Skip to content

පටුනට යන්න

මිථ්‍යාවකට දුන් ක්‍රිස්තියානි මුහුණුවර

මිථ්‍යාවකට දුන් ක්‍රිස්තියානි මුහුණුවර

මිථ්‍යාවකට දුන් ක්‍රිස්තියානි මුහුණුවර

වර්ෂ 2004දී ඉතාලිය පුරා මහත් මතභේදයකට ලක් වූ යමක් තිබුණා. ඒ නත්තල හා බැඳි චාරිත්‍ර වාරිත්‍රයි. සමහර ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් කියා සිටියේ එවන් චාරිත්‍ර සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න නැත්නම් අඩු කරන්න කියායි. ඊට හේතු වූයේ පාසැල්වල සිටින කතෝලික හෝ රෙපරමාදු නොවන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව වැඩි නිසයි. කෙසේවෙතත් අධ්‍යාපන මෙන්ම වෙනත් ක්ෂේත්‍රවල සිටින තවත් පිරිසක් දරන්නේ වෙනත් මතයක්. ඔවුන් පවසන්නේ නත්තල හා බැඳි චාරිත්‍ර සියල්ලක්ම ගෞරවයෙන් යුතුව රැකගත යුතු බවයි.

නත්තල් චාරිත්‍ර පිළිබඳව වර්තමානයේ පවතින මතභේද කුමක් වුණත් ඒවා ආරම්භ වුණේ කෙසේද කියා සලකා බැලීම වටිනවා. ඒ පිළිබඳව වතිකානු පුවත්පතක් පළ කළ අදහස් අපි දැන් සලකා බලමු.—එම පුවත්පත L’Osservatore Romano.

නත්තල් දිනය ගැන එම කතෝලික පුවත්පතේ වාර්තා කළේ මෙසේයි. “යේසුස් ඉපදුණු දිනය ස්ථිර වශයෙන්ම පවසන්න කිසිවෙක් දන්නේ නැහැ. ඒ සඳහා දෙසැම්බර් 25වන දිනය තෝරාගත්තේ රෝමානු පල්ලිය විසිනුයි. ඒ ක්‍රිස්තු වර්ෂ 300 ගණන්වලදීයි. බොහෝ දෙවි දේවතාවුන්ට වන්දනාමාන කළ අතීත රෝම වැසියන් එම දිනය කැප කර තිබුණේ හිරු දෙවියාටයි. රෝමයේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව ක්‍රිස්තියානි ධර්මය එම අධිරාජ්‍යය පුරා පැතිරුණා. ඒ වුණත් රෝම සොල්දාදුවන් හිරු දෙවියාට වන්දනාමාන කිරීම සඳහා බොහෝ චාරිත්‍ර පැවැත්වුවා. ඒවා ඔවුන් පැවැත්වූයේ දෙසැම්බර් 25වැනිදායි. මෙයින් ප්‍රයෝජන ගත් රෝමානු පල්ලිය එම දිනය හිරු දෙවියාගේ උපත වෙනුවට යේසුස්ගේ උපත සැමරීම සඳහා යොදාගත්තා.”

නත්තල් ගස ගැන කුමක් කිව හැකිද?

එම කතෝලික පුවත්පතේ සඳහන් වන ආකාරයට “ලෙඩ සුව කිරීමේ මෙන්ම විජ්ජා බලයක් ඇතැයි සිතූ පයින් ගස” වැනි බොහෝ ගස් වර්ග පුරාණයේදී ඒ සඳහා යොදාගත්තා. “ආදම් සහ ඒව ජීවත් වූ ඒදන් උයනේ තිබූ කෑමට තහනම් කළ ගස සිහි කිරීම පිණිස නත්තලට කලින්දා රාත්‍රියේදී නත්තල් ගස සකස් කළා. එය ඇපල් ගසක් විය යුතුයි. නමුත් ඇපල් ගස ශීත කාලයට ගැළපෙන්නේ නැති නිසා පයින් වැනි ගස්වල අතු යොදාගත් අතර ඒවායේ ඇපල් ගෙඩි එල්ලුවා. එමෙන්ම අනාගතයේදී පාපයෙන් මිදීමක් ලැබෙන බව මතක් කිරීම සඳහා විවිධ හැඩයෙන් යුත් පූප සාදා එල්ලුවා. යේසුස් එහි සිටින බව එමගින් නියෝජනය කළා. තවදුරටත් කුඩා දරුවන්ට රසවත් කෑම වර්ග හා තෑගිද ලබා දුන්නා.” ඉන්පසුව සිදු වූයේ කුමක්ද?

තවදුරටත් එහි සඳහන් වන ලෙස නත්තල් ගසේ ආරම්භය සිදු වුණේ ජර්මනියේදීයි. ඒ ක්‍රි.ව. 1500 ගණන්වලයි. ඒ ගැන එහි මෙසේද පවසනවා. “එම උත්සවයට නත්තල් ගස ඈඳාගත් රටවල් අතරින් ඉතාලිය සිටින්නේ අවසානයටයි. ඊට එක් හේතුවක් වූයේ නත්තල් ගස රෙපරමාදු ආගමිකයන්ගේ චාරිත්‍රයක් කියා ඔවුන් සිතූ නිසයි.” කෙසේවෙතත් හයවන පාවුලු පාප්වරයා යේසුස්ගේ උපත සැමරීම සඳහා ගවලෙනක් සාදා “රෝමයේ ශාන්ත පීතර චතුරඝ්‍රයෙහි විශාල නත්තල් ගසක් පිහිටුවා එම චාරිත්‍රයට ආරම්භයක් දුන්නා.”

ආගමික නායකයෙකු පුරාණ මිථ්‍යා ආරම්භයක් ඇති චාරිත්‍රවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දීම සුදුසුයි කියා ඔබ සිතනවාද? සැබෑ ක්‍රිස්තියානීන් කළ යුත්තේ එයද? ඒ ගැන බයිබලයේ පැහැදිලිව පවසන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද?”—2 කොරින්ති 6:14-17.

[8, 9වන පිටුවේ පින්තූර]

නත්තල් ගස (ඊළඟ පිටුව) සහ වතිකානුවේ යේසුස්ගේ උපත සමරන සිද්ධියක්

[හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com

[9වන පිටුවේ පින්තූරය]

හිරු දෙවියා

[හිමිකම් විස්තර]

Museum Wiesbaden