Skip to content

පටුනට යන්න

දෙවි දුෂ්ටකම්වලට ඉඩහරින්නේ ඇයි?

දෙවි දුෂ්ටකම්වලට ඉඩහරින්නේ ඇයි?

දෙවි දුෂ්ටකම්වලට ඉඩහරින්නේ ඇයි?

අද දින සිදු වන දුෂ්ට දේවල් සහ එහි කනගාටුදායක ප්‍රතිඵල ගැන අපට ඕනෑ තරම් අහන්න දකින්න ලැබෙනවා. කුරිරු යුද්ධය නිසා සොල්දාදුවන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනයාගේද ජීවිත අහිමි වී තිබෙනවා. අපරාධ සහ සැහැසියාවෙන් තොර තැනක් මිහිපිට නැති තරම්. සමහරවිට ඔබත් මෙවැනි අමිහිරි අද්දැකීම්වල ගොදුරක් බවට පත් වී ඇති. එසේ නොවුණත් ඔබ මෙසේ කල්පනා කරනවා වෙන්න පුළුවන්. ‘දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ වගේ දේවල් වෙන්නේ?’

එය අද ඊයේ පැන නැඟුණු ප්‍රශ්නයක් නොවෙයි. මීට අවුරුදු 3,600කට පමණ පෙර සිටි යෝබ් නම් මිනිසාටත් එවැනිම ප්‍රශ්නයක් තිබුණා. ඔහු මෙසේ ඇසුවා. ‘කුමක් නිසා දුෂ්ටයෝ ජීවත් වෙද්ද?’ (යෝබ් 21:7) ක්‍රිස්තු පූර්ව හත්වන සියවස තරම් ඈත අතීතයේ සිටි තවත් මිනිසෙක් වූ යෙරෙමියා ගැන සලකා බලන්න. තම රටවැසියන්ගේ දුෂ්ට ක්‍රියා ගැන හොඳටම කලකිරී සිටි ඔහුටත් ඒ හා සමාන ප්‍රශ්නයක් තිබුණා. ඔහු මෙසේ ඇසුවා. “දුෂ්ටයන් මෙතරම් සාර්ථක වී සිටින්නේ ඇයි? ද්‍රෝහිකම් කරන්නෝ කිසි කනස්සල්ලක් නැතිව හොඳින් කල් ගෙවන්නේ කොහොමද?” (යෙරෙමියා 12:1, නව ලොව පරිවර්තනය, NW) දෙවි ධර්මිෂ්ඨයි කියා මොවුන් දෙදෙනාම හොඳින් දැන සිටියත් මෙතරම් දුෂ්ටකම් පැවතීමට හේතුව ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. සමහරවිට ඔබත් එලෙසම කල්පනා කරමින් සිටිනවා විය හැකියි.

දුෂ්ට දේවල් සිදු වෙද්දී සමහරුන් දොස් පවරන්නේ දෙවිටයි. තවත් සමහරුන් මෙහෙම හිතනවා. ‘දෙවියන්ට හැමදෙයක්ම කරන්න පුළුවන් නම්, ඔහු සාධාරණ, ප්‍රේමණීය දෙවි කෙනෙක් නම් ඇයි මේ දේවල් බලාගෙන ඉන්නේ?’ මෙම ප්‍රශ්නයට සහ තවත් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඊළඟ ලිපිය කියවන්න කියා අප ඔබට ආරාධනා කරනවා.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Adam Butler