Skip to content

පටුනට යන්න

එක්සත් ලොවක් කවදා හෝ බිහි වෙයිද?

එක්සත් ලොවක් කවදා හෝ බිහි වෙයිද?

එක්සත් ලොවක් කවදා හෝ බිහි වෙයිද?

අපේ ලෝකයට සාමය උදා වෙයිද? නැත්නම් එය විනාශ වෙයිද? මේ දෙකෙන් එකක් සිදු වෙන්න ඉඩ කඩ තිබෙනවා කියා මිනිසුන් සිතන්න පුළුවන්.

මේ ලෝකයට සාමය උදා වුණේ නැත්නම් එය බිය උපදවන අද්දැකීමක් වෙන නිසා සමහර පාලකයන් කියා සිටින්නේ තමන්ට සාමය උදා කරන්න පුළුවන් බවයි. බොහෝදෙනෙක් මෙසේ කල්පනා කරනවා. විශාල විනාශයක් කිරීමට තරම් ආයුධ තිබෙන්නේ කුමන රටේද? ඔවුන් ඒවා පාවිච්චි කරයිද? එසේ කළොත් කුමක් සිදු වෙයිද?

ජාතීන් අතර ඇති ගැටුම් හා අගතිසහගත හැඟීම් නිසා එක්සත් ලොවක් බිහි කිරීමේ බලාපොරොත්තුව සුන් වී ඇති බව ඉතිහාසය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. මේවා විසඳනවා වෙනුවට ගින්නට පිදුරු දමන්නාක් මෙන් ආගම්වලින් ජාතීන් අතර පවතින සතුරුකමට තව තවත් උල්පන්දම් දී තිබෙනවා. ඒ ගැන එක් වාර්තාකරුවෙක් වන ජේම්ස් ඒ. හෝට් මෙසේ පවසනවා. “මිනිසුන් අතර බෙදීම් ඇති වුණොත් එකිනෙකා අතර වෛරයත් හටගන්නවා. එවැනි බෙදීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ආගම්. ආගම මගින් මිනිසුන් ‘යහපත් අය’ බවට පත් වෙනවා කියා පොදු පිළිගැනීමක් තිබුණත් එමගින් මිනිසුන් තවත් දුෂ්ට ක්‍රියා කිරීමට පෙලඹෙන බවයි දකින්න තියෙන්නේ.” තවත් ලේඛකයෙක් වන ස්ටීවන් වයින්බර්ග් එවැනිම අදහසක් පළ කරමින් මෙසේ පවසනවා. “හොඳ මිනිසුන්ව දුෂ්ටයන් බවට පත් කරන්නේ ආගම් විසින්මයි.”

මුළු ලෝකයේම මිනිසුන් කවදා හෝ එක්සත් වෙයි කියා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔව්! නමුත් එය කිරීමට මිනිසුන්ටවත්, ආගම්වලටවත් බැහැ. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පුපුරා යෑමට නියමිත අත් බෝම්බයකට මේ ලෝකය සමානද?