා ගුරුවරිය ළමයින්ගෙන් ඉල්ලා සිටියා. ඊට කොතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණාද කියනවා නම් ඒ ගුරුවරියව රූපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකටද කැඳවනු ලැබුවා. එම වැඩසටහන අතරතුර දරුවන්ගේ හැසිරීම සම්බන්ධ විෂය ගැන කතා කරද්දී ඇගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇසුවා. “ඔබේ පන්තියේ ළමයින්ගේ හැසිරීම හොඳ මට්ටමක තියෙන්න හේතුව කුමක්ද කියලා කියන්න පුළුවන්ද?” එවිට ගුරුවරිය පැවසුවේ, මගේ බයිබල් කතන්දර පොත කියන ප්‍රකාශනය ඇය යොදාගෙන ඔවුන්ට උගන්වන බවයි. තවදුරටත් ඇය පැවසුවේ, තමන් ආගම උගන්වන ගුරුවරියක් නොවුණත් අන් අයට ගෞරවය පෙන්වීම, ඉවසීම, එකමුතුකම, සහයෝගයෙන් වැඩ කිරීම, කීකරුකම සහ ප්‍රේමය වැනි ගුණාංග ඒ පොත මගින් ඔවුන්ට උගන්වන බවයි. මේවා නම් දරුවන්ට ඉතාමත් ප්‍රයෝජනවත් පාඩම් කියන කාරණය එතැන සිටි සියලුදෙනාම පිළිගත්තා.

ඔබගේ දරුවන් තුළත් එවැනි අනර්ඝ ගුණාංග පැලපදියම් කරන්න ඔබ කැමතිද? එසේනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුගෙන් මගේ බයිබල් කතන්දර පොතෙන් පිටපතක් ලබාගන්න ඔබටත් හැකියි.

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.