Skip to content

පටුනට යන්න

“ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න”

“ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න”

“ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න”

තෙත මැටි ස්වල්පයක් ගෙන අන්ධ මිනිසෙකුගේ දෙනෙතේ ආලේප කිරීමෙන් පසු යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න.” යේසුස් කී දේ කර ‘ආපසු පැමිණි විට ඔහුට පෙනීම ලැබුණා.’ (යොහන් 9:6, 7) එහි සඳහන් සිලෝම් නමැති පොකුණ තිබුණේ කොහේද? පුරාවිද්‍යාඥයන් විසින් මෑතකදී කරන ලද කැණීම්වලින් ඊට පිළිතුරක් සොයාගන්න පුළුවන්.

යොහන්ගේ සුවිශේෂයේ සඳහන් සිලෝම් පොකුණ කියා සිතූ ස්ථානයක් සංචාරකයන් විසින් කාලයක් පුරා නරඹා තිබුණා. නමුත් එය තනනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ සිටි ක්‍රිස්තියානියයි කියාගත් පිරිසක් විසිනුයි. සිලෝම් පොකුණ තිබෙන්න ඇත්තේ හෙසකියා රජු විසින් තැනූ මීටර් 530ක් පමණ දිග උමඟේ කෙළවරේයයි වැරදි ලෙස නිගමනය කළ ඔවුන් එතැන අලුත් පොකුණක් නිර්මාණය කළා.

නමුත් යේසුස්ගේ කාලයේ තිබූ සිලෝම් පොකුණ තමන් සොයාගත් බව පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් විසින් වර්ෂ 2004දී ප්‍රකාශ කළා. එය සොයාගනු ලැබුවේ කලින් සඳහන් කළ පොකුණ තිබෙන ප්‍රදේශයේ සිට මීටර් 100ක් පමණ ගිනිකොන දෙසට වෙන්නයි. ඔවුන් එය සොයාගත්තේ කොහොමද? එම ප්‍රදේශයේ තිබෙන අපද්‍රව්‍ය බැහැර කරන නළ මාර්ගයක් අලුත්වැඩියා කිරීමට බලධාරීන්ට අවශ්‍ය වුණා. ඊට අවශ්‍ය උපකරණ සහිතව සේවක පිරිසක් ඔවුන් පිටත් කළා. ඒ අසල කැණීම් කටයුතුවල යෙදී සිටි පුරාවිද්‍යාඥයෙක් මෙය බලා සිටි අතර, එහිදී යමක් ඔහුගේ නෙත ගැටුණා. ඒ කුමක්ද? පොළොවේ වැළලී තිබූ පඩි පේළි දෙකක්! අලුත්වැඩියා කටයුතු වහාම නතර කළ අතර, ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යා බලධාරීන්ගේ අවසර ඇතිව ඒ ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණා. පස්වලින් යට වී තිබුණු පොකුණේ මීටර් 70ක් පමණ ප්‍රදේශයක් සහ කෙළවරවල් දෙකක්ද මතු කරගන්න ඔවුන්ට හැකි වුණා.

එහිදී ක්‍රි.ව. 66 සිට 70 දක්වා එනම් රෝමවරුන්ට විරුද්ධව යුදෙව්වන් කැරැල්ල දියත් කළ කාලයේදී භාවිත කළ කාසි කිහිපයක් හමු වී තිබෙනවා. රෝමවරුන් විසින් ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ කරන තෙක්ම එම පොකුණ භාවිත කළ බවට එම කාසිවලින් සනාථ වෙනවා. එක් පොතක ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. “රෝමවරුන් විසින් කැරැල්ල මැඩපවත්වන තෙක්ම එම පොකුණ භාවිත කෙරුණු අතර ඉන්පසුව එය ජරාවාස වුණා. යෙරුසලමේ පහත්ම බිම් ප්‍රදේශය වන මෙය, නැවතත් ක්‍රි.ව. හතරවෙනි සියවස වන තෙක් ජනාවාස වුණේ නැහැ. වර්ෂාව නිසා සෑම අවුරුද්දකම ගලා ආ මඩ මේ පොකුණේ තට්ටු පිටින් තැන්පත් වුණා. රෝමවරුන් විසින් නගරය විනාශ කළාට පසුව මේ පොකුණ තවදුරටත් පිරිසිදු තත්වයක පැවතුණේ නැහැ. ශතවර්ෂ ගණනාවක් පුරා එසේ ගන මඩ තට්ටු තැන්පත් වීම හේතුවෙන් මේ පොකුණ ක්‍රමානුකූලව පොළොවට වැළලී ගියා. පුරාවිද්‍යඥයන් විසින් එය මතු කරගන්නා විට මීටර් තුනක් පමණ ගන මඩ තට්ටුවකින් වැසී තිබුණා.”—Biblical Archaeology Review නම් පොත.

බයිබලය ගැන අවංක උනන්දුවක් දක්වන අය සිලෝම් පොකුණ තිබුණ ස්ථානය ගැන එතරම් සැලකිලිමත් වන්නේ ඇයි? මුල් සියවසේ යෙරුසලමෙහි යම් ස්ථාන ගැන දැනගැනීමෙන් යේසුස් ගැනත් ඔහු කළ සේවය ගැනත් පුළුල් අවබෝධයක් ලබාගන්න ඔවුන්ට එමගින් හැකි වන නිසයි.

[7වන පිටුවේ පින්තූරය]

මෑතකදී සොයාගත් සිලෝම් පොකුණ

[හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com