Skip to content

පටුනට යන්න

මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය

මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය

මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය

ඔබ දැන් කියවමින් සිටින්නේ මුරටැඹ සඟරාවේ පළමුවන පාඩම් කලාපයයි. මෙහි අඩංගු අංග කිහිපයක් දැන් අපි සලකා බලමු.

මෙම පාඩම් කලාපය මූලිකවම ප්‍රකාශයට පත් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හා සත්‍යය තුළ ප්‍රගතියක් ලබමින් සිටින බයිබල් ශිෂ්‍යයන් සඳහායි. මෙය මාසික සඟරාවක්. එහි පාඩම් ලිපි හතරක් හෝ පහක් අඩංගු වෙනවා. ඒවා පාඩම් කරන පිළිවෙළ සඟරාවේ මුල් පිටුවේ සඳහන් කර තිබෙනවා. පාඩම් කලාපය මහජනයා අතට පත් කරන්නේ නැති නිසා මුරටැඹ සඟරාවේ පොදු කලාපයේ කවරය මෙන් එය මාස්පතා වෙනස් වන්නේ නැහැ.

අමතර ලිපි පිළිබඳ ලැයිස්තුවත් සෑම පාඩම් ලිපියකම සාරංශයත් සඟරාවේ දෙවන පිටුවේ සඳහන් වෙනවා. මුරටැඹ පාඩම මෙහෙයවන්නන් පාඩමට සූදානම් වන විට මෙම අංගය ඔවුන්ට විශාල උපකාරයක් වන බව නිසැකයි.

එමෙන්ම පාඩම් ලිපි පෙරට වඩා කෙටියි. ඊට හේතුව වන්නේ මුරටැඹ පාඩම සාකච්ඡා කරද්දී ප්‍රධාන බයිබල් පද සලකා බැලීමට වැඩි කාලයක් ලබා දීම සඳහායි. පාඩමට සූදානම් වෙද්දී සඳහන් කර ඇති සියලුම බයිබල් පද බලන මෙන් අප ඔබව දිරිගන්වන්න කැමතියි. සමහර බයිබල් පද ඉදිරියෙන් “කියවන්න” කියා සඳහන් කර තිබෙනවා. මුරටැඹ පාඩම පවත්වන විට ඒවා කියවා සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම කාලය තිබෙන පරිදි අනිත් බයිබල් පදත් කියවිය හැකියි. සමහර බයිබල් පද ඉදිරියෙන් “බලන්න” කියා සඳහන් වෙනවා. ඒ පද ඡේදයේ ඇති මූලික කරුණට ඍජුවම සම්බන්ධ නැති නිසා ඒවා අනිවාර්යයෙන්ම කියවිය යුතු නැහැ. ඒ වුණත් වටිනා අමතර තොරතුරු මෙන්ම සාකච්ඡා කෙරෙන මූලික කරුණු සනාථ කරන තොරතුරුද එහි අඩංගු වෙනවා. ඔබ පාඩමට සූදානම් වන විට ඒවාද කියවා බැලීමට ඔබට හැකියි. කැමති නම් ඔබ අදහස් දක්වද්දී ඒ කරුණුද එකතු කරන්න ඔබට පුළුවන්.

වාර්ෂිකව පළ වන ලෝක ව්‍යාප්ත වාර්තාව තවදුරටත් මුරටැඹ සඟරාවේ පළ වන්නේ නැහැ. වර්ෂ 2008 සිට එය පළ වන්නේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) හා අපගේ රාජ්‍යය සේවාවේ පළ වන අතිරේකයක් හැටියටයි. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට පාඩම් කලාපය තුළ අමතර ලිපි අඩංගු වෙනවා. මේ ලිපිවලින් බොහොමයක් සභා රැස්වීම්වලදී සාකච්ඡා නොකළත් ඒවා කියවා අධ්‍යයනය කරන්න කියා අප ඔබට දිරිගන්වන්න කැමතියි. ඊට හේතුව නම් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එමගින්ද අපට අවශ්‍ය පෝෂණය ලබා දෙන නිසයි.—මතෙ. 24:45-47.

පාඩම් කලාපයත් පොදු කලාපයත් යන දෙකම මුරටැඹ සඟරා බව මතක තබාගන්න. මේ සඟරා දෙකම යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි. මුරටැඹ සඟරාවේ අරමුණ, කලාප දෙකෙහිම දෙවන පිටුවේ සඳහන් වෙනවා. මෙම සඟරා දෙකෙහිම අරමුණ එකයි. මේ කලාප දෙකම වාර්ෂිකව තනි බැඳි වෙළුමක් ලෙස ලබාගත හැකියි. සඟරා දෙකෙහිම ඇති තොරතුරු “ඔබට මතකද?” නමැති අංගය තුළ දැකගන්න පුළුවන්. එය පළ කරන්නේ පාඩම් කලාපයෙයි.

වර්ෂ 1879 සිට මුරටැඹ සඟරාව ආර්ථික දුෂ්කරතා හා පීඩාකාරී කාලයන් පසු කරමින් නොනවත්වාම දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යතාවන් ප්‍රකාශ කරමින් තිබෙනවා. නව මුහුණුවරකින් යුත් පාඩම් කලාපය මගින් යෙහෝවා දෙවි ඉදිරියටත් එසේම කරන බව අපට විශ්වාසයි. මුරටැඹ සඟරාවේ මෙම අලුත් පාඩම් කලාපයේ පාඨකයෙනි, මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න. එසේ කරන විට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබ මත වගුරුවන්න කියා අප දෙවිගෙන් ඉල්ලා සිටිනවා.