Skip to content

පටුනට යන්න

නිහතමානී කෙනෙක් වීම පහසුද?

නිහතමානී කෙනෙක් වීම පහසුද?

නිහතමානී කෙනෙක් වීම පහසුද?

අද සමාජයේ සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙන බොහෝදෙනෙක් තමන් ගැන පමණක් සිතන, උඩඟු, තමන්ට ඕනෑ දේ කෙසේ හෝ ලබාගැනීමට උත්සාහ කරන අය බවයි පෙනෙන්න තිබෙන්නේ. නිහතමානී වෙනවා වෙනුවට එවන් අය තමන් ලබා තිබෙන දියුණුව ගැන පුරසාරම් දොඩනවා. අද සිටින වැඩි පිරිසක් පොහොසත් මෙන්ම කැපීපෙනෙන අයට ඊර්ෂ්‍යා කරනවා.

එක් කැනේඩියානු ජාතික පර්යේෂකයෙක් පැවසුවේ තම රටේ මිනිසුන් “ආත්මාර්ථකාමී ආකල්පයක්” ඇතුව කටයුතු කරන බවයි. එමෙන්ම සමහරුන් සිතන්නේ තමන්ගේ සතුට අනිත් හැම දේටම වඩා වැදගත් කියලයි. මෙවන් සමාජයක නිහතමානී වීමෙන් ප්‍රයෝජනයක් තියෙයිද කියා මිනිසුන් කල්පනා කරන්න පුළුවන්.

බොහෝදෙනා සිතන්නේ අන් අය නිහතමානී වෙනවා නම් ඔවුන් සමඟ කටයුතු කිරීම පහසුයි කියායි. කොහොමවුණත් මේ තරඟකාරී ලෝකයේ යටහත්පහත් වීමට ගිහින් අන් අය තමන්ව දුර්වල කෙනෙක් විදිහට ගණන් ගනියිද යන බියත් සමහරුන්ට තිබෙනවා.

අපි ජීවත් වෙන මේ කාලේ මිනිසුන් “පුරසාරම් දොඩන, උඩඟු” අය වෙන බව බයිබලයේ කලින්ම සඳහන් කර තිබුණා. (2 තිමෝති 3:1, 2) එම අනාවැකිය සත්‍යයක් වී ඇති බව ඔබ දකින්නේ නැද්ද? යටහත්පහත් වීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවා කියා ඔබ හිතනවාද? නැත්නම් නිහතමානී පුද්ගලයෙක් කියන්නේ දුර්වල, අයුතු ප්‍රයෝජන ගත හැකි කෙනෙක් කියා ඔබ හිතනවාද?

නිහතමානිකම කියන්නේ වැදගත් ගුණාංගයක් බවත් එය වර්ධනය කරගත යුත්තේ ඇයි කියාත් දේවවචනය වන බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඒ වගේම නිහතමානිකම සම්බන්ධයෙන් සමබර ආකල්පයක් ඇතුව කටයුතු කිරීමටත් එහි ඇති උපදෙස් ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම එහි සඳහන් වෙන ආකාරයට නිහතමානිකම දුර්වල ගුණාංගයක් නෙවෙයි. ඒ ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

[3වන පිටුවේ පින්තූරය]

අපේ සාර්ථකත්වයන් ගැන අපිට හැඟිය යුත්තේ කෙසේද?