Skip to content

පටුනට යන්න

නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද?

නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද?

නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද?

පරිණාමවාදය චාල්ස් ඩාවින් විසින් මෙලොවට හඳුන්වා දෙනු ලැබුවේ මීට අවුරුදු 150කට පමණ පෙරයි. මිහිපිට ජීවය ආරම්භ වුණේ අහම්බෙන් යන්න ඔහුගේ මතයයි. නමුත් ගෞරවයට පාත්‍ර වූ සමහර විද්‍යාඥයන් චාල්ස් ඩාවින්ගේ මතය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් පවසන්නේ පොළොව මත සිටින විවිධ වර්ගයේ ජීවීන් කදිම සැලැස්මකට අනුව නිර්මාණය කර ඇති බවයි. මේ අනුව පරිණාමවාදය වර්තමානයේ මතභේදයට තුඩු දී තිබෙනවා.

එම මතභේදයට පිළියමක් වශයෙන් එම විද්‍යාඥයන් අතරින් සමහරෙක් එක්තරා සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් එය හඳුන්වන්නේ “බුද්ධිමත් නිර්මාණ” යන සංකල්පය ලෙසයි. අවට ලෝකයේ ඇති සෑම දෙයක්ම අහම්බෙන් ඇති වූවා නොව නිර්මාණය වී ඇති බව ඔවුන්ගේ මතයයි. එය ඔප්පු කිරීමට සාක්ෂිත් ඔවුන් ඉදිරිපත් කරනවා. එය අප ඉගෙනගෙන ඇති ජීව විද්‍යාවට, ගණිතයට එකඟ වෙනවා පමණක් නොව එය සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා මෙම “බුද්ධිමත් නිර්මාණ” නමැති සංකල්පය පාසැල්වල විද්‍යා විෂයට ඇතුල් කිරීමට ඔවුන් උත්සාහ කරනවා. එවැනි අදහස් එක්සත් ජනපදයේ පමණක් නොව, එංගලන්තය, නෙදර්ලන්තය, පකිස්ථානය, සර්බියාව සහ තුර්කිය වැනි රටවලද ප්‍රචලිත වී තිබෙනවා.

වැදගත්ම අංගය ඉවතට

“බුද්ධිමත් නිර්මාණ” යන සංකල්පය දරන්නන් එහි වැදගත්ම අංගය ඉවත දමා ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඔවුන් නිර්මාණයක් ගැන කතා කළත් නිර්මාණය සිදු කළ තැනැත්තා ගැන කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ. ඔබ සිතන විදිහට නිර්මාණකරුවෙක් නැතිව නිර්මාණයක් බිහි වෙන්න පුළුවන්ද? මේ ගැන එක් සඟරාවක පවසන්නේ “බුද්ධිමත් නිර්මාණ” නමැති සංකල්පය ප්‍රචලිත කරන අය “නිර්මාණයට හේතු වුණේ කවුද හෝ කුමක්ද යන්න ගැන පැහැදිලිව පවසා නැති” බවයි. (එම පොත The New York Times Magazine) ක්ලෝඩියා වොලස් නම් ලේඛිකාව පවසන්නේ ඔවුන් “දෙවියන්ව මීට කොහෙත්ම සම්බන්ධ කර නොගන්න වගබලා ගන්නා” බවයි. තවදුරටත් ඔවුන් ගැන නිව්ස්වීක් සඟරාවේ පවසා තිබුණේ මෙසේයි. “නිර්මාණකරුගේ පැවැත්ම ගැන ඔවුන් කිසිම දෙයක් පවසන්නේ නැහැ.”

මෙහිදී තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. එනම් විශ්වය සහ එහි ඇති සෑම නිර්මාණයක් ගැනම කතා කරද්දී ඒ දේවල නිර්මාණකරු ගැන කතා නොකරන්නේ ඇයි යන ප්‍රශ්නයයි.

එසේනම් අපි නිර්මාණකරුවෙකු ගැන සාකච්ඡා කළ යුතුයි. නමුත් නිර්මාණකරුවෙක් ගැන සලකා බැලීමේදී මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. මිනිසුන්ට වඩා උසස් නිර්මාණකරුවෙක් සිටිනවා කියා පිළිගැනීම විද්‍යාවේ දියුණුවට බාධාවක්ද? නිර්මාණකරුවෙක් සිටිනවා කියා පිළිගත යුත්තේ එයට වෙනත් විකල්පයක් නැති නිසාද? අනෙක් අතට නිර්මාණකරුවෙක් සිටින බව පිළිගැනීම ඇත්තටම සාධාරණද? මෙම ප්‍රශ්නවලට පිළිතුර සඳහා ඊළඟ ලිපිය සලකා බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.

[3වන පිටුවේ පින්තූර]

චාල්ස් ඩාවින් විශ්වාස කළේ ජීවය ආරම්භ වූයේ පරිණාමයෙන් බවයි

[හිමිකම් විස්තර]

Darwin: From a photograph by Mrs. J. M. Cameron/U.S. National Archives photo